බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කවදාවත් එළියට නොඑන තිරුක්කෝවිල් ඝාතනයේ සැඟවුණු ඇත්ත!

තිරුක්කෝවිල් පොලිසියේ අමුතු මනුස්සයාගෙන් හැමදාම ඇසූ ප්‍රශ්නවලට දුන්න අමුතු උත්තරය...

by editor
දෙසැම්බර් 28, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

තිරුක්කෝවිල් පොලිසිය තුළ දී සිය සගයෙකුගේ වෙඩි පහරින් ඝාතනය වූ පොලිස් නිලධාරීන් සිවු දෙනා දැන් අවසන් ගමන් ගොස්  හමාරය.  මේ වනතුරුත් සිදුවූ වෙඩි තැබීම ගැන එළියට ඇවිත් ඇත්තේ එක් සිදුවීමක් පමණි.  මෙම වෙඩි තැබීමට මුල්වූ සැබෑ කථාවනම් තවමත් එළියට ඇවිත් නැතිබව  පෙනෙන්නට තිබේ.  එය පොලීසිය ඕනෑ කමින් සඟවන්නේදැයි ඇත්තෙන්ම ගැටලුවකි.

පොලීසියේම අභ්‍යන්තර තොරතුරු මඟින් දැනගන්නට ඇති ආකාරයට වෙඩි තැබීම පිටුපස කියැවෙන නිවාඩු හුටපටයට වඩා ගැඹුරින් විමර්ශනය කළ යුතු කරුණක් තිබේ. එය මෙම වෙඩි තැබීමට සම්බන්ධ වූ නිලධාරියා පමණක් නොව, පොලීසියේ බහුතරයක් වූ නිලධාරීන් දැඩිව පීඩනයට ලක්ව සිටින කාරණාවකි.

මේ සටහන තබන්නේ වෙඩි තැබූ නිලධාරියාව සාධාරණීකරන්නට නොවේ. පොලීසියභාර සරත් වීරසේකර ඇමතිවරයා සඳහන්කරන ආකාරයට අනුව රාජකාරි පීඩනය වෙඩි තබා මිනිසුන් ඝාතනය කිරීමට හේතුසාධකයක් නොවේ. කළ යුත්තේ එවන්නකට නිලධාරීන් පෙළඹෙන්නේ ඇයි දැයි සොයා බලා ඊට පිළියම් යෙදීමය.

පමණුගම පොලිස් ස්ථානය තුළදී මෙයට දශකයකට දෙකකට පෙර ස්ථානාධිපතිවරයා පොලිස් කොස්තාපල්වරයෙක් අතින් ඝාතනය වන්නේද මෙවන් ගැටලුවක් මුල්කරගෙනය. පොලිස් ස්ථානවලදී රාජකාරි ගිනි අවිවලින් වෙඩි තබාගෙන මිය ගිය නිලධාරීන් මරණයට පත්වීමට සැබෑ හේතූන්ගැන යම් ගවේෂණයක නිරතවුවහොත් එම මරණ පිටුපස ඇත්තේ කුමක්දැයි පැහැදිලිවම සොයා ගැනීමට හැකිය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඝාතක නිලධාරියාගේ පසුබිම –

මේ කියන සැකකාර පොලිස් නිලධාරියා පොලිස් සේවයට එක්ව ඇතැයි කියන්නේ යුද්ධය දරුණුවටම පැවති සමයේදීය. ඒ “ප්ලැටුන්“ ලෙස එකළ හැඳින් වූ කණ්ඩායම් ක්‍රමයේ නිලධාරියෙක් ලෙසිණි. සුරාව සූදුව තරයේ ප්‍රතික්ෂේප කරන මෙම නිලධාරියා දුම්වැටියක්වත් උරන්නෙක් නොවේ. හැබැයි ඔහු පොලිස් පොත්වල වැඩ දන්නේ නැත.  එදා “ප්ලැටුන්“ නිලධාරීන් ලෙස බඳවා ගත්තේ ගිනි අවියෙන් වෙඩි තැබීමට පුහුණුව ලබාදීම සඳහා පමණක්ම වූ බැවිණි.

පසුකාලයේ ප්ලැටුන් ක්‍රමය අහෝසි වීමෙන් පසු සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා පුහුණුව ලබා අද වන විට ඉහළ තනතුරුවලට ගිය නිලධාරීන්ද පොලිස් සේවයේ නැතුවාම නොවේ. එහෙත් මෙම නිලධාරියාට නම් එසේ පොලිස් රාජකාරි හරියට පුරුදුවන්නට   කුමන හෝ හේතුවක් මත හැකියාවක් ලැබී නැත.

මේ නිලධාරියා ගැන දැනට පොලිස් සේවයේ සිටින ඉහළම තනතුරක සිටින පොලිස් නිලධාරියෙක් සිය මතකය අවධි කළේ මෙසේය.

ඉහළම නිලධාරියෙක් කී කතාව –

“ඒ කාලේ මම සේවය කලේ ක්‍රියාන්විත ප්‍රදේශවල. සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙන්. එක්තරා පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් මට නිරතම මෙම නිලධාරියා ගැන   පැමිණිලි කරනවා… මම ඒ වෙලාවේ මේ නිලධාරියාව කැඳෙව්වා. ඇහැව්වා විස්තර. එතකොටයි මම දැනගත්තේ මේ මනුෂ්‍යාට පොලීසියේ වැඩ හරිහැටි දන්නේ නැහැ කියල. මම එයාගෙන් ඇහුවා ඔයාට කරන්න පුළුවන් වැඩ මොනවද කියල. එයා කිව්වා කුස්සියේ වැඩ පුළුවන් කියල. මම ඕ.අයි.සීට කිව්වා මිනිහව කුස්සියට දාන්න කියල. මිනිහා එදා ඉඳන් කුස්සියේ වැඩ. ප්‍රශ්නයකුත් නැහැ.

හැබැයි මෙයා අමුතු මිනිහෙක්. පොලීසිය ඇතුළෙ පාටිවලට සල්ලි එකතුකරනවට කැමති නැහැ. මිනිහා දෙන්නෙත් නැහැ. ගොඩක් පොලීසියල සිදුවන දෙයක් තමයි උත්සව කාලෙට ලොකු නිලධාරීන් සතුටුකරන්න තෑගි දෙන්න නිලධාරීන්ගෙන් සල්ලි එකතුකරනවා. ඉහළ නිලධාරියෙක් ස්ථාන මාරු යනකොටත් ලොකු ගානක් දෙන්න දැන් පුරුදු වෙලා ඉන්නවා. පොලිස් ස්ථානයක සල්ලි එකතුකරන්නේ රුපියල් 5000 න් උඩ. සාමාන්‍ය රාළහාමිකෙනකුගේ පඩිය පොඩි පඩියක්. ඉතින් කොහොමද එයාල මාසෙකට 5000 ක් දෙන්නේ. ඉතින් පගා ගහන එක අහන්න දෙයක්ද? අනික මේ මනුෂ්‍යා සල්ලි දෙන්නේ නැහැ වගේම පොලීසියේ ඉහළ නිලධාරීන් සතුටු කරන්න කඩවල් ගානේ ගිහින් බඩු එකතුකරල ලොක්කන්ට දෙන්න යන්නෙත් නැහැ.

ඒ නිසා පොලීසියේ ස්තානාධිපතිවරු වගේම ඉහළ නිලධාරීන් මේ වගේ මිනිස්සු එක්ක තරහයි. ඒ අය මේවගේ නිලධාරීන්ගෙන් පළිගන්නේ නිවාඩු දෙන්නේ නැතිව අමාරු රාජකාරිවලට යෙදවීම වගේ ක්‍රම වලින්.“ යැයි එම නිලධාරියා සඳහන් කළේය.

ඒ පාටිය මොකක් ද?

කිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ වෙඩි තැබීම සිදුවන්නේත් නත්තල් දිනට පෙර දිනයේය. ජනවාරි 01 වෙනිදාට ඇත්තේ ද සතියක් වැනි කෙටිකාලයක් තුළය. ඉහළ නිලධාරීන් සතුටුකරන්න සාද දමන්න තිරුක්කෝවිල් පොලිස් ස්ථානය මඟින් කොපමණ මුදලක් නිලධාරීන්ගෙන් එකතුකර තිබේද?,  මුදල් ලබාදී නොමැති නිලධාරීන් කවුරුන්ද? යන්න පිළිබද යම් පුළුල් සොයා බැලීමක් කරන්නට කිසියම් හෝ ඉහළ නිලධාරියෙක් ඉදිරිපත් වන්නේ නම් තිරුක්කෝවිල් ඛේදවාචකයන් වැනි තවත් ඛේදවාචක පොලීසියතුල සිදු නොවන්නට පිළියම් යෙදිය හැකිවනු ඇත.

කියවන්න…

එකින් එක හෙළිවෙමින් ඇති තිරුක්කෝවිල් සිද්ධියේ මුල මැද අග…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හම්බන්තොට වැලි මැක්කා ප්‍රහාරය අරඹයි… තිස්සමහාරාම, අම්බලන්තොට, බෙලිඅත්ත, අවටින් දිනකට රෝගීන් 60ක්…

Next Post

බංගලි සහනය ගෙනා අස්වැසිල්ල… ඩොලර් ණය ගෙවන්න මාස 03 තවත් සහන කාලයක්!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.