- රත්නපුර වේවැල්වත්ත බටේවෙල ප්‍රදේශයේ නායයාමකින් වයස අවුරුදු 9 ක පිරිමි දරුවෙක් මියගොස් තිබේ.
- කළුතර දිස්‌ත්‍රික්‌කයේ හොරණ, මතුගම කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ අරනායක, යටියන්තොට මහනුවර දිස්‌ත්‍රික්‌කයේ මහනුවර, ගඟඉහකෝරලය, තුම්පනය, ගඟවටකෝරළය, පතහවත්ත නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ කොත්මලේ යන ප්‍රදේශවලට ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අනතුරු නිකුත් කර තිබේ.
- ගාල්ල, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ වර්ධනයක් ද මේ වනවිට පවතී. ( 2020.05.19 – ප.ව. 8)
රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ රත්නපුර, අයගම, ඇළපාත, කලවාන හා කිරිඇල්ල ප්‍රදේශවල නායයාම් හා පස් කඳු කඩාවැටීම් අවධානම ඉහළ ගොස් ඇති බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.
එම ප්‍රදේශවල දැනටමත් නායයාම් අනතුරු අඟවා ඇති ස්ථානවලින් ජනතාව කඩිනමින් ඉවත් විය යුතු බව ද අවධාරණය කෙරේ. ගාල්ල දිස්ත්‍රික්කයට ද අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල නෙළුවට මිලිමීටර් 168.5 ක වර්ෂාපතනයක් ද දූලිඇල්ල, දෙල්ලව, බෝගොඩ, ඕපාත ප්‍රදේශවලට ද මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබී ඇත. එසේම නුවරඑළිය එල්ස්ටන් වතුයාය ආශ්‍රිතව ද මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබී ඇත. ඒ ආශ්‍රිතව ද නායයාම් අනතුරු අඟවා තිබේ.
කැලණි ගඟේ ජල මට්ටම නෝවුඩ් ආශ්‍රිතව ද කළු ගඟේ ජල මට්ටම රත්නපුර ආශ්‍රිතව ද ගිං ගඟේ ජල මට්ටම තවලම ආශ්‍රිතව ද ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම ජලාශ ආශ්‍රිතව ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.මේ වන විටත් පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවී ඇත.