අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාර මහ මොළකරුවෙක් යළිත් ත්‍රස්ත විමර්ශණ ඒකකය අතට!

by Lanka Sara Editor
අප්‍රේල් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයකු විසින් කරන ලද ප්‍රකාශවලට අනුව ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින  පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු බව කියන මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා නම් සැකකරු දින තුනක් ත්‍රස්ත විමර්ශණ ඒකකයේ රදවාගෙන ප්‍රශ්න නිරීම සඳහා ඊයේ (21) අධිකරණයට අවසර ලබා දී ඇත.  ඔහුගෙන් යළි ප්‍රශ්න කරමින් පාස්කු ප්‍රහාරයේ ඉදිරි විමර්ශන සිදු කිරීමට ක්‍රියා කරන බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් = ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලූ  අතර  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (21) මේ අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත අවසර ලබා දුන්නේය.

මෝසමක් ගොනු කරමින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා නමැති සැකකරු ත්‍රස්ත ඒකකයේ දින තුනක් රඳවා විමර්ශන සිදු කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.

1948 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම ඉල්ලීම සිදු කරන බව සඳහන් කළ ත්‍රස්ත විමර්ශන ඒකකය ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයා විසින් සිදු කරන ලද ප්‍රකාශවලට අනුව මෙම විමර්ශනය සිදු කරන බව සඳහන් කළේය. ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයා මෙම සැකකරු සමඟ සබඳතා පැවැත්වූ බවට කරුණු අනාවරණය කර ඇති අතර, සැකකරු සම්බන්ධ වූ විදේශීය දුරකතන 24ක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවට ද ත්‍රස්ත ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන නඩුවේ මොහු ඇතුළුව සැකකරුවන් 24කට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු විභාගයක් පැවැත්වෙන අතර, පාස්කු ප්‍රහාරයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් ද මොහු ඇතුළු තවත් සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ නඩුවක් විභාග වෙමින් පවතී. මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා පාස්කු ප්‍රහාරයට ප්‍රථම මාලදිවයින කරා ගොස් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩා‍යමේ පුහුණුව ලබා විදේශීය ත්‍රස්තයින් සමඟ සබඳතා පවත්වා ඇති බවට ද කරුණු අනාවරණය වන බවට අධිකරණයෙන් වාර්තා‍ වේ. මීට අමතරව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මෙම සැකකරු ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවට අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු මේ මස 24 වන දින සිට 28 වන දින දක්වා ත්‍රස්ත ඒකකයේ රඳවා තැබීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන‍ ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග නිකුත් කළේය.

සිරන්ජනි කුමාරි දිනමිණ පුවත් පත

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය දෙවුන්දර තුඩුවේ  හැංගී ඉන්දියාවේ ඔත්තු බලන්නට සැරසෙනවාද ?

Next Post

අක්ෂි රෝහලේ සැත්කම් නැවැත්වූ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ගෙනා Prednisolone දියරය ගැන අවසන් තීන්දුව ඉදිරි දින කීපය තුළ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.