අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ණය උගුලෙන් හැදුණු ආර්ථික තොණ්ඩුවක ගෙල සිර කර ගත් රටක්!

by Lanka Sara Editor
සැප්තැම්බර් 30, 2022 - Updated on දෙසැම්බර් 2, 2025
in සමාජ
economy
Share on FacebookShare on Twitter

 

පසුගිය සැප්තැම්බර් 23වැනිදා මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය විසින් පළමුවරට ශ්‍රී ලංකාවේ ‘ණය කන්ද’ පිළිබඳව හෙළිකළේය. මෙවැනි නිල අනාවරණයක් මීට පෙර මතක ඇති සමයක රජය විසින් සිදුකර නැත. ඇඟ හිරිවැටෙන එම අනාවරණයට අනුව, 2022 ජූනි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 122% ක් වූ අතර, එයින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක්ම විදේශ මුදලින් ලබාගත් ණය වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ 2021 දෙසැම්බර් මාසය වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් 115% ක මට්ටමක පැවැති රාජ්‍ය ණය මාස 06ක් ඇතුලත 7%කින් වර්ධනය වී තිබීමත්, 54%ක පැවැති විදේශ ණය ප්‍රතිශතය 26%කින් ඉහළ ගොස් තිබීමත්ය.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 80.6ක් වන අතර, ඉන් බිලියන 46.6ක් විදේශ මුදල්වලින් ලබාගත් ණය සහ බිලියන 34ක් රුපියල්වලින් ලබාගත් ණය වේ. මේ මොහොතේ IMF ණය වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ මෙම ණය අතුරින් විදේශ මුදලින් ලබාගත් ණය ප්‍රමාණයයි. මෙරට විදේශ ණය බහු පාර්ශවීය, ද්විපාර්ශවිය සහ පෞද්ගලික යනුවෙන් කොටස් 03කි. එයිනුදු IMF නිර්දේශයට අනුව ප්‍රතිව්‍යුහගතකරණය කරගතයුතු වන්නේ ද්විපාර්ශවිය හෙවත් චීනය, ඉන්දියාව සහ ජපානය ආදී රටවලින් ලබාගත් ණය යි. වාර්තාව පෙන්වාදෙන ආකාරයට එම ද්විපාර්ශවිය ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 14.1ක මුදලක් ශ්‍රී ලංකාව විසින් සිය ණයහිමියන් ලවා ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතුය. වඩාත්ම විස්මයජනක කරුණ අනාවරණය වන්නේ එහිදීය. එනම්, රටවල් 22කට අයත් එම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ණය ප්‍රමාණයෙන් 52%ක්ම අයත් වන්නේ චීනයට වීමයි. ඒ අනුව, පෙරකී ලෙස ඩොලර් බිලියන 7,324ක ණය ප්‍රමාණයක් වෙනුවෙන් සහනයක් ලබාදීමට ශ්‍රී ලංකාව විසින් කෙ සේහෝ චීනය එකඟ කරවාගත යුතුය. මෙම බරපතල අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ කුමක්ද? ඒ පිළිබඳව පසුගිය සතියේ සිදුවීම් කිහිපයක් ඇසුරින් යම් අදහසක් ලබාගත හැකිය.

වාර්ෂිකව නිව්යෝර්ක්හි මුලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වන්නේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ය. ලොව සියලුම රටවල නායකයන් එක්වන මෙම සැසිවාරය සාමාන්‍යයෙන් ජනාධිපතිවරු සහ අගමැතිවරු මගහරින්නේ නැත. ඒ, එය ලෝක නායකයන් එකවර හමුවන ලොව ප්‍රධානතම උත්කර්ෂවත් අවස්ථාවක්ද වන බැවිනි. එහෙත් පසුගිය සතියේ නිමාවූ මහා මණ්ඩලයේ 77වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූයේ නැත. ඒ වෙනුවට ජනාධිපති රනිල්, එම දිනවල සිටියේ ජපානයේය. අනතුරුව ජනාධිපතිවරයාගේ සැලසුම් පැවතියේ පිලිපීනයේය. ජනාධිපතිවරයා ජපානයට ගියේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ අවමගුලට සහභාගී වන්නටය. පිලිපීනයට ගියේ ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 55 වැනි වාර්ෂික සැසිවාරයට සහභාගී වීමටය. බැලූ බැල්මට මෙම අවස්ථා දෙකම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට වඩා වටින්නේ නැත. අනෙක් අතට වසර 45ක දීර්ඝ දේශපාලන ගමනක සන්ධිස්ථානයකට පැමිණ, රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එක්සත් ජාතීන් ඇමතීමට ලැබුණු පළමු අවස්ථාවද මෙය විය. එසේනම් ජනපති රනිල් මෙම අවස්ථාව මගහැරියේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය වැඩසටහන එක්සත් ජාතීන්ට වඩා මේ මොහොතේ රටට තීරණාත්මක වන බැවිනි.සිය ණය අනුමත කිරීම සඳහා IMF විසින් පනවා ඇති ප්‍රධානම කොන්දේසියක් වන්නේ ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ද්විපාර්ශ්වික ණයහිමියන් එකඟතාව පළකිරීමයි. එම කොන්දේසිය සලකා බලමින් ඉන්දියාව, ජපානය සහ පැරිස් සංසදයේ(Paris Club) රටවල් සිය ණය වෙනුවෙන් සහන ලබාදීමට එකඟතාව පළකර ඇත. එහෙත් ‘කොස්සක්’ තිබේ. ඒ චීනයයි. ශ්‍රී ලංකාවේ ඉල්ලීම් රැසක් මධ්‍යයේ සිය ණය සම්බන්ධයෙන් චීනය පසුවන්නේ මුනිවත රකිමිනි. කවුරුන් කැමතිවුවද ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය තොගයෙන් වැඩිම ප්‍රමාණයක් හිමි චීනය ‘කැමති වනතුරු’ IMF එකඟවී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදල මුදාහරින්නේ නැත. එමනිසා, දේශීයව දැරූ සෑම උත්සාහයක්ම අසාර්ථකවූ තැන, දැන් ජනාධිපති රනිල් උත්සාහ කරමින් සිටින්නේ ජපානය හරහා ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන් රැස්කර, ණයහිමියන්ගේ සමුළුවක් හෝ වෙනත් සන්ධානයක් මගින් චීනයට යම් බලපෑමක් එල්ල කිරීමටය. ජපානයද එවැනි සමුළුවක් කැඳවීමට කැමැත්ත පළකර ඇති අතර, එවැනි සමුළුවක සම සභාපතිත්වය චීනය වෙත ලබාදීමටද සිය එකඟතාව ප්‍රකාශයට පත්කර ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජනාධිපතිවරයාගේ ගමන වැළකුණු බැවින් මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නිව්යෝර්ක් බලා ගියේ විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි ය. වෙනදා මෙන් නොව ඇමැතිවරයාද මෙවර ගමනේදී ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කර තිබුණේ IMF ණය වැඩසටහන වෙනුවෙන් සිය ඇමෙරිකානු සංචාරයෙන් උපරිම සහායක් ලබාගැනීමටය. ශ්‍රී ලංකාව සිය ණය සම්බන්ධයෙන් විවිධාකාරයෙන් චීනයෙන් ඉල්ලීම් කර තිබුණද, 2022 අප්‍රේල් මාසයේ සිය විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කොළඹ චීන තානාපතිවරයාට අමතරව කිසිදු ඉහළපෙලේ චීන නායකයකු සමග, ඒ වෙනුවෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබුණේ නැත. එහෙත් ආදාළ කටයුත්ත පිළිබඳව නිල වශයෙන් නොවූවත්, ඇමැති අලි සබ්‍රිට නිව්යෝර්ක්හිදී චීන විදේශ ඇමැති වැන්ග් යී හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාව හිමිවිය. ඒ අනුව ඇමති අලි සබ්‍රි ශ්‍රී ලංකාව චීනය පිළිබඳව දරන්නේ ඉතාම හිතෙෂීවන්තභාවයක් බව පෙන්වාදීමට එම සාකච්ඡාවේදී උපරිම උත්සාහය දරනු දැකගත හැකිවිය. ඊනියා “චීන ණය උගුල” සම්පූර්ණයෙන්ම පදනම් විරහිත කටකතාවක් බව විදේශ කටයුතු ඇමැතිවරයා එහිදී පවසන්නේ, මෙම උත්සාහයේ කොටසක් ලෙසිනි. ඇතැම් රටවල් විසින් නිර්මාණය කර ව්‍යාප්ත කරන “චීන ණය උගුල” පිළිබඳ ආඛ්‍යානය සංවර්ධනය වෙමින් පවතින රටවලට අටවා ඇති ‘ඌන සංවර්ධිත උගුලක්’ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබිණි. කෙසේවෙතත් චීනය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් කිරීම එක් අතකින් අවදානමක් දැරීමක්ද වෙයි. ඊට හේතුව එමගින් චීනය සිය ප්‍රතිවාදියකු ලෙස සලකන, එක්සත් ජනපදයට සහ බටහිර ජාතීන්ට අභියෝගයක් එල්ල කරන බැවිනි. ‘චීන ණය උගුල’ පිලිබඳ සංකල්පය ලොවට නිරාවරණය කර ඇත්තේ එම පාර්ශ්ව විසිනි.

ඇමතිවරයා පැවසූ චීන ණය උගුල යනු කුමක්ද? ‘ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය’ යනුවෙන් බටහිර රටවල් හඳුන්වන මෙම සංකල්පය චීනය වෙනුවෙන්ම නිර්මාණය වුවකි. චීන රජය සිය භූ-දේශපාලනික අරමුණු සඳහා කුඩා රටවල ණය බර ප්‍රයෝජනයට ගන්නා ආකාරය විස්තර කිරීම මෙම සංකල්පයෙන් සිදුකෙරේ. ණයහිමි රටට සිය ණය ආපසු ගෙවීමේ වගකීම් ඉටු කිරීමට නොහැකි වූ විට, ආර්ථික හෝ දේශපාලන සහන ලබා ගැනීමේ අරමුණින් ණයහිමි රට ණයගැති රටකට තවදුරටත් ණය ලබාදෙමින් කටයුතු කිරීම මෙමගින් පැහැදිලි කෙරේ. මෙවැනි සංකල්පයක් ‘මිත්‍යාවක්’ බව හුවාදක්වමින් ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා චීනයේ මිත්‍රභාවයේ වැදගත්කම දැන් අවධාරණය කරන්නේ කුමක් සඳහාද? එය වටහා ගැනීම එතරම් අපහසු නැත. එම හැසිරීම පැහැදිලි කරගත යුත්තේ මෙහි ආරම්භයේදීම සඳහන් කළ ශ්‍රී ලංකාව විසින් මේ මොහොතේ ප්‍රතිව්‍යුහගතකරණය කරගතයුතු 52%ක චීන ණය කන්ද සමගිනි.

ශ්‍රී ලංකාව මේ හසුව ඇත්තේ බරපතල ණය අර්බුදයක් හේතුවෙන් නිර්මාණයවූ ආර්ථික සුළි කුනාටුවකට බව අමුතුවෙන් කිවයුතු නැත. පැහැදිලිවම එය ණය උගුලක් මිස අන් කිසිවක් නොවේ. ඒ අනුව එම ණය උගුල නිර්මාණය කිරීමේ වැඩිම දායකත්වය දක්වා ඇත්තේ චීනය බව ශ්‍රී ලංකා රජයේ නිල වාර්තා මගින්ම දැන් අනාවරණය කර ඇත. ඒ අනුව දැන්, විදේශ කටයුතු ඇමතිවරයා චීන විදේශ ඇමතිවරයා හමුවේ ‘චීන ණය උගුල’ පදනම් විරහිත කටකතාවක් බව කියමින් චීනය සැනසීමට උත්සාහ කිරීමට හේතුව කුමක්දැයි පැහැදිලිවේ. ශ්‍රී ලංකාව විසින් IMF ණය වැඩසටහන ක්‍රියාත්මක කරවා ගැන්මට නම් පළමුවෙන්ම කළයුතුව ඇත්තේ චීනයෙන් ලබාදී ඇති මෙම දැවැන්ත 52%ක ණය කන්ද ප්‍රතිව්‍යුහගතකරණය කරවා ගැනීමය. චීන ණයට අතනොතියා අනෙක් කවර පාර්ශ්වයක ණය වෙනුවෙන් සහතික ලබාගත්තද ශ්‍රී ලංකාවට ඉන් ප්‍රයෝජනයක් නැත. එමනිසා බටහිර අමනාප වුවද, මේ මොහොතේ චීනය වෙනුවෙන් කතාකිරීමට තමන් සුදානම් බව දැන් ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කිරීම එතරම් පුදුමයට කරුණක් නොවේ.

Share69Tweet43
Previous Post

චීනය දුන්න බොරු පොරොන්දු අතේ පත්තුවෙයි

Next Post

කාර්ඩ්පත් ගෙන්වන්න සල්ලි නෑ… රියදුරු බලපත්‍ර ලක්ෂ 09ක් මුද්‍රණය කරගත නොහැකිව ගොඩගැසෙයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.