දිවංගත හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය මනමෝහන් සිං ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබේ.
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ඔහු එම අවස්ථාවට එක්වීමට ඉන්දියාවට ගිය බව එම පෙරමුණ සඳහන් කරයි.
“ආර්ථික වශයෙන් ඉන්දියානු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සුවිසල් මෙහෙවරක් සිදු කළ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්‍ය මන්මෝහන් සිං මැතිතුමන්ගේ දේහයට, ඉන්දියානු ජාතික කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේදී අවසන් ගෞරව දැක්වූවෙමි.” නාමල් රාජපක්ෂ මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.







