ඉන්දියාව මෑත කාලයේදී අත්පත් කරගත් දැවැන්ත වර්ධනයත් සමඟින් මැදපෙරදිග කළාපයේ දැවැන්ත පාර්ශව කරුවෙකු ලෙසට ඉස්මතු වීමට අවස්ථාව හිමිවී ඇත.
මේවන විට මැදපෙරදිග අරවුල්කරුවන් වූ සෞදි අරාබිය සහ ඉරාණය අතර ඇති වූ සමගියත් හේතුවෙන් ගල්ෆ් කළාපය තුල ඉන්දියාවට ඇති වටිනාකම ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබිය සහ ඉරාණ අතර සමගිය ඇති කිරීම චීනයේ මැදිහත් වීම මත සිදුවද එමගින් වැඩි වාසියක් ඉන්දියාවට අත්පත් කර ගැනීමට මේවන විට අවකාශය උදා වී ඇත. විශ්ලේෂකයින් පේනවා දෙන ආකාරයට වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වය මත චීනයට වඩා යහපත් පාර්ශව කරුවෙකු ලෙස ඉන්දියාවට ඉස් මතු වීමට අවස්ථාව හිමිව ඇති අතර එය ඉන්දියාවට වඩා වාසි සහගත වනු ඇති බවට අපේක්ෂා කරයි.
එහිදී මැදපෙරදි ඇතිව ඇති දේශාපලනික දෙගිඩියාව යටපත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත්වීමට පසුබට වීමෙන් ඇතිව තිබෙන අවස්ථාවෙන්ද උපරිම ඵල නෙලීමට ඉන්දියාවට හැකියාව ලැබී ඇත.
විශ්ලේෂකයින් පවසන අන්දමට චීනය විසින් දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගල්ෆ් කළාපය තුල නිර්මාණය කර ඇති හිඩැස පිරවීමට දැනටමත් උත්සහකරමින් සිටියි. කෙසේවෙතත් මෙහිදී වැඩි වාසියක් ඉන්දියාවට හිමිව තිබේ. ඊට හේතුව වන්නේ ගල්ෆ් කලාපය තුල ඉන්දියානු ජාතිකයින් විශාල පිරිසක් සිටින අතරම ඔවුන් විශාල පිරිසක් එම කළාපය තුල ව්‍යාපාර කටයුතු කිරීමයි.
මෙම සාධක පදනම් කරගෙන ඉන්දියාවට මෙහිදී වැඩි වාසි අත්පත් කරගැනීමට අවස්තාව උදාවී තිබේ. මෙම ඉන්දියානු ජාතිකයින් සෞදි අරාබිය සහ ඉන්දියාව යාකරන පාලම බවට පත්වීමට අවස්ථාව ඇති අතර එමගින් උදාවී ඇති අවස්ථාව ලබා ගැනීමටද හැකියාව පවතී.