අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අපේ සල්ලි ඩොලර් කර ආණ්ඩුවේ ආයතනවල ආයෝජන කළ පීරමීඩ චීන්නු !

by editor
නොවැම්බර් 28, 2022
in සමාජ
Share on FacebookShare on Twitter
  • චීනෙට යන්න ගිය කෝටිපතියාගේ පුතාට සහ බිරිඳට  ඇප නෑ !

  • ඇප මත සිටි ප්‍රධාන සැකකාර ශ්‍රි ලාංකිකයාට යළි රිමාන්ඩ් !

  • සැකකරුවන් සුපිරි වාහන 11ක් අරන් !

රටේ ආර්ථිකය බිංදුවට වැටී ඇති පසුබිමක මේ පීඩනය ශ්‍රි ලංකාවේ නොදැනෙන පවුලක් නොමැති තරම්ය. මේ පීඩනය සමනය කිරීමට මුදල් සෙවීමේ පහසු මාර්ග සොයන්නෝද බොහෝය. එවැනි මුදල් සොයන්නන් මෙන්ම තමන් ළඟ ගොඩ ගසා තිබුණු කළු සල්ලි සුදු කරන්නට උත්සාහ කරන්නන් භේදයක් නැතිව අඳුරේ වළවලට වැටී ඇති ආකාරය පෙන්වන සිදුවීම් ගණනාවක් පසුගිය දිනවල අපට දැකිය හැකි විය.

තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සුපිරි ව්‍යාපාරික කතකගේ වේශයෙන් අත මිට ඇති සල්ලිකාරයන්ගේ මුදල් වංචා කරද්දී තවත් පිරමීඩ් ජාවාරම් ගණනාවකින් මේ රටේ ලොකුවට මුදල් හදල් නැති පුද්ගලයන් අමාරුවෙන් එකතු කර ගත් සල්ලි ටිකට තට්ටු කිරීමේ කතා පුවත් කිහිපයක්ම පසුගිය කාලය තුළ අපට හමුවේ දිග හැරිණි.

මේ අතරින් මෑත කාලයේ වඩාත් අවධානයට ලක්වූයේ රුපියල් කෝටි 1500ක් පමණ ගිල ගත් බව සඳහන්වන චීන ස්පොට්ස් චේන් පිරමිඩ ජාවාරමයි. චීන පරිගණක මෘදුකාංගයක් පාදක කරගෙන  ක්‍රියාත්මක වූ මෙම ජාවාරමට චීන ජාතිකයන් කණ්ඩායමක් සමඟ ශ්‍රි ලාංකිකයන් කිහිප දෙනකුද තවමත් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේය.

රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. එහිදී ඔවුන්ට ඇප ලබා දීමට සැකකරුවන්ගේ නීතීඥ මණ්ඩලය අධිකරණය හමුවේ කරුණු ගොනු කරද්දී ඔවුන්ට ඇප නොදීමට බලපාන කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ තැබුවේය.

එහිදී ඔවුන්ගේ වංචාවේ තවත් පැතිකඩ කිහිපයක් අනාවරණය වුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී අනාවරණය වුණේ මෙම ජාවාරමට සම්බන්ධ චීන ජාතිකයන් වීසා ලබා ගැනීමේදී ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මෙරට  වීසා ලබාගෙන ඇති   බවය. එයින් පසු මෙරට පුද්ගලයන්ද සම්බන්ධ කර ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති ඔවුන් එයින් උපයාගෙන අති මුදල්වල ප්‍රතිලාභ මෙරට මෙහෙයවන්නන්ටද නොඅඩුව ලබා දී ඇත.

මේ මූල්‍ය ප්‍රතිලාභවලින් මෙම ජවාරමේ ප්‍රධාන සැකකරුවා ඇතුළු සාකකරුවන් සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගෙන ඇති අතර තවත් සමහරු රුපියල් ලක්ෂ සියය ඉක්මවන වටිනාකම් ඇති නිවාස ඉදිකරමින් සිටියහ. එසේම ඔවුන් සුඛෝපභෝගී වාහන 11ක්ද මිලදී ගෙන ඇති අතර මෙම වාහන අධිකරණය භාරයට ගන්නා ලෙස නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

වැදගත් අනාවරණයක්

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී  අධිකරණයේදී  තවත් වැදගත් කරුණක් අනාවරණය විය. මෙම සැකකාර චීන ජාතිකයන්ට ස්පොට්ස් චේන් පිරමීඩ ජාවාරමෙන් උපයන ලද මුදල්වලින් රුපියල් මිලියන 1440ක් එනම් කෝටි 144ක් ඔවුන් ගේ බැංකු ගිණුම්වල තිබී සොයා තිබීමය.

එයට අමතරව ඔවුන් මෙම මුදල්වලින් කොටසක් වැය කර ඩොලර් ලබාගෙන ඇති අතර මෙම ඩොලර් ශ්‍රි ලංකාවේ රාජ්‍ය ආතනවලද ආයෝජනය කර ඇති බව අනාවරණය කරගෙන ඇත.

එයින් පෙනෙන්නේ  මෙරට පුද්ගලයන් රැවටීමට ලක් කර උපයූ මුදල් ඩොලර්  බවට පත් කොට වැඩි පොලියකට ශ්‍රි ලංකාවේ රජයට සම්බන්ධ ආයතනවල ආයෝජනය කර තිබීමය.

මීට අමතරව විශාල රත්රන් තොගයක්ද ඔවුන් මිලදී ගෙන ඇතත් මෙතෙක් ඊට අදාල විමර්ශණ සම්පූර්ණ වී නැත. එබැවින් ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස ඇප ලබා නොදීමට අධිකරණය තීන්දු කළ අතර මෙහි ප්‍රධාන සැකකරුවා වන ශ්‍රි ලාංකික පුද්ගලයා වෙනත් නඩු කටයුත්තක් වෙනුවෙන් ලබාගෙන තිබූ ඇපයද අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගත්තේය.

ජාවාරම සිදුකළ අයුරු

මෙම ජාවාරම සිදුවන්නේ නූතන ඩිජිටල් මුදල් ඒකක ලෙස සැලකෙන ක්‍රිප්ටෝ කරන්සි හරහාය. ක්‍රිප්ටෝ මුදල් ඒකක යනු ලෝකයේ මේ වනවිට ක්‍රියාත්මක  ජනප්‍රිය ආයෝජන ක්‍රමයකි.  ක්‍රිප්ටෝ මුදල් ඒකකය ලෝකයේ බොහෝ රටවල තවමත් තහනම්ය. අපේ රටේ තාමත් මේ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය පවතින්නේ ආන්දෝලනාත්මක තත්ත්වයකය.

ක්‍රිප්ටෝ මුදල්වලට පසුගිය කාලයේ මෙරට දොරටු විවර කර දෙන්නටත් ඒ සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ ම ආශිර්වාදය දෙන්නටත් ඇතැම් උදවිය වලිකෑවේ මේ තුළින් ඇතැම් පුද්ගලයින්ට කළු සල්ලි සුදු කරගැනීමට පහසුවක් වන නිසාදැයි ඇත්තේ  ප්‍රශ්නාර්ථයකි.

නමුත්  අපේ රටට ක්‍රිප්ටෝ මුදල්  ලෙසින් හදුන්වා දුන් ස්පෝට්ස් මුදල් ඒකක ලෝකයේ මේවන විට භාවිත නොවන  ක්‍රිප්ටො මුදල් ඒකක නමින් ආ ජාවාරමකි.  මෙය සැබවින්ම මහා පරිමාණ වංචාවකි. හොර ජාවාරමකි.

මෙම ජාවාරම ගැන  මුලින්ම තොරතුරු ලැබුණේ  ශ්‍රී ලංකා මහා බැංකුවේ මධ්‍යම බුද්ධි විමර්ශන ඒකකයටයි. ඔවුන්  මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට උත්සාහ කළද ඊට විවිධ බාධා එල්ල වී තිබුණි. ඒ මෙම ස්පෝට්ස් කරන්සි ජාවාරම පිටුපස  ඊට බාධාකළ අය සිටි නිසාදැයි   සැකයක් ඇත.

කෝටිපති චීනා

මෘදුකාංගයක් මඟින්  අන්තර් ජාලය ඔස්සේ  මෙම ජාවාරම කරගෙන යයි.   මෙහි මහ මොළය ලෙස සැලකෙන්නේ චීන ජාතිකයෙකි. ඔහු මෙරටට විශාල වශයෙන් චීන ආයෝජන ගෙන එන  බව කියන ප්‍රබල චීන ධනපතියෙකුගේ පුතෙකු ලෙසට මේ වන විට හදුනාගෙන ඇත. 2020 වසරේ සිට මේ දක්වා ඔහු මෙම ජවාරම කරගෙන ගොස් ඇත්තේ ඇගේ පෙම්වතිය බව කියන චීන කතක්ද සමඟ එක්වය.

ඔවුන්  මෙම ව්‍යාපාරයට  මෙරට ප්‍රධාන නියෝජිතයින් 07 දෙනෙක්ද පත්කරගෙන සිටි අතර  කොළඹ 05 තට්ටු නිවාස සංකීර්ණයක කුළියට ගත් නිවසක රැඳී සිටිමින් ඔවුන් එය මෙහෙයවා ඇත.

මේ වනවිට  මෙම වංචාවට හසුවී විශාල වශයෙන් මුදල් අහිමි කරගත් මෙරට ධනවතුන් ඇතුළු පුද්ගලයින් 70 දෙනෙකුගේ පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් මේ ගැන විමර්ශනයක් ආරම්භ කරන්නේ මෑතකදීය.

ඒ අනුව මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මහා වංචාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගත්තේය.  කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු  ශාමල් කීර්ති බණ්ඩාරය. සු‌ඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි  ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ජාවාරමේ බොහෝ තොරතුරු අපරාධ පරීක්ෂණ    දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ගත්තේය. එහිදී අනාවරණය වූයේ මෘදුකාංගය හරහා සිදුකරන මෙම  වංචාවේ මුදල් ඇදී ගොස් තිබුණේ චීනයට බවයි..

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ පළමු වරට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරයි!

Next Post

අම්පිටියේ මැර කල්ලියක මැරයෙක් A9 ගත් දරුවෙකුව භූමිතෙල් දමා ගිනි තියලා… දරුවාට අසාධ්‍යයයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.