බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ලංකාවේ ඓතිහාසික ගෘහනිර්මාණ කලාව බැබැළවූ ඉන්දීයානු ආලෝක ධාරා…

by editor
අගෝස්තු 15, 2021
in සංස්කෘතිය
Nalanda-Gedige

නාලන්දා ගෙඩිගේ

Share on FacebookShare on Twitter

 ඩබ්ලිව්. එම්.එම්. සංජය වීරකෝන්

ශ්‍රී ලංකාව ඉන්දියානු උප මහාද්වීපයට ආසන්නව පිහිටීම නිසා විටින් විට දකුණු ඉන්දියානු ප්‍රදේශවලින් ආක්‍රමණ, වෙළෙඳාම, සංස්කෘතික සම්බන්ධතා, දේශපාලනික සම්බන්ධතා හා විවිධ රැකියාවන් සඳහා, හමුදා සේවය සඳහා දකුණු ඉන්දියානු ද්‍රවිඩ – හින්දු ජනතාව මෙරටට පැමිණ ජනාවාස පිහිටුවා ගත්හ.

එහිදී ඔවුන්ගේ සංස්කෘතියේ බලපෑම ශ්‍රී ලාංකේය සංස්කෘතිය කෙරෙහි ද බලපෑවේය. මෙරට කලා ශිල්ප කෙරෙහිද එමඟින් ඍජු බලපෑමක් සිදුකෙරිණි. ඒ අනුව ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයට ද හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ ඍජු බලපෑමක් කර ඇති ආකාරය මෙරට ලලිත කලා ඉතිහාසය අධ්‍යයනයේ දී හඳුනාගත හැකිය.

මහින්දාගමනයට පෙර….

මෙරට හින්දු ගෘහ නිර්මාණය පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍ර තුළ මුලින්ම තොරතුරු සඳහන් වන්නේ පණ්ඩුකාභය රාජ්‍ය කාලය පිළිබඳව සඳහන් විස්තරයේය. මහාවංශය තුළ පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර නගරය අගනුවර ලෙස තෝරාගෙන එහි නගර සැලැස්ම සකස් කිරීම සම්බන්ධ විස්තරයේ දී ශිවිකා සහ සොත්ථිශාලා යනුවෙන් ගොඩනැගිලි විශේෂයක් ඉදිකළ බව වාර්තා කොට ඇත. එම ස්ථාන ද්විත්වය පිළිබඳව පැහැදිලි කරන වංසත්ථප්පකාසිනියේ, ශිවිකා ශාලා යනු, ‘ශිව ලිංගයක් පිහිට වූ ශාලා’ ලෙසත්, සොත්ථිශාලා යනු, ‘බ්‍රාහ්මණයින් විසින් ස්වස්ති වචන උසුරුවන ශාලා’ එක් අර්ථකතනයක් ලබා දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම අර්ථ දැක්වීමට අනුව මෙම ගෘහ නිර්මාණ අංග ද්විත්වය හින්දු සංස්කෘතියේ ආභාසය සහිතව නිර්මාණය වූ මුල්ම හින්දු දේවාල වශයෙන් හඳුනාගත හැකිය. එහෙත් පවතින ගැටලුව වනුයේ මෙම ග්‍රන්ථ, ඉතිහාසගත කරුණු ඉදිරිපත් කිරීමේදී ඒවා වර්තමාන දෘෂ්ටිකෝණයෙන් යුතුව වාර්තාකොට තිබීමය.

කතරගම දෙවොළ ඉදිකළ දුටු ගැමුණු…

හින්දු ජනතාව හා ඔවුන්ගේ ඇදහිලි විශ්වාසයන් සියවස් කීපයක සිට මෙරට ව්‍යාප්ත වී තිබූ බවට සාධක ඉතිහාසය අධ්‍යයනයේ දී හමු වේ. ජනප්‍රවාදවලට අනුව කතරගම මහා දේවාලය ඉදි කොට ඇත්තේ දුටුගැමුණු රජතුමාය. එම කථා පුවතට අනුව ක්‍රි.පූ. 02 සියවස තරම් ඈත අවධියක දී මෙරට ‘ස්කන්ධ කුමාර දේව’ වන්දනය ව්‍යාප්තව තිබූ බව සිතිය හැකිය.

ඒ අනුව එම කාලය වන විට හින්දු දේව විශ්වාස මෙරට ව්‍යාප්තව තිබුණේ නම් ඔවුන්ගේ ගෘහනිර්මාණ ශිල්පය ද මෙරට ව්‍යාප්තව තිබූ බව අනුමාන කළ හැකිය.

එමෙන්ම එච්.සී.පී. බෙල් මහතා සිය කැණීම් මඟින් අනුරාධපුර නගරයේ තිබී ශිව ලිංග තැන්පත් කරන ලද හින්දු දේවාල කිහිපයක් සොයා ගත් බව වාර්තා කොට ඇත. එමෙන්ම ඉදි කළ කාලය පිළිබඳව අවිනිශ්චිත ත්‍රිකුණාමලයේ කෝනේශ්වරම්, මන්නාරමේ තිරුකේශ්වරම් හා හලාවත මුන්නේශ්වරම් යන කෝවිල් අනුරාධපුර යුගයේ අවසාන භාගයේ ඉදි වූ හින්දු ගෘහ නිර්මාණ බවට සැලකේ. එපමණක් නොව අනුරාධපුර යුගයේ ඉදි වූ බෞද්ධ ගෘහ නිර්මාණ වන නාලන්දා ගෙඩිගේ හා ජේතවනය ගෙඩිගේ ආදි ගෙඩිගේ සම්ප්‍රදායේ ගෘහ නිර්මාණ තුළින් ද හින්ද ගෘහ නිර්මාණ ශිල්පයේ බලපෑම් ලැබී ඇති බව හඳුනාගත හැකිය.

munneswaram-temple-b1
අනුරාධපුර අග භාගයේ සිට විකාශනය වෙමින් ගොඩනැගුණු මුන්නේශ්වරම් කෝවිල

හින්දු සංස්කෘතිය ව්‍යාප්ත වීම.

අනුරාධපුර යුගයේ අවසාන භාගයේ දී චෝළ ආධිපත්‍යයට මෙරට (ක්‍රි.ව. 1017 – 1070) නතු වීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් හින්දු සංස්කෘතිය ව්‍යාප්ත වූ අතර ඒ අනුව හින්දු ගෘහ නිර්මාණ ශිල්පය මෙරට ව්‍යාප්ත විය. ඒ බව මෙම යුගයේ ඉදි වූ බව සැලකෙන පොළොන්නරුව, පදවිය, කන්තලේ, මන්නාරම වැනි ස්ථානවලින් හමුවන හින්දු කෝවිල් මෙන්ම වෙල්ගම් වෙහෙර වැනි බෞද්ධ ස්ථානවලින් ද දකුණු ඉන්දියානු හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ බලපෑම හඳුනාගත හැකිය.

චෝල අධිපත්‍යයෙන් මෙරට නිදහස් කර ගන්නා 1 වන විජයබාහු රජු (ක්‍රි.ව. 1055 – 1110) කන්තලේ ප්‍රදේශයේ විජයරාජ ඊශ්වරම් නමින් ශිව දේවාලයක් ඉදි කළ බව සඳහන් වේ. ඒ අනුව පෙනී යන්නේ මෙරට ජීවත් වූ හින්දු – ද්‍රවිඩ ජනතාවගේ අවශ්‍යතා සඳහා ‍ මෙම හින්දු දේවාල ඉදි වූ බවයි.

එමෙන්ම පොළොන්නරු යුගයේ හින්දු දේවාල මෙන්ම බෞද්ධ විහාරස්ථාන සඳහා ද දකුණු ඉන්දියානු හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ ඍජු ආභාසය ලැබී ඇති ආකාරය හඳුනාගත හැකිය.

රාජධානිය නිරිතදිගට විතැන්වීම

පොළොන්නරුව රාජධානියේ අවසාන සමයේ එල්ලවන කාලිංග – මාඝ ආක්‍රමණයත් සමඟ රාජධානිය නිරිත දිගට විතැන් විය. මෙම කාල පරිච්ඡේදයට ලංකාවේ උතුරු ප්‍රදේශවල ද්‍රවිඩ බලය වර්ධනය වන අතර ඒ සමග ඔවුන්ගේ ගෘහ නිර්මාණ ද දකුණු ඉන්දියානු හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසය සහිතව ඉදි විය.

එම ප්‍රදේශවල පමණක් නොව ලංකාවේ අනිකුත් ප්‍රදේශවල ද හින්දු ගෘහ නිර්මාණ කෙරෙහි මෙන්ම බෞද්ධ ගෘහ නිර්මාණ කෙරෙහි ද දකුණු ඉන්දියානු පල්ලව, චෝළ, විජයනගර් යන කලා සම්ප්‍රදායන්හි බලපෑමට නතුවන ආකාරයක් හඳුනාගත හැකිය. තව ද ශ්‍රී ලංකාවේ අවසාන රාජධානිය වන සෙංකඩගල රාජධානි සමයේ දී මෙරට පාලනය කළ නායක්කාර රාජවංශයේ අනුග්‍රහය යටතේ ඉදි වූ බෞද්ධ හා හින්දු ආගමික ස්ථානවල මෙන්ම ලෞකික නිර්මාණ තුළ ද මෙම ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසය හඳුනාගත හැකිය.

දකුණු ඉන්දීය බලපෑම ලැබූ ප්‍රතිමඝර

බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයේ බලපෑම විමසන විට පෙනෙන්නේ ලාංකේය බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය මූලික වශයෙන් පෝෂණය වී ඇත්තේ මෞර්ය සම්ප්‍රදාය ඇතුළු අනිකුත් උතුරු ඉන්දියානු බෞද්ධ කලා සම්ප්‍රදායන්ගේ ආභාසයෙන් බවය. එමෙන්ම පසුකාලීනව එම සම්ප්‍රදාය වර්ධනය වීම සඳහා හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ ඍජු බලපෑම ලැබී ඇත. ඒ අනුව බෞද්ධ ගෘහ නිර්මාණ වන ස්තූප, චෛත්‍යඝර, බෝධිඝර හා ප්‍රතිමාඝර වැනි නිර්මාණවලින් මූලික වශයෙන් හින්දු ගෘහ නිර්මාණයේ බලපෑම දැක ගත හැකි වන්නේ ප්‍රතිමාඝර නිර්මාණයේ දී ය.

මෙරට ප්‍රතිමාඝර සම්ප්‍රදායන් සතරක් දැකගත හැකිය. ඒ අනුව ගන්ධ කුටි, පාසාද, ගෙඩි ගෙවල් හා ලෙන් විහාර වශයෙනි. මෙයින් පැරණිම සම්ප්‍රදාය වශයෙන් ගන්ධ කුටි සම්ප්‍රදාය සැලකිය හැකිය. මෙම සම්ප්‍රදාය දඹදිව සැවැත්නුවර ජේතවනාරාමයේ ගන්ධකුටියේ සැලැස්ම මූලාධාර කරගනිමින් ප්‍රභවය වූ බව විශ්වාස කෙරේ. අභයගිරි ශිලා ලේඛනයක ‘ගදල්’ වශයෙන් එය හඳුන්වා ඇත.

ගෙඩිගේ සම්ප්‍රදායේ මුල්ම අදියරේ නිර්මාණයක් වශයෙන් අනුරාධපුර කිරිබත් වෙහෙර හඳුනාගත හැකිය. මෙම සම්ප්‍රදායේ දෙවන අදියරේ දී දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අංග ලක්ෂණ වන අන්තරාලය, මණ්ඩපය යන අංග ද එකතු වී වර්ධනය වී ඇත.

Lankarama-Polonnaruwa
ගෙඩිගේ සම්ප්‍රදායට පොලොන්නරුවේ ඉදිවූ නිර්මාණය කළ දැවාන්ත ප්‍රතිමා ගෘහය – ලංකාරාමය.

ගෙඩිගේ සම්ප්‍රදාය

බෞද්ධ ප්‍රතිමාඝර නිර්මාණ සම්ප්‍රදායන්වලින් දකුණු ඉන්දියානු හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ ඍජු ආභාසය ලද සම්ප්‍රදායක් වශයෙන් ගෙඩිගේ සම්ප්‍රදාය සැලකිය හැකිවේ. එනමුත් ‍ ‘ගෙඩිගේ’ යන නාමය කවදා භාවිතයට පැමිණියේ ද යන්න අවිනිශ්චිතය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එච්.සි.පී. බෙල් මහතා දක්වනුයේ එය ද්‍රවිඩ භාෂාවේ ‘ගෛඩගෛ‘ යන වචනයෙන් හෝ සංස්කෘත භාෂාවෙන් ‘ඝටිකා’ යන වචනයෙන් ප්‍රභවය වූවක් බවයි. එමෙන්ම ක්‍රිෂ්ණා ශාස්ත්‍රි දක්වන ආකාරයට දෙමළ භාෂාවෙන් නැවතුම්පළ, අම්බලම යන අර්ථය ඇති ‘ගෙඩි’ යන වචනයෙන් හෝ භික්ෂුවකගේ පාත්‍රය යන අර්ථය ඇති වචනයකින් සකස් වූ බව පෙන්වා දෙයි. එමෙන්ම ඔහු ගෙඩිගේ හා ‍‘ගෛඩගෛ‘ යන පද සංස්කෘත භාෂාවේ ‘ඝටිකා’ යන්නෙන් සකස් වූ බවත් පෙන්වා දෙයි. ඒ අනුව මෙම විහාර සම්ප්‍රදායේ නාමය සඳහා ද දකුණු ඉන්දියානු ආභාසය ලැබී ඇත.

එහෙත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මීට වඩා වෙනස් අර්ථ කථනයක් දක්වා ඇත. මෙම සම්ප්‍රදායට අයත් විහාර ලෙස මාතලේ නාලන්දා ගෙඩිගේ, පොළොන්නරුව ථූපාරාම පිළිමගෙය, ලංකාරාම පිළිමගෙය, තිවංක පිළිමගෙය, ගම්පොළ ගඩලාදෙණිය ගෙඩිගේ විහාරය, ලංකාතිලකය විහාරය, මහනුවර නාථ දේවාලය, ගල්මඩුව විහාරය හා අස්ගිරිය ආදාහන ගෙඩිගේ විහාරය දක්විය හැකිය.

මෙම විහාරවල ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිබඳව අධ්‍යයනයේ දී පල්ලව, චෝල, විජයනගර් යන දකුණු ඉන්දියානු හින්දු ගෘහ නිර්මාණ සම්ප්‍රදායන් බෞද්ධ විහාරයකට උචිත ලෙස යොදා ගෙන ඇති ආකාරය හඳුනාගත හැකිය.

මෙසේ බෞද්ධ ගෘහ නිර්මාණ කෙරෙහි ද දකුණුඉන්දියානු හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ බලපෑම ලැබුණා සේම විවිධ කාලවල දී හින්දුන්ගේ ආගමික අවශ්‍යතාවය සඳහා ඉදි වූ ආගමික ස්ථාන කෙරෙහි ද දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණයේ ආභාසය ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ප්‍රබල බලපෑමක් සිදු කර ඇති බව පෙනේ.

( දිණමිණ)

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාගම රෝහලෙන් මෘත ශරීරයක් අතුරුදහන් වෙලා…

Next Post

කොටි සංවිධානයට ඈඳුණු ඉන්දීය – ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය ජාවාරමේ ලාංකික ජාවාරමුන් 2ක් කේරලයේ දී අත්අඩංගුවට… 

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.