බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඇවිදින විශ්වකෝෂයක නික්ම යෑම…

by editor
අගෝස්තු 18, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

“මම සෝමසිරි කස්තුරිආරච්චි ! ඔයාට පොතක් දෙන්න කියෙනවා. අර සිංගප්පූරුව ගොඩ ගන්න ලී ක්වාන් යු එක්ක වැඩ කළ සෑම් සමරසිංහ මහත්තයා ගැන මම පොතක් ලිව්වා. ඒකේ ඔබතුමා ලීව කරුණුත් තිබෙනවා.  ඒක මට දෙන්න ඕන. කවද්ද කොළඹ පැත්තේ එන්නේ? මේ පොත අතටම දෙන්න තිබුණ නම් තමයි හොඳ!“

මීට මාසයකට පමණ පෙර  මට ඇමතුමක් දුන් නිදහස් මාධ්‍යකරණයේ යෙදුණු ජ්‍යෙෂ්ඨයකු වන සෝමසිරි කස්තුරිආරච්චි මහතා  පැහැදිළි ස්වරයෙන් කියාගෙන ගියේය.

“ආ කස්තුරි මහත්තයා. මම කොළඹ එන දවසකට කියන්නම් මේ දවස්වල වැඩිය දඟලන්න එපා. ගෙදරට වෙලා ඉන්න. “ මම කීවෙමි.

යළිත් කස්තුරි මහත්තයාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ ගිය අගෝස්තු 04 වැනිදාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ තාම කොළඹ ආවේ නෑ නේද?. මට හරි ප්‍රශ්නයක් වුණානේ. මේ දොස්තරල කියනවා මගේ ඔළුවේ ගෙඩියක් තියෙනවා. මේක දැන් ඔපර්ෂන් කරන්නම ඕනලු. දැන් ඉතින් වයසත් 81ක් නේ කොල්ල වගේ හිටියට. , ඔහු තම ස්වරය බර කරමින් කීවේ සිනහව ද මුසු කරගෙනය. ඉතින් වැඩේ හරි ගියොත් තමයි පොත දෙන්න වෙන්නේ. “

වයස 81 ක් වුණත් තරුණයකුට වඩා ජවයක්, ගතිකයක් ඇති සෝමසිරි කස්තුරිආරච්චි මහතාට මා දුන් පිළිතුර වුණේ “ අයියෝ ඕක සුළු දෙයක්. ඔබතුමා බය නැතිව ඕකට මුහුණ දෙන්න. කොවිඩ් ලෙඩේනුත් පරෙස්සම් වෙලා වැඩේ කර ගන්න.

කතාව විනාඩි දෙක තුනකට වඩා ඇදුනේ නැත. මම කීවේ “තෙරුවන් සරණයි මොනව හරි අවශ්‍යතාවක් තියනවා නම් අපිටත් කියන්න“ කියා පමණි.

ඔහු කීවත් වගේම සැත්කමට සාර්ථකව මුහුණ දී   ඔහුට රෝහලෙන් පිටව යළි පත්තර තකන්තෝරු හෝ ඔහු දශක ගණනක් තිස්සේ එකතු කළ  විසල් ලේඛන තොගය අතරට සුපුරුදු ලෙස යන්නට දුන්නේ නැත. අද වනවිට ඔහු ජීවිතයෙන්ම සමුගෙන ගොසිනි.

පුද්ගලයකු දශක අටක පමණ ආයු විඳ මිය යාම අනපේක්ෂත හෝ අභව්‍ය දෙයක් නොවුණද මේ දුලබ පුරුෂයා මා දුටු අසාමාන්‍ය ගණයේ හැකියාවන් සහ පෞරුෂයකින් හෙබි ප්‍රිය කරන චරිතකයක් වීමත් ඔහු මිය යාම යනු මහා දැවන්ත පුස්තකාලයක් ගිනිබත් වීමක් යයි සිතෙන නිසාත් යම් වේදනාවක් දැනෙයි.

වයස අවුරුදු 80 ඉක්මවූවද ඔහු සිතන්නේ තරුණයන් මෙනි. අල්පේච්ඡ දිවියකට උරුම කම් කියන ඔහු  අටලෝ දහම හමුටවේ කම්පා වුණේ  නම් ඒ මා දුටු එකම අවස්ථාව ඔහු මහන්සියෙන් කැපවීමෙන් ලියූ දෙයක් පුවත් පතේ ඔහු බලාපොරොත්තු වූ දිනයේ පල නොවීමෙන් පමණි.

එවැනි අවසථාවලදී ඔහු පුවත්පතේ සංස්කාරකවරුන් ට තම නොපහන් හැඟීම පළ කරන්නේ දින ගණනක් මූණවත් නොබලමිනි. එවැනි අත්දැකීම් ගණනාවකට ඔහු සමඟ මා මුහුණ දුන්නද ඔහු සමග පවතින අමනාපය අඹු සැමියන්ගේ බත ඉදෙන කාලය මෙන් කස්තුරි මහත්තයාගේ ඊළඟ ලිපිය ලියවෙන කාලය තෙක් පමණකි.

ඔහු සතුව පැවති අතීත දැනුම් ගබඩාවට අපට සමීප වන්නටවත් නොහැකි තරම්ය. ඔහු ළඟ සංරක්ෂණය වී තිබූ වටිනා ලිපි ලේඛන සහ ඡායාරූප  ලේඛණාගාරයකවත්  නොමැති තරම්ය.

මීට වසර කිහිපයකට පෙර කැලණි ගඟ දෙගොඩතලා ගිය මහා ගංවතුරෙන් ඔහුගේ නිවසද හසුවූ අවසථාවේ මේ ලිපි ලේඛණවලින් කොටසක් අහිමි වීම ගැන ඔහු සිටියේ තම දරුවකු නැති වූ ආකාරයේ ශෝකයකිනි.  ඔහු ඇසුරු කර ඇති ඇසූ පිරූ මිනිසුන් කෙළවරක් නැති තරම්ය. මේ පිරිස අතර ශ්‍රේෂ්ඨ යතිවරුන් , කලාකරුවන්, දේශපාලකයන්, ව්‍යාපාර තලයේ විශිෂ්ටයන්ද සිටින බව ඔහු අපට පෙන්වා ඇත්තේ ඔහු තුල සංරකෂිත සාක්ෂිද සමගිනි. ලේඛනයේ පමණක් නොව ඡායාරූප කරණයේද හැකියාවක් පෙන්නුම් කළ ඔහුට  අනන්‍ය වූ ලිවීම් කලාව තුළ යම් යම් නිර්මාණශිලී දේවල් ද කළේය. සොමසිරි මහත්තයා රිවිර පුවත් පතේදී කළ එවැනි නිර්මාණශිලී දෙයක් වූයේ පැරණි භාෂා ශෛලියට නිර්මාණය කළ පැරණි ආරක ප්‍රවෘත්ති පිටුවයි.

අසු විය පිරුවද ඉතා ශක්තිමත් තරුණයකු සේ යුහුසුළුව ලේක්හවුසිය , දිනවයින ලංකාදීපය ඇතුළු පත්තර තන්තෝරුවලටත් ගුවන් විදුලි සංස්ථාවටත් නිතර යන එන සෝමසිරි කස්තුරිආරච්චි සැබැවින්ම ඇවිදින විශ්ව කෝෂයකි. ධෛර්යවන්ත භාවයේ සහ අල්පේච්ඡ භාවයේ සංකේතයකි.

ඔහු ඉඟි කළ ආකාරයෙන් මට පොතක් දෙන්නට ඔහුට එන්නට පුළුවන් වුයේ නැත. අප පැතු හැටියට ඔහුට සුව වූයේද නැත. ඔහු අප කාටත් පරාජය කළ නොහැකි මරණය වැලඳ ගත්තේය.

ජ්‍යෙෂ්ඨ සහෘදයාණනි.. ඔබතුමන්ට  සුව නින්දක්.!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන 31 තෙක් බලපැවැත්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශනය මෙන්න

Next Post

රට වසා දමන්න… ජීවිත රැකගත හැකි මග එයයි.. රාජ්‍ය ඇමති දයාසිරි රජයෙන් ඉල්ලයි.  

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.