බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

“ශානි පාස්කු විමර්ශනයෙන් ඉවත් කරන්න…” සලේ ගේ නීතිඥවරු අධිකරණයට කියන්නේ ඇයි?

by editor
මාර්තු 27, 2026
in සමාජ
Shani-Abeysekeras
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉවත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන ඇතුළු නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ ඊයේ (26) ප්‍රතික්ෂේප කළේය.

ශානි ඉවත් කරන්න

2019 වසරේදී කතෝලික දේවස්ථාන සහ තරු පන්තියේ හෝටල් ඇතුළු ස්ථාන 8කදී අන්තවාදීන් විසින් බෝම්බ මාලාවක් පුපුරුවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර යටතින් වෙනත් අංශයකට මාරු කරන ලෙස විත්ති පාර්ශ්වයෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා මෙලෙස ප්‍රතික්ෂේප කළේය.
එම විමර්ශනය ආරම්භ කර ඇත්තේ ඔහු විසින් බව කී මහේස්ත්‍රාත්වරයා, මෙම ඉල්ලීම ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු එකක් බව සඳහන් කළේය.

“මේ විමර්ශනය සිදු කරන විමර්ශකයා ඉවත් කළහොත් අගතිදායක තත්ත්වයක් විමර්ශනයට සිදු විය හැකියි. එසේ සිදු කිරීමට අවශ්‍ය වුවහොත් කරුණු ඉදිරියේ දී සලකා බලනවා” යැයි කී මහේස්ත්‍රාත්වරයා දැනට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය.

ශානිට එරෙහිව අධිකරණයේ මතු වූ තර්ක

මෙම විමර්ශනය සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර විමර්ශනයේ සාක්ෂි වසන් කරමින් කටයුතු කරන බවත්, ඔහු පාස්කු විමර්ශනවල සැකකරුවෙක් ලෙස නම් කර ඇති අයකු බවත් කියමින් මෙම විමර්ශනය ඔහුගෙන් ඉවත් කර ඕනෑම අංශයකට මාරු කරන ලෙස සුරේෂ් සලේ නමැති තුන්වන සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේය.

“ස්වාමීනී, මෙම විමර්ශනය සිදු කරන්නේ කොමිෂන් සභා ඇතුළු පරීක්ෂණ ගණනාවක දී සැකකරුවෙක් ලෙස නම් කළ අයෙක්. දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඔහු දේශපාලනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා දැනුම් දී තිබෙනවා. මගේ සේවා දායකයා වන සුරේෂ් සලේට වාසි සහගත එකදු සාක්ෂියක් වත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර නැහැ. ඒ වගේම චැනල් 4 නාළිකාවේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනතෙක් විමර්ශන කර නැහැ. මුලින්ම තොරතුර ලැබුණු පියතුමාගෙන්වත් ප්‍රකාශ ගෙන නැහැ. පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් කතා කළ බවට මරාගෙන මැරෙන ප්‍රහාරය මෙහෙය වූ මොහොමඩ් සහරාන්ගේ බිරිය හාදියා විසින් වසර 6කට පෙර දුන් ප්‍රකාශවල සටහන් කර නැහැ. එම ප්‍රකාශය සටහන් කර තිබුණේ මෙම අධිකරණයේ පූර්වාගමී මහේස්ත්‍රාත් විනිසුරු දැනට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකයි.”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“වසර 6කට පසුව ඇයගේ කටහඬ ඇසුණු බවට ඇය නැවත ප්‍රකාශයක් දී තිබෙනවා. මෙය පිළිගත හැකිද? එදා කාත්තන්කුඩි පුපුරුවා හැරීමේ දී සාරාගේ කටහඬ ඇසුනු බව මොහොමඩ් හාදියා කිව්වේ නැත්තේ ඇයි? ඩී.එන්.ඒ. පරීක්ෂණයට බලපෑම් කළ බවට සාක්ෂි තිබෙන බව කියනවා. ඒත් එහෙම බලපෑම් කළේ නෑ කියන පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි අධිකරණයට ගොනු කර නැහැ” යැයි ද නීතිඥ අසිත් සිරිවර්ධන පැවසීය.

එහිදී මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් විමර්ශකයන්ගෙන් කරුණු විමසා සිටියේය.

“127-1 යටතේ මොහොමඩ් කලීල් ඉර්ෆාන් නමැති අය ප්‍රකාශයක් දී තිබෙනවා. අපිට එය ලැබී නැහැ. එය පැමිණිල්ලට දී තිබෙනවා. මෙය සාධාරණ විමර්ශනයක් නෙමෙයි. තම තමන්ගේ නඩුව විමර්ශනය කරන්නේ නැහැ. ලැදියාවන් අතර ගැටීමක් නොතිබිය යුතුයි. ඔහුගෙන් විමර්ශන ඉවත් කර ඕනෑම අයෙකුට පවරන්න” යැයි ද එහි දී නීතිඥ අසිත් සිරිවර්ධන ඉල්ලා සිටියේය.

පළමු සහ දෙවැනි සැකකරුවන් අධිකරණයට දැක්වූ කරුණු

පළමු සහ දෙවන සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ රසික බාලසූරිය, ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥ මඬුල්ල මෙසේ කරුණු දැක්වීය: “ස්වාමීනී, 2019 අප්‍රේල් මස 21 වැනි දින ප්‍රසිද්ධ ස්ථාන 8ක් කේන්ද්‍ර කරගනිමින් සිදු වූ මෙම බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව සිදු කළ සාක්ෂි කිසිවක් අපේ සේවා දායකයන්ට එරෙහිව ඉදිරිපත් වී නැහැ. එදින දෙස් විදෙස් පුද්ගලයන් 274ක් මිය ගොස් 592ක් බරපතළ තුවාල ලබා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල මෙම අයට එරෙහිව සාක්ෂි නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය අභියෝගයට ලක් කර නැහැ. තමාගේ වගකීම ඉටු කිරීම පැහැර හැරි බවට චෝදනා ගොනු කරලත් නැහැ.

2018.11.30 වව්නතිව් මාර්ග බාධකයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ අපරාධයක් කළ බවටවත්, පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන්වත් මොවුන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කර නැහැ. පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වැනිදා අත්අඩංගුවට ගෙන රඳවා සිටි මොවුන් දෙදෙනා මාර්තු මස 12දා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. අමතර කරුණු නැතිව වැඩිදුර විමර්ශන කියමින් රක්ෂිත බන්ධනාගාරගත කරන්න බැහැ.”

මහේස්ත්‍රාත්වරයා සහ රහස් පොලිසිය අතර සංවාදය

එහිදී මහේස්ත්‍රාත්වරයා සහ රහස් පොලීසිය අතර මෙලෙස සංවාදයක් ඇති විය.

මහේස්ත්‍රාත්වරයා: 1 සහ 2 සැකකරුවන් දෙසැම්බර් 10 ඉදිරිපත් කිරීමෙන් පසුව විමර්ශනයේ අනාවරණය වූ වැඩිදුර කරුණු මොනවාද? 2019 ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ ඊට පෙර සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි තිබෙනවාද?
රහස් පොලීසිය: ඔව් ස්වාමීනී.
මහේස්ත්‍රාත්වරයා: 1 වන සහ 2 වන සම්බන්ධයෙන්ම සාක්ෂි තිබෙනවාද?
රහස් පොලීසිය: 2 වන සම්බන්ධයෙන් සාක්ෂි තිබෙනවා ස්වාමීනී.
මහේස්ත්‍රාත්වරයා: ඒ මොනවාද?
රහස් පොලීසිය: වවුනතිව් සිද්ධිය ගැන සාක්ෂි තිබෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරය ගැන සාක්ෂි නැහැ.
මහේස්ත්‍රාත්වරයා: 2 වන සැකකරු සම්බන්ධයෙන් පසුව අනාවරණය වූ සාක්ෂි මොනවාද?
රහස් පොලීසිය: දෙවන සැකකරු මෙම ඝාතනය සිදු කළ පුද්ගලයෙක් ඔහුගේ නිවසේ රඳවා තබාගෙන තිබෙනවා. 2 වන සැකකරුට අයත් ජැකට්ටුවක් ඝාතනය වූ ස්ථානයේ තිබී හමු වී තිබෙනවා. ඔහු එම ස්ථානයට සිද්ධිය වූ දින උදේ ගොස් ඇති බවට සාක්ෂි තිබෙනවා, ඔහු කිසිම රාජකාරි සටහනක් තබා නැහැ. ඔහු ඒ සම්බන්ධයෙන් සාධාරණ පිළිතුරක් ලබා දී නැහැ.
මහේස්ත්‍රාත්වරයා: ඉන් අපරාධමය සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත්ව නැහැ නේද? රාජකාරි පැහැර හැරීම, අවංකභාවය පැහැර හැරීම වැනි වරදවල් නේද අනාවරණය වන්නේ.
රහස් පොලීසිය: ඔහුගේ නිවසේ තිබූ ජැකට්ටුව එම ස්ථානයේ තිබී හමු වී තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා: ඉන් 2 වන සැකකරු එහි ගිය බව ගම්‍ය වනවාද?
රහස් පොලීසිය: පරිවේෂණීය සාක්ෂි අනාවරණය වන අතර දුරකතන විශ්ලේෂණ වාර්තා මඟින් ඒ බව අනාවරණය වනවා.
මහේස්ත්‍රාත්වරයා: මෙතෙක් අනාවරණය වූ කරුණුවලට අමතරව වෙනත් කරුණු අනාවරණය වී නැහැ.
රහස් පොලීසිය: ස්වාමීනී පසුගිය මාර්තු මස 11 දින නඩුව කැඳවූවා. එදිනට පසු දින 12 වැනිදා රාත්‍රියේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් තොරතුරුකරුගේ නිවසට ගිහින් තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා: ඒ බව අනාවරණය වන්නේ කොහොමද?
රහස් පොලීසිය: ස්වාමීනී තොරතුරුකරු යුද හමුදා බුද්ධි අංශයට තොරතුරු සැපයූ අයෙක්.
මහේස්ත්‍රාත්වරයා: 127 යටතේ ප්‍රකාශයක් ලබා දුන් අයෙක්ද?
රහස් පොලීසිය: ඔව් ස්වාමීනී, එම පුද්ගලයාගේ නිවසට යුද හමුදා බුද්ධි අංශය ගිහින් තියෙන්නේ.
මහේස්ත්‍රාත්වරයා: බුද්ධි අංශ ගිහින් තියෙන්නේ සාක්ෂිවලට බලපෑම් කරන්නද?
රහස් පොලීසිය: ඔහු සාක්ෂිය ලබා දුන් නිසා එහි පැමිණි බවයි ඔහුගේ ස්ථාවරය.
මහේස්ත්‍රාත්වරයා: බුද්ධි අංශ ගිහින් තියෙන්නේ සාමාන්‍ය ක්‍රියාදාමයක් හේතුවෙන්ද? සාමාන්‍ය පිළිවෙළ වන්නේ නියෝග ලබාගෙන නීත්‍යනුකූල ක්‍රමවේදයකට අනුව යාමයි. සාක්ෂියට බලපෑම් කර තිබේනම් එය අපරාධමය වරදක්. නමුත් එය සාක්ෂියට බලපෑම් කළ බවට පිළිගත හැකි කරුණු තිබිය යුතුයි. බලපෑමක් කර තිබේනම් වහාම පියවර ගන්න.
මහේස්ත්‍රාත්වරයා: ඊට අමතරව නව සාක්ෂි අනාවරණය වූවාද?
රහස් පොලීසිය: වර්තමාන ජනාධිපති ලේකම්වරයාගෙන් ලේඛන සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත යුතුයි.
මහේස්ත්‍රාත්වරයා: විමර්ශන කර අපරාධ වරදක් අනාවරණය වන්නේ නම් වහාම පියවර ගන්න.

සුරේෂ් සලේ ගැන අධිකරණයේ මතුවුන දේ

තෙවන සැකකරු වන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ අසිත් සිරිවර්ධන යළිත් මෙසේ කියා සිටියේය.

“ස්වාමීනී, මේ කරුණු සටහන් කරන්න. යුක්තිය පසිඳලීමේ නීති කෘත්‍ය අපගමනය වීමක් සිදු වෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකාවේ FBI ආයතනය, එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය පවා විමර්ශන සිදු කළා. අමෙරිකාවේ නඩු පැවරීමක් පවා සිදු කළා. මගේ සේවාදායකයා වන සුරේෂ් සලේ සම්බන්ධයෙන් සඳහනක්වත් නැහැ. මහමොළකාරයා කියලා එහි සඳහන් වන්නේ නැහැ.”

“අපේ රටේ විවිධ කොමිෂන් සභා, තේරීම් කමිටු, විවිධ කමිටු පරීක්ෂණ කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ වාර්තාවේ නිර්දේශ 24ක් 2019.07.19 දක්වා තිබෙනවා. වෙනත් අදෘශ්‍යමාන හස්තයක් තිබේද යන්න පරීක්ෂා කරන ලෙස එහි දක්වා තිබෙනවා. විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස එහි නිර්දේශ කර තිබෙනවා. “

“හිටපු පොලිස්පති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු බුද්ධි ප්‍රධානී ඇතුළු පිරිසකට නඩු පවරන ලෙස නිර්දේශ කර තිබෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභාවේ සහ විවිධ වාර්තාවල මේ සම්බන්ධයෙන් නිර්දේශ දී තිබෙනවා. ජනක් ද සිල්වා විනිසුරු ඇතුළු විනිසුරුවන් 5 දෙනෙකුගෙන් යුක්ත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ ප්‍රකාශ 1588ක්, සටහන් 457ක්, සාක්ෂි 2377ක්, පිටු 30,000ක් සහිතයි. පුද්ගලයන් 10කට නඩු පවරන්න නිර්දේශ කර තිබෙනවා. එහි හිටපු ජනාධිපතිවරයාත් ඇතුළත්. ඒ එකකවත් මගේ සේවා දායකයා ගැන වචනයක්වත් නැහැ. “

“එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති, දැනට වත්මන් මහජන ආරක්ෂක ලේකම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අයට නඩු පවරන්න කියලත් නිර්දේශ වී තිබෙනවා. එක් නඩුවක විත්තිකරුවන් 25ක් සිටිනවා.”

“ස්වාමීනී, මේ සිද්ධියට අදාළ පැමිණිල්ලේ එකම ප්‍රකාශයක්වත් ගෙන නැහැ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට යොමු කළ පැමිණිල්ලකට අදාළව මේ විමර්ශනය ආරම්භ කර තිබෙනවා. පැමිණිලිකරු ජූඩ් රොෂාන් සිල්වා පියතුමා සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ගෙන නැහැ. ප්‍රකාශ ගත යුතුයි නේද?”

මහේස්ත්‍රාත්වරයා: රූපවාහිනී වැඩසටහනක් මත විමර්ශන කරන්න කියලා නේද තියෙන්නේ.

නීතිඥ අසිත් සිරිවර්ධන:” බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාවේ දේශපාලන රැකවරණ මත සිටින අයෙක් කළ වාර්තාමය වැඩසටහනක්. ඒ පුද්ගලයාගෙන් ප්‍රකාශ ගන්න උත්සාහ කර තිබෙනවාද? අසාද් මවුලානා මේ නාළිකාවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ තිබෙනවා. ඉන් ඉල්ලීමක් කළ විට අසාද් මවුලානා කැමැත්ත දී නැති නිසා එය ලබා දීමට බැරි බව කියා තිබෙනවා. එහෙම කැමැත්ත දෙන්න බැරි කෙනෙක් ප්‍රකාශයක්වත් නොදී කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ කොහොමද? “

“කාලය ගත කළත් තොරතුරු නැහැ. පුද්ගලයන් 108ක් සාක්ෂි ලබා දී තිබෙනවා. සාරාගේ ඩීඑන්ඒ ගන්න කියලා බලපෑම් කළ බවට, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බලපෑම් කළ බවට සාක්ෂි තිබුණද බලපෑම් කළේ නැහැ කියපු පොලිස් නිලධාරීන් දෙන්නාගේ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර නැහැ. රොහාන් ප්‍රේමරත්නගේ ප්‍රකාශය අවාසි සහගත නිසා සාක්ෂි සම්පිණ්ඩනවලට දාලා නැහැ.”

මහේස්ත්‍රාත්වරයා: ඇයි ඒ සාක්ෂි ඉදිරිපත් කර නැත්තේ?

රහස් පොලීසිය: වැදගත්කමක් නැති නිසා.

මහේස්ත්‍රාත්වරයා: එක පාර්ශ්වයකට වැදගත්කමක් නැති වුණත් විමර්ශනයට වැදගත් විය හැකියි.

නීතිඥවරයා: නියෝජ්‍ය පොලිස්පති තිලකවර්ධනගේ ප්‍රකාශ, රොහාන් සිරිවර්ධනගේ ප්‍රකාශ සම්පිණ්ඩන අධිකරණයට ඉදිරිපත් කරන්න. හේමසිරි ප්‍රනාන්දු හමු වුණා නම් කොයි කාලෙද හමු වුණේ. ජූඩ් ක්‍රිෂාන්ත පෙරේරා දරුණු ලෙස විමර්ශනයට බලපෑම් කරන සාක්ෂිකරුවෙක්. ඔහු කියනවා ප්‍රහාරයට මාස එක හමාරකට පෙර පන්සල් පල්ලි ඡායාරූපගත කර දෙන්න කිව්වා කියලා. ඊට පසුව මගේ සේවාදායකයා කතා කළා කියලා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා නැහැ. මාසයකට ආසන්න කාලයක් රඳවා සිටියත් දින 5යි ප්‍රශ්න කර තිබෙන්නේ. මේජර් නිලන්ත, සේනක ගෙන්වා ප්‍රශ්න කර නැහැ. ඒ ඡායාරූප දුන්න නම් බරපතළ ප්‍රශ්නයක්. විමර්ශකයා නිර්පාක්ෂික විය යුතුයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවකට වරෙන්තු නිකුත් කර තිබූ සහරාන් අත්අඩංගුවට ගෙන නැහැ. ඔහු තොරතුරුකරුවෙක් බවට සටහන් කර තිබෙනවා. පියතුමාගේ ප්‍රකාශ ලබා ගන්න.

මහේස්ත්‍රාත්වරයා: විමර්ශනය අගතිදායක ලෙස කටයුතු කර තිබෙන බවට අගතියට පත් පාර්ශ්වයට හැඟී යනවාද?
එම පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය: විමර්ශන ගැන සෑහීමකට පත් වෙනවා.

පැමිණිල්ල: ස්වාමීනී, මේ විමර්ශනය සංකීර්ණ විමර්ශනයක්. සාක්ෂි සම්බන්ධයෙන් විවෘතව කියන්න බැහැ. වරින් වර සාක්ෂි ගෙන තිබෙන්නේ. විවෘත අධිකරණයේ මෙහි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කියන්න බැහැ.

මහේස්ත්‍රාත්වරයා: විවෘත අධිකරණයේ කියන්න බැරිනම් කොහොමද වාර්තා කරන්නේ. නොකර ඉන්නවාද? මොකක්ද ක්‍රමවේදය?
රහස් පොලීසිය: ස්වාමීනී පැමිණිලි පාර්ශ්වයට සැලැස්මක් තිබෙනවා. අර ප්‍රකාශ ගත්තද නැද්ද කියන පිළිතුරු දෙන්න බැහැ. තෙවන සැකකරුට එරෙහිව සෑහෙන සාක්ෂි ප්‍රමාණයක් තිබෙනවා.

සියලු කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා ඉදිරි දින අධිකරණයට සවිස්තරාත්මක වාර්තාවක් ගොනු කරන ලෙස නියෝග කළේය.

මෙම විමර්ශනයට අදාළව මේ වන විට රඳවා ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ ලබන අප්‍රේල් මස 22 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය. එසේම මේ සම්බන්ධයෙන් සැකකරුවන් වන පොලිස් කොස්තාපල් ජෙගිල් බාස් සහ පොලිස් පරීක්ෂක සරත් සමන්ත යන දෙදෙනාට ඇති වරදවල්වලට අදාළව සාක්ෂි සම්පිණ්ඩන ඉදිරිපත් කරන ලෙසත්, එතෙක් ඔවුන් ලබන අප්‍රේල් මස 09 තෙක් රිමාන්ඩ් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නීතිඥ සහාය ලැබීමට බාධා බෑ…. අධිකරණය සීඅයිඩියට කියයි

මේ වන විට රඳවා සිටින සුරේෂ් සලේ නීතිඥයින්ට හමුවීමට ඉඩ ලබා දෙන ලෙසත්, නීතිඥ සහාය ලබා ගන්නා අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනෙකුට වඩා කතා කරන දේවලට සවන් දෙමින් සිටින බවත් නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් සිදු කරන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, තෙවන සැකකරු සම්බන්ධයෙන් නීතිඥ සහාය ලබා ගන්නා අවස්ථාවේ සවන්දීමට නොහැකි බවත් විමර්ශකයන්ට ඉන් ඉවත්ව සිටින ලෙසටත් උපදෙස් දුන්නේය. එය වරප්‍රසාදයක් බව කී මහේස්ත්‍රාත්වරයා ඊට බාධා නොකරන ලෙස ද පොලීසියට උපදෙස් ලබා දුන්නේය.

“සැකකරු නිරීක්ෂණය කරන අවස්ථාවේත් ඒ බව මට දැනුම් දුන්නා. මම අවශ්‍ය නියෝග එහි දී ලබා දුන්නා” යැයි ද කී මහේස්ත්‍රාත්වරයා, නීතිඥවරයෙක් නම් කරන ලෙසත් අවශ්‍ය කාලය ලබා දෙන ලෙසත් ලේඛන සඳහා අත්සන් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ගන්න…

එසේම චැනල් 4 නාළිකාවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඒ පිළිබඳ වාර්තා කරන ලෙසත් මෙම විමර්ශනයට අදාළව සාක්ෂි ලබා දුන් අයගේ ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් රහස් පොලීසියට නියම කළේය.
එම ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි නම් ඒ කවුරුන්ද යන්න සහ ප්‍රකාශ ඉදිරිපත් කළ නොහැකි වන්නේ කුමන කරුණක් නිසා ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එම කරුණු සලකා බලා අවශ්‍ය අධිකරණ නියෝග එහිදී ලබා දෙන බව ද කියා සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉරාන බලාගාරවට අද එල්ල කිරීමට තිබූ ප්‍රහාරය ලබන 06 තෙක් කල් දමනවලු… ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්!

Next Post

රුසියාවෙන් ඉන්ධන ගැනීමට රුසියානු සැපයුම් කරුවන් සමග කෙරෙන තීරණාත්මක සාකච්ඡාව අද!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.