බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කොටු කොටු ෂර්ට් එකක් ඇඳගෙන සුමන හිමිගේ කොටු පැනිල්ල අල්ලන්න ආපු හිතවත් දායක සභික උපාසක අයියාට….

by editor
ජූලි 9, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

කොටු කොටු ෂර්ට් එකක් ඇඳගෙන සුමන හිමිගේ කොටු පැනිල්ල අල්ලන්න ආපු හිතවත් දායක සභික, උපාසක අයියේ,

ඉහළ බෝමිරියේ   පන්සලක වැඩ හුන් සුමන හිමි තුන්වන සිල්පදය කඩන හැටි වීඩියෝ කොට ලෝකයටම පෙන්වීම සඳහා දායක සභාවේ  පිරිසක් සුමන හිමිගේ ආවාසෙට පැන තිබුණේය.

පහුගිය කාලයක් පුරාවට ⁣ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගිහියන්ට දුන් අමතක ⁣ නොවන උපදෙස් ගැනද මේ මොහොතේ සිහියට නැගේ. සැමියාට තේ හදා නොදුන්නහොත් අපායගාමී වන බිරින්ඳෑවරුන් ගැන, අඹු සැමි රමණයේදී බිරිඳගේ ශරීරය ආවරණය විය යුතු ප්‍රමාණය ආදී ගිහි උවැසියන් සඳහා නොයෙකුත් බණ දම් දේශනා කරන අයුරු දුටුවෙමු.

එසේම  ⁣කසාවතේ අනුහසින් සිංහල – බෞද්ධ නිලය මිරිකා එක් පාර්ශ්වයකට ඡන්ද ගොඩ වැඩි කොට රට මේ වන විට පත්කොට ඇති දරුණු ආර්ථික සමාජ සංස්කෘතික පරිහානයෙන් මිරිකෙමින් සිටින මොහොතක සුමන හිමි නමත් ,බෞද්ධ උවැසි ඔබත්, නරඹන්නන් වන අපත් එහිම ගොදුරු වී ඇති බව දැන්   අමුතුවෙන් කිවයුතු නැතැයි සිතමි.

ඔබ ගියේ සුමනගේ සිවුර ගැලවීමට යැයි අපි සිතුවෙමු. නමුත් ඒ වීඩියෝව බලන විට තේරුම් ගියේ  අනෙකකි. ඔබ එතන සිටි මහත තලතුනා කාන්තාව වෙත අවධානය යොමු කළේ යන්තමිනි. ⁣  ඔබ පැමිණ සිටියේ  සුමන හිමිගේ සිවුර ගැලවීමට බව ඔබට මතක් වන්න් අන්තිම මොහොතේ බව පෙනුනේය.  ඔබ බොහෝ උනන්දුවෙන් කළේ   සිහින් සිරුරැති තරුණියගේම රෙදි ගැලවීමය. ඒ  රෙදි ගලවද්දී නම් තේරුම් ගියේ ශාසන පරිහානිය වඩාත්ම සිදු වී ඇත්තේ තරුණියන්ගෙන් බවය. සුමන හිමියන්ගේ සිවුර ගැලවීමට ඔබට මතක් වූයේ තරුණියගේ රෙදි තුන්පාරක්ම ගලවා වීඩියෝ කරගැනිමෙන් පසුය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඇය ඇඳුම ඇගලාගෙන සිය නිරුවත වසා ගැනීමට අපමණ වෙහෙසෙද්දී ඇයගේ ඇඳුම් පමණක් යළි යළිත් ඇද බිම දමා ඔබ සොයා වීඩියෝ කරගත්තේ  ශාසනයේ කෙලසුනු ගෞරවය යැයි අපි උදක්ම විශ්වාස කරමු. ඒ තරුණියගේ ඇඳුම් ගලවමින් ශාසනය කෙලෙසුන ආකාරය පෙන්වීම සම්බන්ධව ඔබට විශේෂ පිනක් අත් විය යුතුව තිබේ.

වීඩියෝවේ එක තැනක සුමන උඹ මටත් කතා කළා නම් ෂේප් එකේ යනවනේ ගේම යනුවෙන් කියනවා ඇසිණි. ඒ කියන්නේ මොන ගේමක්දැයි ප්‍රේක්ෂක අපට නොතේරේ. ඇතැම් විට ඔබ කියන්නේ තරුණ කාන්තාවන්ගේ සිරුර නිසා විනාශව ගිය ශාසනය රැක ගැනීමේ ගේම විය හැකිය.

හාමුදුරුවන්ට තිබෙන සැප තමන්ට නැතිවීමේ

ලිංගික ඇරියස් එක පිරිමසා ගන්නවා යැයි ඔබ ගැන පිරිසක් කියනු ඇසේ. දරුවකු සිටීනම් තමන්ගේ දුවක් තරමේ වයසක තරුණියකගේ ඇඳුම් උනා  දමමින් නිරුවත දැක ගැනීමට ඔබ මහන්සි වෙන ඒ වීඩියෝවෙන් පෙනෙන බවද ඇතැම්හු කියති. එත් කොටු ෂර්ට් උපාසක අයියා ගැන අපට නම් එහෙම හිතෙන්නේ නැත.

කාන්තාවන් දෙදෙනකුත් එක් පුරුෂයකුත් සහිත මේ වීඩියෝව බැලූ ඇතැම්හු සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ ලිංගික නැමියාවන් විවිධ බව කියති.  ඒවා ගැන නීතියෙන් දඬුවම් නොමැති බවද පවසති. ඒ සිටින්නේ පුරුෂයකු වුවත්  චීවරයක් දරාගත් අයකු බැවින් ඊට අදාළ නීති පොතේ නැති නිසා ඔබේ උපාසක සිත කම්පනයට පත් වී     නීතිය ක්‍රියාත්මක කළා විය හැකියැයි අපට සිතේ. දඬුවමින් හික්මවීම ගැන අපේ රටේ ඉතා පෞඩ ඉතිහාසයක් ඇති බැවින් ඔබද ඒ මඟ යන්නට ඇත. බුදුන්ගේ කාලයේ දි බුදුන්ටත් බැරි වූ දුස්සීල මහනුන් ශාසනයෙන් ඉවත් කිරීමේ කාර්ය ඔබ බාරගෙන තිබූ අයුරු දකින විට හිත මෙව්වාවන බව ඔබට කියා තිබිය යුතුය.

ඉතින් කොටු කොටු කමිසයක් ඇඳගත් උපාසක අයියෙ…

භික්ෂුවකගේ විනය සොයන්නට ආ පිරිසෙන් ඔබ පමණක් තනි කරගෙන ලිපියක් ලියන්නට සිතුණේ  අන් කිසිවක් නිසා නොවේ. ඔබ එතැනදී ශාසනය රකින්නට අන් සියලු දෙනාටවඩා කැපී පෙනෙන අන්දමින් වෙනස්ම අයුරකින් වෙහෙස මහන්සි වී කටයුතු කරන අයුරු දැක ඇතිවූ පහන් සංවේගයෙන්ම පමණි. ඔබේ ආගමික නැඹුරුවේ ස්වරූපයට මේ වනවිට මුළු සමාජයම සාධුකාර දෙමින් ඇත.

ඔබ වැනි උපාසක මහතුන් මේ සමාජයට ගොඩක් බර වැඩිය. ඇත්තටම ඔබ මේ වනවිටත් සිටිය යුත්තේ දිව්‍ය තලයක බව අපගේ විශ්වාසය ය.

ඉතින් ඔබට ඉක්මන් නිවන් සුව පතනු හැර අප වෙන කුමක් කරන්න ද?.

සුදුසු බෝධියකින් ඉක්මනින් නිවන් දකින්න.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංජා රට යවලා ලාබ ගන්න බෑ… ඒක සහතිකයි!  ලෝකයේ අතිරික්ත ගංජා ලංකාවට විකුණන වැඩක් නම් මේ අය හදයි!.

Next Post

මනම්පිටියේ කොටලීය පාලමින් වැටී බස් රථයක් අනතුරක… මරණ10ක්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.