බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

චීන සාක්කුවේ සිරවුණු  ශ්‍රි ලංකාවේ අයි.එම් එෆ් යතුර!

by editor
පෙබරවාරි 28, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

“අනෙක් අය ශ්‍රි ලංකාවට උදව් කරන තෙක් බලා සිටියා නම් මේ විට  ශ්‍රි ලංකාවක් නැතිවෙන්න තිබුණා. 

“ මේ කතාව මීට ටික දිනකට කලින්  කීවේ ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජෙයශංකර්ය. ඔහු මේ කතාව කීවේ ශ්‍රි ලංකාව අර්බුදයට ලක්වූ අවස්ථාවේ ශ්‍රි ලංකාවට දුන් සහය පිළිබඳව පැවති විවේචන  සමනය කිරීමේ ප්‍රකාශයක් ලෙසය. ඒ තත්ත්වයට හේතුව ඉන්දීය රජය  පසුගිය වසරේ ශ්‍රි ලංකාව විදේශ සංචිත සම්බන්ධයෙන් දැඩි අර්බුදයක සිටියද ඒ හා සමානව ඉන්දීය ජනතාවටද ප්‍රශ්න පවතිද්දී අනවශ්‍ය ලෙස ආධාර ලබා දීම කළ හැකි දෙයක්දැයි  ඉන්දීය විපක්ෂ දේශපාලන පක්ෂවලින්  නැගුණු විවේචන නිසාය.

මේ කෙසේ වුණත් ගෑස්, තෙල් කෑම පෝලිමිවල මැරෙන්නට සිටි ජනතාව ගේ පීඩනය යම් තරමකින් හෝ සමනය කරවන්නට ඉන්දියාව කවර අරමුණකින් හෝ ලබා දුන් කැපවීම නොසලකා හැරිය හැකි එකක් නොවේ. අනෙක දේශපාලනික වශයෙන්ද ශ්‍රි ලංකාව ආර්ථික වශයෙන් දැඩි දුෂ්කරත්වයකට පත්වීමේ අසීරුවකට පත්වීමේ වැඩිම බලපෑම එන්නේ ශ්‍රි ලංකාව බෙල්ලට හිර කරන්නට සැරසෙන චීනයට වඩා ඉන්දියාවටය. විශේෂයේ දකුණු ඉන්දියාවට එය යම් ගැටලුවක්වන තැනටද ආවේය.

මේ කරුණු හේතුවන්  ගෝලීය වශයෙන් මෙන්ම ඓතිහාසික සාධක සහ සංස්කෘතික වශයෙන් සමීප ඉන්දියාව තවදුරටත් ශ්‍රි ලංකාවට සමීප කරවන්නට මේ කරුණු හේතු භූත විය.

ප්‍රශ්නය ඇත්තේ කොතැන ද?

දැන් ප්‍රශ්නය ඇත්තේ ඉන්දියාව නොවේ. ඉන්දියාව සමඟ භූ දේශපාලනික තරගයක යෙදෙන්නට ශ්‍රි ලංකාව බිමක් කර ගන්නා චීනය ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම ලබා ගැනීමට මේ වනවිට දියත්වන මෙහෙයුම ට දැඩි බාධාවක්ව ඇත්තේ චීනයයි.

විශේෂයෙන් ශ්‍රි ලංකාවට ණය ලබා දුන් රටවල  පවතින  ණය ආපසු ගෙවීම් සඳහා ණය ප්‍රතිව්‍යූහගතකරණයක් වෙනුවෙන් අදාළ රටවල් සහතිකයක් ලබා දීම මේ ණය වැඩිළිවෙළ ඉදිරියට යාමට පවතින විශේෂිතම අවස්ථාව ලෙසින් සැලකෙයි . ඒ සහතිකය අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසුව මුලින්ම ශ්‍රි ලංකාවට සහය පළ කළේ  ඉන්දියාවෙවන අතර බොහෝ දෙනා සිතුවේ ඉන්දියාවට නොදෙවෙනි එකඟතාවකට චීනය වහා එලඹෙනු ඇතිය යන්නය. විශේෂයෙන් ශ්‍රි ලංකාවේ පවතින  ද්වීපාර්ශ්වික ණයවලින් වැඩි පංගුවක් එනම් ඩොලර් බිලියන 7.4ක් දරා සිටින චීනයේ එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ලොකුවවට බලාපොරොත්තු විය. ඩොලර් බිලියන 14ක් පමණ වන ශ්‍රි ලංකාවේ ද්වීපාර්ශවීය ණයවලින් සියයට 52ක පමණ හිමිකම ඇත්තේ චීනයටය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එහෙත් ඔවුන් මෙතෙක් ලබා දී ඇත්තේ ණය ආසු ගෙවීමෙන් බැහැර වීම සඳහා වසර දෙකක සහන කාලයක් පමණි. මේ සහන කාලය ඉතිහාසයේ දරුණුතම ආර්ථික බිඳ වැටීමකට ලක්ව සිටින ශ්‍රි ලංකාවට කිසිසේත් සෑහෙන්නේ නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිළිගැනීමය.

ඒ වෙනුවට චීනය විවිධ පන්දු දමමින් ශ්‍රි ලංකාව හති වැට්ටවීමට කටයුතු කරන ආකාරයක් අපට පසුගිය කාලය තුළ දැකිය හැකි විය. හදිසියේ ඔත්තු බැලීමේ නෞකාවක් හම්බන්තොට වරායට අභ්‍යාසයක් සඳහා එව්වේය. මෙය ඉන්දියාවේ දැඩි විරෝධයට ලක් වූ  අතර මෙම නෞකාවට දැඩි සීමා පනවන්නට ශ්‍රී ලංකාවට   සිදුවිය. මේ නෞකාවේ දේශපාලනික අරමුණ කෙතෙක් ප්‍රබල ද යත් එය හම්බන්තොට වරායට සේන්දු වෙද්දි විමල් වීරවංශ ඇතුළු හෙලිකොප්ටර දේශපාලන කණ්ඩායමේ නියෝජිතයන් ගණනාවක් ද සරත් වීරසේකර ද සහභාගී වූ උත්සවයක් සංවිධානය විණි. මෙයින් මෙම දේශපාලන නියෝජිතයන් චීනයත් සමඟ කෙතෙක් දුරට හිට ගන්වාද යන්න පවා පෙන්වන ලකුණක් විය. ඔවුන් ඒ මොහොතේ ද බැලුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බාහිර ලෝකයෙන් ශ්‍රි ලංකාව ගලවා ඔවුන්ගේ ග්‍රහණයට ශ්‍රි ලංකාව හසු කර ගත හැකි මගක් ගැනය.

දළලයිලාමා තුමා සම්බන්ධ වාරණය

චීනයේ මහා සතුරකු ලෙස සැලකෙන ටිබේටයේ ආධ්‍යාත්මික නායක දළයි ළාමාතුමන්ට ශ්‍රි ලංකාවට පැමිණෙන්නැයයි බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් ආරාධනය කළ අවස්ථාවේදීද මේ හා සමාන සිදුවීමක් දැකිය හැකි විය.

ඒ මොහොතේ චීනය තදින්ම කලබල විය. නියෝජ්‍ය තානාතිවරයා වහා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරු මුණ ගැසුණහ. දලයි ළාමා ප්‍රභාකරන් වැනි බෙදුම්වාදියකු බවත් චීනයේ සතුරකු බවත් කීවේය. මේ අතරේ මහ නාහිමිවරුන් සතුටු කිරිම සඳහා මහනුවර දිළිඳු පවුල් කිහිපයකට වියලි සලාක සහන මල්ලක් ලබා දීමට ද පියවර ගත්තේය.

යම් හෙයකින් දළයි ළාමාතුමන් ගෙන්වන්නට වෙනත් රාජ්‍යයක මැදිහත්වීමෙන් හෝ ඉඩක් නිර්මාණය වන්නේ නම් එය වළකාලීම චීනයේ අරමුණ විය. කොහොමත් ඒ අවස්ථාවේදීද චීන ණය උගුල ඔවුන්ට තුරුම්පුවකි.

යම් හෙයකින් මේ ප්‍රශ්නය මත චීනය ණය ප්‍රතිව්‍යූහගතකරණය මග හැරියහොත් සිදුවන්නේ කුමක්ද යනන් පිළිබඳව ශ්‍රි ලංකා රජයට අවබෝධයක් පවතින නිසා රජයද එය හෙමින් සැරේ ප්‍රශ්නයට ලිස්සා යන්නට ඉඩ හැරියේය.

චීන වචන හරඹය

මේ අතරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා  ජෝර්ජියේවා පසුගිය වසරේ අග භාගයේදී චීනයට ගොස් එරට නායකයින් මුණ ගැසුණු අවස්ථාවේදී ශ්‍රි ලංකාවේ ණය අර්බුදය විසඳා  ගැනීම සඳහා ඔවුන් ගේ පවතින මැදිහත්වීම අවශ්‍යතාව පෙන්වා දුන්නාය. චීනයද ජාත්‍යන්තර මූල්‍ය අරමුලදලේ  සැලකිය යුතු කොටස්කරුවකු වන අතර ඔවුන් එහිදී සඳහන් කළේ ශ්‍රි ලංකාවට අර්බුදයෙන් ගොඩ  ඒම සඳහා උදව් වන බවය.

එහෙත් චීකය මේ වචන හරඹය කරන්නේ ඉතා ප්‍රවේශම් සහගතවය. ඔවුන් කිසි විටෙක ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම ලබා ගැනීමට අවශ්‍ය ණය ප්‍රතිව්‍යහුගතකරණයට එකඟවන බවක් මෙතෙක් ප්‍රකාශ කළේ නැත. ඒ වෙනුවට කියන්නේ ජාත්‍යන්තර අරමුදල සමඟ ශ්‍රි ලංකාවේ ණය අර්බුදය විසඳීමට සූදානම් බවය. එසේ නැතිනම් අර්බුදයෙන් මිදීමට ශ්‍රි ලංකාවට සැම විටම උදව් කිරීමට සූදානම් බවය.

ඉන්දියාව ණය ප්‍රතිව්‍යූගතකරණයට සම්පූර්ණ සහය පළ කරද්දී මුලින්ම චීනය කළේ එරට එක්සිම් බැංකුව සතු ණය සඳහා සහනයක් ප්‍රකාශයට පත් කිරීමය.  පසුව ඔවුන් නිවේදනය කළේ වසර දෙකක සහන කාලයක් ශ්‍රි ලංකාවේ ණය සඳහා ලබා දෙන බවය.

කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයකු රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ චීනය විසින් දෙනු ලැබ ඇති මෙම සහය කිසිසේත් ශ්‍රි ලංකාවට ප්‍රමාණවත් වන්නේ නැති බවය . මේ අතරේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ තවත් නියෝජිකයකු සඳහන් කර තිබුණේ ශ්‍රි ලංකාවට ණය ලබා ගැනීම සඳහා චීනයේ සහය අත්‍යවශ්‍ය සාධකයක්  වුවද චීනයෙ ණය ප්‍රතිව්‍යූහගතකරණ එකඟතාව මඟ හැර ශ්‍රී ලංකාවට ණය ලබා දීමට හැකි සුවිශේෂී තත්ත්ව පිළිබඳව ද සලකා බැලෙමින් පවතින බවය.

චීනයේ ප්‍රතිචාරය

එහෙත් මේ වැඩ පිළිවෙලේ දී චීනය දක්වන ප්‍රතිචාරය අතිශයින් වදගත්ය. ඔවුන් කලක් ශ්‍රි ලංකාවට ඉතා මිත්‍රශීලී මුහුණුවරකින් ණය ලබා දුන්නේ හුදෙක් ශ්‍රි ලංකාව ට ආදරයකින් නොවන බව පැහැදිළිය . ඔවුන්ට අවශ්‍ය වූයේ එක් තීරයක් එක් මාවතක්  නම් චීන ව්‍යාප්තවාදී වැඩ සටහනේ තීරණාත්මක බිමක් බවට ශ්‍රි ලංකාව පත් කර ගැනීමය.

එහෙත් මෙතෙක් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් වන්නේ නැත. ඔවුන් කරන්නේ ශ්‍රි ලංකාවට ණල ලබා  ගැනීමට ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවෘත කිරීමට ඇති එක් දොරක යතුර සාක්කුවේ දමාගෙන ශ්‍රි ලංකාව වෙහෙස කරවීමය.

මේ වෙහෙසකරවීමේ අරමුණ අප හිතනවාට වඩා බොහෝ සංකීර්ණ වනු ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට රට පුරා රෝහල්වල හදිසි ප්‍රතිකාර පමණයි! GMOA තීරණය කරයි!

Next Post

එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම වසා දමන්න ජනපති රනිල් යෝජනා කරා

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.