බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ජම්මු කාෂ්මීර වැසියන්ගේ කල දවස වෙනස් කළ ඉන්දියාවේ කළු දිනය අද!

by Lanka Sara Editor
ඔක්තෝබර් 22, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ‘කළු දිනය’ යෙදී ඇත්තේ ඔක්තෝබර් 22වැනිදාටය. එනම් අද දිනයයි. ඉන්දියානුවන්ට සෑම වසරකම ඔක්තෝබර් 22වැනිදා මෙලෙස කළු දිනයක් බවට පත්වන්නේ මීට වසර 75කට පෙර, අද වැනි දිනයකදී පාකිස්ථානුවන් විසින් සිදුකළ හින්දු සහ සීක්‌ ජන සංහාරයක් හේතුවෙනි. 1947 ඔක්‌තෝබර් 22 වැනිදා ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයට පාකිස්ථාන හමුදාව විසින්, සිය පාලනය යටතේ සිටි ගෝත්‍ර කිහිපයක පිරිසක්ද එක්කර ගනිමින් එල්ල කළ එම අමානුෂික ප්‍රහාරය නිසා මිර්පූර් දිස්ත්‍රික්කයේ පමණක් අවම වශයෙන් හින්දු සහ සීක් ජාතිකයන් 100,000වත් මරණය දුටු බව කාශ්මීර ඉතිහාසයේ සඳහන් වේ. පාකිස්තානුවන් විසින්, වටකර මරාදැමීමේ ක්‍රමය අනුගමනය කරමින්, මෙම හින්දු සහ සීක් ජාතිකයන් වෙඩි තබා, හිස ගසාදමා ඔවුන්ගේ හිස් කබල ගල්වලින් පොඩි කර මරාදමා තිබිණි. මෙලෙස ඝාතනය කෙරුණු පිරිස සිදුකර තිබූ අපරාධය වූයේ, ඔවුන් ඉස්ලාම් ආගමට අයත් නොවීමයි.

 

පකිස්තාන හමුදාවන් සහ විශේෂයෙන් ගෝත්‍රික ලෂ්කාර් කණ්ඩායම් ඒකාබද්ධව, මීර්පූර් වලින් ආරම්භ කර, මෙම ඝාතන ඇතුළු සියලුම ආකාරයේ ප්‍රචණ්ඩ ජම්මුහි බටහිර ප්‍රදේශ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කළහ. අදටත් කාශ්මීර නිම්නයේ ජිවත් වන  පැරණි පරම්පරාවේ සාමාජිකයන් මෙම ප්‍රචණ්ඩත්වය සිහිපත් කරන්නේ තමන්ට ලාබාල අවධියේ අහිමි වුණු බොහෝ දේ සමගිනි. 1358 දිල්ලි ටිමූර්ලේන් සංහාරයෙන් පසු  1947 නොවැම්බර් 25 වැනි දින සිදුවූ මීර්පූර් සමූල ඝාතනය,ඉන්දීය ඉතිහාසයේ සිදු වූ දරුණුතම සංහාරය ලෙසින් සටහන්ව ඇත. පාකිස්තානුවන් විසින් අල්ලා ගන්නා විට මීර්පූර් නගරයේ රැඳී සිටි සමස්ත හින්දු සහ සීක් ජනගහණය 25,000කට ආසන්න විය. පකිස්ථාන හමුදාව සහ ගෝත්‍රික පතන්වරුන් විසින් නගරය අල්ලා ගැනීමට පෙර, ඉන් 2,500 ක් පමණ පිරිසකට ජම්මු වෙත පලායෑමට හැකියාව ලැබී තිබිණි. එහෙත් නගරයේ  ඉතිරිවූ පිරිසෙන් 2,500ක් පමණ පකිස්තාන කාලතුවක්කු ප්‍රහාරයෙන් මිය ගොස් හෝ පණපිටින් පුළුස්සා දැම තිබුණු අතර, ඉතිරි 20,000ක පිරිසට අලි බෙයිග් වෙත මාරාන්තික පාගමනක් යාමට සිදු විය. එහිදී සිර කඳවුරක් ඉදිකර ඔවුන් සිරකෙරිණි.

 

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අලි බෙයිග් වෙත යන අතරමගදී අවම වශයෙන් හින්දු සහ සීක් ජනයා 10,000ක් පමණ පකිස්ථාන හමුදා සහ ගෝත්‍රික පතන්වරු විසින් මරා දමන ලදී. ඒ අතරතුර කාන්තාවන් 5000ක් පමණ පැහැරගෙන ගොස් තිබුණු අතර, අවසානයේ 1948 මාර්තු මාසයේදී අන්තර්ජාතික රතු කුරුස කමිටුව අලි බෙයිග් වෙත පැමිණෙන විට දිවි ගලවා ගෙන සිටියේ 25,000ක පිරිසක් අතුරින් 1,600 ක් දෙනකු පමණකි. ඔවුන් රාවල්පින්ඩි වෙත මාරු කරන ලද අතර පසුව ජම්මු වෙත මාරු කෙරිණි. එහිදී ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් 2019 අගෝස්තු 5 වන දින දක්වා සරණාගත කඳවුරුවල වසර 75 කට ආසන්න කාලයක් ගත කළ අතර අවසානයේ ඔවුන්ව ජම්මු කාශ්මීරයේ වාසස්ථාන සහිත ඉන්දියානු පුරවැසියන් ලෙස ඔවුන්ට සමාන අයිතිවාසිකම් ලබාදීමට ඉන්දියාව කටයුතු කළේය. ඒ මීර්පූර් තත්වය පමණකි.

 

ඉන්දියානු හමුදාව විසින් නිම්නයේ ජනයා ගලවා ගැනීමට සහ පකිස්ථාන ප්‍රහාරකයන් ආපසු පළවා හරිනතුරුම ජනතාව කම්පනයට පත් කළ ප්‍රහාරකයෝ කලාපය පුරා කොල්ලකෑම්වල සහ ම්ලේච්ඡත්වයේ නිරතවූහ. ආක්‍රමණයට පෙර පකිස්ථාන හමුදාව විසින් පතාන් ගෝත්‍රිකයන් හරහා මෙම ප්‍රහාරය වෙනුවෙන් ලෂ්කාර ප්‍රජාවේ සාමාජිකයන් බඳවාගෙන තිබිණි. එම ලෂ්කර්වරුන්ට බැනු, වන්නා, පෙෂාවර්, කොහාත්, තාල් සහ නව්ෂෙරා යන ස්ථානවල අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබාදී තිබිණි. මෙම ස්ථානවල රැඳී සිටි පකිස්තාන බලසේනාධිපතිවරු විසින් ලෂ්කර්වරුන්ට පතොරම් සහ ආයුධ සහ අත්‍යවශ්‍ය ඇඳුම් ලබා ලබාදීමට පියවර ගැනිණි. අවසානයේ පකිස්ථාන හමුදාවේ 7 පාබල සේනාංකය 1947 ඔක්තෝබර් 21 වන දින මුරේ-ඇබොටාබාද් ප්‍රදේශයේ එක්රැස්වූ අතර, ගෝත්‍රික ලෂ්කර්වරුන්ට වහාම ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයට යාමට සූදානම් වන ලෙස නියෝග කරන ලදී. ජම්මු වෙත යෑමට සියල්කොට්හි තවත් පාබල සේනාංකයක් ද සූදානම් කර තිබිණි.

 

ආක්‍රමණිකයෝ බැරමුල්ල නමැති ප්‍රදේශයෙන් නිම්නයට ඇතුළු වී ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කිරමට පටන් ගත්හ. තරුණ තරුණියන් වර්ණ, ජාති, ආගම් භේදයකින් තොරව පැහැරගෙන ගියහ. සෑම කොල්ලකරුවෙක්ම උත්සාහ කරන ලද්දේ තමන්ට හැකි පමණින් ධනය හෝ තරුණ ගැහැනු ළමයින් පැහැර ගැනීමටය. මෙම ම්ලේච්ඡ ක්‍රියා හමුවේ කාශ්මීර කලාපයේ පාලක මහාරාජා හරි සිං ඉන්දීය රජයෙන් උදව් ඉල්ලා සිටි අතර, ප්‍රහාරයට එරෙහිව කාශ්මීරය නිල වශයෙන් ඉන්දියාවට එක් විය. ඒ අනුව ඉන්දියානු හමුදාවේ පළමු පාබල සේනාංකය 1947 ඔක්තෝම්බර් 27 වන දින 1 සීක් භට පිරිස් ශ්‍රීනගර් ගුවන් තොටුපළට ගොඩ බැස කාශ්මීරය මුදා ගැනීමේ සටනක නිරත විය.

 

කෙසේවෙතත් සිය සෘජු ආක්‍රමණය වෙනස් ආකාරයකින් ලෝකය වෙත ගෙනයෑමට පාකිස්ථානය උත්සාහ කර ඇති බවද මෙහිදී සිහිපත් කළයුතුය. ජම්මු සහ කාශ්මීරයට ගෝත්‍රිකයන් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ, කලාපයෙන් එම ගෝත්‍රිකයන්ට එල්ල කෙරෙන ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් බවට ඇතැම් පාකිස්ථාන මුලාශ්‍ර අදටද වාර්තා කරයි. එහෙත් සැබෑ ප්‍රහාරයේ තතු සැඟවීමට පාකිස්ථානයට හැකියාව ලැබී නැත. විශේෂයෙන් මෙම ආක්‍රමණයේ ඇසින් දුටු සාක්ෂි රැසක්ම ලේඛනගතවී ඇති අතර ඒවායින් සැබෑ ම්ලේච්ඡත්වය ක්‍රියාවට නංවන ලද්දේ කවුරුන් විසින්ද යන්න ලොවට හෙළිකර තිබේ.

 

ඇත්තෙන්ම කාශ්මීරයේ මෙම ප්‍රචණ්ඩත්වයේ ආරම්භය ඉන්දියාව යටත් විජිතවාදයෙන් නිදහස් වීම සහ ඉන්දියාව හැර යාමේ අවසාන අදියරේදී බ්‍රිතාන්‍යයන් මුස්ලිම් ලීගය සමඟ සහයෝගයෙන් බටහිර හා නැගෙනහිර පාකිස්තානයේ (දැන් බංග්ලාදේශයේ) පාලනයන් වෙන්කිරීමට දරන ලද උත්සාහයයි. ඩෝග්‍රා මහාරාජා විසින් පාලනය කරන ලද කාශ්මීරයේ මුස්ලිම් බහුතර ප්‍රදේශය, සෑම විටම රභූ පන්ජාබි මුස්ලිම්වරුන්ට අමිහිරි සත්‍යයක් විය. මෙම අමිහිරි සත්‍යය වෙනස් කිරීම සඳහා ඔපරේෂන් ගුල්මාර්ග් නමින් හඳුන්වමින් පාකිස්ථානය සැලසුම් කළ මෙම ප්‍රචණ්ඩ ප්‍රහාරය, ඊට නායකත්වය ලබාදුන් පාකිස්ථාන හමුදා නායකයකු වන මේජර් ජෙනරාල් අක්බර් ඛාන් විසින් ඔහුගේ ‘රයිඩර්ස් ඉන් කාශ්මීර්’ කෘතියේ පැහැදිලිව සටහන් කර ඇත.

 

කෙසේ වෙතත් අවසානයේ ඉන්දියානු හමුදාව විසින් ශ්‍රීනගර් ආරක්ෂා කරගනිමින් නිම්නය රැකගැනීමට සිදුකළ ක්‍රියාන්විතය අදටද කාශ්මීර කලාපය පුරා සිහිවටන වශයෙන්ද දැකගත හැකිය.  මේජර් සෝම්නාත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ජේ ඇන්ඩ් කේ පාබල හමුදාව විසින් ශ්‍රීනගර් ආරක්ෂා කිරීම පිළිබඳ වීර කතා සහ බ්‍රිගේඩියර් රාජින්දර් සිංගේ දස්කම් භූ දර්ශනය පුරා විසිරී ඇති යුද ස්මාරකවල තැන්පත් කර ඇත. ‘ජම්මු සහ කාශ්මීර ජාතික මිලීෂියාව’ ලෙස හැඳින්වූ, කැලඹිලි සහිත කාලවලදී යුද්ධයට එක්වන පිරිමි සහ කාන්තා ස්වේච්ඡා හමුදා විසින් ඉටු කරන ලද විශිෂ්ට භූමිකාවන් ද එසේම ඉතිහාසයේ සටහන්ව ඇත. අවසන් වශයෙන් කිවයුතුව ඇත්තේ අද කලාපයේ ස්වාධිනත්වය් වෙනුවෙන් පෙනීසිටින නිම්නයේ බෙදුම්වාදී කණ්ඩායම්වලට, මීට වසර 75කට පෙර, සිය ජනතාව පාකිස්ථාන ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඉන්දියානු හමුදාවන් වෙත පලාගිය බව  අමතකව ඇති බවයි

Share69Tweet43
Previous Post

රට පුරා සෑම ගමක්ම ආවරණය කරමින් පන්සල් පල්ලි කෝවිල්වල ආහාර බැංකු !

Next Post

සත්කාරක ලෝක ශූර ඔස්ට්‍රේලියානුවන් ආරම්භයේ දීම දැවැන්ත පරාජයක…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.