බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated on මාර්තු 26, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

පසුගිය 23 වැනිදායින් ගෙවුණු සති දෙක ( දින 14ක කාලය තුළ ) ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් කොල්ල කෑමට ලක්වු සහ අතවරයන්ට ලක්වූ සිදුවීම් 13ක්  පොලිසියට වාර්තා වී ඇත.

ශ්‍රි ලංකාවේ විදේශ විනිමය ගෙන ඒමේ දැඩි විභවයක් ඇති  අපේක්ෂාවක් සහිත සංචාරක ව්‍යාපාරය යළි සිය සුපුරුදු රිද්මයට එලඹෙන්නට උත්සාහ කරද්දීම මෙසේ සංචාරකයන් ඔවුන් ගේ නිවාඩු ජීවිතයේ මානසිකත්නවය බිඳ දමන සිදුවීම් ගණනාවකට මුහුණ දි ඉදිරියේදී යළි ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය දැඩි පසුබෑමකට ලක් කිරීමට තරම් බලවත් වන තරමට තත්ත්වය දරුණු වී ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

දින 14

ලංකාසර අවධානයට ලක් කළ දින 14 ක කාලය වන්නේ පසුගිය මාර්තු මස 10 වැනිදා සිට පසුගිය 23 වැනිදා දක්වාය. මෙම සිදුවීම්  අතරින් ආසන්තම සිදුවීම වාර්තා වන්නේ මාර්තු 23 වැනිදාය. එදින ශ්‍රි ලංකාව තුළ සංචාරකයන් මුහුණ දුන් කණගාටුදායක සිදුවීම් තුනක් පොලිසියට වාර්තා විය.  එයින් එකක් මිරිස්ස යටපිල ප්‍රදේශයේදී ය.  සිය මව සමඟ නිවාඩුවක් සඳහා බ්‍රිකාන්‍යෙය් සිට පැමිණි 25 හැවිරිදි  තරුණිය  සිය මව සමඟ රාත්‍රී ආහාරයට හෝටලයෙන් පිටතට ගොස් පැමිණෙන අතර තුර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් ඇගේ අත්බෑගය කොල්ල කාගෙන ගොස් ඇත. ඇය අත ඒ වනවිට තිබූ,  මුදලින් 40,000ක් ද  රුපියල් 243,000 වටිනා ජංගම දුරකතනය ද මෙම කොල්ලකරුවා පැහැරගෙන ගොස් තිබේ.

දෙවැනි සිදුවීමට මුහුණ දෙන්නේ 42 හැවිරිදි ජපන් ජාතික කාන්තාවකි. ඇය  අනුරාධපුර පූජා නගරයේ සංචාරය කිරීමේදී අහඹු ලෙස මුණ ගැසුණු සංචාරක මග පෙන්වන්නෙක් වූ ප්‍රියදර්ශන සම්පත් නැමැත්තා විසින් ලිංගික  අතවර කළ බවට පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

නිවාඩුවක් ගත කිරීමට මහනුවරට ගිය 36 හැවිරිදි   ඉරාන ජාතික කාන්තාවක මහනුවර රාජසිංහ මාවතේ පිහිටි අර්ල් රිජන්ට් හෝටලයේ නවාතැන් ගෙන සිට ඇති අතර  ඇය නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේ ජනේලයෙන් ඇතුළු වූ බව කියන සොරකු ඇයගේ   ගමන් බෑගයේ තිබුණු රුපියල් 189,000 ක්, අමෙරිකානු ඩොලර් 2,000ක් ඩිරාම් 400ක් සහ රියාල් 10,000ක් සොරකම් කළ බවට පැමිණිලි කර ඇත. අවාසනාවකට මෙම   සිදුවීම් තුනටම මුහුණ දෙන්නේ කාන්තාවන් තිදෙනෙකි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මාර්තු 22 වැනිදා ද රුසියානු කාන්තාවක් රැඳී සිටි ගාල්ලේ නිවසක කාමරය බිඳ ඇමෙරිකානු ඩොලර් 100ක් සමඟ ප්ලැටිනම් සහ රිදියෙන් තැනූ ආභරණ ඇතුළු රුපියල් ලක්ෂ 6කට ආසන්න දේපල කොල්ල කා ගෙන ගොස් ඇත.

ශ්‍රි ලංකාවේ වෙරළ තීරයේ නිවාඩුව විඳින්නට  ඉතා උනන්දුවකින් පැමිණ සිටි හංගේරියානු ජාතිකයකු නවාතැන් ගන්නේ අහුංගල්ල විලා ලංකා හෝටලයේය. එම කාමරයේ තිබූ සංචාරකයාට අයත්  යුරෝ 1000ක් වටිනා කැනොන් කැමරාවක්, ඩ්‍රෝන කැමරාවක්, මෙමරි කාඩ් 03ක්, ස්මාට් වර්ගයේ ඔරලෝසුවක් සොරාගෙන ගොස් ඇත.

විශේෂත්වය වන්නේ එදිනම එම හෝටලයේම නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රියානු ජාතික කාන්තාවකට අයත් යුරෝ 1500ක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන තිබීමය.

නැගෙනහිර පාතේ ආරුගම්බේ හි හෝටලයක නවාතැන් ගෙන සිටි ස්විඩන් ජාතික  සංචාරකයෙක්  ආරුගම්බේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට තිබේ. ඔහු 18 වෙනිදා අරුගම්බේ ෆෘට් බේ හෝටලයේ උදෑසන ආහාර ගෙන ඇති අතර  ඒ වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් 500ක මුදලක් ගෙවීමට ලංකාවේ මුදල් නොතිබුණු බැවින් පසුව මුදල් ගෙවන බවට පොරොන්දු වී ඔහු පිටව ගොස් ඇත.  මෙදින රාත්‍රී කාලයේදී මෙම විදේශිකයා උදෑසන ආහාරය ගත් හෝටලය අසලින් ගමන් කරමින් සිටිය දී  හෝටලයේ හිමිකරු විසින් විදේශිකයාට පහර දී රුපියල් 302,000ක් වටිනා ජංගම දුරකථනය, යුරෝ 300ක් කොල්ල කා ඇත. එම  විදේශිකයාට අවසානයේ නිවාඩුව ගත කරන්නට සිදුව ඇත්තේ හෝටලයක නොව රෝහලකය.

පසුගිය 17 වැනිදා  කැනේඩියානු ජාතික සංචාරකයකු  කල්කුඩා හී පිහිටි නන්දවනම් හෝටලයේ  කාමරයක් තුළ නවාතැන් ගෙන සිට ඇති අතර  ඔහුට අයත් රුපියල් 636,500ක් වටිනා ජංගම දුරකථනය රුපියල් 35,120ක් වටිනා මත්පැන් බෝතල් 02ක් , අමෙරිකානු ඩොලර් 300ක් සොරාගෙන තිබේ.

අවුරුද්කට වතාවක් ශ්‍රි ලංකාවට පැමිණෙන 68 හැවිරිදි ඕස්ට්‍රියානු ජාතික කාන්තාව මෙවර අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්නේ පයාගල දීය.  ඇය නැවතී සිටි නවාතැනට ට පැමිණි සොරුන් ඇය සතු  යුරෝ 10,000ක් සොරාගෙන තිබේ.

මාර්තු මස 13 වැනිදා  කසකස්ථාන් ජාතික යුවළක්  මීටියාගොඩ ගොඩගම පිහිටි ඩොයිස් ලංකා මුහුදු තීරයේ දිය නෑමට ගොස් ඇති අතර  එහිදී වෙරලේ තිබුණු ඔවුන්ගේ ගමන් මල්ල සොරාගෙන. රුපියල් 5000ක් , ජංගම දුරකථනයක්, ක්‍රෙඩිට්කාඩ්පතක්, රියදුරු බලපත්‍රයක් සොරාගෙන තිබේ.

එදිනම  උණවටුනේ සංචාරක නිවාසයට කඩා වැදී ඇති කොල්ලකරුවන් දෙදෙනෙකු  එහි රැඳී සිටින රුසියානුවාට පහර දී රුපියල් 340,000ක් වටිනා ජංගම දුරකතනයක් කොල්ල කා ඇත.

පසුගිය 11 වැනිදා 43 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක ඉලුක්මුල්ල කිරිදි ඇල මීටියාගොඩ නිවසක රැදී සිට ඇති අතර  එම නිවසට පුද්ගලයින් දෙදෙනකු පැමිණ පිහියක් පෙන්වා බිය ගන්වා රන් භාණ්ඩ, ජංගම දුරකථනයක්, විදුලි උපකරණ කොල්ල කා රුපියල් 777,000ක් වටිනා භාණ්ඩ කොල්ල කා ගෙන ගොස් තිබේ.

එම ප්‍රදේශයේදීම  බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් කිරිදිගල ආදාගලවැල්ල ප්‍රදේශයේදී ඔවුන් ගමන් කළ ත්‍රීවිල් රෝද රථයේ  ආසනය මත ගමන් මල්ල තබා දිය නාමින් සිටියදී මුදල් 60,000ක්, අමෙරිකානු ඩොලර් 105ක් සහිත ගමන් මල්ල සොරාගෙන තිබේ.

මෙම සිදුවීම් පිළිබඳව විමසීමේදී නෙී යන්නේ ඊට මුහුණ දුන සංචාරකයින්ගේන් වැඩි දෙනකු කාන්තාවන් බවයි.

ලංකාවට විදේශිකයින් එයි ද?

ශ්‍රි ලංකාව සංචාරයට සුදුස බවට සංචාරක වෙබ් අඩවි මඟින් පිට පිට ඇගයීම් ලැබෙද්දී දින 14 ක් වනි කාලයක් තුල නිවාඩුවක් ගත කිරීමට ශ්‍රි ංකාවට එන කාන්තාවකට බියක් සැකයක් නැතිව පාරේ බැස යන්නට හෝ තමන් නේ බඩු මුට්ටු වටිනා දෑ කාමරයක තබා මානසික නිදහසන් විවේක සුව විඳින්නටත් හැකි වාතාවරණයක් නැතිනම් එයින්  එන සෘණාත්මක ප්‍රචාරයට කොවිඩ් වෛරසයටත් වැඩි වේගයකින් ලෝකය තුළ පැතිරෛන්නට පුළුවන.

විශේෂයෙන් සමාජ මාධ්‍ය  හරහා එක් එක් රටවල සිය ප්‍රජාවන් තුළ මෙම අවාසනාවන්ත. සිදුවීම් ප්‍රචාරය වීමේ ලොකු ඉඩක් ඇත. මෙම සිදුවීම් 13 පොලසියට හෝ අපට පොදුවේ එක් එකි සිදුවීමක් වුවද එය මෙම අත්දැකීමට මුහුණ දුන් අය තනිව සැලකීමේදී ඔවුන් ගේ ජීවිතයේ මුහුණ දී තිබෙන අවාසනාවන්තම අමිහිරිම සිදුවීම වන්න්ට පුළුවන්. විශේෂයෙන් සතුටින් විනෝදයෙන්  නිවාඩුව ක් ගත කරන්නට එන සංචාරයකුට මුහුණ දෙන්නට  සිදුවන මෙවැනි සිදුවීමක බරපතලකම අප හිතනවාට වඩා දරුණුය.

මේ වනවිට ශ්‍රි ලංකාවේ  සංචාරක ව්‍යාපාරය වසර ගණනාවකට පසුව යළි සුපුරුදු රිද්මයට නතු වීමේ පෙර නිමිති පෙන්වන කාලයකි. මෙම මාසයේ මුල් දින 13 තුළ පමණක් මෙරටට සංචාරකයන් 55338ක් පැමිණ ඇත. එයින් පෙන්නුම් කරන්නේ මාසයකට එක් ලක්ෂ විසිපන් දහසකට ආසන්න සංචාරකයන් පිරිසක් ශ්‍රි ලංකාවට පැමිණෙන සුබ ලකුණු පහළ වී ඇති බවය.

එහෙත් සංචාරකයන් වැඩිවන තරමට සාපෙක්ෂව මෙවැනි දුෂ්ඨ ක්‍රියාවන්ද වැඩි වන්නට වුවහොත් වැඩි කලක් යන්නට පෙර සංචාරකයන් සිය නිවාඩුව ශ්‍රි ලංකාවේ ගත කිරීමේ  අදහස අතහැර දමන්නට ක්‍රියා කරනු ඇත.

දින 14ක් තුළ සිදුවීම් 13ක් යනු සුළු ගණනක් නොවේ. ඇතැම් විට පොලිසියට වාර්තා නොවූ සුළු සිදුවීම්ද සිය ගණනක් තිබෙන්නට පුළුවන. එබැවින් මේ පිළිබඳව දැන්ම අවධානය යොමු කර මේ දරුණු ගැටලුව නියපොත්තෙන් කඩා දැමීම වැදගත් වේ.

පුංචි අතීත කතාවක් ලියා තබමු.  කුරුඳු ප්‍රධාන ධනෝපයාන මාර්ගය කරගත් ලන්දේසි යටත් විජිත සමයේ ලන්දේසීන් නීතියක් පනවා තිබිණි.  කුරඳු ගසක් කපා දැමීම මනුෂ්‍ය ඝාතනයකට සමාන වරදකි.  කුරුඳු ගසක් කැපූ පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය පැනවිය හැකිය.  ලන්දේසීන් පහතරට කුරුඳු වගාව ස්ථාවර කරගත්තේ ඒ දැඩි නීති පද්ධතිය තුළය.

රට ගොඩයන්නට හිතාගෙන ඉන්නේ සංචාරක ව්‍යාපාරයෙන් නම් ඊට උචිත සමාජ පරිසරයක් රට තුළ ගොඩනැගිය යුතුය. ඒ සඳහා  සංස්කරණය කළ නව නීති පද්ධතියක අවශ්‍යතාවය වඩාත් මතුවෙමින් තිබෙන බව විශ්වාස කරමු. තොරා ගන්නා ආර්ථික ක්‍රමෝපාය විනයකින් හා ශික්ෂණයකින් යුතුව පවත්වා ගැනීමේ අභිලාෂයෙන් මේ නෛතික සංස්කරණ සිදුනොවන්නේ නම් …. මහත්වරුනි. රටට දෙයියන්ගේම පිහිටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

Next Post

මැපෙරදිග බලය පතුරවන ඉන්දියාව

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.