අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

දුර්භික්ෂ බයකින් රට කැළඹූ මාවතගම පළගැටියා

මේ ඉන්දියාව වනසන කාන්තාර පළගැටියා නොවේ... දේශීය පළඟැටි විශේෂයක්...

by editor
ජූනි 2, 2020
in පරිසරය
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ඉන්දියාව කාන්තාර පළඟැටියාගේ උවදුරට මුහුණ දී ඇත්තේය. වගා අක්කර සිය ගණනින් උගේ ආක්‍රමණයට ලක්ව විනාශ වෙමින් ඇත.  ඒ සම්බන්ධව මීට නොබෝ දිනකට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රට දැනුවත් කළේය.

කාන්තාර පළගැටියා

රට එවැනි තිගැස්මක සිටින මොහොතක මාවතගමින් පළඟැටි උවදුරක් ගැන වාර්තාව වුනේය. මාවතගම පළඟැටි සේනාවක් මතුවී භවබෝග කා දමමින් සැරිසරන ආකරය ගැන මිනිස්සු බිය මුසුව කතා කරන්නට වූහ. කොවිඩ් සමයේ එකම බලාපොරොත්තුව වූ වගාව විනාශ වෙමින් යෑම බිහිසුණු තත්වයක් නිර්මාණය කර තිබිණි. මාවතගම පළඟැටියා ගැන අප තොරතුරු සොයා යන්නේ ඒ පසුබිම තුළය.

පේරාදෙණිය ගන්නොරුව, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාරය. ඔහු මේ පළඟැටි උවදුර සම්බන්ධව සිය ක්ෂේත්‍ර අත්දැකීම් සහ දැනුම අප සමග බෙදා ගන්නේ   මෙසේය.

පසුගියදා හදිසියේ   මාවතගම ප්‍රදේශයෙන් පළඟැටි උවදුරක් ගැන වාර්තා වුණා.     මේ වෙනකොට ඉන්දියාවෙ කාන්තාර පළඟැටි උවදුර සම්බන්ධව අපි රට දැනුවත් කරලා තිබුණේ. ඒ නිසාම මේ කෘමි හානිය ගැන ගොවීන් වෙනදාට වඩා අවධානයෙන් කටයුතු කළා. ප්‍රාදේශීය කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරීන් විසින් වහාම මේ තත්වය අපට  වාර්තා කළා. ඒ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ, කීට විද්‍යාඥ ආචාර්ය ලයනල් නුගලියද්ද ඇතුළු කණ්ඩායමක් මාවතගම ප්‍රදේශයට ගොස් හානියටපත් ප්‍රදේශ විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මාවතගමින් හමුවන පළඟැටියා

මේ විද්වත් කණ්ඩායම  කළ නිරීක්ෂණවලින් තහවුරු වුණේ මාවතගමින් මතුවන පළඟැටියා අප අනතුරු හැඟවූ කාන්තාර පළඟැටියා නොවන බවයි.“

එහෙනම් මේ පළගැටි විශේෂය කොහෙන් පැමිණියේ ද. අප අභිමුව ඊලඟට තිබුණු ගැටලුව එයය. උක්ත විද්වත් කණ්ඩායමට අනුව මේ මතුව ඇත්තේ මේ රටේම සිටින පලඟැටි විශේෂයක අසාමාන්‍ය බෝ වීමේ ස්වරූපයකි.

“ විවිධාකාර පළඟැටි විශේෂ අතීතයේ සිට මේ රටේ සිටියා.  ඔවුන් සියල්ලෝම ශාක භාක්ෂකයෝ. මේ පලඟැටියන් ස්වභාවික තත්ව යටතේ පාලනය වන නිසා ඔවුන්ගෙන් වෙන හානිය කැපී පෙනෙන්නෙ නෑ. ඒත් හදිසි  සිදුවෙන දේශගුණික වෙනසක් වැනි පාරිසරික සාධකයක් නිසා ඔවුන්ගේ බෝවීමේ සීග්‍රතාවය වැඩිවීම ස්වභාවිකය. එවැනි තත්වයක් තුළ පලඟැටියන් විසින් වගාවන් ආක්‍රමණය කරන තත්වයක් නිර්මාණය වෙන්න පුලුවන්. මේ එවැනි අසාමන්‍ය බෝ වීමක්“ සනත් එම් බණ්ඩාර කියන්නේය.

වාර්තාවන ක්ෂේත්‍ර තොරතුවලට අනුව දැනට වසරකට පමණ ඉහතදී මෙම පළඟැටි උවදුර මෙම පළාත ආශ්‍රිතව තිබී ඇත. එදා සමාජ අවධානයට ලක්නොවූ මේ පළඟැටියා මුල්ම වරයට විද්වත් අවධානයට ලක් වන්නේ පසුගිය ඉරිදා (31) ය.

“ අක්කර තුනක පමණ ප්‍රදේශයක් පුරා සතුන් ව්‍යාප්තව සිටියා. අප නිරීක්ෂණය කළ සතුන් සිටියෙ පියාසර කළ නොහැකි අවධියෙ…ඒ කියන්නෙ ශිශු අවධියෙ. ඔවුන්ට තිබුණේ ඉතාම දුර්වල පියාපත්. ඔවුන් පොල් ගස් කඳ දිගේ පැන පැන යනවා. මේ සතුන් නොමේරූ පොල් කොල පවා අනුභව කරන අයුරු අප නිරීක්ෂණය කළා.  ඔවුන් සුහුඹුල් තත්වයට එන්න පෙර මර්දනය කරගැනීම  ඉතාම වැදගත්. “

මහාචාර්ය බුද්ධි මාරඹේ සිය නිරීක්ෂණ දක්වා තිබිණි.

බිත්තරයෙන් පිටතට එන කීටයන් සුහුඹුලන් බවට පත්වීමට පෙර අවස්ථා කීපයකදී  හැව හැලීම් කරනු ලබයි. නිරීක්ෂණයට අනුව දැනට ඔවුන් සිටින්නේ අතරමැදි අවස්ථාවකය. මේ තත්වයතුළ මේ පළඟැටියාගේ ඉක්මන් ව්‍යාප්තියක් සිදු නොවන බව විද්වත් මතය ය. මේ අවධියේ දී මර්ධනය පහසු වන්නේ ඔවුන් තවමත් පැතරෙමින් ඇත්තේ ශාක මත පැන පැන යමින් වීම නිසාය.

මේ සම්බන්ධව    පොල් පර්යේෂණායතනයට කරුණු වාර්තා කළා. සුදුසු ක්‍රියාමාර්ග සඳහා ඔවුන්ගේ නියෝජිත කණ්ඩායමක්ද ප්‍රදේශයට පැමිණීමට නියමිතයි.  මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ ඉතාමත් සැර අඩු වර්ගයේ ස්ඵර්ෂක කෘමිනාශක ඉසීමට වහාම කටයුතු කර තිබෙනවා. අප නිරීක්ෂණය කළා ඒ කෘමිනාශක හා ගැටෙන සතුන් විනාශ වන ආකාරය.“

සතියක් පමණ යනතුරු කෘමිනාශක හා ගැටුණු ශාක කොටස් ආහාරයට ගැනීමෙන් වලකින ලෙස කෘෂි බලධාරීහු ජනතාවට උපදෙස් දෙති. දැන් කිව හැක්කේ පැහැදිලි ලෙසම මේ කාන්තාර පළගැටියා නොවන බවය. එහෙත් ඉන්දියාවේ පැතිරෙන කාන්තාර පළඟැටි උවදුරේ අවදානමින් නම් අප තවම මිදී නැත.

“කාන්තාර පළඟැටියා තවමත් සිටින්නේ ඉන්දියාවේ. සුළං ධාරා ඔස්සේ මෙරටට පැමිණෙනවානම් ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේද නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වන ඔක්තොම්බරයෙන් පසු කාලෙදි. මොන දේටත් පරික්ෂාකාරීව සිටීම ඉතාම වැදගත්. නාඳුනන ආගන්තුක පළඟැටි විශේෂයක් තම ගෙවත්තෙහි හෝ වෙනත් වගාවක් ආශ්‍රිතව දක්නට ලැබෙනවා නම්  වහාම    පේරාදෙණියේ පැලෑටි සංරක්ෂණ සේවයට (0812388316) හෝ ගොවි සහන සේවාව (1920) අමතා දැනුම් දෙන්න. “ සනත් එම්. බණ්ඩාර පවසයි.

 

Tags: නවතම
Share76Tweet43
Previous Post

බන්ධනාගාර ඇතුළේ පාතාල වැඩ වහාම නතර විය යුතුයි

Next Post

ජිල්මාට්වලින් කෝටි ගණන් ගිල්ල පරිගණක ඉංජිනේරුවා අල්ලයි…

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.