බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ගෞරවනීයම ශාස්ත්‍රීය තනතුරවන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර ස්ථිර සේවයක් නොකර දේශපාලනයේ   අනුමැතිය ලැබිය යුතු  කොන්ත්‍රාත් තනතුරක් කරයි!

ඇමතිගේ පුද්ගලික කුහක වෛරී හැසිරීමට එරෙහිවන්නැයි පුරාවිද්‍යා විද්වත්හු පාර්ලිමේන්තුවෙන් ඉල්ලති!

by editor
දෙසැම්බර් 6, 2023
in පුවත්, සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

වසර තිස් දහසකට වඩා පැරණි ප්‍රාග්  ඓතිහාසික යුගයේ සිට පැවත එන රටේ අති විශිෂ්ට උරුම සම්පත ශාස්ත්‍රීයව කළමනාකරණය කරනු ලැබූ, ජාතිය සතු අතිශයින්ම වැදගත් සංවේදී මෙන්ම ගෞරවනීය ශාස්ත්‍රීය ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර අස්ථාවර කර එය දෙවසරකට වරක් සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගන්නා පුද්ගලයෙක් වෙත පැවරීමට බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාවරයාගේ මූලිකත්වයෙන් කෙරෙන වැඩපිළිවෙළ සම්බන්ධව පුරවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ බරපතල විරෝධයක් මතු වී තිබේ.

ඒ අනුව මෙතෙක් රටට වගකියන අතිශය වගකීම් සහිත ගෞරවනීය තනතුර වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ස්ථිර තනතුරක් නොවී වසර දෙකෙන් දෙකට දේශපාලකයින්ගෙන්  සේවා දිගු ලබා ගත  යුතු කොන්ත්‍රාත් සේවයක් බවට පත්කිරීම බරපතල ජාතික අපරාධයක් බව පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ අවිචාරවත් හැසිරීම මත පදනම්ව කේලම් සහ ගතු මත යැපෙමින් තමන්ගේ පුද්ගලික කොන්තර පිරිමසා ගැනීමේ අභිලාෂය සහිතව ඔහු විසින් කැබිනට් මණ්ඩලයත් නොමග යවා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේනතුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පුරාවිද්‍යා ගවේෂණ, සංරක්ෂණ, සහ කළමනාකරණය සම්බන්ධව    ශාස්ත්‍රීය දැනුම මතු නොව මෙම ආයතනය තුළ කටයුතුකර ලබන  ප්‍රායෝගික අත්දැකීම් සහ පලපුරුද්දත් අතිශය සංකීර්ණ නෛතික කාරණාමත පදනම්ව තීරණ ගැනීමේ පරිචයත් මෙම තනතුරට පත්වන විද්වතුන් සතුව තිබිය යුතු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසම වැනි විශේෂ ආයතනවලට පැරෂුට් කාරයින් බස්සවා රාජකාරි කළ නොහැක්කේ එම රාජකාරි ව්‍යුහය තුළම ඇති සුවිශේෂී විද්‍යාත්මක, ශාස්ත්‍රීය සහ නෛතික අත්දැකීම් නොමැතිව එම රාජකාරිය ආවරණය කිරීමට නොහැකි නිසා බවත් පුරාවිද්‍යා සේවයත් එවැනි සුවිශේෂී ශික්ෂණයක් සහිතව පරිපාලනය විය යුතු සේවයක් බවත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඉතිහාසායේ පළමු වරට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට කොන්ත්‍රාත් පදනම මත අයදුම්පත් කැඳවා තිබූ අයුරු…

මෙතෙක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය අංශවල ඉහළම පළපුරුද්ද සහ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්වූ විද්වතා වූ අතර එය රටේ සෑම ශාස්ත්‍රීය සහ තාක්ෂණික ආයතනයකම පැවති සම්ප්‍රදාය වූ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනන්‍ය හැඩයක් සහිතව මෙතෙක් ස්වාධීනව කටයුතු කළේ එම පත්වීම් පදනම නිසා බවත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

මේ සම්ප්‍රදාය ආචාර්ය සෙනරත් දිසානායක පුරාවිද්‍යා අධයක්ෂ ජනරාල්වරයා දක්වා ආරක්ෂා වූ අතර ගැටලු සහිතව වුව ද දෙපාර්තමේන්තුව ගෞරවණීය සේවයක් සිදුකරනු ලැබුවේය.

මේ තරම් ඍජු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය කාර්යය ව්‍යසනයට ලක් කරමින් දේශපාලන මැදිහත්වීමට අවකාශ සැලසෙන්නේ හිටපු සංස්කෘතක ඇමති මහින්ද රාජපක්ෂගේ දේශපාලන හිතවතෙක් වන  විශ්විද්‍යාල ආචාර්යවරයෙක්වූ  අනුර මනතුංග සියලුම සම්ප්‍රදායන් බිඳ දමා  ඉතිහාසයේ මුල්ම වරට දේශපාලන පත්වීමක් ලෙස පුරාවිද්‍යා  අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමත් සමගය.

දෙපාර්තමේන්තුව පරිපාලනය විය යුතු ආකාරය, ඒ පිළිබඳ නෛතික අවබෝධය සහ අත්දැකීම් නැති අනුර මනතුංග අවසානයේ දී සිය වගකීම් කරගැනීමට නොහැකිව රට හමුවේ විලිලජ්ජාවට පත්ව  පසුගිය ජූනි 15 වැනිදා   ධූරය හැර ගියේය.

එම හැර යෑමත් සමග ඇමතිවරයා ස්වකීය අභිමතය පරිදි විවිධ පුද්ගලයින් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරනු ලැබුවේ ස්ථිරව එම තනතුරට පත් කළ හැකි නිලධාරීන්   දෙපාර්තමේන්තුවේ සිටිය දී බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

අනතුරුව ආචාර්ය ප්‍රදීපා සේරසිංහ  රාජකාරි ඉටුකරන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කරන ඇමතිවරයා  ඔක්තොම්බර් 16 වැනිදා ඇය විශ්‍රාම ගිය පසු දින කීපයක් මෙම තනතුරට පුද්ගලයෙක් නම් නොකර තබා දින තුනකට    වැඩ ආවරණය කිරීමට මධ්‍යම සංස්සකෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය ගාමිණී රණසිංහ, පත් කරනු ලැබුවේය.

දැනට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩ බලන්නේ  බුද්ධ ශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධූරයට දෙපාර්තමේන්තුවේ සිටින සුදුසුකම් සහිත න නිලධාරීන්ගේ  පත්වීම ගැන ඇමතිවරයා විසින් සලකා නොබලන්නේ ඔවුන් සමග ඇති පුද්ගලික කෝන්තරමත පදනම්ව බව ද  දෙපාර්තමේන්තු  ආරංචි මාර්ග කියයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පුද්ගලයෙක් පත්කිරීමට තමන්ට බලයක් නැති    බවත්, එය කැබිනට් අනුමැතිය මත සිදුකරන පත්වීමක් බවත් පාර්ලිමේන්තුවට කියමින් බුද්ධ ශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු ඇමතිවරයා සිය පුද්ගලික අභිමතය මත  කැබිනට් මණ්ඩලයත් නොමග යවා ඇති බව  එම අභ්‍යන්තර තොරතුරු මාර්ග පෙන්වා දී ඇත

අවුරුදු 133ක් පැරණි ලංකාවේ ගෞවරණීයම ශාස්ත්‍රීය ආයතනය වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,  කුහක මුග්ධ දේශපානඥයෙකුගේ පෞද්ගලික වෛරය සහිත අගතිගාමී හැසිරීම හේතුවෙන්  ව්‍යසනයට පත් කිරීමේ අපරාධයෙහි කොටස්කරුවන් බවට    සමස්ථ පාර්ලිමේන්තුවම පත් නොවනු ඇතැයි විශ්වාස කරන බව පුරාවිද්‍යාව පිළිබඳ රටේ  ප්‍රමාණික විද්වත්හු පවසති.

එම දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය විවාදයට ලක්වන අද දිනයේ දී මේ සම්බන්ධව දැඩි අවධානයට ලක්කරනු ඇතැයි ද ඔවුහු අපේක්ෂා කරති.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නරින්ට කුකුළු කොටුව භාර දීමට සැරසෙන කිරෙන් බාලවුන ක්‍රීඩා ඇමති!

Next Post

පල්ලියේ පූජාවට නොගිය නිසා පාදිලි පහර දීලා… තුවාල ලද තරුණියක් රෝහලේ!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.