බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දීග ගිය දියණියට පියාගේ දේපළවලට උරුමයක් නෑ! ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  තීන්දුවක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 1, 2021
in පුවත්, සමාජ
උපුටා ගන්නා ලද ඡායාරූපයකි

උපුටා ගන්නා ලද ඡායාරූපයකි

Share on FacebookShare on Twitter

දීග විවාහයකට අනුව විවාහ වු දියණියකට එනම් විවාහයෙන් පසුව තම සැමියාගේ නිවසේ පදිංචි වූ කාන්තාවකට  උඩරට නීතියට අනුකූලව තම පියාගේ දේපල සඳහා අයිතියක් නැති  බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

මෙම තීන්දුව ලබා දුන්නේ මේ සම්බන්ධ නඩුවක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වන  එල්.ටී.බී. දෙහිදෙණිය, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු එස්.තුරෙයිරාජා යන විනිසුරන්ය. ඔවුන් තම තීන්දුවෙන් කියා සිටියේ අභියාචනා පෙත්සමේ තුන්වන පැමිණිලිකරු වගඋත්තරකරු (දේපළේ මුල් අයිතිකරුගේ දියණිය) තම සැමියාගේ අභාවයෙන් පසුව පියාගේ පාරම්පරික මුල් නිවස වෙත පැමිණ සිටි අතර ඇය බින්න විවාහ වූ දියණියක ලෙස  එම අයිතිය නැවත ලබාගෙන නොමැති බැවින් ඇයට පියාගේ දේඵල සඳහා උරුමකම් කීමට නොහැකි බවය. .

උඩරට නීතිය යටතේ විවාහ වර්ග දෙකක් පවතින අතර එය දීග විවාහනය සහ බින්න විවාහය වෙයි.  දීග විවාහයක් යනු කාන්තාවක් ලබා දී ඇගේ සැමියාගේ නිවසේ පදිංචි වීමයි. බින්න විවාහයක් නම් මනාලයා මනාලියගේ නිවසේ පදිංචි වීමය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පදනම් වූයේ හල්මිල්ලෑවේ විසූ පුද්ගලයකුගේ ඉඩම් සම්බන්ධයෙන් දිස්ත්‍රික් උසාවියෙන් ආරම්භ වූ අධිකරණ ක්‍රියාදාමයකි. එම නඩුවේ  කරුණු වලට අනුව, බෙදා වෙන් කිරීමට උත්සාහ කළ ඉඩමේ මුල් අයිතිකරු වූයේ හල්මිල්ලවැව හන්තිහාවේ පදිංචි වික්‍රමසිංහ මුදියන්සේලාගේ යහපත්හාමි නම් අයෙකි. ඔහු උඩරට නීතියට යටත් වූ පුද්ගලයෙක් වූ අතර ඔහුගේ මරණයත් සමඟ පැමිණිලිකාර දියණියන් තිදෙනෙකු ඇතුළු ව දරුවන් හය දෙනෙකුට ඔහුගේ වැන්දඹුව වූ රන්මැණිකාගේ ප්‍රාණ භුක්තියට යටත්ව  ඔහුට අයත්ව තිබූ ඉඩම සමාන ඉඩම් ප්‍රමාණයක් ලෙස හිමි විය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

1992 දී බිරිඳ වන රන්මැණිකා මිය ගෙස් ඇති අතර ඉන් පසුව දරුවන් විසින්   ඉඩම් දිසා අධිකරණයේ පැවරූ බෙදුම් නඩුවක් මඟින්  බෙදා වෙන් කිරීමට පියවර ගත්හ. කෙසේ වෙතත්, පළමු සහ දෙවන විත්තිකාර  සහෝදරයින් කියා සිටියේ තම පියා උඩරට නීතියට යටත් වූ පුද්ගලයෙකු බවය. ඔවුන් කියා සිටියේ පැමිණිලිකරුවන් තම පියාගේ ජීවිත කාලය තුළ දීග විවාහයක්  වූ දියණියන් වන අතර පාරම්පරික දේපල සඳහා අනුප්‍රාප්තික වීමේ අයිතිය ඔවුන්ට  අහිමි බවය.

කරුණු සලකා බැලූ දිසා අධිකරණය 1973 යහපත්හාමිගේ මරණයට පෙර පැමිණිලිකරුවන් තිදෙනෙකු වලංගු විවාහයන් කරගෙන ඇති බවත්, දීගවිවාහනයක් කර ගත්  3 වන පැමිණිලිකරු ඩොලිමැණිකාගේ සැමියාගේ මරණයත් සමඟ මහගෙදරට ආපසු පැමිණියද බින්න විවාහක කාන්තාවකට ලැබෙන අයිතියක් ඇයට පියාගේ දේපළ සම්බන්ධයෙන් නොමැති බවටත් තීන්දු කළේය.

 

මෙම තීන්දුවෙන් පීඩාවට පත් වූ ඇය  විසින් අභියාචානයක් ඉදිරිපත් කළ අතර එය වයඹ පළාතේ පළාත්බද මහාධිකරණය විසින් එය විභාග කරන ලදී. බෙදීමට උත්සාහ කළ ඉඩම සඳහා යහපත්හාමිගේ උරුමක්කාරයන් වූයේ පැමිනිලිකාර මෙම කාන්තාවත් , පළමු විත්තිකරු සහ 4, 5 සහ 6 වන විත්තිකරුවන් බවත් ඔවුන්ට  නොබෙදූ ඉඩම්වලින් 1/3 ක් බැගින් උරුම කර ගත යුතු බවත් එම පළාත්බද  මහාධිකරණය නියම කළේය.

කෙසේ වුවද මෙම තීන්දුවෙන් අගතියට පත් විත්තිකාර සහෝදරයෝ  පළාත්බද  මහාධිකරණයේ තීන්දුව ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියහ. ඔවුන් කියා සිටියේ බින්න විවාහයක් නොමැති මෙම  ඩොලි මැණිකා නම් දියණියට මෙම දේපළ උරුමයක් නොමැති බවය.  මුල්ගෙදරට අයත් ඉඩම අයිති කර ගැනීමට ඉඩ දෙමින්, තුන්වන පැමිණිලිකරු වූ ඩොලිමැණිකා බින්න විවාහක දියණියක ලෙස පිළිගැනීම  බව පළාත්බද  මහාධිකරණ විනිසුරුවරයා නීතියෙන් වැරදි කර ඇති බව ඔවුන්ගේ තර්කය විය.

 

අභියාචනයට අදාළ කරුණු සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළේ තුන්වන පැමිණිලිකාර දියණිය 1957 දී පොදු විවාහ ආඥාපනත යටතේ විවාහ කර දී ඇති අතර  වසර 15 ක විවාහයෙන් පසුව 1972 දී ඇගේ සැමියාගේ මරණයෙන් පසු ඇයට ඇගේ දෙමව්පියන් සමඟ ඇගේ මුල්ගෙදර ජීවත් වීමට අවසර දී ඇති බවය. ඇගේ පියාගේ මරණය තෙක් එය දිගටම එම  නිවසේ ජීවත්ව සිට ඇති අතර  ඇයගේ ප්‍රකාශය නම් නැවත මුල්ගෙදර වෙත පැමිණි පසු බින්න විවාහය යටතේ කාන්තාවකගේ අයිතිවාසිකම් ලබාගත් බවයි.

එසේ වුවද  දීග විවාහ වූ දියණිවරුන්ට තම පියාගේ දේපළ සඳහා අයිතියක් නැති හෙයින් ඇයගේ දිග විවාහය බින්න විවාහයක් බවට පරිවර්තනය කළ යුතු බව විනිසුරු එස්.තුරෙයිරාජා විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.

එ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේ තුන්වන පැමිණිලිකරුගේ විවාහය බින්න විවාහයක් බවට පරිවර්තනය කර නොමැති බැවින්  ඇයට පියාගේ දේපලවලට උරුමකම් පෑමට අයිතියක් නොමැති බවය. .

උඩරට නීතිය අදාළ වන්නේ බෞද්ධ හා උඩරට රාජධානියේ හිටපු පළාත් වල සිටි ශ්‍රී ලාංකිකයින්ට ය. උඩරට නීතියට අනුව දීගා විවාහක දියණියකට සාමාන්‍යයෙන් තම පියාගේ දේපළ උරුම නොවේ.කෙසේ වුවද  බින්න විවාහක දියණියක විවාහයෙන් පසු අනුප්‍රාප්තිකයෙකු ලෙස තබා ගත හැකිය.

ජනාධිපති නීතිඥ ලක්ෂ්මන් පෙරේරා, නීතිඥ තිෂියා වේරගොඩ, ශාලිනී ප්‍රනාන්දු සහ පියුමි වික්‍රමගේ සමඟ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ එම්.සී. ජයරත්න සමඟ නීතිඥ එම්.ඩී.ජේ. බණ්ඩාර සහ නිශානි හෙට්ටිආරච්චි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ඇත.

(ඩේලි මිරර් පුවත් පතේ පළවූ නඩු වාර්තාවක් ඇසුරින් සකස් කෙරිණි.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කොවිඩ් එන්නත් ලැබිලා… ලක්ෂ 20ක අතිරික්තයක් ගබඩාවල…

Next Post

ඉඩම් සින්න කර ගැනීම – වාහන සීස් කිරීම නවත්වන්න ! “යට ඇඳුමටත්“ මහ බැංකු අධිපති විසඳුම් දෙයි

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.