බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කොරෝනා ආවේ වූහාන් විද්‍යාගාරයෙන්දැයි සොයන්න ගිය බීබීසියට චීනයේ පාරවල් වැහෙයි

by Lanka Sara Editor
දෙසැම්බර් 22, 2020
in සමාජ
Share on FacebookShare on Twitter
  • එන්න කීවේ ප්‍රධාන විද්‍යාඥවරිය
  • යන යන තැන ඔත්තුකාරයෝ
  • පාරවල් හරස් කර වාහන නවතා මුර කපොලු දාලා

 

කොරෝනා වෛරස පිළිබඳව පර්යේෂණ සිදු කරන චීනයේ වූහාන් හි වෛරසවේද ආයතනයේ විද්‍යාගාරයක සිදුවූ අත්වැරදීමකින් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ බවට පවතින මතය සම්බන්ධයෙන් චීනයේ එම පර්යේෂණයේ ප්‍රධාන පර්යේෂිකාව ඕනැම කෙනකුට පැමිණ එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලිය හැකි බවට කළ ප්‍රකාශයකට අනුව එහි ගිය බීබීසී මාධ්‍ය කණ්ඩායමකට චීනයේදී විවිධ බාධා පනවා තිබූ බව වාර්තා වේ. මහාචාර්ය ෂී ෂෙන්ග්ලි නම් මෙම පර්යේෂිකාව මෙම ප්‍රකාශය කර ඇත්තේ පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂක කණ්ඩායමක් නුදුරේදීම මෙම ප්‍රදේශයට ගමන් කිරීමට නියමිත බවට ප්‍රකාශ කිරීමත් සමගිනි.

මහාචාර්ය ෂී ෂෙන්ග්ලි – වූහාන් විද්‍යාගාරයේ ප්‍රධාන පර්‍යේෂිකා

අදාළ පර්යේෂණයේදී ලෝක සෞඛ්‍ය සංවිධාන බලධාරීන් විසින් කිරීමට නියමිත වූ චීනයේ දුෂ්කර ප්‍රෙද්ශයකට මෙසේ මෙම බීබීසී මාධ්‍ය කණ්ඩායම ගමන් කොට ඇති අතර එහිදී අතර මඟ ලොරි රථ හරස් කොට මඟට බාධක පමුණුවා තිබූ අතර හදිසියේ අටවන ලද මුරකපොළුවල යොදවා තිබූ සිවිල් ඇඳුමින් සිටින ආරක්ෂකයින් ඔවුන්ට ආපසු යන ලෙස නියෝග කොට ඇත.

මහමඟ හරස් කර වාහන නවතා තිබූ අයුරු (සේයාරූ BBC)

නිරිත දිග චීනයේ යුනාන් පළාතේ ටොන්ගුවාන් නම් දිස්ත්‍රික්කයේ පිහිටි ඉසව්වක් කරා මෙසේ බීබීසී මාධ්‍ය කණ්ඩායම ගමන් ගෙන තිබූ අතර ඔවුන් ගමන් කළ සමස්ත මාර්ගය ඔසේසේ සිවිල් පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ගමන නිරීක්ෂණය කරමින් පසුපසින් පැමිණ ඇති වද බී.බීසීය පවසයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඔවුන් ගමන් කොට ඇත්තේ චීනයේ වූහාන් හි වෛරසවේද ආයතනයේ කොරෝනා වෛරස පිළිබඳව පර්යේෂණ සිදු කරන මහාචාර්ය ෂී ෂෙන්ග්ලි තම පර්යේෂණවලට ලක් කෙරෙන වවුලන් විශේෂය වැඩියෙන් සැරිසරන ප්‍රදේශයක ගුහාවක් නැරඹීමටය. මෙම ගුහාව ආශ්‍රිත පතලක සේවය කළ සේවකයන් තිදෙනකු 2012 වසරේදී අභිරහස් රෝගයකින් මිය ගොස් ඇති අතර එයද කොරෝනා වෛරස ආසාදනයකින් සිදුවූ මරණ තුනක් ලෙස පර්යේෂකයෝ සැක කරති.

මහාචාර්ය ෂී චීනයේ බැට්වුමන් (වවුල් කත ) ලෙසින්ද සැලකෙන අතර 2003 වසරේදී චීනය ඇතුළු ආසියාකරයේ වේගයෙන් පැතිරුණු සාර්ස් රෝගයට හේතු වූ කොරෝනා වෛරසය වවුලන් ඇසුරින් මිනිසාට බෝ වුණු බවට මුල් වරට සොයා ගත් පර්යේෂිකාවයි. ඒ පිළිබඳව ඇයට ලෝකයෙන්ම විවිධ ඇගයීම් ලැබිණ. ඇය තම පර්යේෂණවලට බඳුන් කෙරෙන වවුලන් සොයා තම වුහාන් පර්යේෂණාගාරයේ සිට කිලෝ මීටර 1600ක් ඈතින් පිහිටි යුනාන් පළාතේ මෙකී ගම් ප්‍රදේශ කරා යන්නීය. එහි කැලෑ ආශ්‍රිත ගුහාවල වෙසෙන වවුලන් ඇමට හසු කොට ඔවුන්ගේ වසුරු සාම්පල , රුධිරය ආදිය තම පර්යේෂණවලට ලක් කරන අතර එහිදී ඇයට කොරෝනා වෛරස ආකාර සිය ගණනක් මෙම වවුලන් තුළ පවතින බවට හදුනා ගෙන ඇත. මේ පිළිබඳව පර්යේෂණ සිදු කරන අතරේ යම් අත්වැරදීමකින් වූහාන් විද්‍යාගාරයෙන් මෙම වෛරසය පිට වූයේද යන්න පිළිබඳව පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයක් ඇති විය.

මේ තත්ත්වයට හේතු වූයේ කොරෝනා වෛරසය මුලින්ම මිනිසාට වසංගතයක් ලෙසින් පැතිර ගියේ වූහාන් විද්‍යාගාරයෙන් වීම නිසාය. මේ ආන්දෝලනය හමුවේ ඇය මෙන්ම චීන බළධාරීන්ට අවධාරණය කළේ කිසිදු ආකාරයකින් මෙම විද්‍යාගාරයෙන් වෛරසය පිට නොවූ බවය.

කෙසේ වුවද මෙම මතය විද්‍යාත්මක ලෝකය තුළද කතා බහට ලක් වූ අතර කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යෙෂණ කණ්ඩායමක් ලබන වසරේ ජනවාරි මාසයේදී වූහාන් සහ මෙම අදාල වවුලන් ගැවසෙන ප්‍රදේශවල සංචාරයක යෙදී අධ්‍යයනයක් සිදු කිරීමට තීරණය විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තීරණය පිළිබඳව වූහාන් වෛරසවේද ආයතනයේ මහාචාර්ය ෂි ගෙන් බීබීසීය ඊ මේල් මාර්ගයෙන් කරන ලද පිළිසඳරක දී ඇය පවසා ඇත්තේ ඕනෑම කෙනකුට මේ පිළිබඳව පැමිණ බැලිය හැකි බවය.
ඒ අනුව බීබීසී කණ්ඩායම මෙම ප්‍රදේශයට යද්දී මෙසේ ඔවුන් පසුපස ඔත්තුකරුවන් හඹා යාමත් දුෂ්කර ගම්මානයේ අතුරු පාරවල් කිහිපයකම හදිසි බාධක එනම් යාන්ත්‍රික දෝෂ හේතුවෙන් අතර මගනැවතුණු වාහන ස්වරූපයෙන් වාහන අතහැර දමා යාම, හදිසියේ අටවන ලද මාර්ග බාධ හරහා ඉදිරියට ගමන් කිරීම වැළක්වීම ආදිය සිදුව ඇත.

“ අපි මේ ගම්මානවල මාර්ගවල යද්දී විවිධ බාධා දමා තිබුණා. සමහර තැන්වල අපිට එන්නට විනාඩි කිහිපයකට පෙර ආපු වාහන කැඩිලා ඒවායින් මග හරස් වෙලා. බැහැල පයින් ඉදිරියට යද්දී සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයන් හදිසියේ අටවා ගත්ත මුර කපොලුවල ඉඳන් කියනවා අපේ රාජකාරිය ඔබේ මේ ගමන වැළැක්වීම කියල. දිගමට අපි පසුපස රජයේ නිලධාරීන් ඔවුන්ගේ වාහනවලින් හඹාගෙන ආවා. එයින් පේන්නේ අපි වාර්තා කරන්න ගිය දේවල් චීන රජයේ මැදිහත් වීමෙන් වළක්වන්න හදනවා කියල“ ඔවුන් එසේ පවසා තිබුණි.

කෙසේ වුවද බීබීසිය මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වූහාන් ගමනට එක්වීමට සිටින බ්‍රිතාන්‍යයේ සත්ත්ව විද්‍යාඥයකු වන පීටර් ඩසාක්ගෙන්ද අදහස් ලබා ගෙන තිබුණි. ඔහු පවසන්නේ වූහාන් නගරයට මෙම වෛරසය මෙම විද්‍යාගාරයෙන් “ලීක් වූ“ බවට අනුමාන කළ නොහැකි බවය. එවැනි සාධකයක් නොමැති බවද ඔහු සඳහන් කරයි. කෙසේ වුවද ඔහු විශ්වාස කරන්නේ චීනයේ ජනතාව වනගත ප්‍රදේශවලට නිතර යන එන බැවින් ඔවුන් වෙතින් ‍මෙම රෝගය සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් පවතින බවය. එසේම වූහාන් හි වන සතුන්ගේ මස් අලෙවි කරන වෙළෙඳපොළක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර එම වෙළෙඳපොළේ තත්ත්ව සහ එතැනට සතුන් ගෙන එන ප්‍රදේශ පිළිබඳව අවධානයට ලක් කළ යුතු බවද බීබීසියට සඳහන් කර තිබුණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජෝ බිඩෙන්ටත් කොරෝනා එන්නත දෙයි

Next Post

උණවටුණ පාළුයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.