අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගඳ ගහන පුපුරන ප්‍රමිතියක් නැති බාල පොහොර රටේ අර්බුදය තවත් උග්‍ර කරනවා!

අපි ඉන්නේ බරපතල අර්බුදයක... රටේ ආහාර සුරක්ෂිතතාවය නැවත නැවතත් අනතුරේ - මහාචාර්ය සමන් ධර්මකීර්ති.

by editor
දෙසැම්බර් 14, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

මහාචාර්ය සමන් ධර්මකීර්ති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යා අංශයේ අංශ ප්‍රධානීයා ය. ඔහු පාංශු විද්‍යාව කළමනාකරණය මෙන්ම පොහොර යෙදවුම් පිළිබඳ මේ රටේ සිටින විශිෂ්ටතම ප්‍රමාණිකයෙකි.    මේ ආණ්ඩුව දැන් දියර පොහොර ලෙස බෙදා හරිමින් ඇති  සත්ත්ව කොටස්වලින් හැදූ දියර පුපුරා යන බවට චෝදනා එල්ල වෙන්නේය. ගඳ ගසන බවත් ස්ඵර්ශ වූ විටි දද කුෂ්ඨ ඇතිවන බවටත් චෝදනා එල්ල වෙමින් ඇත්තේය. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ මේ ඉහළම ප්‍රමිතියෙන් යුතු නයිට්‍රිජන් පොහොර බවය. සත්ත්ව අපද්‍රව්‍ය වලින් හැදූ නිසා ගඳ ගසන බවය. ඔහුගේ ප්‍රකාශයට සහාය දෙමින් අයෙක් කියන්නේ මෙවැනි පිපිරීම් ඇතිවීම හොඳ පොහොරක ලක්ෂණයක් බවය.  කෑන් ලක්ෂ අටක් බෙදූ පසු කෑන් පහක් පුපුරා යෑම ගැන කලබල නොවන්නැයි කෘෂිකර්ම ඇමති කියනවිට සමහර ගොවි සංවිධාන මාධ්‍යයට කියන්නේ  ගෙනත් දුන් පොහොර කෑන්වලින් අඩකටත් වඩා පුපුර ඇති බවය. ඉවසිය නොහැකි දුර්ගන්ධයක් ඇතිවන බවය. මේ තත්වය තුළ රටේ සිටින විශිෂ්ටම ප්‍රමාණිකයෙකුගෙන් මේ සිදුවන්නේ කුමක් දැයි ලංකාසර අපි විමසා සිටියෙමු. මේ අප ඇසූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරුය…

මහාචාර්ය සමන් ධර්මකීර්ති
  • දියර පොහොර බෝතල් පුපුරා යාමේ හැකියාව ක් ඇත්ද…?

දීයර පොහොර නිෂ්පාදනය යනු ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුත් ක්‍රියාවලියකි න් සිදුවන්නක්. දියර පොහොර ලෙස අදාළ කාර්යය අවසන් වෙද්දි ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නතර විය යුතුයි. එසේ නොමැති විට බෝතල් තුළ නිර්වායු තත්ත්වයන් යටතේත් වියෝජනය වීමට පටන් ගන්නවා. එහිදී මීතේන් වායුව හැදෙනවා. සීල් කරපු බෝතලයක් තුළ නිර්වායු තත්ත්වයන් යටතේ ක්ෂුද්‍රජීවීන් ක්‍රියාකාරී වන සෑම අවස්ථාවකම මීතේන් වායුව නිෂ්පාදනය වන බව විද්‍යාවේ සාමාන්‍ය සංසිද්ධියක්.
බෝතලයක් තුළ මීතේන් වායු නිෂ්පාදනය වන අවස්ථාවක ඉඩකඩ සීමිත වෙලා පුපුරා යෑමේ හැකියාවක් තියෙනවා

  • මේ තත්වය වළක්වා ගැනීමට මිනිස්සු මොනවද කරන්න ඕන?

මේවා ලබාගත්ත මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ. ඔවුන් මොනවා කරන්න ද?. බාගෙට අතරමඟදී හදලා බෝතල් කරල ගොවි ජනතාව දුන්නහම තමයි මේ ප්‍රශ්නය මතු වන්නේ. නිසි ක්‍රමවේද යටතේ හැදුවනම් සති දෙකක් තුනක් යද්දි ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නතර වෙනවා. ඉන්පසුව බෝතල් කරලා සීල් කරලා ගොවි ජනතාවට බෙදා දීමේ හැකියාව තිබෙනවා. එවිට ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

දියර පොහොර සකස් කරන්නේ ස්වායූ තත්ත්වයන් යටතේයි. එලෙස සකස් වන විට ඇතිවන වියෝජනය දියර පොහොර ප්‍රමිතියක් සහිතව සකස් කිරීමේ හැකියාව පවතිනවා. අනතුරුව බෝතල් කර සීල් කල හැකි යි.

  • සත්ව කොටස් උපයෝගී කොට ගෙන හදන දියර පොහොරවල ගඳක් තියෙන්න පුලුවන්ද?

ප්‍රමිතියට හැදුවොත් ගඳක් එන්නෙ නෑ.  ගඳ එන්නිනේ නිසි ප්‍රමිතියට සකස් නොකිරීම හේතුවෙන් පමණයි. නිසි ප්‍රමිතියට සකස් කළොත් ගඳක් එන්නෙම නැහැ. ඔය කියන මාළු අපද්‍රව්‍ය වලින් හදන දියර පොහොරවල ගඳ එන්නෙ සති දෙකකට එහා කාලයක් තබන්නේ නැතිව බාල ප්‍රමිතියකින් සකස් කරන නිසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇතැම්විට මෙබඳු ගන්ධයන් පළිබෝධ විකර්ශකයක් ලෙස භාවිත කළ හැකි අවස්ථා තිබෙනවා. නමුත් සමහර සතුන් ඒ ගඳට ආකර්ෂණය වෙනවා . එමගින් ගොවියට සිද්ධ වෙන්නේ තමන්ගේ වගාවට තවත් හානියක් ඇති වීමයි.

  • මෙවැනි පොහොර ශාකයකට යෙදීමෙන් ශාක වර්ධනයට බලපෑමක් සිදු වෙනවාද ?

අනිවාර්යෙන්ම ශාඛයට බලපෑමක් සිද්ධ වෙනවා . ඇත්තටම ලොකු බලපෑමක් සිදු වෙනවා.

මේ මහ කන්නයේ ගොවීන්ට පොහොර නොමැති නිසා ඇතැම් ව්‍යවසායකයින් තම තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා නියමිත කාලයට පෙර දියර පොහොර සකස් කොට ගොවීන්ට බෙදා දෙනවා. ගැටලු මතු වන්නේ එවිට යි. හොඳම උදාහරණය මාස තුනක  කාලයක් කාබනික පොහොර ලෙස කොම්පෝස්ට් සකස් කළ යුතු වුවත් මේ වන විට ගොවීන් සති දෙකෙන් හෝ තුනේ කොම්පෝස්ට් පොහොර හදලා විකුනනවා. ඒවයෙත් නිසි ප්‍රමිතියක් හෝ ශාකයට උරා ගත යුතු නිසි පෝෂණ තත්ත්වයක් පවතින්නේ නැහැ. සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය ශාකයට අවශ්‍ය නිසි පෝෂක කොටස් නොලැබි යාමයි

  • මේ හේතු මත සිදුවන්නේ අස්වනු අඩු වීමක් නේද අවසානයේ ආහාර අර්බුදයක පෙර නිමිති කියලා අපිට කියන්න පුළුවන් නේද?

ඔව්. ශාක පෝෂක ඌනතාවයක් දකිනවා කියන්නෙ ශාක වර්ධනය බාල වෙනවා කියන එක. එය නැවත කස් කර ගන්නට කිසිදු ප්‍රතිකර්මයක් නැහැ. ගසක පෝෂණ ඌනතාව ඇතිවූ විට එය යළි වැඩි කරගන්නට ක්‍රමවේදයක් නැහැ බාල ලෙස වර්ධනය වූ ශාකයක් එතැන සිට වර්ධනය වන්නේ ඌණ පෝෂණ මට්ටමක් සහිතවයි.

උදාහරණයක් විදිහට ප්‍රෝටීන් ආහාර නොගෙන මොලේ වර්ධනය නොවූ පුද්ගලයෙකුට නැවත කොයි තරම් ඒ සඳහා ප්‍රෝටීන් ආහාර ගත්තත් වෙනත් ඖෂධ ලබා ගත්තත් නැවත මොළේ වර්ධනය නොවෙන්නා වාගේ.

ඒ සියල්ලක්ම අවසන් ප්‍රතිඵලයක් ලෙස රටට දෙන්නේ රට තුළ ආහාර සුරක්ෂිත භාවයක් නොමැති තත්වයක්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නැවතත් ප්‍රමිතිය බිඳලා… ලිට්‍රෝ පෙරේදා ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටොන් 3700 ප්‍රතික්ෂේප වෙයි…

Next Post

ගෑස්  මරණ තුනක්.. අනතුරු 500කට ආසන්නයි ගෑස් ලොක්කෝ “කූල් එකේ“ තවමත් වැඩ !

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.