බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

බුදුන් දකිනු සේ සියක් බැතිමතුන් රොද බඳින දළදා මැදුරේ විත්තිය

by editor
ජූලි 26, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාළිඟාවය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින්නේ යැයි හැඟීමෙන් මෙහි පැමිණෙන බැතිමතුන් වැඩසිටින මාළිගය වෙත යන්නේ සැබැවින් බුදුන්වහන්සේ දකින්නට යන සෙයක් දක්වමිනි.

වන්දනා කිරීම පිණිස පැමිණෙන වන්දනාකරවෙකුට දළදා මාළිගය පරිශ්‍රයේ  ඉදිරිපස වාහල්කඩින් ඇතුළු වී පෙරහර සඳහා ඇතු සරසන ස්ථානය හරහා ඉහළට පැමිණිය යුතු වෙයි. එතැන් සිට මාළිගයේ විවිධ ස්ථාන පිළිබදව අවබෝධයකින් යා හැකි නම් එය තමන් ලබන අත්දැකීම සාර්ථක අත්දැකිමක් සේම අවබෝධයෙන් ලබන අත්දැකිමක් වන බව නිසැකය.  

දළදා ගේ

පෙර කල රාජරාජ මහාමාත්‍යාධින් වැඩිවශයෙන් ගැවසී ඇත්තේ රාජ මාළිගය පෙදෙසෙහිය.එය ඇත්තේ මාළිගයේ වම් පසෙහිය. දකුණත වූ  මෙම දළදා මාළිගය කොටස හදුන්වා ඇත්තේ , දළදා ගේ ලෙසය. ඒ දළදා හිමියන් වැඩසිටින හෙයිනි. රාජකීය ගොඩනැගිලි එකිනෙක බද්ධ වන්නට පසුකාලීනව මෙය දළදා මාළිගය ලෙස නම් කොට ඇති බැව් පත පොතෙහි සදහන් වෙයි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලන්දේසි ජාතික චිත්‍ර ශිල්පියෙකු 1765 දී අදින ලද චිත්‍ර යෙන් සනාථ වන පරිදි ක්‍රි.ව 1592 – 1603 කාලයේ පළමුවන විමලධර්මසූරිය රජු විසින් දෙමහල් පහයක් ලෙස මාළිඟය සකසා ඇත. අනතුරුව දෙවන විමලධර්මසූරිය රජු 1687 –  1707 කාලයේදී  දන්ත ධාතූන්වහන්සේ  තැන්පත් කිරීම සදහා තුන්මහල් ප්‍රාසාදයක් තනා ඇත. 1707 -1739 කාලයේදී ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් ඉදිරිපස දෙමහල් ගොඩනැගිල්ල අලංකාර වහලයක්ද සහිතව ඉදිකර ඇත. ජනකතා වර්ණවත් සිතුවමින් හැඩගන්වා ඇත්තේද නරේන්ද්‍රසිංහ රජ දවස බවට චූලවංශයේ සදහන් වෙයි. 

අඹරාව

ගලින් නෙලූ මකර තොරන අභියසින් සඳගල වෙත පැමිණෙන බැතිමතෙකුට ඉදිරියෙන් දිස්වන බිම්ගෙයක් වැනි කොටසට ප්‍රවිශ්ඨ විය යුතු වෙයි. එය අඹරාව ලෙස නම්කොට ඇත. අතීත රජ දවස අඹරාව දෙපස මුර හේවායින් යොදවා දළදාව වෙත දැඩි ආරක්ෂාවක් සලසා ඇත. දිගින් අඩි 29 අගල් 8 ක් සහ පළලින් අඩි 8 ක් වන අඹරාව කොටසේ විචිත්‍රවත් චිත්‍ර සමූහයක් දක්නා ලැබේ. දළදාව මුරකල මුර හේවායින් එකල අඹරාවෙහි සිතුවම් අදින්නට ඇතැයි සැලකේ. 

හේවිසි මණ්ඩපය

අඹරා වෙන් ඇතුළුවත්ම හේවිසි මණ්ඩපය ඇත. හේවිසි මණ්ඩපය ඇත්තේ දිග ශාලාවක් වැනි දිග්ගේ තුළය. අඩි 118ක් දිගින් හා අඩි 40 ක් පළලින් යුතු දිග්ගේ ගල් කණු විස්සක් ඇත. රජ දවස ද මෙම දිග්ගේ කොටසෙහි සිට ඇත්තේ පංචතූර්ය වාදකයින්ය. පණික්කිරාළලාය. ඔවුන් රජු වෙනුවෙන් කරන සේවාව හේවිසි වාදනයය. මේ හේවිසි පරපුර අදටත් තේවා මුරයන්හිදි හේවිසි නාද පුද පුජාව පවත්වනු දක්නා ලැබෙයි. 

පාත මාලය

හේවිසි මණ්ඩපයේ සිට ඉදිරියට ඇත් දල හතරක් ඇති කැටයම් සහිත රිදී දොරක් ඇත්තේ දළදා හිමියන් වැඩ හිටින මාලිගාවේ පාතමාලය ටය. පාතමාලයෙන් උතුරට දකුණට දොර දෙකක් විවෘත වේ .උතුරට පැරණි දිග්ගේය. එහි වටිනා කෞතුක භාණ්ඩ තැන්පත් කිරීම එදා සිටම දක්නා ලැබේ. දකුණට මහඅරමුදල නැමැති කොටසය. එදවස රජු ඇතුළු ප්‍රභූවරුන් දළදා හිමිට පූජා කරන ලද භාණ්ඩ පිරිකර තැන්පත් කරනුයේ මහඅරමුදල නම් කොටසෙහිය. මෙම පාතමාලයෙන් උඩමාලයට ඇතුළුවීමට අවසර ඇත්තේ භික්ෂූන් වහන්සේලාටත් බුදුපුද සකසන සේවකාරාධින්ටත් පමණි. 

හදුන්කුඩම

පාතමාලයෙන් ලී පියගැටපෙලින් පිවිසෙන්නේ උඩමාලයේ හදුන්කුඩමටයි. එතැන දළදා හිමි වැඩසිටින ගන්ධ කුටියද පිරිත් මණ්ඩපයද දිස්වේ. හදුන්කුඩමට වම්පසින් ඇත්තේ ගෙපලුම් බරාදයයි. එහි කවිකාර මඩුවේ භාණ්ඩ තැන්පත් කර ඇත. දකුණු පසින් ඇත්තේ කත්තියන බරාදයයි. දාන පාත්‍රා හා ගිලන්පස ගෙනැවිත් තබනුයේ මෙම බරාදයේය.ගන්ධ කුටියට පසුපසින් ඇත්තේ සළු බරාදයයි. රජු දළදා හිමි වැද පුදා ගැනීමට පැමිණෙන අවස්ථාවේ අතිරේක රෙදි පිලි උනා තබා එන්නේ සළු බරාදයේය. 

ගන්ධ කුටිය

ගන්ධ කුටිය යනු දළදා හිමියන් වැඩසිටින කුටියය. ගන්ධ යනු සුවඳය . සුවද කුටිය ලෙස බුදුන් දවස සිට නම් කරන්නේ සුවදින් පිරි බැතියෙන් පුදන ලද යන්න හගවන කුටියක් බවය. ජපානයෙන් පරිත්‍යාග කරන ලද වෙඩි නොවදින වීදුරු ආවරණයක් තුල රිදියෙන් නිමවා රන් ආලේපිත මිණිමුතුයෙන් අලංකෘත විශාල කරඩුවක් ඇත. මහා කරඩුවතුල තවත් කරඩු හයක් ඇත. මෙම කරඩු විවෘත කල හැක්කේ, මල්වතු අස්ගිරි උභය මහවිහාරයිය නායක හිමිවරු දෙපලත් දියවඩන නිලමේවරයාත් යන තිදෙනාම ඇති විට පමණි.

උඩ දිග්ගේ

ගන්ධ කුටියෙන් ඉදිරිපස කොටස උඩදිග්ගේය. වන්දනාකරුවන් රැදීසිට වන්දනා මාන සිදුකරන්නේ මෙම කොටසේය. 

දකුණු පියගැටපෙල ඇත්තේ පාත්‍රධාතු නිදන් කොට ඇති චෛත්‍ය යය. 

වම්පස පියගැටපෙලින් පහල පල්ලේමාලේ ප්‍රතිමා ගෘහයත් පත්තිරිප්පුවටෙත් පළිගු පිළිම වහන්සේ අසලටත් යා හැකිය. පියගැට පෙළ ඉදිරියේ ඇති පළිඟු පිලිම වහන්සේ තුළ වූ මංජුසාවේ බහා එදවස දෙල්ගමු විහාරයේ සිට දළදා හිමි වැඩම කළ  බව කියැවේ. 

පල්ලේමාලයේ ප්‍රතිමාගෘහය කිර්ති ශ්‍රි රාජසිංහ රජු කරවූවකි. මෙහි සිවිලිමෙහි විෂ්ණු දේව රූපය කිර්ති ශ්‍රි රාජසිංහ රූපය වැලිවිට සරණංකර සංඝරාජ හිමිගේ රූපය සහ රත්නමාලි යන්ත්‍රරාජයා සිතුවම් කොට ඇත. පල්ලෙමාල රාළ සහ තේවා කටයුතු උදෙසා හිමි නමක්ද මෙහි කටයුතු භාරව ඇත. 

පත්තිරිප්පුව

අශ්ඨාශ්‍රය හෙවත් පත්තිරිප්පුවට පිවිසෙන්නේද පල්ලෙමාලයේ මධ්‍යෙය් සිටය. දේවේන්ද්‍ර මූලාචාර්යයගේ නිර්මාණයක් වන පත්තිරිප්පුව රජ දවස රජුගේ විවේකස්ථානයයි. අනතුරුව එය මහනුවර කච්චේරිය ලෙසද ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ භාවිත විය. අනතුරුව අගනා පුස්කොල පොත් සහිත ප්‍රාචීන පුස්තකාලය ලෙස භාවිත විය. පාත්වෙලා ඉන්න තැන යන අරුතින් දෙමළ වචනයෙන් පාත්ත ඉරිප්පු පත්තිරිප්පු ලෙස පටබැදුනු බැව් කියැවේ. 

මේ අන්දමට දළදා මාළිගයේ ප්‍රධාන කොටස අවබෝධයෙන් දැක වැද පුදා ගැනීමට වන්දනා කරුවන්ට ඉඩ සැලසෙනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අබ්දුල් රාසික්ගේ බලහත්කාරකම ගැන කියා සාරාගේ මව කොමිසම හමුවේ හඬා වැටෙයි

Next Post

අවට ආරක්ෂාව දැඩි වේ… ගුරුකන්ද විහාරයේ ගණ දෙවි කෝවිල පොංගල් පූජාව තියයි….

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.