අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

එල්ලේ ක්‍රීඩකයා පැහැරගෙන ගොස් ඝාතනය සම්බන්ධයෙන් ගැමුණු සේවා බලකා බුද්ධි අංශ කපිතාන් වරයෙක් ඇතුළු 8ක ගේ තොරතුරු හෙළි වේ…

පරීක්ෂණයට යුද හමුදාවේ පූර්ණ සහාය... ඝාතනයට හේතුව බුද්ධි අංශ කෝප්‍රල් කෙනෙකුගේ අනියම් සම්බන්ධයක්...

by editor
සැප්තැම්බර් 14, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

තොටලඟ අරුණ එල්ලේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙක් වූ මට්ටකුලිය ග්‍රමසේවකවරිගේ  සැමියා සැලසුම්කර පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට යුද හමුදා ගැමුණු සේවා බලකායේ මෝදර කඳවුරට සම්බන්ධව   බුද්ධි රාජකාරිවල යොදවා සිටි කපිතාන් වරයෙක් ඇතුළු  8  දෙනෙක්  සම්බන්ධ බවට කරුණු හෙළි කරගෙන ඇතැයි පොලිස්  ආරංචි මාර්ග පවසයි.

මෙම විමර්ශනය සඳහා යුද හමුදාවේ උපරිම සහය ලැබෙමින් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මේ වනවිට සිද්ධිය සම්බන්ධ යැයි සැක කරන යුද  හමුදා නිලධාරීන් කීපදෙනෙක් පොලිසියට භාර දීමට යුද හමුදාව කටයුතු කර ඇතැයි ද පොලිසියේ ඉහළ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

මේ වනවිට ඝාතන සිද්ධියට ඍජුවම සම්බන්ධ ග්‍රමාසේවකගේ අනියම් සැමියා ලෙස හෙළි වී ඇති  කෝප්‍රල්වරයෙකුත්, ග්‍රමාසේවකවරියත්,   කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ බුද්ධි අංශ කණ්ඩායම භාරව සිටි   කපිතාන්වරයෙක් ඇතුළු තවත් කීපදෙනෙක්  අත්අඩංගුවට ගැනීමට සිටින බවද පොලිස් නිලධාරියා කීවේය.

මෙම පුද්ගයාව පැහැර ගැනීමට යොදා ගත් යුද හමුදාවට අයත් බොලෙරෝ  කැබ් රථයක් ද පොලිස් භාරයට ගැනීමට නියමිතව තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මට්ටක්කුලිය ග්‍රාමසේවවරියගේ සැමියා වල්පොල ප්‍රදේශයේ  පුද්ගලයෙකි.  තොටලඟ අරුණ කණ්ඩාමේ එල්ලේ කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකි.  ඔහු එම කණ්ඩායමේ නායකත්වය ද දරා තිබේ. පසුගිය වකවානුව තුළ ඔහු මත්ද්‍රව්‍ය වලට හුරු වී  ඇතැයි වාර්තා වේ.

මේ අතර රාජකාරි කටයුතු සඳහා ග්‍රාමසේවකවරිය මුණගැසීමට පැමිණි   බුද්ධි කටයුතු සඳහා යොදවා සිටි කෝප්‍රල්වරයෙක් සමග මෙම ග්‍රාමසේවකවරිය අනියම් සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.

පසුගිය දිනක මේ සම්බන්ධතාවය ඇයගේ සැමියාගේ අතටම හසු වී තිබේ. අනතුරුව ඔහු බැණ වදිමින් සිය බිරිඳට පහර දී ඇත. ගිය මාසයේ  මුල් සතියේ දිනක මේ සිදුවීම සිදු වී තිබිණි.

තමන් පහර කෑ සිද්ධිය ග්‍රාමසේවක කාන්තාව විසින් තමන් සබඳතාවය පවත්වන හමුදා කෝප්‍රල්වරයා වෙත දැනුම් දී ඇත.

ඒ දැනුම් දීමෙන් උරණ වූ   කෝප්‍රල්වරයා ග්‍රාමසේවකවරියගේ සැමියා  යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින විට මග රැක සිට සිය මිතුරු හමුදා සාමාජිකයන් සමග පැහැරගෙන  බොලෙරෝ වර්ගයේ හමුදා කැබ් රථයකින්    මාදම්පිටිය කනත්ත අසල ඇති කසල අංගනය අසලට රැගෙන ගොස් ඇත. එක් සාමාජිකයෙක් යතුරු පැදිය පදවාගෙන කසල අංගනය ලඟට පැමිණ තිබේ.

අනතුරුව මෙසේ පැහැරගත් පුද්ගලයාට පහර දී ඝාතනය කර ඇත. පසුව ඔහුගේ යතුරු පැදිය ද කැබලිවලට ගලවා තිබේ. එසේ කැබලි කර ගැලවූ යතුරු පැදියත්    හිසේ පොලිතින් කවරයක් දැවටූ ඝාතනය කළ පුද්ගලයාගේ සිරුරත්  කැබ් රථයටම පටවාගෙන ගොස් සේදවත්ත ප්‍රදේශයෙන් කැලණි ගඟට අතහැර තිබේ.

දින ගණනාවක පසු  කුණු වූ මෙම මළ සිරුර ගොඩගසන්නේ කාක දූපතෙනි.  ඒ අවස්ථාවේ දී මෙම කාන්තාවම ගොස් සිරුර හඳුනාගෙන  ඇත.

මේ සිදුවීම සම්බන්ධව පොලිස් ප්‍රශ්නකිරීම් වලදී මෙම ග්‍රාමසේවක කාන්තාව පවසා ඇත්තේ   තමන් සැමියාව ඝාතනය කිරීම සඳහා කිසිම අනුබලයක් නුදුන් බවය.   සැමියාට පහර දී අත් හරින බවට හමුදා කෝප්‍රල්වරයා පවසා තිබූ බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රන්ජන් නිදහස ලැබෙන කතාව බොරුවක්… රාජ්‍ය ඇමති ලොහාන් කියයි…

Next Post

රටට එන සංචාරකයන් 99ක් එන්නෙ ඉන්දියාවෙන්… ඒ එන්නේ දවස් 14ක නිරෝධායනයෙන් යුරෝපා රටවලට යන්න… PHI ලා කියති…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.