අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නිල ඇඳුම ගලවා දමා අඩි 60 ගැඹුර දියට පැණ ජීවිතයක් බේරාගත් පොලිස් විරුවා

වෑ කන්දේ සිට අයෙක් මරණය වීඩියෝ කරද්දී ජිවිතයක් රැක දෙන්න හැදූ වීර රිස්වාන් මරුට

by editor
මැයි 22, 2020
in සමාජ
තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු සහ පොලිස් කොස්තාපල් කාන්ත රූබන්

තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු සහ පොලිස් කොස්තාපල් කාන්ත රූබන්

Share on FacebookShare on Twitter

ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනීමට තැත්කළ තරුණියක්ව බේරා ගැනීමට සිය නිල ඇදුම ගලවා දමා දියට පැන එම තරුණියගේ ජීවිතය බේරාගත් තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මේ වන විටත් ඉතිහාස පොතට එක්වූ වීර පොලිස් චරිතයක් බවට පත්ව හමාරය.

පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු  එම තරුණියව බේරාගන්නේ ද සිය ජීවිතය දෙවැනි කොට සලකාය. ඒ ඇයව බේරා ගැනීමට ගොස් ඒ වන විටත්  කොත්මලේ ජලාශයේ ගිලී තරුණයෙක් සිය ජීවිතය පුදුකර තිබුණු බැවිණි. එම තරුණයා තිස් දෙහැවරදිවියේ පසුවූ මොහොමඩ් රිස්වාන්ය. ලිදුලේ පදිංචිකරුවෙක් වූ ඔහු වෘත්තියෙන් මේසන්වරුන්ගේ  අත්උදව්කරුවෙකි.

දියට පැන්න තරුණිය

මේ කථාවේ කථා නායිකාව විසි දෙහැවරදි වියේ පසුවූ තැනැත්තියකි. ඇයට අපි ලිච්චමී යැයි කියමු. ලෙච්චමී පසුගිය ඊයේ (21) පෙරවරු 10.00 ට පමණ තලවකැලේ නගරයට එන්නේ සිය ජීවිතය ගැන දැඩි තීරණයකට එළඹය. ඒ විසි දෙහැවිරිදි ඇයට තම වයස මෙන් දෙගුණයක පුද්ගලයෙක්ව විවහාකර දෙන්නට දෙමාපියන් තීරණයකට එළඹ ඇති බැවිණි. ඒ වන විටත් ඇය පෙම්වතියක්ව සිටියාය. ඒ ගැන දෙමාපියන්ට ඇය පැවැසුවත් ඒ අය සිටියේ සිය දියණිය තමන් කැමැති පුද්ගලයාට විවාහකර දීමේ තීරණයේමය.

ඇය නගරයේ තැන තැන ඇවිද ගියාය. අවසානයේදී ඇය හිත දැඩි කර ගත්තාය. ඉහළ කොත්මලේ ජලාශය මතින් දිව යන දුම්රිය පාලම මතට ඇය ඇවිද ගියාය. දිගු හුස්මක් ගත් ඇය එකවරම දියට පැන්නේ සිය ජීවිතය එපා යැයි කියාය. එවිට වේලාව 10.30 ට පමණ ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය කොතරම් එඩිතරව සිය ජීවිතය නැති කර ගැනීමට ජලාශයට පැන්නද  දියඹට වැටුණු පසු ඇය උත්සහ ගත්තේ දියේ නොගිලෙමින් සිටින්නටය. ඇය ඒ මොහොතේ හැඳ සිටි ඇඳුමද ඇයට දියේ නොගිලී පාවෙන්නට ශක්තියක් විය.

ජීවිතය එපා යැයි කියා ජලාශයට පැන්න ඇය අවසානයේ කෑමොර දෙමින් යදින්නට වූයේ සිය ජීවිතයි. ඒ හඬ කණ වැකුණු තලවකැලේ නගරයේ රැඳී සිටියවුන් දියේ ගිලෙමින් සිටි ‍ලෙච්චමී දෙස බලා සිටින්නට වූහ. ඒ සිය ජංගම දුරකතන ඒ දෙසට මාන ගෙනය. එහෙත් කිසිවෙක් ජලාශයට පැන ඇයව බේරා ගන්නට තරම් එඩිතර නොවූයේ ජලාශයේ ගැඹුර ගැන ඒ අයට  අවබෝධයක් තිබුණු බැවිණි.

වීර රිස්වාන් 

කුලියක් සොයා නගරයට පැමිණ සිටි රිස්වාන්ගේ නෙත කොත්මලේ ජලාශයේ ගිලෙමින් සිටි  ලෙච්චමී දෙසට යොමු වන්නේ මේ අතරය. ඔහු එකවරම ජලාශයට පනින්නේ කුඩයත්ද අතැතිවය. මහා මුහුදේ පවා පිහිනා ශිල්ප දක්වා තිබුණු රිස්වාන් ඉතා වේගයෙන් ඇය කිට්ටුවට ගියේය. තම අත වූ කුඩය ඔහු ඇය වෙත දිගු කළේ එය අල්ලා ගන්නාලෙසට කෑගසමිනි. එහෙත් ඇය එය අල්ලා ගන්නවා වෙනුවට රිස්වාන්ගේ ඇගේ එල්ලුනාය. රිස්වාන් කුඩයක් රැගෙන ගියේද ඇයට කිට්ටු උවහොත් මෙවැනි අවදානම් තත්වයක් ඇතිවන බව දැන කුඩය දිගුකර එය ආධාරකයක් ලෙස අල්ලන්නට දී  ඇයව ගොඩට ගෙන එන්නටය.  එහෙත් ඇය තමාව බදා ගැනීමත් සමග රිස්වාන් ද ඇය සමගින් ජලයේ ගිලෙන්නට ගත්තේය. මෙවන් අවස්ථාවකදී කරන්නට ඇති හොඳම විකල්පය රිස්වාන් කළේය. ඒ ඇයට පහරක් එල්ලකරමින් ඇගේ ග්‍රහනයෙන් මිදී ගොඩබිමට පිහිනීමය. එහෙත් ඔහුට එතරම් දුරක් පිහිනා එන්නට ඉඩක් නොවීය. “රිස්වාන් , කෙල්ලගේකොන්ඩෙන්වත් ඇදගෙන වරෙන්, පව් ඒකි ගිලෙනවා“ යැයි ගොඩ සිටියවුන් කෑ ගසන්නට ගත්තේය.

රිස්වාන් ගොඩ එනවා වෙනුවට ආපසු හැරුණේය. ඇය අසලටම පිහිනා ගියේය. එහෙත් ඔහුට  ඇයව කොන්ඩෙන් අල්ලාගෙන ගොඩබිමට ඇදගෙන එන්නට හැකියාවක් නොවීය. මාරයා සමග බොහෝ වේලාවක් පොර බදමින් සිටි ඇය රිස්වාන්ව බදාගත්තාය. දෙදෙනා අතර එවිට ඇති වන්නේ ගැටුමකි. රිස්වාන් උත්සාහ ගන්නේ  ඇගෙන් බේරෙන්නටය. ඊට ඇගෙන් අවස්ථාවක් නොවීය. අවසානයේදී  රිස්වාන් ඉහළ කොත්මලේ ජලාශ පතුලේ සැඟවෙන්නේ අවාසනාවන්ත ලෙසිණි.

සැබෑ පොලිස් විරුවා

තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු සහ කොස්තාපල් කාන්ත රූබන්

ඒ්ත් සමග ඇයව බේරාගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන්නේ සිය ඇස් පනාපිටම රිස්වාන්ට සිදුවූ දෙය දැකීම නිසාය. මේ අතර තලවකැලේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ සිටියේ නගර වැසියෙකුගෙන් ලද දුරකතන ඇමතුමකට අනුවය. ඒ වන විටත් ඇය සිටියේ මරුවා සමග සටන් කරමිනි. පොලිස් නිලධාරීන් කඹයක් සහ හුලංපිරවූ ටියුබයක්ද ඒ වන විටත් එතැනට රැගෙනවිත් තිබුණේය. එහෙත් කිසිවෙකුත් ජලයට පැන එම ටියුබයේ ආධාරයෙන් ඇයව බේරා ගන්නට ඉදිරිපත් වූයේ නැත. තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු  එහි එන්නේ ඒ අතර තුරදීය. ඒ කොස්තාපල් කාන්ත රූබන් සමගිනි.

“මට ඒ වෙලාවේ තේරුණා තව පොඩ්වෙලාවයි ඒ ගෑණු ළමයා ඉන්නේ කියල.  කවුරුත් වතුරට පැනල ඇයව බේර ගන්න සූදානමක් තිබුණෙත්නැහැ. මම දෙපාරක්හිතුවේ නැහැ. යුනිෆෝම් එක ගලවල යට ඇඳුම් පිටින්ම ලණුවක ගැට ගහල තිබ්බ ටියුබ් එකත් අරගෙන පැන්න වතුරට. මම ඒ ළමයාගේ කිට්ටුවට ගිහින් එයාව ටියුබ් එකට දාගන්න හදනකොට මගේ පිටිපස්සෙන් තවත් කෙනෙක් පීනගෙන ඇවිල තිබුනා. එයා හිටපු නිසා මට ගෑණු ළමයව ටියුබ් එකට දාන්නපහසුවක් වුනා. අවශ්‍යම වෙලාවේමයි ඒ උදව්ව මට ලැබුනේ. එහෙම නැතිනම් වැඩේ ටිකක් අමාරු වෙන්න තිබ්බා. ඒ ආපු කෙනා වෙන කෙනෙක් නෙමෙයි. පොලිස් කොස්තාපල් කාන්ත රූබන්. මම වතුරට පැන්නම එයාත් පැනල මගේ පස්සෙන් ඇවිල්ල.“ ජීවිතය නැති කර ගැනීමට ඉහළ කොත්මලේ ජලාශයට පැන ජිවිතය යදිමින් සිටි ඒ තරුණියව බේරාගත් හැටි එසේ සිය වචන වලින්ම කියන්නේ පොලිස් ස්ථානාධිපති රුවන්  ප්‍රනාන්දුය.

“ඒ තැන ගැඹුර අඩි 60 ක් විතර ඇති. වතුරත් ශිතලයි. මට බලාගෙන ඉන්න බැරිවුනා ඒ ගෑණු ළමයා ගිලෙනව. ඒ නිසයි වතුරට පැන්නේ“  ඒ ගැන ඔහුට කියන්නට ඇත්තේ එවන් කථාවකි.

ඇයව බේරා ගන්නට ගොස් ඉහළ කොත්මලේ ජලාශ පතුලේ සැඟවී ගිය රිස්වාන්ගේ සිරුර ගොඩ ගන්නේ ඊට පැය කිහිපයකට පසුවය. ඒ සැබෑ මනුෂ්‍යයා තව කෙනෙකු වෙනුවෙන් දිවි පිදුවේය. මනුස්සකමට ජාති ආගම් භේද නැත. රිස්වාන්ගේ ප්‍රණාය නිරුද්ධ සිරුර ගොඩගන්නේ  පොලිස් ජීවිතාරක්ෂකයින්ගේ සහය ඇතිව කළ මෙහෙයුමකිනි.

මුළු රටක්ම මේ වන විට කථාබහ කරන වීර පොලිස් ස්ථානාධිපතිවරයා තලවකැලේ පොලිස් ස්ථානාධිපතිධුරයට පත්ව තවමත් ගතවී ඇත්තේ වසර දෙකක් පමණි. තලවකැලේට එන්නේ බුත්තල ස්ථානාධිපතිධුරය දරාය. ඊට පෙර ඔහු සේවයේ නිරතව සිට ඇත්තේ හම්බෙගමුව පොලිස් ස්ථානාධිපති ලෙසිණි. එය ඔහුගේ පළමු පොලිස් ස්ථානාධිපති පත්වීමය. ඊට පෙර ඔහු සේවයේ නිරතව සිට ඇත්තේ බණ්ඩාරවෙලය. ඒ රථවාහන අංශයේ ස්ථානාධිපතිිවරයෙක් ලෙසිණි.

රුවන් ප්‍රනාන්දු ගේ ඉතිහාසය පිරිස්සීමෙීද දැනගන්නට ඇති ආකාරයට අනුව ඔහු පොලිස් සේවයට එක්ව ඇත්තේ 1990 දීය. ඒ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසිණි. වැඩි කාලයක් ඔහු සේවයේ නිරතව සිට ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් ආශ්‍රිතවය. ඒ යුද්ධය දරුණුවටම පැවැති වකවානුවේදීය.

“ඒ කාලේ මට ගොඩක් පීනන්න බැහැ. ටිකයි පුළුවන්. සේවය කළ පැතිවල වැව් අමුණු වලට බැහැල විනෝදෙට පීනලයි තරමක් හොඳට පීනන්න පුරුදු වුනේ. පස්සේ මම පොලිස් ජීවිතාරක්ෂක සංගමයට එකතුවෙලා දැනුම වැඩිකර ගත්තා. මගේ ජීවිතයේ මේක සුවිශේෂී අවස්ථාවක්. පළමු වතාවටයි මමත් මෙතරම්ගැඹුරු ජලාශයකට පැලන ජීවිතයක් බේරාගත්තේ.“ යැයි ඔහු ඒ ගැන පවසන්නේ මහත් ආඩම්බරයකිනි.

දරුවන් සිව් දෙනෙකුගේ පියෙක් වන රුවන් ප්‍රනාන්දුගේ වැඩිමහල් දරුවා උසස් පෙළ අවසන් කර සිටින්නෙකි. දෙවැන්නා උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නට සූදානමින් සිටින්නේ මෙවරය. මේ දෙදෙනාම බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ සිසුන්ය. තෙවැන්නා සහ සිව් වැන්නා නිවුන්නුය. ඒ දෙදෙනා අධ්‍යාපනය ලබන්නේ බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකාවේය. තමන්ගේ විරෝධාර තාත්තා ගැන මේ ආඩම්බරකාර දරවන් අප්‍රමාණ ප්‍රමෝදයට පත් වන බව සහතිකය.

 

 

Tags: විශේෂ
Share5764Tweet43
Previous Post

අයි.ඩී.එච් රෝහල ප්‍රාර්ථනාවලින් පිරවූ අබිමන් පුතා ගේ අකුරු මංගල්‍යය

Next Post

හීමා දාස් හොයන්න “අඩිඩාස්“ ව ඉන්දියාවට ගෙන්වූ ඇසෑමයේ රන් කෙල්ල

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.