බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

චීනය දෙවුන්දර තුඩුවේ  හැංගී ඉන්දියාවේ ඔත්තු බලන්නට සැරසෙනවාද ?

by Lanka Sara Editor
අප්‍රේල් 22, 2023 - Updated on අප්‍රේල් 25, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

චීනය උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් වරායක්  වූ හම්බන්තොට වාරය තමන් සන්තකයට අත්පත් කරගත් ආකාරය මෑත කාලයේදී ගෝලීය තලයේදී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වැඩියෙන්ම අවධානයක් යොමු වුණු   ඉතාම සුවිශේෂී කාරණයක් විය. ඒ ගැන ලෝකයේ බොහෝ තැන්වල කතා බහට ලක්විය.

මෙලෙස හම්බන්තොට වරාය තමන් සන්තකයට පත්කරගැනීමට චීනය සමත් වීම ඔවුන් විසින් ලොව පුරා සිය බලය පැතිරවීමටත් එය තහවුරු කරගැනීමටත් විදේශ ණය සහ ආධාර යොදා ගන්නා ආකාරය මනාව පැහැදිලි කරන ජනප්‍රිය උදාහරණයක් බවට පතක්ව ඇත. .

 

ඒ අනුව චීනය විසින් සිය ද්වීපාරශවීය සම්බන්ධතා වර්ධනය කිරීමේ සහ සංවර්ධනයට අතදීමේ මුවාවෙන් ලබාදුන් ණයට හිලව් කිරීමක් වශයෙන් සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව විසින් 2017 වර්ෂයේදී වර්ෂ 99කට හම්බන්තොට වරාය චීනය පවරා දුන්නේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

චීනයට හම්බන්තොට වරාය භාරදීමේ උත්සවයේදී සහ පසුව පාර්ලිමේන්තුවේදී එවකට අග්‍රමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ, එම තීරණයත් සමඟම හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධානම වරායක් බවට පත් කිරීමට හැකියාව පවතින බවත්ය.

එහෙත් චීනය හම්බන්තොට වරාය අත්පත් කරගැනීමෙන් පසුව ඔවුන් ඉහත සඳහන් කළ අරමුණ උදෙසා වරාය යොදා ගැනීමක් කරන ආකාරයක් දැකගැනීමට නොහැකි විය. මෙහිදි ඉදිරිපත් වූ මතයක් වූයේ  වූයේ චීනය විසින් වරාය සිය යුධමය අවශ්‍යතා සඳහාත් එමගින් කළාපය යුද ශක්තිය වර්ධනය කරගැනීම සඳහාත් යොදා ගැනීමේ අවදානමක් පවතින බවයි.

එහිදී හිටපු ඉන්දීය විදේශ ලේකම්  ශිවශංකර් මෙනන් පැවසුවේ, “හම්බන්තොට ආයෝජනය සාධාරණීකරණය කළ හැකි එකම මාර්ගය ජාතික ආරක්ෂාව  යන මාතෘකාව ඔස්සෙයි. එහිදී  ඔවුන් චීන මහජන විමුක්ති හමුදාව ගෙන ඒම සිදුරන්න ඉඩතිබෙනවා” යනුවෙනි.

මෙම කරුණ සම්බන්ධයෙන් 2018 දී ඇමරිකා  එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් විසින්ද සිය අදහස් ප්‍රකාශ කළේය. උප ජනාධිපති පෙන්ස් එහිදී පෙන්වා දුන්නේ, හම්බන්තොට වරාය සෘජුව චීනය රජය අතට පත්කරන ලෙසට බීජිං පාලනය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් බලපෑම් කළ බවයි.

ඒ අනුව ඉතා ඉක්මනින්ම චීනය වර්ධනය කරමින් පවතින සිය නාවික හමුදාවේ ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාකාරම් සඳහා වැදගත්වන සහ ඊට සහයක් මෙන්ම උපාය මාර්ගික වශයෙන් වැදැගත් වන හමුදා කඳවුරක් බවට හම්බන්තොට වරාය පත්විය හැකි බවත්ය.

 

කෙසේවෙතත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකා එක්සත් ජනපදය විසින් පෙන්වා දුන් මෙම අවදානම් සහගත  තත්ත්වය පිළිබඳව  චෝදනා ප්‍රතික්ෂේප කළේය. මේ අතර රනිල් වික්‍රමසිංහ විසින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිදුකළ කතාවකදී අවධාරණය කළේය ශ්‍රී ලංකාව තුළ  විදේශීය නාවික කඳවුරු නොපවතින බවත් ඇතැම් පාර්ශවයින් විසින් මනඃකල්පිත චීන නාවික කඳවුරු දකින බවත්ය.

වික්‍රමසිංහගේ මෙම  ප්‍රකාශය පැමිණියේ චීනයේ උපායමාර්ගික නය භාවිතයට එරෙහිව එක්සත් ජනපද උප ජනාධිපති මයික් අනතුරු ඇඟවීමෙන් දින කිහිපයකට පසුව වීමද විශේෂත්වයකි.

මේ අතර 2021 වර්ෂයේ නොවැම්බරයේදී ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් මහජන චීන සමූහාණ්ඩුව සම්බන්ධ මිලිටරි සහ ආරක්ෂක සංවර්ධන යන මාතෘකාවෙන් යුත් විස්තීර්ණ වාර්තාවක් නිකුත් කළේ. එම වාර්තාව මගින්  බීජිං පාලනය විසින් දැනටමත් නාවික, ගුවන් සහ සහය සඳහා අතිරේක හමුදා කඳවුරු සඳහාත් සැපයුම් පහසුකම් සඳහා සිය නව අවශ්‍යතා සහ ඊට ගැලපෙන භූමි ප්‍රෙද්ශ සම්බන්ධයෙන්  සලකා බලමින්  සැලසුම් කරමින් සිටින බව අනාවරණය කළේය. එම වාර්තා මගින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලොව පුරා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක භූමි සම්බන්ධයේ චීනය ඒවන විටත් සලකා බලමින් සිටින බවත්ය.

 

මෙහිදී ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නයක් වන්නේ බීජිං පාලනය විසින් සිය සැඟවුණු න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ දියත් කර ඇති බවට කාලය විසින් ඔප්පු කර තිබේද යන්නයි. ඉන්දියන් සාගර කළාපයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ හමුදා කඳවුරු වල ක්‍රියාකාරකම් පිළිබඳව ඔත්තු බැලීමේ කාර්යයන් සඳහා අවශ්‍ය ඉඩ කඩ සලසමින් ශ්‍රී ලංකාව තුළ නව වනගත රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය උත්සහ කරන බවට එක්සත් රාජධානිය පදනම් කරගත් ඩේලි එක්ප්‍රස් පුවත් පත විශේෂ වාර්තාවක්ද පළකර තිබණි.

 

ශ්‍රී ලංකාව තුළ දුර්ස්ථ චන්ද්‍රිකා තොරතුරු රැස්කරගැනීමේ හැකියාව තිබෙන සහ නාවික අධිපත්‍ය වර්ධනය කිරීමේ හැකියාවද පවතින මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට චීන සැලසුම් කර ඇති බවට අනාවරණය වේ. මෙම ව්‍යාපෘතිය සඳහා චීනයේ විද්‍යා ඇකඩමියේ අභ්‍යාවකාශ තොරතුරු පර්යේෂණ ඒකකය සම්බන්ධවී ඇත. ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත වර්තා කර ඇති අන්දමට අදාල මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ දෙවුන්දර බොක්ක ආසන්නයේ ඝණ කැලෑබද ප්‍රදේශකය ඉදි කිරීමට සැලසුම්කර තිබේ.

 

මෙම ව්‍යාපෘතිය මගින් චීනය හට ඉන්දියාන් සාගරයේ යාත්‍රා කරන බටහිර රාජ්‍යන්ගේ නාවික යාත්‍රාවලට එරෙහිව ඔත්ත බැලීමේ මෙහෙයුම් සඳහා වැඩි ඉඩක් නිර්මාණය කරයි. එමගින් ඇතිවන තවත් භායානක තත්ත්වයක් වන්නේ ඩියාගෝ ගාර්ෂියා හී පිහිටි එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ හමුදා කඳවුරු වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව වර්ධනය වීමයි.

 

එමෙන්ම මෙම චීන ව්‍යාපෘති මගින් ඉන්දීය නාවික හමුදා කඳවුරු සහ ඒවායේ ක්‍රියාකාරකම්ද පහසුවෙන් නීරීක්ෂණය කිරීමට අවකාශය නිර්මාණය කරයි. එහිදී ඉන්දියාවේ සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයත්  ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයේ ඉන්දියාවේ අභ්‍යවකාශ තොටුපළද නිරීක්ෂණය කිරීමට අවස්තාව හිමවේ.

 

මේ අතර ඉන්දියවේ ඔඩිෂා හී මිසයිල පර්යේෂණ මධ්‍යස්තානයද තවත් යුධමය වශයෙන් වැදගත් ඉදිකිරීම් රැසකම ක්‍රියාකාරකම් නිරීක්ෂණයට අවස්තාව ලැබෙි.

 

උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ තක්සේරුවන්ට අනුව චීනයේ අභ්‍යාවකාෂ ක්‍රියාකාරකම් පසුගිය කාලයේදී සීඝ්‍රෙයන් වර්ධනය වී තිබේ. ඒ අනුව , චීනය 2010 සහ 2019 අතර  අභ්‍යාවකාශ දියත් කිරීම් 207 ක් සිදු කර ඇති අතර, එය පසුගිය දශක හතර තුළ සිදු කරන ලද දියත් කිරීම් සංඛ්‍යාවටම වඩා ඉහළ අගයක් ගනී.

චීනයේ හමුදා ව්‍යාප්තිය සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් ලෙස යොදා ගත හැකි බවට අනාවැකි දැන් තහවුරු වී තිබේ. මෙම පසුබිමට එරෙහිව, චීනය විසින් ඉන්දියානු දොරකඩ අසල රේඩාර් කඳවුරක් පිහිටුවීමට උත්සාහ කිරීම ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක තත්ත්වයට දැඩි බලපෑමක් ඇති කළ හැකිය. මේ සම්බන්ධයෙන් රජය කටයුතු කරන්නේ කෙසේද යන්න ඉතා වැදගත් කාරණයක් බවට පත්ව තිබේ.

 

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති  ණය අර්බුදය විසදීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවන්ට චීනය දිගින් දිගටම සිය විරෝධය පළකද හිදිසියේම චීනය ඊට එකඟ වීමද යම් සැයකයක් නිර්මාණය කරයි. එහිදී චීනය මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකවීම සිය ගොනැගීම් ශ්‍රී ලංකාවේ සිදුකිරීමේ මිල විදිහට සැලකීමටද ඉඩ පවතී.

 

කෙසේ වෙතත්, මූලෝපායික වාසි සඳහා බීජිනය ණය උද්දීපනය කළ පළමු රට ශ්‍රී ලංකාව නොවේ. ආර්ජන්ටිනාවේ චීනය විසින් කළ  ඉදිකිරීම්  2012 සිට මතභේදයට තුඩු දී ඇත.

 

කෙසේවෙතත් චීනය විසින් ඉතා සූක්ෂම සිය හමුදා ඉදිකිරීම් සිදුකිරීමට විශේෂ හැකියාවක් දක්වන අතර ඔවුන් ලොවපුරා එවැනි ඉදිකිරීම් සිදුකර ඇත. එහිදී ඔවුන් යටිලත පහසුකම් සංවර්ධනය කිරීම් නව කර්මාන්ත ස්ථාපිත කිරීම් වැනි මුහුණුවර යොදාගෙන මෙම හමුදා ඉදිකිරීම් සිදුකර තිබීම විශේෂත්වයකි.

 

ඒ අනුව ශ්‍රී ලංකාවද චීනයේ මෙම සූක්ෂම උගුලේ එක් වින්දිතයෙකු බවට පත්ව ඇති අතර එයින් මිදීමක් මෑති කාලයේදී  ඉස්මතු වනු ඇති බවට අපෙක්ෂා කිරීමටද අපහසුය.

Share69Tweet43
Previous Post

යෝජිත ත්‍රස්තවිරෝධී පනත ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි… වහාම සංශෝධනය කරන්න… ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ජනපතිට දන්වති!

Next Post

පාස්කු ඉරිදා ප්‍රහාර මහ මොළකරුවෙක් යළිත් ත්‍රස්ත විමර්ශණ ඒකකය අතට!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.