බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කවදාවත් නත්තලට මෙහෙම වෙලා නෑ… ගිනි කෙළි භාණ්ඩවලින් සියයට 95ක් ඉතිරියි… කිඹුලාපිටියට ආපු සුනාමිය ගැන පාරම්පරික ගිනි කෙළි කරුවෝ කියති!

by editor
දෙසැම්බර් 16, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මෙවර නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් රතිඤ්ඤා සහ ගිනි කෙළි භාණ්ඩ අලෙවිය බරපතල බිඳවැටීමකට ලක්වී ඇතැයි කිඹුලාපිට පාරම්පරික රතිඤ්ඤා කර්මාන්ත කරුවෝ පවසති .

ඒ අනුව මෙවර රතිඤ්ඤා සහ ගිනි කෙළි භාණ්ඩ අලෙවිය සියයට හැටකට අධික බිඳවැටීමක් සිදුවී ඇතැයි ඔවුහු කියා සිටිති .

මෙය ඉකුත් වසර වල අලවියට සාපේක්ෂව විශාල බිඳවැටීමක් බව පෙන්වා දෙන රතිඤ්ඤා නිෂ්පාදකයෝ වෙනත් වසරවල මේ වන විට සැපයුම් ලබාදිය නොහැකි තරම් ඇනවුම් ලැබෙන බවත් මෙවර එම ඇණවුම් සම්පූර්ණයෙන්ම නැවතී ගොස් ඇති බවද කියා සිටිති.

මහජනතාවට බලපා ඇති ආර්ථික අපහසුතා නිසා ඔවුන් උත්සව සැමරීමට උනන්දුවක් නොදැක්වීම රතිඤ්ඤා අලෙවියට බිඳ වැටීමට හේතු වී ඇතැයිද රතිඤ්ඤා නිෂ්පාදකයන් පැවසීය .

අප මේ පිළිබඳව සොයා බැලීම සඳහා කිඹුලාපිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එහිදී අදහස් දැක්වූ පාරම්පරික ගිණිකෙළි කර්මාන්ත කරුවෙකු වන කෝනියන් ගිනිකළි කර්මාන්ත ආයතනයේ අධිපති ඩබ්ලිව් .පී. නිව්ටන් ප්‍රනාන්දු මෙසේ කීවේය :-

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මෙවර නත්තල් සහ අලුත් අවුරුදු ගිනිකෙළි වෙළඳාම සියයට 75කින්ම බිඳවැටිලා තියෙනව . වෙනත් වසර වල මේ වෙනකොට බඩු ඉවරයි . ඊට පස්සේ ඉල්ලුම් කරන ඇනවුම් ගෙනල්ලා දෙන්නෙත් පිටින් . තවම වෙළඳුන් එන්නේ නැහැ ගිනි කෙළි මිලදීගෙන යන්න . ආවත් ඒ වෙළෙන්දා ගෙනියන්නේ බඩු ටිකයි . පාරිභෝගික ජනතාවට තියෙන ආර්ථික ප්‍රශ්න නිසා ඒ ජනතාව රතිඤ්ඤා ඇතුළු ගිනි කෙළි භාණ්ඩ මිලදී ගන්න යොමු වෙන්නේ නැහැ. ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නය . ඒ නිසාම තමයි අපේ නිෂ්පාදනයන් අලෙවි වෙන්නෙත් නැත්තේ . නත්තල් කාලෙට වැඩිපුරම විකිණෙන්නේ අහස් කූරු ,විසිල් බඹර , නිලා කූරු, මල් වෙඩි වර්ග… ඒවා සේරම මේ වෙනකොට ඉතුරු වෙලා . චන්දෙට ලක්ෂ ගණනක රතිඤ්ඤා හැදුවා . ඒවත් කොහෙත්ම විකුණුනේ නැහැ .මොකද චන්දෙට රතිඤ්ඤා පත්තු කරන්න එපා කියලා. ජනාධිපතිතුමා කිව්ව නිසා කවුරුත් රතිඤ්ඤා පත්තු කළේ නෑ. මේ නිසාම මේ වෙනකොට රුපියල් ලක්ෂ 15කට අධික පාඩුවක් දරන්න සිද්ධ වෙලා තියෙනවා.

තොග පිටින් ඉතිරි වී ඇති ගිනි කෙළි භාණ්ඩ….

මේක හරියට සුනාමියක් ආවා වගේ උනේ . කවදාවත් නත්තලට මෙහෙම වෙළඳාම නැතිව ගියේ නැහැ . වියදම් කරපු මුදල වත් කොහොමද හොයාගන්නේ කියලයි අපි කල්පනා කරන්නේ . මේ තත්ත්වය කිඹුල පිටියේ ගිනි කෙළි කර්මාන්ත කරුවන්ට විශාල ප්‍රශ්නයක් . කර්මාන්තය පවත්වාගෙන යාමත් විශාල ප්‍රශ්නයක්.” ඔහු පැවසීය .

සමස්ත ලංකා ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු :-

නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි අලවිය එකට එකකින් අඩුවෙලා. වෙන වසර වල මේ වෙනකොට රට පුරා සිටින වෙළඳුන් ඇවිත් රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි භාණ්ඩ විශාල වශයෙන් මිලදීගෙන යනවා. මේ සැරේ එහෙම වෙළදුන් කවුරුවත් තවම ආවේ නැහැ . කඩවලින් ලොකු මිලදී ගැනීමක් කරන්නෙත් නැහැ .

මීට පෙර සෑම වසරකම හොටෙල් වලින් දෙසැම්බර් 31 රාත්‍රියේ පත්තු කිරීමට රතිඤ්ඤා සහ මල් වෙඩි සඳහා විශාල වශයෙන් ඇණවුම් ලැබෙනවා. මෙදා සැරේ ඒවත් අඩුවෙලා . චන්ද වලට හදපු රතිඤ්ඤා අලෙවියත් සම්පූර්ණයෙන්ම නැතුව ගියා. මේ වෙනකොට නිෂ්පාදකයින් ළඟ සියයට 95% ක් පමණ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි භාණ්ඩ විකුණ ගන්න බැරුව ගොඩ ගසාගෙන සිටිනවා. අපේ ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදකයින් කවදාවත් මේ වගේ විශාල සිරවීමක් වෙලා නැහැ. නිෂ්පාදන විකුණ ගන්න බැරුව ගිහින් නැහැ . නමුත් මෙවර නත්තල් අලුත් අවුරුදු සමයට අපේ කර්මාන්තකරුවන්ගේ අලවිය බිඳවැටීම නිසා ඔවුන් දැඩි සියලු තාවයකට පත් වී සිටිනවා . මෙහෙම ගියොත් අපේ පාරම්පරික රතිඤ්ඤා සහ ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය බිඳවැටීමකට ලක්ව අපේ පාරම්පරික කර්මාන්ත කරුවන් මෙන්ම මේ තුළ වක්‍ර හා සෘජු රැකියා කරන පුද්ගලයින් පනස් දහසකට පමණ රැකියා අහිමිවීමේ අවදානමක් පවතිනවා. සභාපතිවරයා පැවසීය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද?… අධිකරණ ඇමති සීඅයිඩී යයි!

Next Post

විපක්ෂයේ කථානායක නාම යෝජනාව අද හවස… නියෝජ්‍ය කථානායක රිස්වි සාලි ගැන වෛද්‍ය සභාවට පැමිණිල්ලක් කරමින් ක්‍රියාමාර්ග අරඹන බවත් විපක්ෂය කියයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.