බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගීන් 72ක් සමග හිම කඳු අතර බිඳ වැටී ලෝකය කම්පා කළ නේපාලයේ ගුවන් අනතුර

by editor
ජනවාරි 15, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

නේපාලයේ සංචාරකයන් ආකර්ශනය කරන ප්‍රධාන නුවරවන Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ නේපාලයේ යෙටී ගුවන් සේවයට අයත් මගීන් 72ක් ප්‍රවාහනය කරමින් සිටි මගී ගුවන් යානයක් අද උදේ කඩාගෙන වැටුනේය.

මෙම අනතුර සිද්ධ වන්නේ කත්මන්ඩු අගනුවර සිට නේපාලයේ සංචාරක අගනුවර වූ Pokhara වෙත යානය ගමන් කරමින් සිටියදී ගමනාන්තය ආසන්නයේ දී ය. නගරයේ පැරණි හා නව ජාත්‍යාන්තර ගුවන්තොටුපල අතර ප්‍රදේශයට යානය ඇද වැටී ගිනිගෙන තිබුණු අතර මේ වනවිට එම බෑවුමේ නේපාල ගුවන් හමුදාව, ගුවන් තොටුපළ නිලධාරීන් සහ ගිනි නිවන භටයන් සමඟ එක්ව ගලවා ගැනීමේ මෙහෙයුම්හි නිරත වී සිටිති.

මේ වනවිට ගුවන් යානයේ සුන්බුන් අතරින් සිරුරු හතළිහක් සොයාගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේය.
යානයේ සිටි 72 දෙනා අතර කාර්ය මණ්ඩලය 4 දෙනෙකු සහ මගීන් 68 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. මගීන්ගෙන් 53 දෙනෙකු නේපාල ජාතිකයන්ය. ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකි. රුසියානුවන් සිව් දෙනෙකු සහ කොරියානුවන් දෙදෙනෙකු සිට ඇත. අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව , ආර්ජන්ටිනාව සහ ප‍්‍රංශය යන රටවලින් එක් මගියෙකු බැගින් ද යානයේ පැමිණ තිබේ.

ටෙයී ගුවන් සේවයට අයත් ද්විත්ව එන්ජින් සහිත ATR 72 ලෙස නම් කළ මෙම යානය වසර 15ක් පැරණි යානයකි. මේ යානය ගමන් කරමින් සිටියේ කත්මඩන්ඩු සිට පොක්රා දක්වා කිලෝමීටර 150ක දුරකි. එය පැය බාගයකට අඩු කෙටි ගුවන් ගමනකි.
අනතුර සම්බන්ධව නිල ප්‍රකාශක ක්‍රිෂ්ණා භණ්ඩාරි පැවසුවේ තවත් සිරුරු සොයා ගැනීමේ අභිලාෂයෙන් මෙහෙයුම් කරන බවය. “ගුවන් යානය කැබලිවලට කැඩී ගිනි ගන්නවා.” ඔහු වැඩිදුරටත් කීවේය.

යෙටී ගුවන් සමාගමේ ප්‍රකාශක සුදර්ශන් බර්ටවුලා පැවසුවේ ගලවා ගැනීම් සිදුකරමින් සිටියත් දිවි ගලවා ගත් අය සිටීදැයි නොදන්නා බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සුන්බුන් ගිනිගෙන ඇති අතර ගලවා ගැනීමේ සේවකයින් ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් සිටින බව ප්‍රාදේශීය නිලධාරි ගුරුදුත්ත ධකල් පැවසීය.

අනතුර පිළිබඳ පුවත වාර්තා වීමෙන් පසු රටේ අගමැති පුෂ්ප කමල් දහාල් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇත. නේපාලයේ ගුවන් කර්මාන්තය මෑත වසරවලදී වේගයෙන් වර්ධනය වී තිබේ. භාණ්ඩ හා මිනිසුන් රැගෙන යාමට අපහසු ප්‍රදේශ අතර මෙන්ම දේශීය විදේශීය කඳු නගින්නන් ද ප්‍රවාහන වන්නේ ගුවන් මගිනි.

නමුත් ප්‍රමාණවත් පුහුණුවක් සහ නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් නේපාල ගුවන්සේවා අනාරක්ෂිත බවකින් පීඩා විඳින බව විදෙස් පුවත් ඒජන්සි පෙන්වා දෙයි. මේ තත්ත්වය තුළ යුරෝපා සංගමය සිය ගුවන් සීමාවෙන් සියලුම නේපාල ගුවන් යානාවලට ආරක්ෂාව සලසා දීම තහනම් කර ඇති බව ද එම වාර්තා පවසයි.

දක්‍ෂ ගුවන් නියමුවන්ට පවා අභියෝගයක් වන ප්‍රවේශයන් සහිත හිමෙන් වැසී ගිය කඳු මුදුන්වලින් වටවී ඇති ලොව දුරස්ථ සහ උපක්‍රමශීලී ධාවන පථ කිහිපයක් ද නේපාලය සතුය. .

ගුවන් නියමුවන් පවසන්නේ නේපාලයට නිවැරදි කාලගුණ අනාවැකි සඳහා යටිතල පහසුකම් නොමැති බවය. විශේෂයෙන් නිරන්තරයෙන් කාලගුණ ස්වරූපයන් වෙනස්වන, එමෙන්ම අතීතයේ මාරාන්තික අනතුරු සිදු වූ අභියෝගාත්මක කඳුකර භූමි සහිත දුෂ්කර ප්‍රදේශවල තත්ත්වය යාවත්කාලීනවන ආකාරයේ දත්ත පද්ධති දියුණු වී නැති බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස 06ක් තුළ පාස්කු නඩුවේ වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාට වෙන දේ….

Next Post

මොනරාගල ගංජා SSP ට ගංජා තොගය ඇද්ද ඇතිමලේ ගංජා OICගෙත් වැඩ තහනම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.