බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

හෝර්ටන් තැන්නේ මළගම තීන්දු කර ආණ්ඩුවේ පරිසර අපරාධකරුවන් විවෘත කරන මරණයේ පාර

by editor
ඔක්තෝබර් 10, 2021
in පරිසරය
Share on FacebookShare on Twitter

සුපුන් ළහිරු ප්‍රකාශ් –

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති රමණීයම ජාතික උද්‍යානයක් මෙන්ම ලෝක උරුමයක්ද වන හෝටන් තැන්න මේ මුග්ධ ආණ්ඩුවේ තවත් පරිසර අපරාධයක ගොදුරක් වී තිබේ. මේ සංවාදය ගොඩනගන්නේ ඒ වෙනුවෙනි. 

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ජාතික උද්‍යානයක් ලෙස හෝටන් තැන්න ප්‍රකාශයට පත් කරන්නේ 1988 වසරේදීය. පසුව ශ්‍රී ලංකාවේ දකුණු-මැද කොටසේ පිහිටා ඇති මෙරට මධ්‍යම කඳුකරය 2010 වසරේදී යුනෙස්කෝ සංවිධාන විසින් ලෝක උරුමයක් ලෙස නම්කරනු ලැබීමේදී හෝටන් තැන්නද එකී ලෝක උරුමයේ කොටසක් බවට පත්වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 2500 කට වඩා ඉහළින් පිහිටි මෙම කඳුකර වනාන්තර කලාපයට හෝටන් තැන්න ඇතුළු ප්‍රධාන ආරක්‍ෂිත ප්‍රදේශ තුනක් අයත් වේ. ශ්‍රීපාද අඩවිය දැඩි ස්වභාව රක්ෂිතය හා නකල්ස් සංරක්‍ෂණ වනාන්තරය එම සෙසු ආරක්‍ෂිත ප්‍රදේශයි. බටහිර දම් පැහැති මුහුණැති කොළ වඳුරා, හෝර්ටන් තැන්නේ උණ හපුලුවා සහ ශ්‍රී ලංකා කොටියා වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ කිහිපයක් ඇතුළුව අසාමාන්‍ය ශාක හා සත්ත්ව විශේෂ ප්‍රමාණයක් වාර්තාවන මෙම කලාපය සුපිරි ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මගින් හඳුන්වාදී ඇත.

දිවයිනේ දස දෙසට ගලායන ගංගා රැසක තිඹිරිගෙය වන්නේද, ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශය වන්නේද මේ සුවිශේෂී කඳුකර වනාන්තර පද්ධතියයි. එමගින් මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකගේ පරිභෝජන අවශ්‍යතා, කෘෂිකර්මය සහ බලශක්ති ජනනය සඳහා අවශ්‍ය ජල සම්පත සැපයෙන අතර සංචාරක කර්මාන්තය හරහා මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දීමටත් මෙම ස්වභාවික ලෝක උරුමය ඉතා වැදගත් වේ.

වසා දමා ඇති පට්ටිපොල ඔහිය පාර

නමුත් එකී කිසිඳු වටිනාකමක් තඹ දොයිතුවකට මායිම් නොකරන අපේ රටේ දේශපාලුවන්ට සහ තක්කඩි නිලධාරීන්ට මෙකී සම්පත් වනසා දමනතුරු නින්ද නොයාම කණගාටුවට කරුණකි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හෝටන් තැන්න ජාතික උද්‍යානය හරහා වැටී ඇති පට්ටිපොළ සිට ඔහිය දක්වා දිවෙන මෙතෙක් මහජනතාව සඳහා වසා දමා තිබුණු මාර්ගය හීනෙන් ඇහැරුණු පරිද්දෙන් විවෘත කිරීමට නියෝග කෙරෙන්නේ එබැවිනි. ඊට අදාළ වාචික නියෝගය වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසින් හෝටන් තැන්න උද්‍යාන භාරකරු වෙත ලැබෙන්නේ පසුගිය සැප්තැම්බර් මස 22 දිනය. මෙතෙක් ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන ජාතික උද්‍යානයට ඇතුළුවන සංචාරකයින්ට පමණක් මෙම මාර්ගයේ ගමන් කිරීමට අවසර හිමිවිය. නමුත් නව තීරණයත් සමග ඕනෑම පුද්ගලයෙකුට මෙම මාර්ගයේ පට්ටිපොළ සහ ඔහිය අතර ගමන් කිරීමට නිදහස ලැබේ. 

ඒ සඳහා කොන්දේසි කිහිපයක් පැනවීමට වනජීවී නිලධාරීන් කටයුතු කලත් එමගින් මෙම ජාතික උද්‍යානය හරහා ගමන් කිරීමට ඉඩ දීමෙන් සිදුවන හානිය කිසිසේත්ම පාලනය කිරීමට නොහැකි බවත්, ඒවා හුදෙක් ගැලවිජ්ජාව සඳහා පමණක් සිදුකර ඇති දෑ බවත් කුඩා දරුවෙකුට වුව වැටහේ. 

ස්වභාවික පරිසර පද්ධතීන් හරහා සිදුකරන රේඛීය සංවර්ධන කටයුතු, නොඑසේනම් මහා මාර්ග – දුම්රිය මාර්ග – අධිවේගී මාර්ග ඉදිකිරීම,  නල පද්ධති එළීම සහ සම්ප්‍රේෂණ රැහැන් ඇදීම ආදීය මගින් එම සොබා උරුමයන්ට සිදුවන සංකීර්ණ බලපෑම් පිළිබඳව ලොව දියුණු රටවල්වල විශාල අධ්‍යයන ප්‍රමාණයක් සිදුකර තිබේ. එසේම මෙරටද අවස්ථා කිහිපයකදී එවැනි අධ්‍යයනයන් සිදුකර ඇත. මෙසේ මාර්ග සහ අනෙකුත් සංවර්ධන ව්‍යපෘති ඉදිකිරීමේ සිට එය භාවිතය සඳහා යොදාගනු ලබන සම්පූර්ණ කාලසීමාව තුළම එමගින් අදාළ පරිසර පද්ධතියට විවිධ සංකීර්ණ පරිසර විද්‍යාත්මක බලපෑම් එල්ලවනබව එමගින් විද්‍යාත්මකව තහවුරුවී තිබේ. වනජීවීන් මාර්ග අනතරු වලට ලක්ව මියයාම, වනජීවී වාසස්ථාන ඛණ්ඩනය වීම, වනජීවී ගහන ඛණ්ඩනය වීම, වනජීවීන්ගේ හැසිරීම් රටා වෙනස්වීම, ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ව්‍යාප්තිය, අනවසර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාම, ජලවහනයට බාධා ඇතිවීම, කැලිකසල ප්‍රශ්න ඇතිවීම, ක්ෂුද්‍ර පරිසර පද්ධතිවල ජෛවරසායනික වෙනස්කම් ඇතිවීම, පරිසර දුෂණය ඉන් කිහිපයක් පමණි.

වාහන අනතුරුවලින් මිය ගිය වනජීවීන්

වාහනයකට යට වී පොඩිවුණු ඉබ්බෙක්…

මෙරට ප්‍රමුඛ පෙළේ වනජීවී පර්යේෂකයෙකු වන සමීර සුරංජන් කරුණාරත්න ඇතුළු පිරිස 2017 වසරේ පලකළ පර්යේෂණ පත්‍රිකාවක් මගින් මෙසේ හෝටන් තැන්න ජාතික උද්‍යානයේ මාර්ග අනතුරු වලට ලක්ව මියගිය වනජීවීන් පිළිබඳවද කණගාටුදායක හෙළිදරව්වක් සිදු කර තිබේ. එහිදී හෝටන් තැන්න ජාතික උද්‍යාන තුළදී මාර්ග අනතුරු වලට ලක්ව මියගිය පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 22කගේ මළසිරුරු සොයාගෙන ඇත. ඒ අතර උභයජීවී විශේෂ 10ක්, උරග විශේෂ 5ක්, පක්ෂීන් විශේෂ 4ක් සහ ක්ෂීරපායී විශේෂ 3ක් වෙති. 

ඉන් විශේෂ 17ක් ශ්‍රී ලංකාවට ආවේණික වීමද තවත් විශේෂ 17ක් වඳවීමේ තර්ජනයට ලක්වූ විශේෂ වීමද මෙම ජාතික උද්‍යානය හරහා ඇති මාර්ග වලින් වනජීවීන්ට එල්ලවන බලපෑමේ බරපතලකම මොනවට පැහැදිළි වේ. සංචාරකයින් සඳහා පමණක් මාර්ග විවෘත කර තිබියදී තත්වය එසේ නම් මෙම මාර්ගය පොදු ජනතාව සඳහා විවෘත කල පසු තත්වය කොතරම් දරුණු වේදැයි යළි යළිත් පැවසිය යුතුද? 

 නමුත් මෙම අවාසනාවන්ත යථාර්තය අවබෝධ කරගැනීමට මෙරට බලධාරීන් සහ නිලධාරීන් කටයුතු නොකිරීම නිසා වැනසී යන ස්වභාවික උරුමයන් සුළුපටු නැත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වනජීවී රක්ෂිත ගණනාවක් ඔස්සේ වැටී ඇති දුම්රිය සහ මහා මාර්ග නිසා අලි ඇතුන්ගේ සිට කුඩා කෘමී සතුන් දක්වා සෑම තරාතිරමකම වනජීවීන් ලක්ෂ ගණනක් සෑම වසරකදීම මිය යන බව නොරහසකි. එම තත්වයන් අවම කරගැනීම සඳහා කටයුතු කරනු වෙනුවට බලධාරීන් සිදු කරන්නේ තව තවත් වනාන්තර සහ වෙනත් ස්වභාවික පරිසර පද්ධතීන් කැබලිකරණය කරමින් මාර්ග ඉදිකිරීමට පිඹුරුපත් සකස් කිරීමය.

පොළොන්නරුව, ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය හරහා මෙසේ කලින් පැවති මාර්ගයක් නැවත ඉදිකිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ එය වලක්වා ගැනීම සඳහා පරිසර සංරක්ෂණවේදීන්ට විශාල වෙහෙසක් දැරීමට සිදු විය. නමුත් එම විනාශකාරී මාර්ගය ඉදිකිරීමේ අවදානමද තවමත් පහවී නැහැ. එවැනි පසුබිමක් තුළ බොහෝ කලක් මහජනතාවට වසා දමා තබූ හෝටන් තැන්න හරහා මාර්ගය විවෘත කිරීමට බලධාරීන් කටයුතු කරන්නේ මුළු රටටම නරක පූර්වාදර්ශ සපයමින් බව අප අවධාරණය කරමු. 

පාර මිනිස්සුන්ට ද?

කෙටි මාර්ගයක් මගින් ජනතාවට ලැබෙන එකම පහසුව කාලය මදක් ඉතිරිකර ගැනීමට ඇති හැකියාවය. නමුත් මෙම මාර්ගය වසා තිබුණු සමයේ ජනතාව තම ගමන් බිමන් නොගොස් සිටියේ නැත. ඒ සඳහා ඔවුහු විකල්ප මාර්ග භාවිතා කළහ.   . ඉතිරිවන කාලයේ වටිනාකමට වඩා විශාල ආර්ථික සහ පාරිසරික හානියක් මෙවැනි වටිනා පරිසර පද්ධතියක් විනාශවීමෙන් සිදුවන බව එම ජනතාවට පවා වැටහෙනු ඇතැයි අප දැඩිව විශ්වාස කරමු. 

එසේ නම් පරිසර සංරක්ෂණය සම්බන්දයෙන් රජයට ඇති ලැදියාව හාස්‍යට ලක් කරමින් හදිසියේම ජනතාවගේ ගිණුමට බැරකර හෝටන් තැන්න වනසන මාර්ගය විවෘත කිරීමට සැබැවින්ම අවශ්‍යවී ඇත්තේ කාට, කුමක් සඳහාද යන්න විමසා බැලීම ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ යුතුකම සහ වගකීම බව සිහිපත් කරමු. 

අතීත හෝටන් තැන්නේ සොබා උරුමයන් වැනසීමට කටයුතුකළ සුදු අධිරාජ්‍යවාදීන්ට අප තවමත් ශාප කරන්නෙමු. එසේ තිබියදී තවදුරටත් මෙසේ පරිසර විනාශයන් සිදුකරන ශාප ලද්දන් ආණ්ඩුව තුළ තබාගැනීම ආණ්ඩුවේ සෞඛ්‍යට ගුණ නැති බවද අවසන් වශයෙන් ලියා තබමු.   

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හංවැල්ල තානායමේ ඓතිහාසික ගල් බංකුව මත පිලිස්සුණු මළ සිරුරක්..

Next Post

ආණ්ඩුවෙන් ඩොලර් මිලියන 175ක් කොමිස් ගන්නෙ  කවුද?.  ආණ්ඩුවේ මැති ඇමතිවරුත් කොමිස් හොරා සොයති!

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.