ලෝක ශූර ඔස්ට්‍රේලියාව නවසීලන්තය හමුවේ ලකුණු 89ක දැවැන්ත පරාජයක් ලැබුවේය.
සත්කාරක ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ලෝලී බලාපොරොත්තුව සුන් කරමින් සුපිරි 12 දෙනාගේ වටයේ ආරම්භක තරගයේ දීම මේ පරාජය වාර්තා වූයේය.
තරගයේ කාසියේ වාසිය දිනුවේ ඕස්ට්‍රේලියානුවන්ය. ඔවුහු මුලින්ම පන්දු රැකීම තේරූහ. පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි නවසීලන්ත පිල සිය පන්දු ඕවර 20 තුළ අතිශය දැවැන්ත ප්‍රහාරයක් ඔස්ට්‍රේලියානුවන්ට එල්ල කළේය. ඔවුහු කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 200ක් රැස් කළහ.
නවසීලන්ත පිල වෙනුවෙන් සුපිරි පිතිකරණයක යෙදුනේ ඩෙවොන් කොන්වෙයි ය. ඔහු පන්දු 58 කදී නොදැවී ලකුණු 92ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 07ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.
ආරම්භක පිතිකිරු ෆින් ඇලන් පන්දු 16ක දී හතරේ පහර පහක් සහ හයේ පහර 03ක් සමග ලකුණු 42ක් ලැබුවේය.
ඔස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 201ක් විය. නවසීලන්ත පන්දු යවන්නේ ඔස්ට්‍රේලියානුවන්ට මුල සිටම බොහෝ දුරින් තිබූ ජයග්‍රහණයේ හීනය කුඩු කර දැම්මහ. ඒ පන්දු ඕවර 10.2ක් ඉකුත්වන විට ඔස්ට්‍රේලියාවේ මුල කඩුළු 5ම දවා ගැනීමෙනි.
සිය කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 28 ක් ලබා ගත්තේය. ඔස්ට්‍රේලියානුවෝ පන්දු වාර 17.1කදි ලකුණු 111කට සියලු දෙනා දැවී ගියහ.
නවසීලන්තය වෙනුවෙන් වාර්තාගත පන්දු යැවීම නිරත වූයේ ටිම් සව්තී ය. ඔහු පන්දු ඕවර 2.1 දී ලකුණු 06කට කඩුළු 03ක් ලැබුවේය. මිෂෙල් සැන්ට්නර්. ලකුණු 31ට කඩුළු 03ක්, ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 24ට කඩුළු 2ක් ලැබුවේය.