බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අචාර්ය විමුක්තිගේ ජීවිතය බිලිගත් “එයා බෑග් මාරකය” ඔබේ වාහනය තුළත් සැඟවී තිබියි හැකියි!

by editor
පෙබරවාරි 6, 2023
in සමාජ
ආචාර්ය විමුක්ති

ආචාර්ය විමුක්ති

Share on FacebookShare on Twitter

වෛද්‍ය කණිෂ්ක අතුකෝරල –

ආචාර්ය විමුක්ති ජයවීර කියන්නේ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ ජේෂ්ඨ විද්‍යාඥයෙක්. ශ්‍රී ලංකාවේ ග්‍රැෆින් ව්‍යාපෘතියේ විශේෂ කාර්යභාරයක් ඉටු කරමින් හිටපු පුද්ගලයෙක්. ඒ හරහා ලංකාවට විදේශ ආදායම් උත්පාදනය කරන අයුරු ගැන හීන දැක්ක කෙනෙක්.

විමුක්ති සෙනෙහෙබර සැමියෙක්, තෙමස් වයසැති බිලින්දෙකුගේ පියෙක්. හොඳ මිතුරෙක්. හැමදෙනා වෙනුවෙන් යුතුකම් ඉටුකළ හැමෝම ආදරය කරපු කෙනෙක්.

එත් මේ හැමදේම අත හැරලා වයස අවුරුදු 37ක් වුණු විමුක්ති පහුගිය සිකුරාදා අපෙන් සමුගත්තේ කුඹුක ප්‍රදේශයේ සිදුවූ හදිසි අනතුරකින්.

ඒක විමුක්තිගේ කරුමයද… පවුලේ අයගේ කරුමයද…

ආචාර්ය විමුක්ති…

නැහැ…විමුක්තිගේ මරණයට ප්‍රධාන ලෙස බලපෑ හේතු දෙකක් තිබුණා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පලවෙනි හේතුව 120 ප්‍රධාන බස් මාර්ගයේ ටෙලිකොම් ආයතනයේ අලුත්වැඩියා කටයුත්තක් නිම කර අනාරක්ෂිත ලෙස ගොඩ කර තිබුණු පස් වැටිය. ඊට අදාළ පුද්ගලයන්ගේ වගකීම් රහිත ක්‍රියා ගැන කතා කරන එක පලක් ඇති දෙයක් නෙවෙයි. ලංකාව කොහොමත් මිනිස්සුන්ගේ මරණ වලින් පාඩම් ඉගෙන ගන්න රටක් නොවෙයි.

දෙවන හේතුව තමා බොහෝ දෙනෙකුට වැදගත් වන්නේ. මොකද සිකුරාදා විමුක්තිට සිදු වුණ දේ හෙට ඔබටත් ඔබේ ආදරණියයන්ටත් වෙන්න තියෙන අවදානම නිසා…

එයා බෑගයෙන් විසි වූ කැබලි…

විමුක්ති මිය ගියේ මාර්ග අනතුරේ දී සිදු වූ ඍජු ගැටීමේ ප්‍රතිඵලයක් විදිහට නෙමෙයි. අනතුරේදී සිදුවන ඝට්ටනය සමඟ ක්‍රියාත්මක වුණ එයාර් බැග් ආරක්ෂණ පද්ධතියෙන් විසිවූ යකඩ කැබැල්ලක් විමුක්තිගේ බෙල්ලේ ප්‍රධාන රුධිර වාහිනියක් කපා දැමීම නිසා සිදුවූ රුධිර වහනයෙන්…

මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්න ලෝකේ පළමු පුද්ගලයා විමුක්ති නෙවෙයි. ඉක්මනින් ක්‍රියාත්මක නොවුනොත් අවසාන පුද්ගලයාත් විමුක්ති නෙවේවි. මොකද ලංකාවේ අපි බොහෝ දෙනෙක් දිනපතා වාහනයේ ගමන් කරන්නේ මේ මාරක අනතුර වාහන ඇතුලේ ම තියෙද්දී…

විමුක්ති පාවිච්චි කල හොන්ඩා වාහනය ඇතුළු ලංකාවේ පාවිච්චි කරන සැලකිය යුතු වාහන ප්‍රමාණයක එයාර් බැග් සිස්ටම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ටකාටා (TAKATA) කියන ආයතනයෙන්. ඔවුන්ගේ එයාර් බෑග් ආරක්ෂණ පද්ධතිය ක්‍රියා කරන්නේ වාහනයේ සිදු වන ගැටීමක් සමඟ සිදුවන රසායනික පිපිරීමක් මගින්.

ඇතැම් විට එම පිපිරීමෙන් එයාර් බැග් එක ක්‍රියාත්මක වීමේදී ඒ තුළ ඇති යකඩ විල්ලක් වැනි කැබැල්ලක් (metal cartridge) කැබලි වී වාහනය තුළට ඉතා වේගයෙන් විසි වෙනවා. මේ යකඩ කැබිලි වෙඩි උණ්ඩය සේ පැමිණෙන්නේ බොහෝ විට වාහන පදවන පුද්ගලයාගේ පපුව හා ගෙල ප්‍රදේශයටයි. ඒ අනුව පුද්ගලයාට මරණීය තුවාල සිදු වෙනවා, විමුක්තිට සිදු වුණා වගේ. වාහනය පරණ වන විට මෙම පද්ධතිය සුළු ගැටීමක් නිසා පවා පුපුරා යාමේ අවදානම වැඩි වෙනවා.

ටකාටා එයාර් බැග් ආරක්ෂණ පද්ධතිය වසර 2002 සිට 2015 දක්වා නිෂ්පාදනය වුණු වාහන බොහෝ ගණනක සමන්විතයි. ඒ අතර ලංකාවේ බහුලව භාවිතා වන වාහන රැසක් ඇතුළත්. එම වාහන මොඩල් පහත ලින්ක් එකෙන් ලබා ගන්න පුළුවන්. ඔබගේ වාහනය මෙයට ඇතුළත් දැයි බලන්න. (ඇමෙරිකා එක්සත් ජනපදයේ දි මෙම මාරක දෝෂය සහිත බව හඳුනාගත් වාහන ලැයිස්තුවක්  පහත දැක්වෙනවා.   ඒ අතර ලංකාවේ බහුලව භාවිතා කරන වාහන රැසක් ඇතුළත්)

https://www.consumerreports.org/cars/car-recalls-defects/takata-airbag-recall-everything-you-need-to-know-a1060713669/#:~:text=The%20airbags%2C%20made%20by%20major,still%20yet%20to%20be%20replaced.

මේ අනතුර හඳුනා ගත්ත ඇතැම් රටවල් ටකාටා ආරක්ෂණ පද්ධතිය සහිත වාහන නැවත කැඳවීමක් (Recall) සිදු කර එම ආරක්ෂණ පද්ධති වෙනස් කිරීමක් සිදු කළා. ඒ පිළිබඳ දැනුවත්කිරීම් සහ ටකාටා එයාර් බැග් ආරක්ෂණ පද්ධතියෙන් මරණීය අනතුරු සිදු කරන අයුරු පිළිබඳ වැඩසටහන් පහත ලින්ක් හරහා බලන්න පුළුවන්.

https://youtu.be/KFdHkysWVJM  https://6abc.com/honda-recall-older-hondas…/12767232/ https://youtu.be/WkT3YMAcHlo

ඕස්ට්‍රේලියා සිටින අපගේ මිතුරෙකු සඳහන් කලේ මීට අවුරුදු කීපයකට පෙර ඔවුන් මේ අනතුර සහිත සියළු වාහන නැවත කැඳවීමක් කල බවත් එසේ නොකට වාහන වල ලියාපදිංචිය අවලංගු කල බවත්. අවාසනාවකට ලංකාවේ එවැනි අනතුරක් පිළිබඳ සමාජය දැනුවත්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නැහැ.

නමුත් දැන්වත් ප්‍රමාද නැහැ. දැන්වත් ක්‍රියාත්මක වුවහොත් අපට තවත් වටිනා ජිවිත රැසක් බේරගන්න පුළුවන්. ඒ අතර ඔබත් ඔබගේ පවුලේ අයත් සිටිය හැකියි.

ඒ නිසා හැකි පමණ මෙම කරුණු බෙදා ගන්න. අදාළ වාහන ආයතන සමඟ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි මෙම මාරක ආරක්ෂණ පද්ධතිය වෙනස් කිරීමට.

වාහන ඉංජිනේරු ශිල්පයේ වියතුන්ගෙන් අප ඉල්ලා සිටිනවා මේ පිළිබඳ වඩා තාක්ෂණික තොරතුරු මගින් සමාජය දැනුවත් කරන ලෙසට.

නීති ක්ෂේත්‍රයේ උගතුන්ගෙන් අප ඉල්ලා සිටිනවා මෙහි නීතිමය තත්ත්වය පිළිබඳ සමාජය දැනුවත් කරන ලෙස.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මිතුරන්ගෙන් අප ඉල්ලා සිටිනවා මේ පිළිබඳ ජනතාව දැනුවත් කරන ලෙසට.

සමාජ ජාලා පිටු හිමි මිතුරන්ට ඔවුන්ගේ පිටු හරහා මෙම කරුණු පිළිබඳ පොස්ට් නිර්මාණය කරලා මිනිස්සු දැනුවත් කරන්න පුළුවන්.

( වෛද්‍ය කණිෂ්ක අතුකොරලගේ මුහුණු පොතෙන් උපුටා ගැන්නා ලදී…)

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 54 රාජ්‍ය මුදල් වංචාවක් ගැන CID පරීක්ෂණයක් වෙනුවට ජනාධිපතිගෙන් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය?

Next Post

ඒ යහපත් පුද්ගලයා යළිත් ඝාතනය නොකරන්න… මිය ගිය දිනේෂ් ෂාෆ්ටර් ගැන ඔහුගේ පියා චන්ද්‍ර ෂාෆ්ටර් මුල් වරට කතා කරයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

Comments 1

  1. Kdb says:
    වසර 3ක් ago

    Thanks for your awareness.
    It's a great service

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.