සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

උවදුරු සමයේ බිඳ වැටෙන්නට ඉඩ නොදී දරුවන්ගේ මනස ශක්තිමත් කරමු

by editor
මැයි 19, 2020
in විනිවිද, සමාජ
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන –

කොරෝනා වසංගතය පැතිර යෑම නිසා පළමු ආරක්ෂිත පියවර ලෙස ගැනුනේ පාසැල් වසා දැමීමය. මාර්තු මැද වසා දැමූ පාසැල් තවමත් විවෘත කර නැත. පාසැල් සිසුන්ට අතපසු වන පාඩම් අන්තර් ජාලය මගින් සිසුන්ට ලබාදී නිවසේ සිට එම පාඩම් වැඩ කරන්නට අවස්ථාව ගුරුවරු අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් ප්‍රකාරව ලබාදී ඇත.

මෙහිදී ඇතිවී තිබෙන ප්‍රායෝගික ගැටළු කිහිපයක් ගැන සමාජය තුළ කතිකාවක් නිර්මාණය වෙමින් පවතී. එනම්

1) අන්තර්ජාල පහසුකම් හෝ ස්මාර්ට් දුරකථන නැති දරුවන් රාශියක් සිටීම.

2) පාසැලෙන් ලැබෙන පාඩම් වැඩ බාගත කරගැනීමට ඩේටා සඳහා සැලකිය යුතු තරම් මුදලක් වැයවීම. එය මෙවැනි ආර්ථික වශයෙන් පීඩාකාරී කාලයක දැරීම අපහසු වීම

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

3) නිවසේ සිට රාජකාරි කරන මව්පියන්ගේ පරිගනක, ජංගම දුරකථන දරුවන්ගේ කටයුතුවලට ලබාදීමට සිදුවීමෙන් ඇතිවී තිබෙන රාජකාරිමය බාධාව

4) දරුවාට දිනකට ඔරොත්තු නොදෙන තරම් පාඩම් වැඩ රාශියක් එවීම නිසා දරුවා පීඩාවට පත්වීම

5) ඉහත සියලුම හේතු නිසා මව්පියන් සහ දරුවන් මානසික වශයෙන් පීඩාකාරී තත්වයකට පත්වීම

මේ කාරුණු පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ නිසි අවදානය වහාම යොමුවීම ඉතා වැදගත්ය.  මක්නිසාද යත් පාසැලි විවෘත කරන දිනයක් පිළිබදව තවමත් නිශ්චිත දිනයක් නොමැති බැවින් මේ තත්වය දිගින් දිගටම පැවතුනහෝත දරුවන් මානසික රෝග වලට ගොදුරුවීමේ අවදානමක් ඇති බැවිණි.

කෙසේද යත් පහත කරුණු සලකා බැලීමෙන් වටහා ගත හැකිය.

1) මේ ගෙවෙන්නේ වසංගත රෝග සමයකි. ඒ සදහා ප්‍රතිකාර ලෙස නිශ්චිත ඖෂධ හෝ එන්තක් හෝ තවමත් නැත.

2) මේ මොහොතේ ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගැනීම වැදග්ත බව සෞඛ්‍ය අංශ අවධාරණය කරති. ඒ සදහා පෝෂ්‍යදායී ආහාර, විවේකය, ප්‍රමාණවත් නින්ද, සහ සුවපත් මානසිකත්වය වැදගත් බැවින් ඒවා අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දෙති.

3) මේ මොහොතේ නිවාසවල සිරවී සිටින දරුවන් සෑමදෙනාටම සුවපහසු, ඉඩකඩ සහිත , ක්‍රීඩාකිරීමට මිදුල් ඇති නිවාස නැතිවීම. ඉතා කුඩා ඉඩකඩ සහිත නිවෙස්වල සිරවී සිටින දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු තරම් විශාල වීම.

4) රටේ ආර්ථිකය කඩා වැටීම, ඉපැයීම්වලට ඇතිවී තිබෙන බාධා , වැටුප් කප්පාදු ආදී කරුණූ නිසා එදිනෙදා දුෂ්කරතා සහිතව ආහාර පාන හිගවූ පවුල්වල සිටින දරුවෝද විශාල ගණනක් වීම.

5) මෙවන් තත්ව ඇති පවුල්වලට  දරුවන්ගේ පාඩම් වැඩ වෙනුවෙන් ඩේටා සඳහා වියදම් කිරීමට විශාල මුදලක් වැය කළ නොහැකි වීම. එපමණක් නොව රාජකාරි කටයුතුවලට බාධාවන අයුරින් තාක්ෂණික උපාංග සහ උපකරණ දරුවන්ට ලබාදීමට නොහැකි වීම.

6) තවද රාජකාරි ඇති මව්පියන්ට දරුවන් සමග එක්ව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු  කිරීමට වේලාවක් නැතිවීම.

7) පාසැල් පටන් ගත් කලෙක තම දරුවාට මෙම පාඩම් නිසි පරිදි උගන්වා නොතිබුනහොත් ප්‍රශ්න ඇති වේ යැයි බියක් මව්පියන්ට සේම දරුවන්ටද ඇතිවී තිබීම

8) මෙම කරුණු  සියල්ල එක්ව දරුවා සහ පෙළණු ලැබීමෙන් මානසික කායික වශයෙන් පීඩාවට පත්ව දරුවාගේ ප්‍රතිශක්තිය හීනවීම සිදුවිය හැකිය

9) එමගින් වෙනත් වෙනත් රෝගාබාධවලට දරුවා ගොදුරුවීමට ඉඩ තිබීම. වැදගත්ම කරුණ නම් මෙම පීඩාවන් හේතුවෙන් දරුවා නිතර කෝපයට පත්වීම, නොසන්සුන් වීම, නින්දට බාධා ඇතිවීම, පාඩම් වැඩවලින් බැහැර වීම, මුරණ්ඩුවීම, කළහ කිරීම ආදී ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගැනීමය. මෙය මානසික ආතතියේ මුල් ලක්ෂණ විදහා පෑමකි. මේ වනවිටත් මව්වරුන් දරුවන්ගේ මෙම තත්ව දකිමින් සිටින අතර මෙම අධික පාසැල් වැඩ එවීම සම්බන්ධව අප්‍රසාදය පළකරමින් සිටිති.

මෙය කිසිසේත්ම යහපත් තත්වයක් නොවේ . දරුවන් සමබන්ධව මෙවැනි වටපිටාවක් ඇති නොවීම සඳහා වහාම පිළියම් යෙදීම අධ්‍යාපන බලධාරීන්ගේ, ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ද  වගකීමකි.

1) දරුවාට ගෙදරට එවන වැඩ ප්‍රමාණයෙන් ¾ ක් අඩුකිරීම. ඔහුට නිවසේ හැකි අයුරින් සතුටින් සිටීමට ඉඩ ලබාදීම

2) පාසැල ආරම්භ කළ දිනක සෙනසුරාදා දිනක හෝ පාසැල පවත්වා අතපසු වූ පාඩම් ඉගැන්වීම.

3) මේ වසරට අදාල විෂය නිර්දේශය මේ වසරේ අවසන් කළ නොහැකි නම් ලබන වසරේ මුල් කාර්තුවේ හෝ සෙනසුරාදා දිනවල ඉගැන්වීමට යොදාගැනීම

4) දරුවන් රෝගීවීමට හේතුවන මානසික පීඩනවලින් ඔහු මුදවා තැබිමට කටයුතු කිරිම.

5) වඩා වැදගත් වසංගතයෙන් බේරී සිටීම බැවින් එහිදී දරුවාගේ ආරක්ෂාවට දී තිබෙන වැදගත්කම දිගටම රඳවා ගැනීම වැදගත්ය. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි තීරණාත්මක විභාගයන්ට මුහුණ දෙන්නට නියමිත සිසුන් හැර අනෙක් දරුවන් කෙරෙහි සැහැල්ලු ප්‍රතිපත්තියක් ඇති කිරීම කළ යුතු වේ. එය රටේ අනාගතය වෙනුවෙන් ලබා ගතහැකි යහපත් ප්‍රවේශයකි.

Share69Tweet43
Previous Post

ගාල්ල, රත්නපුර, නුවරඑළිය දිස්ත්‍රික්ක අවදානම් තත්වයක

Next Post

බාල ගිරි ඉවරයි….අවසන් තීරණයට හෙට කොමිසම රැස් වෙයි

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.