බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ජී විස්ස හිසට ගත්ත අසල් වැසි රටේ “අම්රිත්කාල්“ දැක්ම

by Lanka Sara Editor
නොවැම්බර් 19, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

 

වාර්ෂික G20 සමුළුව පසුගිය අඟහරුවාදා(15) ඉන්දුනීසියාවේ බාලිහිදී ආරම්භ වූයේ කොවිඩ් -19 වසංගතය විසින් අවුලුවන ලද සහ මෑතකදී යුක්රේනයේ රුසියාවේ යුද්ධයෙන් ඉහළට ගිය ගෝලීය අභියෝග සාකච්ඡා කිරීම සඳහා ලෝක නායකයන්ට වේදිකාවක් සකස් කරමිනි. ඒ අනුව G20 ජාතීන්ගේ කණ්ඩායමේ නායකයෝ පළමුවෙන්ම යුක්රේනයේ රුසියානු ආක්‍රමණය “ප්‍රබල ලෙස” හෙළා දුටු අතර දෙදින සමුලුව අවසානයේ සම්මත කරන ලද ප්‍රකාශයකින් එය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගන්නා ලෙස ඊයේ(16)ඉල්ලා සිටියහ. සමුළුවේ පොදු සාකච්ඡා එසේ ගෝලීය අභියෝග කෙරෙහි යොමුවෙද්දී, එහි සිදුවූ අනෙක් වැදගත්ම සිදුවීම වූයේ G20 සංසදයේ මීළඟ නායකත්වය(සභාපතිත්වය) ලොව නැගී එන බලවතා වන ඉන්දියාවට හිමිවීමයි.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන රැස්වීමෙන් පසු ඉන්දියාව වසරක කාලයක් සඳහා 20 කණ්ඩායමේ සභාපතිත්වය භාර ගනු ඇත.ඒ අනුව  ඉන්දියාව 2022 දෙසැම්බර් 01 සිට G20 සභාපතිධුරය නිල වශයෙන් භාර ගන්නා අතර එය 2023 නොවැම්බර් 30 දක්වා පවතිනු ඇත. සමුළුව විධිමත් ලෙස විවෘත කිරීමට පෙර ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුව වෙත පිළිගනු ලැබුවේ ඒ අනුවය.

2022 නොවැම්බර් 08 වන දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියාවේ G20 සභාපතිධුරයේ ලාංඡනය, තේමාව සහ වෙබ් අඩවිය දියත් කරන ලදී. G20 ඉන්දීය සභාපතිත්වයේ තේමාව වන්නේ “වසුධෛව කුටුම්බකම්” හෙවත් “එක් පොළොවක් – එක් පවුලක් – එක් අනාගතයක්” යන්නයි. එය මහා උපනිෂද්හි පුරාණ සංස්කෘත ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද්දකි. එම තේමාව මගින් මිනිසා, සතුන්, ශාක, ක්ෂුද්‍ර ජීවීන් සහ පෘථිවි ග්‍රහයා මෙන්ම පුළුල් විශ්වයේ ඇති ඔවුන්ගේ අන්තර් සම්බන්ධිත සියලු ජීවීන්ගේ වටිනාකම තහවුරු කරනු ලබයි. එය තනි පුද්ගල ජීවන රටා මට්ටමින් මෙන්ම ජාතික සංවර්ධන මට්ටමින් ද පාරිසරික තිරසාර සහ වගකීම් සමඟින් පරිසරය සඳහා ජීවන රටාව ගලපාගත යුතු ආකාරය අවධානයට ලක් කරයි. එය පිරිසිදු, හරිත හා නීල අනාගතයක් සඳහා ගෝලීය පරිවර්තනීය ක්‍රියාවන්ට මග පාදන බවද ප්‍රකාශ කෙරේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

G20 ලාංඡනය ඉමගින් න්දියාවේ ජාතික ධජයේ දීප්තිමත් වර්ණයන් වන කුංකුම, සුදු සහ කොළ සහ නිල් ප්‍රදර්ශනය කෙරේ. අභියෝග මධ්‍යයේ වර්ධනය පිළිබිඹු කරමින්, ඉන්දියාවේ ජාතික පුෂ්පය වන නෙළුම් මල මත පෘථිවි ග්‍රහලෝකය සමපාත කර ඇති ආකාරය නිර්මාණය කර ඇත. . G20 සභාපතිත්වය සඳහා වූ සුවිශේෂී ඉන්දියානු ප්‍රවේශය අවට පරිසර පද්ධතියට අනුකූලව ජීවත්වීම මෙමගින් ඉස්මතු කර පෙන්වන අතර, මෙම කැලඹිලි සහිත කාලයේදී ලෝකය තිරසාර, සාකල්‍ය, වගකීම් සහ සියල්ල ඇතුළත් ආකාරයකින් සැමට සාධාරණ ලෙස පැවතිය යුතු බව ප්‍රකාශ කිරීමට උත්සාහ කරනු ලබයි.

අන්තර්ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්න පිළිබඳ ගෝලීය න්‍යාය පත්‍රයට දායක වීමට G20 සභාපතිත්වය මගින් ඉන්දියාවට විශාල අවස්ථාවක් ලබාදී ඇති අතර, G20 සභාපතිධූරය විසින් ඉන්දියාවේ අම්රිත්කාල්(Amritkaal) පරිච්චේදයේ ආරම්භය ද සනිටුහන් කරයි. අම්රිත්කාල් යනු නව ආරම්භයක් ලබාගැනීමට සුදුසුම කාලය හඟවන වෛදික ජ්‍යොතිෂ යෙදුමකි. නිසි උත්සාහයෙන් විශාල සාර්ථකත්වයක් ලබා ගත හැකි කාලය මෙය බව ඉන් හැඟවේ. 2022 අගෝස්තු 15 වන දින ඉන්දියාවේ නිදහසේ 75 වන සංවත්සරය සමරන අවස්ථාවේ සිට වසර 25ක කාලයක් අම්රිත්කාල් කාල පරිච්ඡේදය ලෙස නම්කර ඇත. 2047 වසරේදී ඉන්දියාව සිය ශත සංවත්සරය සමරන විට සමෘද්ධිය සහ සංවර්ධිත සමාජයක් නිර්මාණය කරගැනීමේ මානව කේන්ද්‍රීය ප්‍රවේශයක් නිර්මාණය කිරීම අම්රිත්කාල්හි අරමුණයි.

නැවතත් මෙවර G20 සමුළුව වෙත අවධානය යොමුකිරීමේදී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය අඟහරුවාදා යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබඳව ලෝක නායකයන්ගේ දැඩි අවධානයක් යොමුවූ බව පෙන්වාදිය හැකිය. එහිදී අගමැති මෝදි විසින් රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නැවත පිවිසෙන ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටි අතර, පවතින ගැටුමේ දී සාමය සඳහා ඉන්දියාවේ ඉල්ලීම යලි අවධාරණය කළේය. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ඉන්දියාව හෙළා දැක නැත. එහෙත් අගමැති මෝදි පසුගිය සැප්තැම්බර් මාසයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවූ අවස්ථාවේ පැවසුවේ “අද යුගය යුද්ධයේ යුගයක් නොවේ” යනුවෙනි.

“යුක්රේනයේ සටන් විරාමයේ සහ රාජ්‍ය තාන්ත්‍රික මාවතට නැවත පැමිණීමට මගක් සොයා ගත යුතු බව මම නැවත නැවතත් කියා සිටිමි” යැයි අගමැතිවරයා බාලිහිදී නැවතත් පෙන්වාදුන්නේය.

“ලෝකයේ සාමය, සංහිඳියාව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා සාමූහික අධිෂ්ඨානය පෙන්වීම යුගයේ අවශ්‍යතාවයයි.” ලෙසින්ද ඔහු පැවැසීය. රුසියාව විසින් පසුගිය පෙබරවාරි මාසයේදී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු G20 නායකයන් හමුවන පළමු අවස්ථාව මෙය වන බැවින් අගමැති මෝදිගේ මෙම අදහස්වලට විශාල අවධානයක් යොමුව තිබේ.

යුක්රේන යුද්ධයෙන් යුරෝපයට එල්ල වන පීඩාව දිනෙන් දින ඉහළ යෑමත් සමග රුසියාව සහ යුක්රේනය අතර සාමය වෙනුවෙන් මැදිහත්කරුවකු සෙවීම කෙරෙහි එක්සත් ජනපදයේ සහ යුරෝපයේ අවධානය යොමුව තිබෙන බවද මෙහිදී අවධානය යොමුකළයුතු කාරණයකි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව, ගතවූ මාස 09ක කාලය තුළ යුරෝපා රටවල් ගල්අඟුරු සහ බොරතෙල් ඇතුළු දැඩි බලශක්ති අර්බුදයකට මුහුණදී සිටී. එහිදී මෙම මැදිහත්කාර පාර්ශ්වය වශයෙන් බටහිර රටටවල් යෝජනා කර ඇත්තේ ඉන්දියාවයි. මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව එක්සත් ජනපදය දැඩි අවධානයක් යොමුකර ඇතැයිද, විශේෂයෙන් යුද්ධයේ නියුතු දෙපාර්ශ්වය සමගම සාකච්ඡා කළහැකි ඉන්දියාව වැනි මධ්‍යස්ථ පාර්ශ්වයක් සාමය වෙනුවෙන් මැදිහත් කරගතයුතු බවට ඇමරිකාව වෙතින් අදහස් පළව ඇතැයිද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගිය සතියේ වාර්තා කර තිබිණි. ඒ අනුව ඉන්දියාව G20 සමුළුවේදී මෙම මාතෘකාව සම්බන්ධයෙන් ලබාගත් ප්‍රවේශය මගින්, ලෝකය අර්බුදයට ලක්කර ඇති යුක්රේන යුද්ධයේ නිමාවක් පිළිබඳව ක්ෂිතිජයේ සියුම් ආලෝක රේඛාවක් මතුවෙමින් පවතින බව දැකගත හැකිය.

රුසියාව දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ විශාලතම මිලිටරි උපකරණ සැපයුම්කරු වන අතර එය ඉන්දියානු ඖෂධ නිෂ්පාදන සඳහා සිව් වන විශාලතම වෙළඳපොළ වේ. බටහිර ගැනුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරන ලද වට්ටම් සහිත බොරතෙල් සම්බන්ධයෙන් ගත්කල, ඉන්දියාව චීනයෙන් පසු රුසියාවේ විශාලතම තෙල් පාරිභෝගිකයා බවටද පත්ව ඇත. සිය මධ්‍යස්ථ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය වැඩිදුරටත් G20 නායකයන් හමුවේ වැඩිදුරටත් පැහැදිලි කරමින් මෝදි එහිදී පෙන්වාදුන්නේ බලශක්ති සැපයුමට කිසිදු සීමාවක් නොතිබිය යුතු අතර බලශක්ති වෙළඳපොලේ ස්ථාවරත්වය සහතික කළ යුතු බවයි.

“අද පොහොර හිඟය හෙට දවසේ ආහාර අර්බුදයයි. ලෝකයට ඒ වෙනුවෙන් විසඳුමක් නැත. පොහොර සහ ආහාර න දෙකෙහිම සැපයුම් දාමය ස්ථාවරව සහ සහතිකව තබා ගැනීමට අප අන්‍යෝන්‍ය එකඟතාවක් ඇති කර ගත යුතුයි,” යැයි මෝදි එහිදී වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව මෙවර ඉන්දියාවට G20 කණ්ඩායමේ නායකත්වය ලැබීම ලෝකයට අන් කවරදාකටත් වඩා වැදගත් වන බව පැහැදිලි සත්‍යයකි ‘ මෙම පසුබිම තුළ ඉන්දියාව ලබන වසර ඇතුලත ගෝලීය සාමය සහ විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සැලකිවයුතු කාර්යභාරයක් සිදුකරනු ඇතැයි අවිවාදයෙන් අපේක්ෂා කළ හැකිය.

Share69Tweet43
Previous Post

මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් පත්කළ සීමා නිර්ණ කමිටුවට කිසිම නෛතික වලංගුභාවයක් නෑ… ජී.එල් කියයි!

Next Post

ඉන්දියාව සංවර්ධිත රටවලට එරෙහිව සංවර්ධිත රටවල් පෙලගස්වයි

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.