බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

උපාධිය විහිලුවක් කරන ඔන් ලයින් විභාග

by editor
ජූනි 7, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

වෛද්‍ය නීතිඥ පාලිත සුබසිංහ –

කොරෝනා වසංගතය මේ වන විට වසරකට අධික කාලයක් අපේ රටේ ජන ජීවිතය වෙත දරුණු බලපෑම් එල්ල කරමින් ඇත. වසංගත තත්වය දිනෙන් දිනම උත්සන්නවන අතර එහි අවසානයක් පේනතෙක් මානයක නොමැත.

මෙහිදී තදබල බලපෑම එල්ල වී ඇත්තේ රටේ ආර්ථිකයට පමණක් නොවේ. රටේ අධ්‍යාපන අංශයට ද එය එල්ලකොට ඇත්තේ ප්‍රබල ප්‍රහාරයකි. පාසල් දරුවන්ට සහ උසස් අධ්‍යාපනය ලබන සියලුම දෙනාට දැනට වසරකට අධික කාලයක් සිය අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යෑමට නොහැකිව ඇත. මේ පිළිබඳව ඉදිරි වසර කිහිපය සඳහා අධ්‍යාපනය ලබා දීමේ විකල්ප ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමුකොට ඒ සඳහා පාසල්වලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට සාර්ථක ක්‍රමවේදයක් අදාල කරගෙන ක්‍රියාත්මක කිරීමේ වගකීම රජය විසින් මේ දක්වා ඉටු කොට නොමැත. මේ නිසා විවිධ අධ්‍යාපන ආයතන තම තමන්ට රිසි පරිදි සිය පාඨමාලාවන් වෙනස් කොට ඇත.

ඔන් ලයින් උපාධිය

උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ උපාධිය ලබා ගැනීම සඳහා යන කාලය දීර්ඝ වීම පිළිබඳව ගැටලුව පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රමුඛත්වයේ ලා විසඳිය යුතු ගැටලුවක් බවට පත් වෙමින් පවතී. අපේ රටේ බොහෝ දෙනා උසස් අධ්‍යාපනය හදාරන්නේ උපාධියක් ලබා ඒ සුදුසුකම මත රැකියාවක නිරතවීම සඳහාය. එම නිසා ඔවුන් හැකි ඉක්මනින් සිය උපාධිය අවසන් කරන අපේක්ෂාවෙන් පසු වේ .

මේ තත්වය තුළ විවිධ උසස් අධ්‍යාපන ආයතන මේ වන විට අධ්‍යාපනය ලබාදීම සඳහා මාර්ගගත ක්‍රමවේදයන්වලට යොමුව සිටින බව දක්නට ඇත. අධ්‍යාපනයට අවශ්‍ය දේශන මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ලබාදීමේ කිසිදු ගැටලුවක් නැත. නමුත් ඔවුන්ට උපාධිය ලබා දීමේදී ඔවුන්ගේ නිසි දැනුම පරික්ෂා කර ගැනීම සඳහාවන විභාගයන් ද ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට එම ආයතන කටයුතු යොදා තිබීම තදබල ගැටලු ඇති කරන්නකි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

නිපුනතා මට්ට්ම

උපාධිධාරියකු යනු යම් විෂයක් පිළිබඳව නිපුන දැනුමක් ඇති අයෙකි. මෙතෙක් කල් සිදු වුයේ එම විෂය සඳහා අදාල නිපුණතා මට්ටමට සිසුවා පැමිණ ඇති බවට අදාළ උසස් අධ්‍යාපන ආයතනය මගින් සනාථ කරගත් පසුව පමණක් උපාධිය ලබා දීමයි . එමගින් අදාල උසස් අධ්‍යාපන ආයතනය මගින් පිරිනමන උපාධියේ ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබිණි. විවිධ විදෙස් රටවල්වල උසස් අධ්‍යාපන ආයතනවලට අනුබද්ධව ලබා දෙන උපාධි අපේ රටේ ද නොයෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලින් ලබා ගත හැක. නමුත් ඒවා සියල්ල අප රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් පිළිගනු නොලබයි. අධ්‍යාපන ආයතනයේ ප්‍රමිතිය සහ උපාධිය ලබා දීමේදී නිපුණතාව ලබා දෙන විෂය ක්ෂේත්‍රය, විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්, විෂය නිර්දේශය ,විෂය ඉගෙන ගැනීමට ශිෂ්‍යයා වැය කළ යුතු කාලය , දේශන පවත්වන කාලය, විභාග පැවැත්වෙන ක්‍රමවේද ආදී සියල්ල මෙම පිළිගැනීම ලබා දීම සඳහා නිර්ණායක වශයෙන් භාවිතා කරනු ලබයි.

මේවායේ යම් වෙනසක් සිදු කරන්නේ නම් ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පූර්ව අනුමැතිය ලබා ගත යුතුව ඇත. එසේම යම්කිසි විශ්ව විද්‍යාලයක් මඟින් ලබාදෙන උපාධියක් විදෙස් රටවල්වල උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමේදී හෝ රැකියාවක් කිරීමේ දී එයට පිළිගැනීමක් ලැබෙන්නේ අදාල ප්‍රමිතිය පවත්වා ගතහොත් පමණි.

උපාධිය සඳහා ඔන්ලයින් විභාග

නමුත් වර්තමානයේ සිදුව ඇත්තේ මෙම උසස් අධ්‍යාපන ආයතන විසින් තමන්ට රිසි සේ මාර්ගගත ක්‍රමවේදයට පවත්වන බව පවසමින් එම සිසුන් විභාගවලට යොමු කර උපාධිය ලබා දීමයි. මෙහිදී අදාල ප්‍රශ්න පත්‍රය අන්තර්ජාලය ඔස්සේ එකම වෙලාවකදී සිසුන් සියලු දෙනාට ලබා දෙන අතර නියමිත කාලය තුළ එයට පිළිතුරු සපයා තවත් නියමිත කාලයක් තුළ එය අන්තර්ජාලය ඔස්සේ අදාළ උසස් අධ්‍යාපන ආයතනය වෙත යැවිය යුතු වේ. මෑත කාලයේ දී එක්තරා විශ්වවිද්‍යාලයක් මඟින් එක් පාඨමාලාවක උපාධිය ලබාදීම සඳහා අවසන් විභාගයේ ප්‍රශ්න පත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා දී ලබාදී පැය තුනක් තුළ පිළිතුරු සපයා තවත් පැය දෙකක් තුළ අන්තර්ජාලය ඔස්සේ සිය ආයතනයේ නියමිත වෙබ් අඩවිය වෙත එවන ලෙස දක්වා ඇත.

මෙහිදී බොහෝ සිසුන් වෙනුවට පිළිතුරු ලියා ඇති ඇත්තේ එම විෂය පිළිබඳ නිපුන වෙනත් පුද්ගලයන් විසින් බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි. ඇත්තෙන්ම සිසුවාගේ දැනුම ගැනීම මෙවන් ආකාරයකින් සිදු කිරීම විහිළු සහගතයි. විශ්ව විද්‍යාලයකින් සාමාන්‍ය අන්දමින් විභාග පැවැත්වීමේ දී සිසුවාගේ දැනුම නිසි පරිදි යම් සාධාරණ ක්‍රමයකට ඇගැයීම සිදු කරනු ලබයි. නමුත් මාර්ගගත ක්‍රමවේදයේ දී උත්තර ලියන්නේ කවුරුත් ද?. නොඑසේනම් කී දෙනෙකුගේ සහයෝගයෙන් ද?. එය සහතික කළ නොහැක. ඒ අයුරින් ගත්කල අදාළ විෂය පිළිබඳ කිසිදු නිපුන තාවයකින් තොරව නියමිත වසර ගණනින් පසුව සියලුම සිසුන්ට උපාධි සහතිකය ලබා ගැනීමේ හැකියාව ඇති බව පෙනී යයි. එවන් සහතික පමණක් ඇති උපාධිධාරීන් එම සහතිකය මත රැකියාවලට යොමු වුවහොත් අපේ රට ඉමහත් ආගාධයකට යෑම වැළැක්විය නොහැක. එසේම අපේ රටේ පිළිගත් උසස් අධ්‍යාපන ආයතන වෙත ලෝකයේ බොහෝ රටවල් ලබා දී ඇති ඇති පිළිගැනීම නැතිව යනු ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ලබාගන්නා ඉසෙඩ් අගය මත පදනම්ව උසස් අධ්‍යාපන ආයතන වෙත බඳවා ගෙන වසර තුනක් හෝ හතරක් එහි පූර්ණ කාලීන අධ්‍යාපනය ලබන සිසුන් වෙත හැකි පමණ ඉක්මනින් අධ්‍යයන කටයුතු අවසන් කොට නිසි පරිදි විභාග තබා තබා නියමිත උපාධිය ලබාදීම අත්‍යවශ්‍ය වුවත්,ඒ සඳහා මාර්ගගත ක්‍රමයට නිපුණතාව මැනීම කිසිසේත් සුදුසු නොවන බව අවධාරණය කළ යුතුය.

විවෘත විශ්ව විද්‍යාලය

රැකියාව කරන අතරතුර උපාධිය ලබා ලබාගැනීම සඳහා ඇති කර ඇති විවෘත විශ්ව විද්‍යාලය වැනි ආයතනවලද මේ වන විට මාර්ගගත ක්‍රමවේදය අනුව විභාග පවත්වා උපාධිය ලබා දීමේ සූදානමක් ඇති බවට කරුණු අනාවරණය වේ. ඉසෙඩ් අගය මත පදනම් නොවී උසස් පෙළ සාමාන්‍ය සමාර්ථ හෝ සාමාන්‍ය පෙළ සහිතව පදනම් පාඨමාලාව හදාරා ඉන් අනතුරුව උපාධි පාඨමාලාව නිම කර උපාධි ලබා දීම මෙම ආයතන මගින් සිදු කරයි. විශේෂයෙන් විවෘත විශ්වවිද්‍යාලය ලබාදෙන උපාධිය ගුණාත්මක බවින් ඉතා ඉහළ බවට පිළිගැනීමක් පවතී. රැකියා කරන පුද්ගලයන් ඉලක්ක කොට පිහිටුවා ඇති මෙම අර්ධකාලීන උපාධි පාඨමාලාවන් සඳහා සිසුන් විසින් තැබිය යුතු බර හෙවත් “ක්‍රෙඩිට්” ප්‍රමාණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් අනුමත කොට ඇත. එනම් එම පාඨමාලාවන් අධ්‍යයනය කිරීම සඳහා සිසුන් විසින් වැය කළ යුතු කාලය සහ කැපවීම එමගින් දක්වා ඇත.

විවෘත විශ්ව විද්‍යාලයේ දේශන සඳහා සහභාගි වීම අනිවාර්ය නොවේ. මෙවන් පසුබිමක් සහිත මෙවන් ආයතන, කඩිමුඩියේ අන්තර්ජාලය භාවිතා කොට විභාග පවත්වා උපාධි ලබා දීමට කටයුතු කිරීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉක්මන් සහ හදිසි අවධානය යොමු කළ යුතු කරුණකි. එම ක්‍රමවේදයට ඉඩ දුනහොත්, ප්‍රවේශ විභාගයෙන් සමත් සියලුම දෙනාට කිසිදු දිනයක කිසිදු දේශනයකට සහභාගී නොවී කිසිදු අඛණ්ඩ ඇගයීම්පරීක්ෂණයකට හෝ අවසන් විභාගයට තමන් පෞද්ගලිකව පෙනී නොසිට වෙනත් පුද්ගලයන් යොදා උපාධි සහතිකය ලබා ගැනීමට හැකියාව පවතී.

අනෙක් අතට වෛද්‍ය, ඉංජිනේරු, කෘෂිකර්ම වැනි පීඨවල සිසුන්ට ප්‍රායෝගික පරීක්ෂණ නොමැතිව උපාධිය ලබා දීම කිසිසේත් සිදුකල නොහැකි බව පැහැදිලිය. එවිට වර්තමාන වසංගතය හේතුවෙන් එම සිසුන්ට පමණක් විභාග පමාවීම සාධාරණීකරණය කළ නොහැක.

කළ හැක්කේ කුමක් ද?

වසංගත තත්වය නිසා මුළු රටම අඛණ්ඩව වසා දැමීම කිසිසේත් සිදු නොවන නිසා විශ්ව විද්‍යාලවල විභාග නිසි පරිදි පැවැත්වීමට දින කිහිපයක් සොයා ගැනීමට නොහැකි වන්නේ නැත. ඒ අතරතුර ඉදිරියේදී අන්තර්ජාලය භාවිතා කරමින් විභාග පැවැත්වීම සිදු කරන්නේ නම් ඊට සුදුසු වන පරිදි පාඨමාලාව සංස්කරණය කොට ,අදාල ශිෂ්‍යයාම පමණක් විභාගයට පෙනී සිටීම සහතික කර ගැනීමටත් විභාග වංචා සිදු කිරීම වැළැක්වීමටත් විශ්වවිද්‍යාල කොමිසමේ අනුමැතියට යටත්ව සිදු කිරීම අවශ්‍ය වේ .

විශේෂයෙන්ම වෘත්තීන් අරමුණු කොටගත් දැඩි තරගකාරී නීතිවේදි උපාධිය වැනි උපාධි ලබා දීමේදී, මෙවන් මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ලබාගන්නා උපාධීන් පිළිගැනීමට ලක් කරනවාද යන්න නීති අධ්‍යාපන සභාව, නීති විද්‍යාලය වැනි ආයතන මෙන්ම එම උපාධි සහතිකය මත පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබීමට එම උපාධි සහතික පිළිගන්නා ලබන ආයතන විසින් දැඩි ව සලකා බැලිය යුතු වන්නේ කවර තත්වයක් යටතේ වුව ද උපාධිවල ගුණාත්මකභාවය සුරැකීම අත්‍යවශ්‍ය වන බැවිනි.

රටම වෙලාගෙන ඇති කොවිඩ් වසංගතය ට මුවා වී, සමහර උසස් අධ්‍යාපන ආයතන මගින් නිසි ප්‍රමිතියකින් තොර උපාධි සහතික ධාරීන් බිහි කිරීම වැළැක්වීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු ජාතික වගකීම මෙහිලා අවධාරණය කළ යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැස්ස අඩු වුණත් තවමත් ගං වතුර… මරණ 17යි… 02ක් අතුරුදන්

Next Post

ගොනාකෝවිලේ අංජුගේ මල්ලි කෙනෙක් අතුරුගිරියේදී අත්අඩංගුවට

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.