ආනයනික සහල් පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රකාශිත දත්ත වාර්තාවන් සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ ක්‍රියාත්මක වෙමින් ඇත්තේ ආනයනික් සහල් නතර කර දේශීය සහල් මිල වැඩිකිරීමට මෝල්හිමියන් විසින් ගෙන යන කූඨ වැඩපිළිවෙලක් විය හැකිදැයි විමසිය යුතු බවත් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා පරිසර තාක්ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදිප් ගජනායක සදහන් කරයි.
ආහාර ද්‍රව්‍ය වල බැරලෝහ අන්තර්ගත විය නොහැකි නමුත් භාවිත කරන රසායනික පොහොර හේතුවෙන් එහි බැරලෝහ අන්තර්ගත වන්නේ නම් එය ඉතා සුළු වශෙයන් විය යුතු බවන් උදාහරණයක් ලෙස සහල් කිලෝඑකක් තුළ කැඩ්මියම් අන්තර්ගත වන්නෙ නම් එය මිලිග්රෑම් 0.02ක ප්‍රමාණයකට අඩු විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.
කෙසේ නමුත් මේ වන විට අපට විදේශයන්ගෙන් ලැබෙන සහල් සහනාධාරයන් පවා ලබා ගැනිමට මිනිසුන් තුල බියක් හට ගැනීමක් අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බැවින් මෙවැනි මාධ්‍ය වාර්තාවන් වහාම නිවැරදි විය යුතු බව ආචාර්යවරයා පෙන්වාදේ.