බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ශ්‍රී ලංකාවේ තුවක්කු භාවිතයේ ඉතිහාස කතාව

by editor
මැයි 7, 2021
in සංස්කෘතිය
ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවමකි. අන්තර්ජාලයෙන් උපුටා ගැනුණි....

ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවමකි. අන්තර්ජාලයෙන් උපුටා ගැනුණි....

Share on FacebookShare on Twitter

ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු –

තුවක්කුව අද අපගේ ආරක්ෂක කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රචලිතම අවිය ලෙස හැඳින්වුවහොත් නිවැරදි ය. සරල තත්ත්වයක සිට ස්වයංක්‍රිය තත්ත්වය දක්වා වූ විවිධ ස්වරූපයන්ගෙන් යුතු තුවක්කු මේ අතර වෙයි.

මේ කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ තුවක්කුවට හිමිවනුයේ සියවස් පහක පමණ ඉතිහාසයකි. ඓතිහාසික මූලාශ්‍රයකට අනුව තුවක්කුව ශ්‍රී ලංකාව තුළ භාවිතයට පැමිණ ඇත්තේ පෘතුගීසින්ගේ පැමිණීමත් සමඟ ය. ඒ වනවිට ශ්‍රී ලංකාවෙහි භාවිතයට ගැනුණේ  දුනු, හී, තෝමර, හෙලි සහ කෙටේරි වැනි සාම්ප්‍රදායික අවි ය. මෙවන් පසුබිමක් හමුවේ පෘතුගීසින් මෙරටට පැමිණ සිය යුධ ශක්තිය ප්‍රදර්ශනය කිරීම සිංහලයින්ගේ විමතියටත්, භීතියටත් හේතු විය.

“කාලතුවක්කු කියන වෙඩිලි ශබ්ද යුගන්ධර පර්වත හෙණ හඩටත් වැඩිය කියාත් කාලතුවක්කු උණ්ඩය ගව් ගණන් ගොසින් වන් කළ ගල් කෝට්ට, යකඩ කෝට් පොඩි වෙයි කියාත් පමණක් නැති විස්තර වශයෙන් සැල කළෝය” යනුවෙන් සිංහලයින් විසින් ධර්ම පරාක්‍රමබාහු රජුට පෘතුගීසීන්ගේ පැමිණීම සැළකරන ලද අයුරු “රාජාවලි” කතුවරයා දක්වා ඇති ආකාරයෙන්ම ඒ බව සනාථ වෙයි.

17 වන සියවසේ සිංහල තුවක්කුවක්

එසේ වුවත් මහනුවර යුගය වනවිට යුධ අවියක් ලෙස තුවක්කුවට ප්‍රමුඛත්වයක් හිමි විය. ඒ වනවිට එය ශ්‍රී ලංකාවෙහි සිටි විදේශීය හමුදාවන්ගේ පමණක් නොව සිංහල හමුදාවන්ගේ ද ප්‍රධාන අවිය බවට පත්විය. රොබට් නොක්ස් සඳහන් කරන පරිදි ඉලක්කය බලා වෙඩි තැබීමට පුරුදුවීම රජුගේ (දෙවන රාජසිංහ) විනෝද ක්‍රියාවක් ද විය. (An Historical Relation of Ceylon – Robert Knox)

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

තුවක්කු ප්‍රෙභ්ද

මහනුවර යුගයේදී ප්‍රධාන වශයෙන් තුවක්කු ප්‍රභේද පහක් භාවිතයේ පැවතුණි. එනම් කොඩිතුවක්කු, ගිනිතුවක්කු, කාලතුවක්කු, පිස්තෝල හා බොණ්ඩික්කුල (බොන්දික්කුල) යි. මේ අතරින් කොඩිතුවක්කු යනු තුන් පා ආධාරයක් මත තබා වෙඩි තබන තුවක්කු විශේෂයකි. “ගින්ජල්” (gingalls) නමින් ද හැඳින්වුණු මෙම තුවක්කු විශේෂය පෘතුගීසි ලේඛනවල හඳුන්වා ඇත්තේ (Mosquetes de pee) නමිනි. එහි තේරුම පා තුවක්කුව (Foot Muskets)  යන්නයි. බොණ්ඩික්කුල යනු දේශීයව නිපදවා ගත් කාලතුවක්කු විශේෂයකි. මෙම තුවක්කු වර්ග භාවිතයෙන් සම්බන්ධයෙන් සාහිත්‍යමය මූලාශ්‍රයන්ගෙන් ද අපට තොරතුරු ලැබේ. ඒ සඳහා නිදසුන් දෙකක් පහත දැක්වේ.

“කාල සැදී පිස්තෝල බොන්දික්කුල සහ නොයෙකුත් තුවක්කු ද
කෝල කුන්තචි පරසුපාර වළලු කඩු දුනු සෙල්ල මුගුරු ද”

(ඉංග්‍රීසි හටන – 53 කවිය)

“තුන් සියයක් භටයින් මහ – තුවක්කු මුර පාම පිරිස
තව සියයක් කොඩිතුවක්කු – සෙබළුන් යොදමින් එම ලෙස”

(මන්දාරම් පුර පුවත – 543 කවිය)

මහනුවර යුගයේ දී සිංහල සේනාංක ක්‍රම දෙකකට මෙම තුවක්කු සපයා ගෙන තිබේ.  ඉන් එක් ක්‍රමයක් නම් ආක්‍රමණකාරී විදේශීය හමුදාවන්ගෙන් පැහැර ගැනීමයි. එලෙස පැහැරගත් අවි යුධ කටයුතු සඳහා භාවිතයට ගත් අතර ඇතැම්විට ඒවා යුධ ජයග්‍රහණ ප්‍රදර්ශනය කරනු වස් සිහිවටන ලෙස තබාගෙන ඇති අවස්ථා ගැනද සඳහන් වේ. රොබට් නොක්ස් සඳහන් කරන පරිදි දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ගෙන් පැහැරගත් කාලතුවක්කු අටක් හෝ නවයක්ද එලෙස සිහිවටන ලෙස තැන්පත් කර තිබුණි. එම අවි භාවිතයට ගෙන ඇත්තේ විශේෂ උත්සව අවස්ථාවන්හීදී බව ද ඔහු සඳහන් කරයි. තුවක්කු සපයාගත් අනෙක් ක්‍රමය නම් දේශීයව නිපදවා ගැනීමයි.

තුවක්කු කරුවෙක්… (දැරණියගලගේ පිටපත් කිරීමකි)

තුවක්කු නිපදීම

17, 18 සියවස්වල දී පටන්ම රට තුළ තුවක්කු නිපදවා ගත් බව ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් සනාථ වේ.  රොබට් නොක්ස් සඳහන් කරන පරිදි “තුවක්කු නිෂ්පාදකයින් නියම ලෙසටම එල්ලය අල්ලන්නට හැකිවන පරිද්දෙන් තුවක්කු අත්හදා බලා ඉක්බිත්තෙන් රජු අතට පත් කරවයි“ යන්න ඒ අතරින් වැදගත් සාක්ෂියකි. එලෙස දේශීයව නිපදවා ගත් තුවක්කු කිහිපයක් දැනට මහනුවර හා කොළඹ ජාතික කෞතුකාගාරවල සහ පිටකොටුව ඕලන්ද කෞතුකාගාරයෙහිද දැකිය හැකිය.

ඒ හැරුණ විට තවත් විශිෂ්ට ගණයේ දේශීය තුවක්කු කිහිපයක් විදේශීය කෞතුකාගාරවලද තැන්පත් කර තිබේ. දැනට නෙදර්ලන්තයේ (කලින් ඕලන්දය) වින්ඩ්සර් (Windsor) මාලිගයේ තැන්පත් කර ඇති තුවක්කුව ඒ අතරින් විශිෂ්ට නිර්මාණයකි. 1740 දී නිපදවා ඇති මෙය ගිනිගලක ආධාරයෙන් පත්තුවෙන තුවක්කුවකි. (Flintlock Gun) සිංහලයින් අතින් නිර්මාණය වුවද මෙහි ඇති කැටයම් යුරෝපීය සැරසිලි රටා අනුකරණය කර නිමවා ඇතැයි හොවාඩ් එල්. බ්ලැක්මෝර් සඳහන් කරයි. (Royal Sporting Gun at Windsor – Howard L. Blackmore).මුළු දිග අඟල් 60.25 ක් වන තුවක්කු බැරලය අඟල් 45 ක් දිගැතිය. බටයේ විෂ්කම්භය (Calibre) අඟල් 0.55 කි. තුවක්කු වල්ල (ලී මිට) ඉන්දියානු බුරුත ලීයෙන් තනා තිබේ. මෙහි විසිතුරු ලෙස නිර්මාණය කර ඇති සැරසිලි රටා, රිදියෙන් ඔබ්බවා ඇති අතර තුවක්කු මල්ලෙහි සැරසිලි රටා අතරෙහි ශාන්ත අගෝස්තීනු  (St. Augustine) හා ශාන්ත තෝමස් (St. Thomas)  රූපද දක්වා තිබේ.

කැටයම් සහිත පුරාණ සිංහල තුවක්කු

නෙදර්ලන්තයේ රයිකිස් කෞතුකාගාරයෙහි    (Rayikis museum) ඇති 1745 දී ලෙව්කේ දිසාව විසින් රාජසිංහ රජුට තෑගි කරන ලද කාලතුවක්කුව සහිත රථය ද තවත් විශිෂ්ට ගණයේ දේශීය නිෂ්පාදනයකි. මෙම තුවක්කුව, ඉර, අඩ සඳ, රාජනීය සිංහ රූපය හා ලියවැල් රටාවලින් අලංකෘතය. එසේම මෙහි ශත වර්ෂ 1667 (1745) දී ලෙව්කේ දිසාව විසින් තෑගි කරන ලද පුවත සිංහල බසින් සඳහන් කර ඇති ලේඛනයක් ද වෙයි. මෙම තුවක්කුව 1765 දී ලන්දේසී ආණ්ඩුකාර ජැන් බැරොම් වෑන් එක්  (Jan Barom Van eck) විසින් මහනුවර රජ මාලිගය අල්වා ගැනීමෙන් පසුව ඔහු විසින් ඕලන්දයේ බ්‍රාස්වික්  (Braswijk) සිටුවරයාට තෑගි කොට තිබේ.  (A Catalogue of Antiquities and Other Cultural Objects From Sri Lanka – Abroad)

රාජකීය තුවක්කු සහ යුද්ධයට භාවිත කළ තුවක්කු

සමකාලීනව නිෂ්පාදනය කරන ලද විශේෂයෙන් රාජකීය පරිහරණය සඳහා වෙන් වූ තුවක්කු එලෙස විසිතුරු ලෙස නිමවා තිබූ අතර ඒ සඳහා රන්, රිදී, මැණික් හා ඇත් දළ ද උපයෝගී කරගත් බව රොබට් නොක්ස් සඳහන් කරයි. එහෙත් සාමාන්‍යයෙන් යුධ කටයුතු සඳහා භාවිතා කළ තුවක්කු එලෙස කලාත්මක ලක්ෂණවලින් අනූන නොවීය.

මේ අතර තුවක්කු සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් බහාලීම සඳහා හරක් අංවලින් විසිතුරු ලෙස කොපු නිමවා තිබුණි. මෙවැනි වෙඩි බෙහෙත් කොපු කිහිපයක් අපගේ ප්‍රධාන ජාතික කෞතුකාගාරවලදී දැකිය හැකිවේ. ඕලන්ද පාලකයින් විසින් සිය යුධ අවශ්‍යතා සඳහා මහා පරිමාණ ලෙස වෙඩි බෙහෙත් ගබඩාකර තැබීමට   ප්‍රධාන බලකොටු ආශ්‍රිතව වෙඩි බෙහෙත් ගබඩා ඉදිකර තිබූ අතර ඒවා මුළුමනින්ම ඔවුන්ගේ පාලනය යටතේ පැවතුණි.

හරක් අඟෙන් කළ වෙිඩබෙහෙත් කොපු

මහනුවර යුගය වනවිට තුවක්කුව සිංහල හමුදාවේ ප්‍රචලිතම අවිය බවට පත්වූවා සේම ඒ සම්බන්ධයෙන් කොඩිතුවක්කු ලේකම්, වදන තුවක්කු ලේකම්, බොණ්ඩික්කුල ලේකම් වැනි තනතුරු කිහිපයක් ද බිහි විය. මේ අතරින් වැදගත් තනතුරක් වූයේ කොඩිතුවක්කු ලේකම්  තනතුරය. කොඩිතුවක්කු නිලමේ හෝ කොඩිතුවක්කු මොහොට්ටාල යන නමින් ද හැඳින් වූ ඔහු කොඩිතුවක්කු සේනාංකය භාර නිලධාරියා විය.

මොහු යටතේ මුහන්දිරම, මහදුරයා, හේවාදුරයා, දුරයා යන නිලධාරීන් සේවය කර තිබේ. කොඩිතුවක්කු ලේකම් යටතේ සිටි කොඩිතුවක්කු හමුදාව, යුද්ධ හා පොලිස් යන උභය පාර්ශවයටම අයත් වූ බව මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන්  පෙන්වා දෙයි. (උඩරට මහ කැරැල්ල-3).

මහනුවර යුගයේ දී ප්‍රධාන යුධ නිලධාරීන් ඇසළ පෙරහැරේ ගමන් කිරීම ද විශේෂ ලක්ෂණයක් වූ අතර ඒ අනුව මහ ලේකම්, ගජනායක නිලමේ යන නිලවලට අනතුරුවලට තුන්වෙනුව, පෙරහැරේ ගමන් ගන්නේ කොඩිතුවක්කු හමුදාව පිරිවරාගත් කොඩිතුවක්කු ලේකම් ය. ඔහුට අයත් කොඩිය “කොඩිතුවක්කු කොඩිය” නම් විය. ඒ හැරුණවිට වෙඩික්කාර ලේකම් හා වඩන තුවක්කු ලේකම් ද පෙරහැරේ විසිපස් වෙනුව සහ විසිහය වෙනුව සිය පිරිවර සමඟ ගමන් කර තිබේ. ඔවුනට අයත් වූයේ පිළිවෙළින් සුදු පාට කොඩිය සහ රතු පාට කොඩියයි. අනෙක් සේනාංක ප්‍රධානියා වූ බොණ්ඩික්කුල ලේකම්ට ඇසළ පෙරහැරේ ගමන් කිරීමේ අවස්ථාව හිමිවී නොමැති අතර මෙම සේනාංකය හා තනතුර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඇති කරන ලද්දක් බව මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන්   සඳහන් කරයි.

දෙගල්දෝරුව මාර පරාජය සිතුවම

පෘතුගීසින්ගේ පැමිණීමත් සමඟම ශ්‍රී ලංකික සමාජයට එක් වූ තුවක්කුව එලෙස අපගේ ආරක්ෂක සංවිධානය නව මඟකට යොමු කිරීමට සමත් වූවා පමණක් නොව විධිමත් පරිපාලන ව්‍යුහයක් යටතේ ශක්තිමත් කිරීමට ද සමත් වී තිබේ. එසේම තුවක්කුව සමකාලීන කලා නිර්මාණ කෙරෙහි ද බලපා ඇති බව කිවහොත් ඇතැම්විට විමතියට හේතුවක් විය හැකිය. එහෙත් සමකාලීන සමාජ ආර්ථික පරිසරයේ අංග බලපා ඇති පරිද්දෙන්ම අපගේ බිතු සිතුවම් ඇසුරෙහි ද තුවක්කුව සිතුවමට නඟා ඇති අවස්ථා ද නැත්තේ නොවේ. මහනුවර යුගයේ ප්‍රධාන බිතු සිතුවම් ප්‍රස්තූතයක් වූ “මාර පරාජය” යටතේ විවිධ අවි අමෝරාගත් විවිධ වෙස් ගත් “මාර දිව්‍ය පුත්‍රයින්” අතර තුවක්කු එල්ල කර ගත්තවුන් ද දැකිය හැකිය. මීට අමතරව කථා වස්තූන්හී ද තුවක්කුවලින් වෙඩි තබා සතුන් දඩයම් කරන අවස්ථා ද නිරූපණය කර තිබේ (උදා: කරගම්පිටිය සුබෝධාරාමය).

අපගේ තුවක්කු භාවිතයේ අතීතය එලෙසය. මෙම ඉතිහාසයට අනුව එක් කලෙක ශ්‍රී ලංකිකයින් ද විශිෂ්ට ලෙස තුවක්කු නිපදවීමේ කාර්යයට දායකවී ඇති බව පැහැදිලි වේ. කෙසේ වෙතත් අද අපගේ යුධමය අවශ්‍යතා සඳහා දේශීයව තුවක්කු නිපදවා ගැනීමක් සිදු නොකෙරේ. ඒ වෙනුවට නූතන තාක්ෂණික ක්‍රම යටතේ වෙනත් රටවල නිපද වූ තුවක්කු භාවිතයට ගැනේ. ඒ නූතන ගිනි අවි සහ සම කළ නොහැකි වුවත් අප අතර ප්‍රචලිතව ගිය තුවක්කු නිපදවීමේ තාක්ෂණය මුළුමනින්ම අපගෙන් ඈත්වී ඇති බවක් ද නොපෙනේ. හොර රහසේ වුවත් නිපදවෙන බෙහෙත් කොටන තුවක්කු (ගල් කටස්) හා සතුන් දඩයම් කිරීමට අටවන තුවක්කු (බඳින කඳන්) ඒ තාක්ෂණයේ ශේෂයක් බව හැඳින්විය හැකිය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සෞඛ්‍යය  අමාත්‍යවරිය කැඳවූ රැස්වීම අතිරේක ලේකම්වරු මගහැරලා..

Next Post

පාසල් සරසවි පිරිවෙන් විවෘත කිරීම දින නියමයක් නැතිව කල් යයි…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.