බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගංජා රට යවලා ලාබ ගන්න බෑ… ඒක සහතිකයි!  ලෝකයේ අතිරික්ත ගංජා ලංකාවට විකුණන වැඩක් නම් මේ අය හදයි!.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මනෝ වෛද්‍යවිද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය, ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ මත්ද්‍රව්‍ය, මත්පැන් හා වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය ජයමාල ද සිල්වා

by editor
ජූලි 9, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

සාකච්ඡා කර සකස් කළේ
ලලංක ජයකොඩි –

මත්පැන් දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඉතා විශාල කථිකාවතක් සමාජයේ ඇරඹී ඇත.   මත්පැන් හා දුම්වැටි මිල ඉහළ යන්නේ මෙවැනි වටපිටාවක් තිබියදීය. අනෙත් පසින් ශ්‍රී ලංකාවේ කංසා නීතිගත කිරීම සම්බන්ධයෙන්ද පසුගිය කාලයේදී තදබල සාකාච්ඡාවක් ඇති විය. මෙරට මත්පැන්, දුම්වැටි මා මත්ද්‍රව්‍ය භාවිතාවේ වත්මන් තත්ත්වය හා ඒ හා බැඳුණු ප්‍රායෝගික තත්ත්වය මෙන්ම සමාජ සංස්කෘතික වෙනස්කම් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය, ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ මත්ද්‍රව්‍ය, මත්පැන් හා වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය ජයමාල ද සිල්වා සමඟ සංවාදයක යෙදුනෙමු. මේ එම  සංවාදයයි.

Jayamal
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මනෝ වෛද්‍යවිද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය, ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ මත්ද්‍රව්‍ය, මත්පැන් හා වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය ජයමාල ද සිල්වා

ප්‍රශ්නය – මෙරට මත්පැන් හා දුම්වැටි මිල ඉහළ යෑමක් සිදු වුණා. එය මෙරටට කුමනාකාරයෙන් බලපෑමක් ඇති කළ හැකිද?

පිළිතුර – මත්පැන් – දුම්වැටි මිල වැඩි කිරීම මේ මොහොතේ කළ ඉතා හොඳ වැඩක්. එසේ පැවසීමට අදාළව විද්‍යාත්මක සාක්ෂි තිබෙනවා. 2015 වර්ෂයේ ජාතික මත්පැන් දුම්කොළ අධිකාරිය හා ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්වී ශ්‍රී ලංකාවේ මත්පැන් සහ දුම්වැටි නිසා සිදුවන ආර්ථීක බලපෑම පිළිබඳව ආචාර්ය සජීව රණවීරගේ ප්‍රධානත්වයෙන් කළ පර්යේෂණයකදී (Economic costs ofalcohol use in Sri Lanka -2018) ඉතා හොඳින් තහවුරු වී තිබෙනවා. මත්පැන් හා දුම්වැටිවලින් ලැබෙන බදු ආදායමට වඩා වැඩි මුදලක්  මත්පැන් – දුම්වැටි නිසා වූ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ( මත්පැන් භාවිත කිරීම නිසා සිදුවන හදිසි අනතුරු වන රෝගීන් ද ඇතුළත්ව)  වැය වන බව සොයා ගෙන තිබෙනවා.

ඒ වගේම මත්පැන් – දුම්වැටි භාවිතය නිසා සිදු වූ මනෝ සමාජීය හානිය ගිණිය නොහැකි තරම් තත්ත්වයක් බව අමතක නොකළ යුතු වෙනවා. මත්පැන් – දුම්වැටි භාවිතය නිසා   කාන්තාවන්ට සිදුවන හිරිහැර, ළමයින්ට සිදුවන අපයෝජන ආදී වූ නොයෙකුත් මනෝ සමාජීය බලපෑම පිළිබඳ පර්යේෂණයක් නොවූවත් එය කොතරම් සුවිශාල බලපෑමක්ද යන්න අමතක කර දමන්න බෑ. ඒ නිසාම මත්පැන් – දුම්වැටිවල බදු වැඩි කිරීම හොඳ ප්‍රවණතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒවායේ බදු වැඩි කිරීමත් සමඟ පරිභෝජනයේ අඩු වීමක් සිදු වෙනවා.

නමුත් දුම්වැටි- මත්පැන් පරිභෝජනය අඩු වූ පමණින් රජයේ ආදායම අඩු වෙන්නේ නෑ. දුම්වැටි – මත්පැන් පරිභෝජනය අඩු වූ විට  ඒවා නිසා සිදුවන හදිසි අනතුරු අඩු වෙනවා, රෝගීන් අඩු වෙනවා, පවුල් ආරවුල්, ළමා අපයෝජන ආදිය අඩු වෙනවා. එවිට එම සමාජ ගැටලු විසඳීමට යන රජයේ නීතිමය වියදම් පවා අඩු වෙනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

නීතිමය මත්පැන් මිල වැඩි වන විට නීති විරෝධි මත්පැන් භාවිතය වැඩි වෙනවා කියලා ඇතැම් තර්ක තිබෙනවා. මිල අඩු කිරීමෙන් නීති විරෝධී කිසිම දෙයක් සමඟ තරග කිරීමේ හැකියාවක් නෑ. නීති විරෝධි කටයුතු පාලනය කරන එක රජයේ වගකීමක්.

ඒ වගේම නීතිමය මත්පැන් භාවිතය අඩු වන විට නීතිවිරෝධි මත්පැන් භාවිතයත් අඩු වෙනවා. ඊට හේතුව මත්පැන් සඳහා වන පෙළඹවීම අඩු වීමයි.

ප්‍රශ්නය – කංසා නීති ගත කිරීම සම්බන්ධයෙනුත් සමාජයේ සුවිශාල කතා බහක් ඇති වෙලා තිබෙනවා.

පිළිතුර –  කංසා කියන්නේ මත්ද්‍රව්‍යයක්. කංසාවලින් කායික හා මානසික රෝග ඇති වීමේ දැඩි අවදානමක් තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඉතා පැහැදිලිව කියන්න ඕනෑ ගංජා භාවිතය ආරක්ෂාකාරි බැවින් එය භාවිතා කරන්නැයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ කිසිම සංවිධානයක් අනුමත් කරලා නැති බව.

ශ්‍රී ලංකාව වගේ රටක මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට තිබෙන්නේ ඉතා සුළු රෝහල් හා ආයතන කිහිපයක් පමණයි. ඒ රෝගවලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සමහර ඖෂධ පවා මෙරට නැති තත්ත්වයක් තිබෙන්නේ. ප්‍රචාරණය නිසා ගංජා භාවිතය වසංගතයක් බවට පත් වුණොත් රටේ සෞඛ්‍ය පද්ධතියට දරා  ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා විශාල අර්බුදයක් ඇති වෙන්න පුළුවන්.

ප්‍රශ්නය – දේශීය ප්‍රතිකාර ක්‍රම සඳහා ගංජා භාවිතයක් සිදු වෙනවා. එහෙම තත්ත්වයක් මත ගංජා වැවීම නරක තත්ත්වයක් යැයි කියන්නේ කොහොමද?

පිළිතුර – විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරුන් සමඟත් අපි මේ පිළිබඳ කතා කළා. ඔවුන් අප හා විද්‍යාත්මක සමුළුවලදීත් ගංජා භාවිතය පිළිබඳ අදහස් දක්වා තිබෙනවා. එහිදී ඔවුන් කිසිම අවස්ථාවක ගංජා නිදහසේ භාවිත කරන්න සුදුසුයි කියල අනුමත කරලා නෑ. බහුතරයක් ආයුර්වේද වෛද්‍යවරුන් කැමැතියි ගංජා සම්බන්ධව දැනට පවතින නීතිමය පවතිනවානම්… ඊට හේතුව ආයුර්වේදය සඳහා අවශ්‍ය තරම්  ගංජා ලබා ගැනීමට සුදුසු ක්‍රියාපාටිය මේ වන විට ක්‍රියාත්මක වීම.

ප්‍රශ්නය – ගංජා අපනයන බෝගයක් ලෙස භාවිත කිරීම සඳහා තීන්දු ගන්නා බවත් කියවුණා. එය යහපත් ප්‍රවණාතාවක් කර ගත හැකි බව බොහෝ දෙනවා සිතනවා ඇති නේද?

පිළිතුර – ගංජාවලට නීතිමය වටිනාකමක් දීමේ අරමුණු කිහිපයක් තියනවා. එයින් එකක් තමයි ගංජා අපනයන භෝගයක් ලෙස මෙරට වැවීම. එය අමූලික බොරුවක්. ලෝකයේම ගංජා අමුද්‍රව්‍ය මිල සියයට 10කින් වගේ අඩු වෙලා තිබෙන්නේ. ඒකට හේතුව ලෝකය පුරාම ගංජා අතිරික්තයක් පැවතීම. ඒකට හේතුව කැනඩාව, ඕස්ට්‍රේලියාව, මෙක්සිකෝව, අමෙරිකාව, ඉන්දියාව වගේ අති විශාල භූමි ප්‍රමාණයක් තිබෙන රටවල ගංජා වැවීම… ඒ නිසා ලෝක වෙළෙඳපොළේ විශාල ගංජා අතිරික්තයක් තිබෙන්නේ. අමු කංසා භාවිතයට අවශ්‍ය නීතිමය ඉඩ ලැබුණු තායිලන්තයට අවසානයේ අපනයනය තුළින් ගංජාවලින් ලැබෙන ලාභය පවා නැති වුණා. නව තායිලන්ත රජයට ප්‍රකාශයක් පවා කරන්න වුණා ගංජා සම්බන්ධයෙන් පැරණි නීති ගෙන එනවා කියලා.

ඒ වගේම ගංජා වැවීමට 2018 වසරේ සිට අවසර ලැබුණු මලාවි වැනි රටවල ගංජා අලෙවි කරගන්න බැරිව මිටි බැඳගෙන නිවෙස්වල තබාගෙව සිටිනවා. මේ හැම දේකින්ම පැහැදිලි වෙන්නේ දැන් ගංජා සඳහා වෙළෙඳපොළක් නෑ කියලා.

ප්‍රශ්නය – බටහිර බෙහෙත් නිපදවීමට ගංජා භාවිතා කිරීම ගැන පැහැදිලි කළොත්?

පිළිතුර – ගංජා ඖෂධ නිපදවීම සඳහා අපනයන  කිරීමට සුදුසුයි කියල තවත් අදහසක් තිබෙනවා. නමුත්, බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධ නිපදවීම සඳහා ගංජා භාවිත කරන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගංජා ප්‍රමාණය වගේ සිය ගුණයක් දැන් වගා කෙරෙනවා. ඒ ඖෂධ නිපදවන සමාගම් පවා දැන් ලාබ නොලබන තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ.

ප්‍රශ්නය – විදෙස් සංචාරකයන් සඳහා ගංජා වැවීම සම්බන්ධවත් අදහසක් තිබෙනවා නේද?

පිළිතුර – දේශීය පරිභෝජනයට අමතරව විදෙස් සංචාරකයන් උදෙසා ගංජා වැවීම පිළිබඳවත් ගංජා වැවීමේ අරමුණු ගැන කියද්දි අදහසක් මතු කරනවා. පසුගිය මාසයකදී ශ්‍රී ලංකාවට ලක්ෂයකටත් වඩා අඩු පිරිසක් පමණයි විදෙස් රටවලින් සංචාර සඳහා පැමිණ තිබෙන්නේ.

පවුල් පිටින් එනවා නම් කුඩා දරුවන් ඒවා පරිහරණය කරන්නේ නෑ. ඉතා සුළු පිරිසක් තමයි ගංජා භාවිත කරොත් කරන්නේ. රට පුරා සුරාහල් විවෘත කිරීමේදීත් පැවසුවේ සංචාරකයන් අරමුණු කරගෙන එම සුරාසල් විවෘත කරන බවයි. මේ ගංජා පැතිරවීම ගැනත් කියන්නේ ඒ අදහස. නමුත් ඇත්තටම වෙන්නේ කොම්පැණි කිහිපයකට ලාභ ලබා දීමයි.

ප්‍රශ්නය – ඔබ කියන්නේ කිසිම අයුරකින් ගංජා මෙරට ආදායම් මාර්ගයක් කරගන්න නොහැකියි කියලද?

පිළිතුර – නිවෙස්වල ගංජා ගස් කිහිපයක් වවා ගැනීමට නීතිමය ඉඩ ලැබුණොත් ගංජාවලට වෙළෙඳපොළක් ලැබෙන්නේ නෑ.ඒ වගේම තමයි ගෘහස්ත වැවීම්වලට ඉඩ නොදී සීමිතව

වැව්වොත් ඒවා භාවිත කිරීමත් මදනමෝදක නිෂ්පාදනය කරා වගේම වෙනවා. අද නිෂ්පාදනය කරන මදනමෝදක සෞඛ්‍ය අවශ්‍යතා සඳහා භාවිතා වෙනවා වෙනුවට සිදු වෙන්නේ තරුණයන් විසින් මත්ද්‍රව්‍යක් ලෙස භාවිත කිරීමයි.

අද වන විට මහජන අවකාශයක් තුළ ගංජා පිළිබඳ කතා කරමින් සමාජයේ ගංජා භාවිතය වැඩි කරවලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ පවා කතා කෙරුවනෙ. මේ කතා බහ නිසා වැඩිවුණු ගංජා පරිභෝජනයක් මිස අවශ්‍යතාව නිසා වැඩි වුණු ගංජා පරිභෝජනයක් ශ්‍රී ලංකාවේ නෑ.

දැනටත් ආයුර්වේද පොතේ තිබෙන ගංජා ආශ්‍රිත ආයුර්වේද   බෙහෙත් දේශීය බෙහෙත් බඩු කඩවලින් මිලදී ගන්න පුලුවන්. කිසි හිඟයක් නෑ. ඖෂධ නිපදවන්න ගංජා භාවිත කරන්න දැනටත් නීතිමය තත්ත්වයක් පවතිනවා.

ශ්‍රී ලංකාව දුම්වැටි සඳහා වෙළෙඳපොළ කරගත්තා වගේ ගංජා සඳහා වෙළෙඳපොළ කර ගැනීමට තමයි මේ සූදානම් වන්නේ.  දුම්වැටි සඳහ මේ රට වෙළෙඳපොළ කර ගැනීමට   මෙරට දුම්කොළ වැවීමට ඉඩකඩ හැදුවා. ගංජා සඳහාත් මේ කටයුත්තම තමයි මේ කරන්න යන්නේ.

ශ්‍රී ලංකාවේ දුම්කොළ නිෂ්පාදනවලින් ලැබෙන ලාභයෙන් සියයට 84ක් දුම්කොළවලින් බ්‍රිතාන්‍ය අමෙරිකානු සමාගමක් අරගෙන යනවා. ගංජා ව්‍යාප්තියෙනුත් මීට වඩා වෙනසක් වෙන්නේ නෑ.

ගංජා නීතිගත කිරීමෙන් විදෙස් රටවල නිපදවූ අතිරික්ත ගංජා අලෙවි වෙන වෙළෙඳපොළ මේ රට බවට පත් වෙනවා මිස මේ රටෙන් අපනයනය වීමක් කෙරෙන්නේ නෑ.

“මෙරට පැරණි ඉතිහාසයේ ගංජා  භාවිත කළා. එය තමයි සංස්කෘතිය” වගේ කියමින් මේ රට ගංජා වෙළෙඳපොළක් කරගැනීමට විදෙස් සමාගම් මාන බලනවා. අනෙත් කාරණය මත්ද්‍රව්‍ය විකුණලා ලාබ ලබන රටක් බවට පත් වීම මේ රටට ගැලපෙන්නේ නෑනේ.

සිංහල බෞද්ධ රටක් විදිහට ආඩම්බරයෙන් කතා කරන රටක ගංජා අලෙවි කරල දියුණු වෙන එක ගැලපෙන්නේ නෑ. ගංජා අලෙවියෙන් ලාබ ලැබීමට බලාපොරොත්තු වන අය තමයි මේපිළිබඳ කෑ ගසන්නේ. ජනමාධ්‍යත් ඇතුළත්ව.

ජනමධ්‍යකරුවනුත් මේ කාරණා සොයා බලා වාර්තා කරන එක තමයි වඩාත් සුදුසු වන්නේ. ඉවක් බවක් නොමැතිව වාර්තා කිරීමෙන් ගංජා  ගැන සත්‍ය, විද්‍යාත්මක තොරතුරු ජනතාව අතරට යන එක වැළකෙනවා.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව ලෝක කුසලාන තරගාවලියට… අවසන් මහා තරගයේදීත් ලකුණු 128ක විශිෂ්ට ජයක්…

Next Post

කොටු කොටු ෂර්ට් එකක් ඇඳගෙන සුමන හිමිගේ කොටු පැනිල්ල අල්ලන්න ආපු හිතවත් දායක සභික උපාසක අයියාට….

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.