බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රූපවාහිනියත් තහනම් කළ නිවසින් දැරියන් පැන ගොස් ඇත්තේ නර්ථනය ඉගෙන ගන්න…

සංගීතය නර්ථනය තබා රූපවාහිනියත් බැලීමට තහනම් කළ නිවසින් පලා ගිය දැරියන් පොලිසියට කී කතාව..

by editor
නොවැම්බර් 10, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

නිවසින් පලා ගිය දැරියන් තිදෙනාගේ කතාව හෙළි වී ඇත. ඒ පසුපස ඇති යථාව මේ රටේ අම්මලා තාත්තලාට නැවත වරක් තමන්ගේ දූ දරුවන්ගේ අභිලාෂයන් සිතුම් පැතුම් සහ ඔවුන්ට දරුවන් ලෙස සැලකීමේ අවශ්‍යතාවය පිළිබඳ යළිත් සිතා බලන්නට බල කරයි.

08 වැනිදා නිවසින් අතුරුදහන් වී යළි කොළඹින් මතුවූ මේ දැරියන්ට සිදුවූ දේ දැනගෙන විමර්ශනයක් කරන්නට අද ඔවුන් පොලිස් භාරයට ගත්තේය. පොලිසියේ දී මේ දරුපැටව් හඬා වැටෙමින් කියා තිබුණු කතාව මොහොතකට අපේ හදවත් නවත්වයි.

මේ දැරියන්ට නිවෙසේ රූපවාහිනිය, සංගීතය තහනම් කර තිබිණි. දැඩි සංස්කෘතික පීඩනයක් යටතේ ජීවත්ව ඇති මේ දැරියන් තිදෙනා නිවසින් පිටවී ගොස් ඇත්තේ නර්තනය  හැදීමේ ආශාවෙනි. නර්තනය හදාරා නර්තන තරු වීමේ අභිලාෂයෙනි.

ඔවුන්ට සිය නිවසේ සිට තහනම් වූ සංගීතය, නර්තනය සොයාගෙන නිවසින් පිටවී ගොස් ඇත. එකම අභිලාෂයව තිබී ඇත්තේ නැටුම් කණ්ඩායමකට හෝ පන්තියකට එක් වීමය. තමන් සතුව තිබූ මුදු දෙකක් රුපියල් හැට දහසකට උගස් කර ඒ මුදලින් නර්තනය සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම් ටී ෂර්ට්, ජීන්ස් ප්‍රමාණයක් රැගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව කීවේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

අනතුරුව ඔවුන් ගොස් අත්තේ වත්තල නර්තන පාසලකටය. එහිදී එම උත්සාහය ව්‍යර්ථ වී ඇත. ඔවුන් අනුරාධපුරය දක්වා ගමන් කර ඇත්තේ ඉන් පසුවය.

ඔවුන් නැගුණු බස් රථය අනුරාධපුරයට එනවිට හවස් වී ඇත. හවස් යාමයේ  අනුරාධපුරයෙන් බැසගත් දැරියන් තිදෙනාට තරුණයින් පිරිසක් අනවශ්‍ය ලෙස විහිළු කරන්නට පටන් ගෙන තිබේ.  බස් රථයේ කොන්දොස්තර සහ රියදුරු වාසනාවට උතුම් මනුස්ස ගුණ පිරිණු මිනිස්සුය. මේ දැරියන් සම්බන්ධව සැක සිතුණු ඔවුන් දෙපළ  දැරියන් යන එන තැන් ගැන විමසා තිබේ. මේ තොරතුරු සොයා බැලීමේ දී ඔවුන්ට තේරී ඇත්තේ මේ තිදෙනා නිවසට හොරෙන් පැමිණ ඇති බවය.

මේ වටිනා මනුස්සයින් දෙදෙනා දැරියන් තිදෙනාව කොතැනකවත් යා නොදී බස් නැවතුමේ රඳවාගෙන තිබේ. අනතුරුව මන්නාරමේ සිට කොළඹ යන බස් රථයක දැරියන් තිදෙනා නැන්වූ ඔවුන් අතරගම කොතැනකවත් ඔවුන්ට බහින්නට ඉඩ නොදෙන සේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට උපදෙස් ලබා දී තිබේ.

මේ වනවිට දැරියන් තිදෙනා සොයා බැරිම තැන ඒ නිවෙස්වල වැඩිහිටියන් ඔවුන් අතුරුදහන් බව දන්වමින් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ ඔවුන් අතුරුදහන් වූ 08 වැනිදාය. පොලිසියත් මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කළේය.

ඊයේ රෑ බෝ වනවිට යළිත් කොළඹට පැමිණි දැරියන් තිදෙනා සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට සුචරිතයට ගොස් තිබේ. ඒ ඔහුට  තමන්ගේ අභිප්‍රාය කියා උදව්වක් ලබා ගැනීමටය.  ඒ අවස්ථාවේ විපක්ෂනායකවරයා කාර්යාලයේ සිට නැත.

මේ වනවිට  සිද්ධිය පිළිබඳව රටේ විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. එළිය වැටෙන තුරු හිඳ ඔවුන් තිදෙනා ඥාති නිවසකට ගොස් ඒ මාර්ගයෙන් සිය නිවෙස වෙත යෑමට තීරණය කර ඇත්තේ ඒ පසුබිමේ දීය.

දරුවන් යනු දරුවන්ය. ඔවුන්ගේ ජීවිතවල සුන්දර සිහින තිබේ. ඒ සිහිනවලට ඉඩ නොදී ඔවුන්ටත් නොවැටහෙන, අතාර්කික සංස්කෘතික පීඩන ඔවුන්මත පැටවීමේ ප්‍රතිඵල පෙරට වඩා බරපතල වන්නේ ලෝකයේ යථාව මේ තාක්ෂණික ලෝකයේ දී ඔවුන් අසන දකින  බැවිනි.

මේ නොදරු ජීවිත ව්‍යසනයට ලක් නොවී බේරුණේ   මනුස්සකම් සහිත මනුෂ්‍යයින්  තවමත් මේ සමාජයේ ශේෂවී ඇති බැවිනි.

මේ දරුපැටවුන්ගේ බිඳවැටුණු මානසිකත්වය යළි ගොඩනැන්වීම සිදුකළ යුතුව තිබේ. එතෙක් ඔබ ඔබේ දරුවා ගැන කල්පනා කරන්න. ඔහුට දරුවෙක් ලෙස වැඩෙන්නට ඔබ ඉඩකඩ ලබා දී තිබෙනවා ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

LPL ක්‍රීඩක වෙන්දේසියේ අතාර්කික කුණු වැඩ ගැන මහෙල කිව්ව කන පැලෙන කතාව!

Next Post

වසා දැමූ නුවර පාර භාවිතා කරන්නන් යා යුතු විකල්ප මාර්ග මෙන්න…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.