බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

අලිමංකඩක අලි වැටක් ගසා අලි කරදයක වැටෙන්න යන ගල්ගමුවේ මිනිස්සු

by editor
ජනවාරි 1, 2021
in පරිසරය
Share on FacebookShare on Twitter

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, පාලුකඩවල වැව් ඉස්මත්තේ , සෑම දිනකම හවසට දැකිය හැකි අපූරු දසුනක් තිබේ. එනම්, වැව් ඉස්මත්තට පැමිණෙන වල් අලි සියයක් හෝ ඊට ආසන්න ගණනක් නිදහසේ වැවෙන් වතුර බී පේමනීය ඇළ හරහා හෙමිහෙමින්  ගම් වදින ආකාරයයි.

අතරගල්ල, අබකොලවැව, පාලුකඩවල, එරියාව ,යද්දෙස්සාව, අමුණුගම, කඩහතගම , වෙහෙරගොඩයාය, ගුරුගොඩ, කිරිමැටියාව,  යන ගම් පුරා මේ වල් අලි   රාත්‍රි කාලයේ ගමන් කරති. ඒ නිවෙස්වලට, වගා බිම්වලට, මිනිස් ජීවිතවලට හානි පමුණුවමිනි.  නිදි වර්ජිතව අලි පන්නා දැමීම මේ ප්‍රදේශයේ මිනිසුන්ගේ දෛනික කාර්යයක් බවට පත්ව තිබේ.

වසර ගණනාවක් තිස්සේ පවතින මේ ගැටලුවට විසඳුම් ලෙස අලි ගම්වදින මාර්ග කොටස හරහා විදුලි වැටක් ඉදි කිරීමට ගම්මු යෝජනා කරති. එහෙත් ඒ සඳහා වගකිවයුත්තන් අවධානය යොමු වුවද, එය ක්‍රියාත්මක කිරීමට යාමේදි ඔවුන් පසු බසින්නේ ඇයිදැයි  යන්න  ගම්වාසීන්ට අලි ගැටලුවටත් වඩා ගැටලුව කි.

පාලුකඩවල වැව හා පේමනීය ඇළට යාබදව මීටර් 500ක් පමණවන මෙම මාර්ග කොටසට විදුලි වැට ඉදි කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ,ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති ශාන්ත විජේනායක මහතා විසින් ප්‍රාදේශීය සභාව හරහා ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.ඒ පිළිබඳව තම අදහස් පල කළ ශාන්ත විජේනායක මහතා ….

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ප්‍රාදේශීය සභාවේ උප සභාපති ශාන්ත විජේනායක

“අවුරුදු ගනනාවක් තිස්සේ පවතින මේ ගැටලුවට විසඳුමක් විදිහට තමයි පාලුකඩවල වැවට යාබද  පේමනීය ඇළ මාර්ගයේ විදුලි වැට ඉදි කරන්න යෝජනා කලේ. ප්‍රදේශයේ සංවර්ධන ට ලැබෙන මුදලින් ලක්ෂ 5ක් මේ සඳහා වෙන් කර ගත්ත . මීට පෙරත් විදුලි වැට ඉදි  කරන ව්‍යාපෘතිය ක් ක්‍රියාත්මක වුනා. ඒ අදාළ තැන්වල කණු පවා තියෙනවා.. නමුත් දැන් අවශ්‍ය මුදල් ලැබී තිබියදීත් වගකිවයුත්තෝ මඟ හරිනවා.. අපි ගමේ අසරණ, අහිංසක මිනිස්සු එක්ක හැමදාම ගල්ගමුවෙ වනජීවී එකට බඩගානවා. ඒත් මේ අය මේ තරම් නිහඬ මේකෙන් සාක්කුවට අමතර මුදලක් නොවැටෙන නිසාද කියල අපිට සැක හිතෙනවා .බලධාරීන් තව දුරටත් නිහඬව හිටියොත් මේ අහිංසක මිනිස්සු අලු ගසා දාල නැගිටියි. එදාට මහ නස්පැත්තිය ක් වේවි. ඒ අනතුර ඉව වැටුණු නිසයි අපි මේ විදිහට මේක රටටම කියන්න තීරණය කලේ…”

අලි වැටට ගැසූ කණු

මෙම විදුලි වැට ඉදි කිරීමට නායකත්වය ගෙන කටයුතු කරන්නේ වන්නි හත්පත්තුවේ ද්වීතියික සංඝ නායක පූජ්‍ය වලත්වැවේ රාහුල හිමියන් ය.  උන් වහන්සේ ප්‍රකාශ කලේ මෙවැනි අදහසකි.

“අලි ගම් වැදීමේ ගැටලුව හඳුනාගෙන, ඒක ට විසඳුමත් සොයාගෙන , අවශ්‍ය මුදල් ප්‍රතිපාදනත් වෙන් කරගෙන තමයි අපි වනජීවි එකේ ප්‍රධානියා ළඟට ගියේ.   ඒ ගියාම ඔහු කියනවා අපිට වගකීම බාර ගන්න  කියල . එතකොට අලි නිසා මේ ප්‍රදේශයේ මිනිස්සු විඳින දුක ඒ ගොල්ලො බාර ගන්නවා ද..? මේවා වැඩෙන් ගැලවෙන්න කරන ප්‍රකාශ.. අපි වගකීම බාර ගන්න පුලුවන් නිසා තමයි මේ වැඩේට බැස්සෙ.. දායකයො වෙනුවෙන් මං මේ හඬ නගන්නෙ.. ඔවුන් බේර ගන්න ඕන නිසා.. විදුලි වැට ඉදි කරල දෙන්නෙ නැත්තම් වනජීවී නිලධාරීන් මේ ජීවිතවලට වග කියන්න ඕන.  නැත්තම් මේ අහිංසක මිනිස්සු එක්ක අපි ළඟදි ම පාරට බහිනවා…..”

පාලුකඩවල වැව අසලම පදිංචි වී සිටින විජේකුමාර රාජපක්ෂ ගොවි මහතා ඉතා කනගාටුවෙන් මෙසේ පැවසුවේ ය.

“හැන්දෑවට වතුර බොන්න එන අලි සීයක් විතර මේ පැත්තෙ තියන සියලුම ගම්වලට බෙදිල යනවා. කුඹුරු පිටිවල දවල් තිස්සේ නැහෙන අපිට රෑට නිදාගන්න ත් නෑ.. වගාවක් කරගන්න නෑ .  අලි වැට ගහන්න කීවාම වනජීවී එකේ අය කියනවා මෙතන අලි මංකඩක් ලු.  මෙතන මේ වනතුරු නම් අලි මංකඩක් තිබිල නෑ.  වැඩෙන් මගහරින්න නිලධාරීන් හදාගත්ත හේතු ඒවා. අලි එන වෙලාවට කෝල් කලත් පැත්ත පලාතෙ එන්නෙ නෑ. එයාල සැපට නිදාගන්න වා. තුවාලෙ තියෙන මිනිහට තමයි ඒකෙ වේදනාව. පුදුම කරුමයක් මේක ..”

ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පතිරාජ

මේ ගැටලුව සම්බන්ධයෙන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පතිරාජ  මෙසේ පැවසුවාය …

“අලියා කියන්නෙ ඉතාම බුද්ධිමත් සත්වයෙක්. අලි සංචරණය සීමා කරන්න අසීරු යි. ඔය කියන ස්ථානය  අලි මංකඩක්. මගේ දැනීමෙ හැටියට අලි මංකඩක් අහුරා දැමුවොත් කරදර දෙගුණ තෙගුණ වෙන්න පුලුවන්. නමුත් වනජීවි එකේ අනුමැතිය ට අනුව තමයි මේ කටයුත්ත සිදුකල යුත්තේ.”

මේ ගැටලුව පිළිබඳව ප්‍රායෝගිකව හොයා බැලූ වයඹ වනජීවී සහකාර අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ    මේ අයුරින් කාරණය පැහැදිලි කළේය.

මම ඔය කියන ස්ථානය ගැන ගිහින් ම පරික්ෂා කරල බැලුව. ජනතාව ගේ ඉල්ලීම සාධාරණ යි. නමුත් මා සොයා ගත් දත්තවලට අනුව එතැන අලි මාරුවෙන තැනක්. ඊට අමතරව තේක්කවත්ත ප්‍රදේශයෙනුත් ඔය පැත්තට අලි එනවා. මේ දත්ත සිතියම් ගත කරල තව දුරටත් අදාල නිලධාරීන් සමග සාකච්ඡා කරල  නිවැරැදි තීන්දුව ක් ගන්නවා…”

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කල්මුණේ ග්‍රාමසේවා වසම් 11ක් හුදකලා කෙරේ…

Next Post

කොවිඩ් පාලනයට පත් කළ හමුදා නායකයන්ට ජනාධිපති කාර්යාලයන් වගකීම් ලයිස්තුවක්

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.