සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මත් උවදුර එළිපත්තට ඇවිත්… අලුත් අවුරුද්දේ ඔබේ දරුවා ගැන සහතික වන්න…

by editor
දෙසැම්බර් 28, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න –

  • උදාවන අවුරුද්ද කියන තරම් යහපත් ද?… මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ ලක්ෂ 04ක් නිදැල්ලේ…

අප නව අවුරුදු උදාව අභියසය. ගොඩගැසුන ප්‍රාර්ථනා රැසකි. එහෙත් අප ජීවත්විය යුතු වන්නේ විවර කරගත් දෑස් සහිතවය.

මෙරට මත්ද්‍රව්‍ය සඳහා පාසල් සිසුන් සීග්‍රයෙන් ඇබ්බැහිවෙමින් යන කරුණ කාටත් නොරහසකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන කා හට වුවද මේ පිළිබඳ ඕනෑ තරම් අත්දැකීම් තියෙන්නට පුළුවන. මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරැදි සඳහා අත්අඩංගුවට පත් පුද්ගලයින් ගණන 2019 වර්ෂයේ 89321ක් වන විට 2023 වර්ෂයේ එය 162088 ක් දක්වා වර්ධනය වී ඇත.මේ තත්ත්වය 2030 වන විට සියයට 43කින් ඉහල යනු ඇතෙයි අපේක්ෂා කෙරේ. එය ඉතා බැරෑරුම් තත්ත්වයක් බව අපි අවබෝධ කරගත යුතු වෙමු. මිලියන 22ක් වූ ලාංකික ජනගහනය සබුද්ධිකව ක්‍රියා කළ යුතු කාලය එළැඹ ඇත .මේ ව්‍යසනය ලේසි පහසු එකක් නොවේ.

දැනට ගණන් බලා ඇති පරිදි අද වන විට ලංකාව තුළ ලක්ෂ පහක පමණ පුද්ගලයින් ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගත යුතු මට්ටමේ සිටිති. නමුත් අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ දත්ත වලට අනුව පුනරුත්ථාපනය ලබන පිරිස මෙසේය.

  • 2020 වර්ෂය – 1649.
    2021වර්ෂය – 1703
    2022 වර්ෂය – 1996.
    2023 වර්ෂය – 2039.

මේ දත්ත වලට අනුව පුනරුත්ථාපනය විය යුතු වුවත් එසේ නොවී සමාජයේ සැරි සරන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ ප්‍රමාණය ලක්ෂ හතරකට ආසන්නය.එය සමාජයට බරපතල හානිදායක තත්ත්වයක් උදාවන බව පෙන්වන දත්තයකි.ඔවුන් නිදැල්ලේ සමාජය තුළ සැරි සැරීම එම තත්ත්වය තවදුරටත් ඉහළ යාමට සාධකයක් වනු නොඅනුමානය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම නිසා දැනට ප්‍රතිකාර ලබමින් පසුවන්නන්ගේ අධ්‍යාපන මට්ටම මෙසේය.

  • පාසල් නොගිය – 25
    5 ශ්‍රේණියට අඩු. – 37
    5-8 ශ්‍ර්‍ර්ණි දක්වා – 164
    10 ශ්‍රේණිය දක්වා- 462.
    සා.පෙළ. දක්වා- 943.
    උ. පෙළ දක්වා – 333
    වි. විද්‍යාල මට්ටම- 44.
    වෘත්තිකයින්- 7.
    අධ්‍යාපන මට්ටම වාර්තා නොවූ අය- 44.

අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ දත්ත වලට අනුව මත්ද්‍රව්‍ය නිසා බන්ධනාගාරගත වූවන්ගේ වයස් ප්‍රමාණ මෙසේය.

  • අවු: 17- 22= 1757 .
    අවු. 23-30= 8491.
    අවු: 31- 40= 8941.
    අවු. 41- 50= 6046.
    අවු: 50ට වැඩි= 3952.

මේ දත්ත සියල්ල පරීක්ෂා කර බැලූ විට අපට පෙනී යන්නේ පාසැල් යන දරුවන් සැලකිය යුතු ප්‍රතිශතයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවය. අපේ රටේ අනාගතය වල් වැදී ඇති බවය. එය ඉතා දරුණු ඛේදවාචකයකි.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදවා ගැනීමට අප රට තුළ විවිධ වැඩසටහන් විවිධ අයුරින් ක්‍රියාත්මක වන බව නොරහසකි. නමුත් කොටසක් එයින් මුදවා ගෙනෙද්දී ඒ හා දෙගුණයක් එයට ඇබ්බැහි වන බවද නොරහසකි. ඒ ඇබ්බැහි වීම වළක්වා ගැනීමට ඔබ මා ඇතුළු මේ මුළු මහත් සමාජයක් ඇස් ඇරගත යුතුය.

වර්තමානයේ බහුල වශයෙන් පාසල් දරුවන් අගතියට පත්වන කාරණා තුනකි. ඒ තාක්ෂණය ලිංගිකත්වය හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම යන කාරණාය. මේ කාරණා සියල්ල එකිනෙක හා බැඳී ඇති ඒවාය. දරුවන් මේ කාරණා ත්‍රිත්වයෙන්ම අගතියට පත්විය හැකිය.

බොහෝ පාසල්වල මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන් හඳුනාගත් පසු ඔවුන් වෙනුවෙන් ගුරු විදුහල්පතිවරු ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න ගැනද දැනුවත් කළ යුතුය.

දරුවන් කටයුතු කරන්නේ ඔවුන් ජීවත් වන සමාජයෙන් පවුල් පසුබිමෙන් ලබා ගන්නා අත්දැකීම් මතය. ඔවුන්ගේ සමාජානු යෝජනයේ තරම මතය.
දරුවන් හොඳ හෝ නරක වන්නේ වැඩිහිටියන් ක්‍රියා කරන පදනම මතය. දරුවන් යනු අඳුරේ අතපත ගාන ගාණවුන්ය. ඒ දරුවන් වෙනුවෙන් පහන් පත්තු කළ යුත්තේ වැඩිහිටි අපය. එකිනෙකාට ඇඟිලි දිගු කරගන්නවා වෙනුවට මේ දරුවන් වෙනුවෙන් තම තමන්ට කළ හැකි කාර්යයන් පිළිබඳ සැලකිලිමත් වන්නේ නම් වටී.

දරුවන්ට ජීවිතයේ සතුටින් සිටීමේ මාර්ගය කියාදිය යුතුය. සතුට යනු කුමක්දැයි හඳුනාගත නොහැකිව ඔවුහු වල්මත් වී සිටිති. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවා ඒ අටයි බී එකක් ලබාගත් පසුවද සිටින්නේ අසතුටිනි. ඔවුන් පුරුදු වී සිටින්නේ නොලැබෙන දේ ගැන සිතා දුක් වීමටය.

මේ පවතින අධ්‍යාපන ක්‍රමය සමාජගත වී තිබෙන්නේ තරගකාරී ස්වරූපයකටය. නමුත් තරගකාරී බව තුළ විනයක් සහ හදවතක් තිබෙන බව දරුවන්ට අප කියා දිය යුතුය. ඒ නමය ලබා ගැනීමට ඔලු ගෙඩි පුරවනවා වෙනුවට .. ජීවිතයේ යථාර්ථය කියා දෙමින් ඔවුන්ගේ හදවත ඉස්මතු කර ගතයුතුය. එහි වාසිය මේ රටටය.

ජීවිතය යනු කෙටි ඉටිපන්දමක් නොවේ. එය දසත එළිය කරන මහා විලක්කුවකි. මේ මොහොතේදී ඔබ එය දරාගෙන ඉහළට ඔසවාගෙන සිටී නම් එය ඔබෙන් පසුව එන අනාගත පරම්පරාවට බාර දෙන තෙක් හැකිතාක් දීප්තියෙන් යුතුව දල්වාගෙන සිටිය යුතුය.

(විශේෂ ස්තූතිය අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයට.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් කෝටියකට ආසන්න මුදල් අල්ලසක් ගැනීමට යෑමේ දී සලෝචන ගමගේ සහ තවත් ඉඩම් ව්‍යාපාරිකයෙක් අල්ලස් කොමිසමේ අත් අඩංගුවට…

Next Post

මනමෝහන් සිංගේ දේහයට අවසන් ගෞරව දක්වන්න නාමල් අද උදේ ඉන්දියාවට ගිහින්!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.