බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

පනස් වසරක් පෙරහරේ පෙළහර පෑ පුරාවෘත බඳු මිනිස්සු

by editor
ජූලි 31, 2020
in සංස්කෘතිය
????????????????????????????????????

????????????????????????????????????

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල-

  • පීටර් සූරසේන ශිල්පියාට අවුරුදු 82යි…. තවමත් නර්තනයේ….
  • ධර්මසිරි හපු ගොඩ ශිල්පියාට අවුරුදු 86යි… අදත් කරළියේ…

ජීවිතය දිනෙන් දින වියපත්ව යන මුත් කලාව කිසිදා වියපත් නොවේ. එය සැබෑවක් ලෙස දැකීම පිණිස අවස්ථාව සලසා දී තිබුයේ, ශ්‍රී ලාංකේය පාරම්පරික නර්තන ශිල්පී පීටර් සූරසේන ගේ පුත් සුසන්ත සූ‌රසේනය.

එදා මෙදා තුර කන්ද උඩරට නර්තන වාදන ශිල්පීන් ලොව පතල වූයේ , මහනුවර ඵෙතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය හෙවත් දළදා සමිඳුන් උදෙසා පූජෝපහාරයක් ලෙස පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යයේ පංච තූර්යය වාදනයෙන් සහ නර්තනයෙන්ය. පනස් වසරකට වැඩි කාලයක් තිස්සේ , ඇසළ පෙරහර මංගල්‍යය හැඩ කරමින්, නර්තන විලාසයන් දැක්වු වයෝවෘද්ධ නර්තන ශිල්පීන් සියල්ලෝම පීටර් සූරසේන එළිමහන් රංගපීඨයේ දී නර්තනයන් දැක්වූයේ අතීත අභිමානය යළිත් සිහිපත් කරමිනි.

පීටර් සූරසේන

වයස අසූ දෙකක් වන පීටර් සූරසේන නර්තන ශිල්පියාත්, වයස අසූ අටක් වන ධර්මසිරි හපුගොඩත් ඇතුළු පිරිස තවදුරටත් හැඩවැඩ එක් කරමින් උඩරට වන්නම් කරනම් සහිත නර්තනවිලාසයන් පාමින් අදටත් උඩරට නර්තනය සුරැකිව ඇති බව විදහා දැක්වූහ.

එම අවස්ථාවේ දී තිත්තපජ්ජල නර්තන පරම්පරාව නියෝජනය කරමින් ටී.වයි ප්‍රේමචන්ද්‍ර සහ සුමනවීර නර්තන ශිල්පීන්ද , එරමුදුගොල්ල නර්තන පරම්පරාව නියෝජනය කරමින්, අයි ජී සිරිසෝම සහ ප්‍රේමදාස ගොහාගොඩ නර්තන ශිල්පීන් ද, උඩුවෙල නර්තන පරම්පරාව නියෝජනය කරමින් ඕ .පී කරුණාදාස නර්තන ශිලපියාද , මොලගොඩ නර්තන පරම්පරාව නියෝජනය කරමින් බී ජී ජේමිස් මොලගොඩ නර්තන ශිල්පියාද , යකාවල නර්තන පරම්පරාව නියෝජනය කරමින් විමලසිරි පිහිල්ලදෙණිය ශිල්පියාද මාතලේ කොටඹේ නර්තන පරම්පරාව නියෝජනය කරමින් ඊ.එම් ජී සිරිපාල නර්තන ශිල්පියාද සිය පාරම්පරික කුසලතා රග දැක්වූයේ දළදා පෙරහරේ අභිමානය එදා  මෙන්ම අදටත් ලොවට කියා පෑමේ හැකියාව ඇතැයි කියන්නා සේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Ariyadasa-ihalawela.
ආරියදාස ඉහළවෙල
peter-surasena
පීටර් සූරසේන

සුසන්ත සූරසේන සහ ජානක සූරසේන යනු පීටර් සූරසේන නර්තන ශිල්පියාගේ පුතුන් දෙදෙනාය. ඔවුනට අවශ්‍යව ඇත්තේ අතීත කලාව වියැකී නොදී ඉදිරියට පවත්වා‌ගෙන යාමත්, පැරණි කලා ශිල්පීන් ජාතික කලා වස්තූන් ලෙස නම් තබා ආරක්ෂා කිරීමත්ය. එබැවිනි මෙම කලා ශිල්පීන් සිය කලාගාරය වෙත ගෙන්වා යළි නර්තන පෙලහර පාන්නට අවස්ථාව උදාකරලූයේ. ඒ පිළිබදව ඔවුහු  මෙසේ කියති.

“  අපි විසින්ම පීටර් සූරසේන රංග පීඨයක් ඇති කලේ පාරම්පරික නර්තනයෙ තිබෙන විශිෂ්ඨත්වය ආරක්ෂා කරිම පිණිසයි. ඉදිරියේදී උඩරට නර්තනයේදි භාවිත කල ඇදුම් ආයිත්තම් ආදියත් පංචතුර්යය භාණ්ඩත් නවීන තාක්ෂණයට හා නවීන විලාසිතාවන්ට අනුගතව සමාජගත වීමට ඉඩ තිබෙනවා. එබැවින් අපි මේ පැරණි කලාව සුරක්ෂිතව තබන්නට පීටර් සූරසේන කෞතුකාගාරයක් ඇති කිරීමේ අපේක්ෂාවක් ද තිබෙනවා. අද මේ නටන පැරණි ශිල්පීන් නැති වු දවසක ඒ කලාව එපරිද්දෙන් ඉදිරියට ගෙන යන්න පාරම්පරික ශිල්පීන් අද නැහැ. ඒ නිසාම අපි ඒ සඳහා වැඩපිළිවෙළක් ඇති කළයුතුයි. එය අපේ යුතුකමක් වගකීමක්. ඒ කාලේ ශිල්පියෙක් සිය දක්ෂතා ඔප් නංවා ගන්නේ ඇසළ පෙරහර මංගල්‍යයේ දින දහයක් පුරා නර්තනයේ යෙදිලා. තමන්ට වැඩි දක්ෂතා ඇති ශිල්පීන්ගෙන් කුසලතා දැකලා. අහලා. අද ඒවැනි තත්ත්වයක් නැහැ. නමුත් අපි අපේ කලා ශිල්ප වලපල්ලට යනතුරු බලා සිටිය යුතු නැහැ. “

“අනෙක මේසා විශාල කාර්යය භාරයක් රටට දැයට සිදු කළ අදටත් කංකාරි ශාන්ති කර්ම බලි ‌තොවිල් යාග ආදිය සුරක්ෂිත ව පවත්වාගෙන යන මේ පැරණි ශිල්පීන් වරින් වර අගය කරමින් දිරිමත් කරන වැඩපිළිවෙලක් රජය විසින් කළයුතුයි. රජයෙන් ඒවැන්නක් සිදු නොවන නිසා මාත් මගේ සහෝදරයත් කලින් කලට මේ ශිල්පීන් අපේ කලාගාරයට කැඳවා මෙලෙස අගය කිරීමක් සිදු කරනවා. ඒයින් මේ ශිල්පීන් අපමණ සතුටට පත් වෙනවා. ඒ සතුට ඔවුන්ගේ දැස්වලින් පෙනෙන විට අපි අපේ යුතුකම් ඉටුකරන වග අපිටත් හැගී යනවා. විය යුත්තේ ඒයයි. ”

රටට දැයට සමයට වගකීම් ඉටුකරන්නට නූතන පරපුරට සිහිගැන්විය යුතු සමයෙක මෙවන් කර්තව්‍යයක් සිදුවීම සැබැවින්ම උඩරට කලාව උදෙසා ම සිදු කරනු ලබන ‌ගෞරවයක් වග යළිත් සිහිකරමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“සහරාන්ලා හැංගුණ තැනුත් කිව්වා සැකකරු ලයිස්තු පිටින් දුන්නා ඒත් වැඩක් වුණේ නෑ”

Next Post

උතුරේ අපේක්ෂකයන්ගේ කේබල් ටී.වී. මැතිවරණ නීති කුඩු කරයි…

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.