බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ඕනෑ නැති තැනට යන ඕන තැනට නොඑන චීනය

by Lanka Sara Editor
සැප්තැම්බර් 19, 2022
in දේශපාලන, සමාජ
Share on FacebookShare on Twitter

1948 වසරේ නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයට අද එය මුහුණ දෙමින් සිටී.  මේවනත් ශ්‍රි ලංකාවට එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ඉන්ධන සහ ඖෂධ ගෙන්වා ගත නොහැකි තරමට  විදේශ සංචිත විශාල වශයෙන් පහළ බැසීමකටද ලක්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි  සැසිවාරය මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වෙන්නේ මේ මැද්දේය. ජිනීවා නිවුරට මේ ජීවන පීඩනය නොදැනුනද ශ්‍රි ලංකාවේ පීඩනය ස්පර්ශ කිීමට මේ මානව හිමිකම් සැසියටද මෙවර සිදුව ඇත. එයට හේතුව සුපරුදු පන්නයේ මානව හිමිකම් කඩවීමේ චෝදනාවන්ට ලක්වන ශ්‍රි ලංකාවට මෙවර ආර්ථික අපරාධ පිළිබඳව චෝදනාවක්ද අලුතින් අලවා තිබීමය.

මෙහිදී එක් එක් රටවල් සම්බන්ධයෙන් පවතින මානව හිමිකම් තත්ත්වය පිළිබඳව  ඉදිරිපත් වන විවිධ වාර්තා අතර එහිදී ලෝකය පිළිබඳව  උනන්දු වන්නන්ගේත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේත් වැඩි අවධානයට ලක් වන රටක් වී ඇත්තේ ශ්‍රි ලංකාවයි.

ශ්‍රි ලංකාවට ආදරය කරන, මෙම රටේ ජනතාවට ආදරය කරන ලෝකයේ මිනිසුන්  ශ්‍රි ලංකාව දෙස අද බලන්නේ කඳුලු පිරි දෑසකිනි. හේතුව තිස් වසරක යුද්ධයක් හමුවේ පවා වීරිය සම්පන්නව සිටි ජාතියක කොඳු නාරටිය බිඳීමකට ලක් කර ඇති අවාසනාවන්ත පසුබිමකට අද රට පත්ව ඇති නිසාවෙනි. මේ තත්ත්වයට  රට පත්වීම පිළිබඳව අද ලෝකයම  දොස් නගන්නේ ශ්‍රි ලංකාව මෙතෙක් පාලනය කළවුන්ටය. ඔවුන් අතරිනුත් පසුගිය වසර දෙක හමාර තුළ මේ රට පාලනය කළ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවටය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

සැබැවින්ම මානව හිමිකම් සැසිය පැවත්වෙන මේ මොහොතේ ශ්‍රි ලංකාවේ ජනතාව විඳවන ඔවුන්ට අහිමිව ඇති ලොකුම මාන=ව හිමිකම ඹූලික අවශ්‍යතා සපුරාගෙන කා බී හැඳ සිටීමේ නිදහසය. අද ඔවුන්ට කළ හැක්කේ නිදහසේ හුස්ම ගැනීම පමණි. එහෙත් මේ හුස්ම ගන්නට පුද්ගලයකුට මෙන්ම තිරිසනුන්ට පවා සිය පෙණහලු ඝර්ථ සවිමත්ව තබා ගන්නට අවශ්‍ය ආහාර ටිකවත් හිමි කර ගැනීමේ මානව හිමිකම අහිමිව ගොසිනි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ ශ්‍රි ලංකාවේ ලක්ෂ 57ක් කුසට හරි හමං ආහාරයක් ගත් නොහකිව සිටින බවය. ඔවුන් ට එසේ වී ඇත්තේ ඔවුන්ගේ වරද නිසා නොව මේ රට ඒ තත්ත්වයට පත් වන තැනට ප්‍රතිපත්ති සැදූ සහ ක්‍රියාත්මක කළ පාලකයන් නිසාය.

මේ නිසා මෙවර මානව හිමිකම් සමුළුවේද ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ වාර්තාවේ වෙනදා හමුවන සාම්ප්‍රදායික චෝදනාවලට අමතරව ආර්ථික අපරාධ පිළිබඳව යෝජනාව පැමිණ තිබේ.

මේ චෝදනා සම්බන්ධයෙන් අද ලෝකයම කතා කරති. ශ්‍රි ලංකාවේ ජනතාවගේ පැත්තේ සිටගත් රටවල් ගණනාවක් ඔවුන්ගේ අනාගතය යහපත් කිරීමේ අරමණෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය හරහා ශ්‍රි ලංකාවට යළි එවැනි අමිහිරි අත්දැකීමකට වැටෙන්නට නොහැකි ආකාරයේ යෝජනාවලියක් ක්‍රියාත්මක කළ යුතු බවට පවසද්දී සමහර රටවල් ශ්‍රි ලංකාවට එරෙහි නොවී සහය පළ කිරීමට ඉදිරිපත් වී සිටී.

මේ අතරේ ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත් ව තිබෙන මානව හිමිකම් යෝජනාවට පක්ෂව කතා කරන රටවල් කිහිපයක්ද සිටී.

රටක් සේ සැලකීමේදී රටේ සෛවරීත්වයට අභියෝග කරන ආකාරයේ යම් යෝජනාවලියක් ඉදිරිපත්ව තිබේ නම් එයට එක හෙළා විරුද්ධ වන රටවල් පිළිබඳව ශ්‍රි ලංකාවට කෘතවේදත්වයක් තිබිය යුතුය. පාලකයන් රට කවර තත්ත්වයකට පත් කළද එය රටක් ලෙස වැදගත් වනු ඇත. එදා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියා කළේ මේ රටේ ජනතාව දරුනු ත්‍රස්තවාදයක ගිලී ලද පීඩනයෙන් රට මුදවා ගැනීමට එරෙහිවය. එහෙත් වසර 13කට පසුව අද ඔවුන් අපට ඒ චෝදනා සමඟම අලවා ඉදිරිපත් කරන්රෙටේ ජනතාව පීඩනයට පත් කළ අලුත් අපරාධකරුවන් වන අර්ථික අපරාධකරුවන්ට එරෙහිවය. එය අප පිළිගත යුතුය.

මේ ආර්ථික අපරාධයට පාර කැපූ අය බොහෝය. විශේෂයෙන් රට ණය බරින් වේදනාවට ලක් කළ පුද්ගලයන්ය. අසාර්ථක ව්‍යාපෘති ශ්‍රි ලංකාවට දිගු කොට ඒ මත්තේ කිසිදු සෙවිල්ලක් බැලීමක් නොමැතිව ඩොලර් යට කළ ඒකමතික පාලකයන්ද අයත් වන්නේ මේ කුලකයටය.

පසුගියදා ලන්ඩනය මූලිකව ක්‍රියාත්මක වන යුරෝපා ආසියා පදනම සිය වෙබ් අඩවියේ ශ්‍රි ලංකාව පිළිබඳව පළ කළ ලිපියකින් පෙන්වා දී තිබූ කරුණක් වුයේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය මේ තරම් දුරකට ප්‍රපාතයට යාම පසුපස කරුණු කිහිපයක් ගැබ් ව ඇති බවය. මේ අර්බුදය වසර කිහිපයක් කිස්සේ නිර්මාණය වු එකක් වන අතර එහි තීව්රත්වයට හේතු වූ ප්‍රධාන කරුණු දෙක ලෙස ඔවුන් දකින්නේ අසීමිත ආනයන සහ අසීමිත ණය කන්දයි. මේ විශේෂයෙන් චීනය විසින් සිය එක් තීරයක් එක් මාවතක් යටතේ ලබා දුන් ණය කන්දරාව සුවිසල්ය. මේ ණය චීනයේ  ක්‍රෙමෝපායයික සැලැස්මක් වන අතර මේ වනවිටත් ශ්‍රි ලංකාව එහි සිරවී ඇත්තේ එක් තැනකින් නොව්.

ශ්‍රි ලංකාව මේ ණය උගුල තුළ සිරවූ එක් අවස්ථාවකකදී සිර වූ එක් තීරණාත්මක තැනකදී මහින්ද රාජපක්ෂ  රජය මහා ඝෝෂා සිදු කොට ඉදි කළ හම්බන්කොට වරාය චීනයට ලබා දෙන්නට සිදුවිය.

මේ මොහොතේ ශ්‍රි ලකාව තවත් ස්වරූපයකින් චීන උගුලේ සිරවී සිටී. භාවිතයට ගත හැකි විදේශ සංචිත සෘණ අගයකට තල්ලු වී ඇති මේ මොහොතේ අපට පෙනෙන එකම විසඳුම ලෙස ආර්ථික විද්‍යාඥයන්  දකින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමය. ඒ වෙනුවෙන් පසු කළ යුතු මූලික කටයුතුවලට මේ වනවිටත් ශ්‍රි ලංකාව එලඹ ඇත. මෙහිදී හ්‍රි ලංකාව පසු කළ යුතු තීරණාත්මක කඩුල්ලක් වන්නේ  හ් ශ්‍රි  ලංකාවට ණය ලබා දුන් ජාක්‍යන්තර ණය හිමියයන් , ශ්‍රි ලංකාව සමඟ මෙම ණය ආපසු ගෙවීම සම්බන්ධ ප්‍රතිව්‍යුහගත කිරීම්වලට කැමැත්ත දැක්වීමය. මේ සම්බන්ධයෙන් දැනටමත් ජාත්‍යන්තර ආයතන දෙකක් ඊට අදාළ උපදේශන සේවා සපයමින් කටයුතු කරමින් සිටී.

එහෙත් මේ ණය පුතිව්‍යූහගත කිරීම් අතර ප්‍රමුඛ තැනක පසුවන රට වන්නේ චීනයයි. මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට ආසන්න ණයක් චීනය විසින් ලබා දෙනු ලැබ  අති අතර මෙම ණය ප්‍රතිව්‍යූහගත කිරිඹ පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන්ම චීනයෙන් වරක් ඉල්ලීමක් කළේය. ඒ චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රි ලංකාටවේ සංචාරයක නිරත වද්දීය. කෙසේ වුවද එදා සි මේ දක්වා ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව ස්ථිර වචනයක් චීනය විසින් ලබා දී දී නැති  අතර මේ දිනවල ඔවුන් පවසන්නේ ශ්‍රි ලංකාවේ ආර්ථික පුනර්ජීවනය පිළිබඳව අදාළ ජාත්‍යන්තර ආයතන සමඟ කටයුතු කිරීමට තමන් කැමති බව පමණි.

එක්තරා ආකාරයකට එය චීනය වෙතින් ලබන සුබ පනිවිඩයක් සේ හ්‍රි ලංකාව සහ එහි ජනතකාව සලකයි.

චීනයට මේ මොහොතේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සැබෑ කැපවීමක් පවතින්නේ නම් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවට විරුද්ධ වීම පමණක් නොවේ. මක් නිසාද යත් එයින් ශ්‍රි ලංකාවට සැලසෙනු ඇතයි සිතන යම් වාසියකට වඩා මේ මොහොතේ වඩාත් අවශ්‍යව ඇත්තේ ශි ්‍රලංකාව පසුවන දුෂ්කර අවස්තවෙන් යම් සහනයක් හො ්ලැබීමට පවතින අවකාහයට හිණිමං බැඳීමය. අපි චීනය දෙස බලා සිටිමු.

 

Share69Tweet43
Previous Post

අගමැති ධූරයට පොහොට්ටුව ඇවිලෙයි… ගෝඨා අගමැති කමට ගේන්න ජොනීලා සටනක…

Next Post

විකෘති බැරලෝහ වාර්තාව පසුපස ඉන්නේ මෝල් හිමියන් ද?. කෘෂිකර්ම විද්වත්හු ප්‍රශ්න කරති…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.