තොටලඟ අරුණ එල්ලේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙක් වූ මට්ටකුලිය ග්‍රමසේවකවරිගේ සැමියා සැලසුම්කර පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට යුද හමුදා ගැමුණු සේවා බලකායේ මෝදර කඳවුරට සම්බන්ධව බුද්ධි රාජකාරිවල යොදවා සිටි කපිතාන් වරයෙක් ඇතුළු 8 දෙනෙක් සම්බන්ධ බවට කරුණු හෙළි කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම විමර්ශනය සඳහා යුද හමුදාවේ උපරිම සහය ලැබෙමින් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මේ වනවිට සිද්ධිය සම්බන්ධ යැයි සැක කරන යුද හමුදා නිලධාරීන් කීපදෙනෙක් පොලිසියට භාර දීමට යුද හමුදාව කටයුතු කර ඇතැයි ද පොලිසියේ ඉහළ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
මේ වනවිට ඝාතන සිද්ධියට ඍජුවම සම්බන්ධ ග්රමාසේවකගේ අනියම් සැමියා ලෙස හෙළි වී ඇති කෝප්‍රල්වරයෙකුත්, ග්රමාසේවකවරියත්, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මේ බුද්ධි අංශ කණ්ඩායම භාරව සිටි කපිතාන්වරයෙක් ඇතුළු තවත් කීපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සිටින බවද පොලිස් නිලධාරියා කීවේය.
මෙම පුද්ගයාව පැහැර ගැනීමට යොදා ගත් යුද හමුදාවට අයත් බොලෙරෝ කැබ් රථයක් ද පොලිස් භාරයට ගැනීමට නියමිතව තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
මට්ටක්කුලිය ග්රාමසේවවරියගේ සැමියා වල්පොල ප්‍රදේශයේ පුද්ගලයෙකි. තොටලඟ අරුණ කණ්ඩාමේ එල්ලේ කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකි. ඔහු එම කණ්ඩායමේ නායකත්වය ද දරා තිබේ. පසුගිය වකවානුව තුළ ඔහු මත්ද්‍රව්‍ය වලට හුරු වී ඇතැයි වාර්තා වේ.
මේ අතර රාජකාරි කටයුතු සඳහා ග්‍රාමසේවකවරිය මුණගැසීමට පැමිණි බුද්ධි කටයුතු සඳහා යොදවා සිටි කෝප්‍රල්වරයෙක් සමග මෙම ග්‍රාමසේවකවරිය අනියම් සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.
පසුගිය දිනක මේ සම්බන්ධතාවය ඇයගේ සැමියාගේ අතටම හසු වී තිබේ. අනතුරුව ඔහු බැණ වදිමින් සිය බිරිඳට පහර දී ඇත. ගිය මාසයේ මුල් සතියේ දිනක මේ සිදුවීම සිදු වී තිබිණි.
තමන් පහර කෑ සිද්ධිය ග්‍රාමසේවක කාන්තාව විසින් තමන් සබඳතාවය පවත්වන හමුදා කෝප්‍රල්වරයා වෙත දැනුම් දී ඇත.
ඒ දැනුම් දීමෙන් උරණ වූ කෝප්‍රල්වරයා ග්රාමසේවකවරියගේ සැමියා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින විට මග රැක සිට සිය මිතුරු හමුදා සාමාජිකයන් සමග පැහැරගෙන බොලෙරෝ වර්ගයේ හමුදා කැබ් රථයකින් මාදම්පිටිය කනත්ත අසල ඇති කසල අංගනය අසලට රැගෙන ගොස් ඇත. එක් සාමාජිකයෙක් යතුරු පැදිය පදවාගෙන කසල අංගනය ලඟට පැමිණ තිබේ.
අනතුරුව මෙසේ පැහැරගත් පුද්ගලයාට පහර දී ඝාතනය කර ඇත. පසුව ඔහුගේ යතුරු පැදිය ද කැබලිවලට ගලවා තිබේ. එසේ කැබලි කර ගැලවූ යතුරු පැදියත් හිසේ පොලිතින් කවරයක් දැවටූ ඝාතනය කළ පුද්ගලයාගේ සිරුරත් කැබ් රථයටම පටවාගෙන ගොස් සේදවත්ත ප්‍රදේශයෙන් කැලණි ගඟට අතහැර තිබේ.
දින ගණනාවක පසු කුණු වූ මෙම මළ සිරුර ගොඩගසන්නේ කාක දූපතෙනි. ඒ අවස්ථාවේ දී මෙම කාන්තාවම ගොස් සිරුර හඳුනාගෙන ඇත.
මේ සිදුවීම සම්බන්ධව පොලිස් ප්‍රශ්නකිරීම් වලදී මෙම ග්‍රාමසේවක කාන්තාව පවසා ඇත්තේ තමන් සැමියාව ඝාතනය කිරීම සඳහා කිසිම අනුබලයක් නුදුන් බවය. සැමියාට පහර දී අත් හරින බවට හමුදා කෝප්‍රල්වරයා පවසා තිබූ බවය.