අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අයි.ඩී.එච් රෝහල ප්‍රාර්ථනාවලින් පිරවූ අබිමන් පුතා ගේ අකුරු මංගල්‍යය

by editor
මැයි 22, 2020 - Updated on මැයි 23, 2020
in සමාජ
වෛද්‍ය රකිත කොඩිතුවක්කු අබිමන්ට අකුරු කියවමින්...

වෛද්‍ය රකිත කොඩිතුවක්කු අබිමන්ට අකුරු කියවමින්...

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

නිමල් රත්නපුරයේ සිට කඩිමුඩියේ සෙවණගලට ආවේ චූටි පුතුගේ තුන්වන උපන් දිනය යෙදී තිබුණු  මැයි 17 වැනිදාට පෙර අකුරු කියවීමට අවශ්‍ය සුබ වෙලාවක් සකස් කරගෙනය. නිමල්ගේ බිරිඳ චන්ද්‍රිකා සහ දිනුඳු අබිමන් පුංචි පුතා චන්ද්‍රිකාගේ මහ ගෙදර පදිංචිව සිටි බැවින් එම නිවසේම අකුරු කියවීමේ උත්සවය ජයට ගැනීමට ඔවුහු සිතා ගත්හ.

පුතාගේ තුන්වන උපන්  දිනය යෙදී තිබුණේ මැයි මස 17 වැනිදාටය. ඊට පෙර අකුරු කියවීමේ උත්සවය වැඩිහිටි ආශීර්වාදය මැද පැවැත්වීමට සැලසුම් විය.

කොවිඩ් 19 වෛරසය ලෝකයම ගිලගෙන පැතිරෙමින් තිබුණත් සෙවණගල නෙළුම් වැව ගමට එය පැමිණෙනු ඇතැයි කිසිවෙක් සිතුවේ නැත. කොවිඩි 19 අතරේ මහජන සේවයට කැප වුණු නාවික සෙබලුන් අතර මෙම වෛරසය පැතිරී යන්නේ මේ අතරය. අබිමන් ගේ බාප්පා ද නාවික සෙබලෙකි. අප්‍රේල් 18 වැනිදා ඔහු නිවාඩු ලබා වැලිසර නාවික කඳවුරේ සිට සෙවණගලට පැමිණියේය. ඉහෙන් බහින රෝගක් නැති බව පෙනුණු ඔහු පැමිණ ගතවූයේ  දින  හයකි. ඔහුගේ බිරිඳ, එනම් චන්ද්‍රිකාගේ නැගණිය උණ හා ඇඟපත වේදනාවෙන් පෙලී මොණරාගල රෝහලට ඇතුළු වුණාය. තොරතුරු අසා ඇයව පී.ආර්.සී පරීක්ෂණයට යොමු කෙරිනි. ඇය කොවිඩ් 19 ආසාදිතයෙක් බව තහවුරු විය.

අනතුරුව මහාම ඇයගේ නාවික හමුදා සැමියා පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කළේය.  ඔහුට ඔහුත් නොදැන කොවිඩ් 19 ආසාදනය වී තිබිණි. එහෙත් ඔහු කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව අබිමන් පුතුව පරීක්ෂාවට ලක් කෙරිනි. අප්‍රේල් 25 දා තහවුරු වූයේ ඔහුට ද වෛරසය ආසාදනය වී ඇති බවය.

අබිමන් පුතු කොලඹ අයි.ඩි.එච්. රෝහලට රැගෙන  එන්නේ ඒ ලෙසය. ඔහු සමග ඔහුගේ මව වන චන්ද්‍රිකා ද සමගිනි. ඒ වනවිට චන්ද්‍රිකා ආසාදිතයෙක් නොවුනත් රෝහල ට පැමිනි පසු ඇය ද ආසාදිතයෙක් බව තහවුරු විය.

චන්ද්‍රිකා සිතේ  අබිමන් පුතුට අකුරු කියැවීමේ උත්සවය පිළිබඳ සිහිනය තිබිණි. මැයි 14 දින වනවිට තම පුතුට අකුරු කියැවිය යුතුය. ඇය බොහෝ කල්පනා කර අනතුරුව මේ පිළිබඳව වාට්ටුව භාර වෛද්‍යවරයාට වෙත දැන්වූවාය. මේ අතර පිළියන්දල ඉන්නා චන්ද්‍රිකාගේ සොයුරිය දරුවාට අකුරු කියවන උත්සයට අවශ්‍ය කැවිලි, පොත් පත් ඇතුළු  සියලු කළමණා සූදානම් කර දුන්නාය.  පැවති අනෙක් සුලු සුලු අඩුපාඩු රෝහල් කාර්ය මණ්ඩලය විසින් සපයා දුන්නේය.

අකුරු කියවිම පියා කළ යුතු බවට කලින් තීන්දු කර තිබිණි. එහෙත් මේ වනවිට පුතු සිටින අයි.ඩී.එච්. රෝහලට කිසිම බාහිර පුද්ගලයෙකුට ඇතුළු විය නොහැකි තහනම් කළාපයක් වී තිබිණි.  ඒ හේතුවෙන් මැයි 14 දා උදෑසන 6.09 ට යෙදෙන සුබ මොහොතින් අබිමන් පුතුට අකුරුකියවීමට රෝහල් වාට්ටු අංක දෙකෙහි සියල්ල සූදානම් විය.

මේ වනවිට පුතාට අකුරු කියවීමට ආරක්ෂක ඇඳුම් ඇඳ මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙක් විය. අබිමන් මවගේ ඇඟේ දැවටෙමින් ඇයගේ ඇකයෙහි මුහුණ සඟවා ගත්තේය. මේ ආගන්තුක පුද්ගලයා පුංචි පුතුට සුබ මොහොතින් අකුරු කියවා අශීර්වාද කර පිටව ගියේය.

අබිමන් පුතුට අකුරු කියවූ ආගන්තුක පුද්ගලයා වාට්ටුව භාර වෛද්‍ය රඛිත කොඩිතුවක්කුය.

ය. අප්‍රමාණ සෙනෙහස හා ආශිර්වාදය ලබා දිය හැකි තරම් උසස් මනසක් එම වෛද්‍යවරයා තුළ තිබිණි.

මගෙ හිතේ හැටියට මගෙ දරුවගෙ අකුරු කියවීම කරගන්න හැකි උනා… නුපුරුදු පරිසරයක් තමයි… ඒත් මේ මිනිස්සු දෙවිවරු වගේ…ඒ නිමා මට අඩුවක් දැනුනෙ

නෑ…

පුතා ඉක්මනින් සුව වේවි. එයා සුව වෙලා ගෙදර ගියාමත් නොතේරෙන වයසට ලබපු මේ අත්දැකීම අමතක නොවී තියේවි. එයා ජීවිතේ ඉගන ගන්න පටන් ගත්තෙ හරිම වෙනස් තැනකින්. එයාට අකුරු කියැව්වෙ ඉතාම ගුණවත් මනුෂ්‍යෙයක්… එයාට ජිවිතේ වරදින්නෙ නෑ කියලා මට විශ්වාසයි.

අබිමන්ගේ අම්මා බොඳවූ නෙත් වලින් කීවාය.

Tags: නවතම
Share328Tweet43
Previous Post

ඡන්දය කල්දාන පෙත්සම් විභාගයට නොගෙන ඉවත් කරන්න… නීතිපති අධිකරණයෙන් ඉල්ලයි

Next Post

නිල ඇඳුම ගලවා දමා අඩි 60 ගැඹුර දියට පැණ ජීවිතයක් බේරාගත් පොලිස් විරුවා

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.