බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

කලාව පිළිබඳ කලාව – සීගිරි සිතුවම් තේමා කරගත් ශ්‍රව්‍ය දෘශ්‍ය කලා කෘති

කලාව පිළිබඳ කලාව - සීගිරි සිතුවම් තේමා කරගත් ශ්‍රව්‍ය දෘශ්‍ය කලා කෘති

by editor
අගෝස්තු 21, 2021
in සංස්කෘතිය
Sigiriya
Share on FacebookShare on Twitter

ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු –

විශිෂ්ට ගණයේ කලා නිර්මාණ තවත් බොහෝ කලා නිර්මාණ රැසකටම පාදක වී තිබේ. ඒ බව සමකාලීන කලා කෘතීන් මඟින් මෙන්ම පැරණි කෘතීන් අතරෙහි ද දැකිය හැකි සංකල්පයකි. එය “ කලාව පිළිබඳ කලාව ” නම් වේ. ලෝක ප්‍රකට මොනාලිසා සිතුවම ප්‍රස්තූත කොටගෙන බිහි ව ඇති නිර්මාණ සමූහය ඊට නිදසුනකි. (Monalisa Replicas and Reinterpritants). එපරිද්දෙන් ම ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය කලා නිර්මාණයන් ව සීගිරි සිතුවම් ද වෙනත් කලා නිර්මාණ රැසකටම ප්‍රස්තූත වී ඇති බැවින් ඒ පිළිබඳව විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.

මෙහි දී පුරාණ හා නූතන යන යුග දෙකට ම අයත් කෘතීන් කෙරෙහි ආධ්‍යනය යොමු කෙරේ. අනුරාධපුර යුගයෙහි සිට මහනුවර යුගය දක්වා වූ කාලපරිච්ඡේදය පුරාණ යුගය ලෙස ද එතැන් සිට වර්තමානය දක්වා කාලපරිච්ඡේදය නූතන යුගය ලෙසින් ද මෙම අධ්‍යයනය සඳහා පදනම් කොට ගෙන තිබේ.පුරාණ යුගය යටතේ, සීගිරි සිතුවම් ප්‍රස්තූත කොටගත් සීගිරි කුරුටු ගී, මැටියෙන් තැනූ (ටෙරා කොටා) රූප හා වෙනත් බිතු සිතුවම් පිළිබඳ ව බොහෝ දුරට පූර්ව අධ්‍යයනවල දී සාකච්ඡාවට භාජනය වී ඇති බැවින් ඒ පිළිබඳව සමාලෝචනයක් පමණක් මෙහි දී සිදු කෙරෙන අතර, නූතන යුගයට අයත් ලී කැටයම්, බිතු සිතුවම්, බතික් සැරසිලි හා වෙනත් නිර්මාණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. ඒ හැරුණු විට ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයෙහි සීගිරි සිතුවම් පිළිබඳ රචිත ගීත රැසක් ද ඇති බැවින් ඒ පිළිබඳව ද මෙම අධ්‍යයනයේ දී අවධානය යොමු වී තිබේ.

සීගිරි සිතුවම් වෙනත් කලාකෘති සඳහා ප්‍රස්තූත වීම ප්‍රධාන වශයෙන් අවධි දෙකක් යටතේ සාකච්ඡා කළ හැකි. එනම් පුරාණ හා නූතන යුගය යි.

1 පුරාණ යුගය

සිගීරි සිකුවම් මුල් වරට වෙනත් නිර්මාණ සඳහා ප්‍රස්තූත වීම හඳුනාගත හැකි වනුයේ කුරුටු ගී ඇසුරෙනි. සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී අතරින් බහුතරයකට පාදක වනුයේ සීගිරි සිතුවම්හි නිරූපිත කාන්තාවන් ය. සීගිරි සිතුවම් අතරෙහි කහ පැහැති හා දුඹුරු පැහැති කාන්තා රූප දැකිය හැකි වන අතර ඒවා පිළිවෙලින් “රන්වනුන්” හා “නිල්වනුන්” හෝ “මහනෙල්මල් වනුන්” ලෙසින් කුරුටු ගීවල වර්ණිත ය. සීගිරි සිතුවම් දැක වශීකෘත වූ කවීන් එම සිතුවිල්ල නිරූපිත කාන්තා රූප ගීත නිර්මාණ සඳහා පාදක කරගෙන ඇත්තේ අපූර්ව ආකාරයටය. එම කාන්තාවන් ඔවුන් භාවිතයට ගෙන ඇති පද, ඔවුන්ගේ රූ සපුවෙහි ශෘංගාර ජනක බව කියාපාන ඒවා වේ (අරංගල 2005:55).

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

උදා: සුනිල් බැමැ තන හස්

     මිති කළ ඉගක් පළමුව

     කළ වන් තොල් සැබැවින

     රැපැ සිරි ඔත් වතින් යොමුවැ ( 90 වෙනි ගීය).

සුනිල් වන් බැම, හසුන් වන් පියයුරු, සිහිනිග, ප්‍රවාල මාණික්‍යයෙන් කළාක් වැනි තොල් (යන මේ සියල්ලෙන් ශෝභිත ලලනාව) සැබැවින් ම සිරිකත අභිමුඛ ව පැමිණි සෙයක් පළ කරන්නී ය. සීගිරි සිතුවම් පිළිබඳව දේශීය කවීන් හැරුණු විට, විදේශීය කවියෙක් ලෙස සැලකෙන වජ්රවර්මන් නැමැති කවියා විසින් සංස්කෘතික භාෂාවෙන් රචිත කුරුටු ගීයක් මෙලෙස සඳහන් වේ.

පීන පයෝධර භාරා

ලලිත සාරස රචිත තනු මධ්‍යා

නීලේන්දීවර නයනා

කේයං මනෝරධා රාධා

( පින් පියොයුරු බරිනි  -සිහිනිග සුලලිත මෙවුල් දමින් සැදි

ඉඳුවර නයනින් සුදිලෙන – කවුරුද මේ මනරම් යුවති)

මේ හැරුණු විට සීගිරි සිතුවමින් නිරූපිත කාන්තා රූප හා සමාන ටෙරාකොටා මූර්ති සමුහයක් ද සීගිරියෙන් හමු වී ඇති අතර ඒවා සීගිරිය නැරඹීමට පැමිණියවුන්ට අලෙවිය සඳහා නිර්මාණය කළ“සිහිවටන මූර්ති” ලෙස මහාචාර්ය සේනක බණ්ඩාරනායක සඳහන් කරයි. ක්‍රි.ව 5-7 සියවස්වලට දින නියම කළ හැකි මෙම රූප “ කලාව පිළිබඳ කලාවක්” බවත් ඔහු සඳහන් කරයි.

Teracota
සීගිරි ලඳුන් මූර්තියට නැගූ ටෙරාකොටා රූපයක්…

මෙවැනි ටෙරාකොටා රූප කැබලි 24 ක් දැනට හඳුනාගෙන ඇති අතර ඒවායින් වැඩිම ප්‍රමාණයක් හමු වී ඇත්තේ ආරාම සංකීර්ණය ආශ්‍රීත පැරණි මාර්ගය සමීපයෙනි. ඒ අනුව ඒවා සිහිවටන ලෙස අලෙවි කිරීමට සැකසු ඒවා ය යන මතය වඩාත් තහවුරු කරගත හැකිය. දඹුලු විහාරයේ දෙවැනි ගුහාවේ සිතුවම් කොට ඇති මරඟනන්ගේ රූප ද සීගිරි සිතුවම් ආකාරයෙන් නිර්මාණය කරඇති බැවින්, ඒවා සීගිරි අප්සරාවන් පිළිබඳ මහනුවර යුගයේ සිත්තරෙකුගේ දැක්මක් ලෙසට මහාචාර්ය සේනක බණ්ඩාරනායක සඳහන් කරයි.

dambulla
සීගිරි අප්සරාවකගේ රුව සහිත දඹුළු විහාර සිතුවමක්

1 නූතන යුගය

නූතන යුගය තුළ දී සීගිරි සිතුවම් කලා මාධ්‍යයයන් කීපයකට ප්‍රස්තුත වී තිබේ.

2.1  සිතුවම්

සීගිරි සිතුවම් මෑත කාලීනව මුල් වරට බිතු සිතුවමට නැගී ඇත්තේ පිදුරංගල පහළ ලෙන් විහාරයේ විෂ්ණු දේවාලය ඉදිරි බිත්තියෙහිය. 1960 ගණන්වල දී සිතුවම් කොට ඇති මෙම සිතුවම් කලාන්විත බවින් තොර, හුදු අනුකරණාන්විත නිර්මාණයන් බව පෙනේ.  ඒ හැරුණු විට 2009 වර්ෂයේ දී සීගිරි කෞතුකාගාරයේ සිතුවම් මැදිරියෙනි. මහාචාර්ය ඇල්බට් ධර්මසිරි විසින් අදින ලද සිතුවම් මේ  පිළිබඳ මෑතම නිර්මාණය ලෙස දැක්විය හැකි ය. ඊට අමතරව, බිතු සැරසිලි ලෙස ද විවිධ ස්ථානවල තෝරාගත් ප්‍රචලිත සිතුවම් කිහිපයක් පමණක් ඇද ඇති ස්ථාන ද දැකිය හැකි ය.

2.2  මුද්දර හා මුදල් නෝට්ටු

සීගිරි සිතුවම් මුල්වරට තැපැල් මුද්දරයකට නැගී ඇත්තේ 1954 දී ය. තනි සිතුවම් නිරූපිත එම මුද්දරය 1958 වර්ෂයේ දී භාෂා සංශෝධනයන් සහිතව යළි නිකුත් වී තිබේ. පසුව 1973, 2008 වර්ෂවල දී තවත් මුද්දර 2ක් නිකුත් වී තිබේ. 2012 වර්ෂයේ දී ජපාන – ශ්‍රි ලංකා මිත්‍රත්වයේ 50 වන සංවත්සරය වෙනුවෙන් ජපානය නිකුත් කරන ලද මුද්දරයකට තේමා වී ඇත්තේ සීගිරි බිතු සිතුවමකි.

stamp
සීගිරි ලඳුන් සිතුවම් කළ මුල්ම මුද්දරය

1952 වර්ෂයේ දී සීගිරි සිතුවම් යුගලයන් මුල්වරට රු: 100 මුදල් නෝට්ටුවලට එක් වී තිබේ. 1954, 1966 හා 1964 වර්ෂවල දී නිකුත් වූ රු: 100 මුදල් නෝට්ටුවල එම රූපය එලෙසම භාවිතයට ගැනුනි. අනතුරුව 2000 වර්ෂයේ දී රු: 2000 මුදල් නෝට්ටුවලට සීගිරි බිතු සිතුවම් එක් විය. සීගිරි සිතුවම් මුලින්ම කාසියකට එක් වූයේ  2011 වර්ෂයේ දී ය. ඒ රු: 10 කාසියකට ය.

money-note
සීගිරි ලඳුන් සිතුවමට නැගූ මුල්ම මුදල් නෝට්ටුව

2.3 සංචාරකයින්ට අලෙවිකිරීමට සැකසූ සිහිවටන කෘතීන්

සීගිරියට පැමිණෙන සංචාරකයින්ට අලෙවිකිරීමට සීගිරි සිතුවම්හි නිරූපිත කාන්තා රූප මාධ්‍ය කිහිපයක් යටතේ නිර්මාණය වී තිබේ. එනම් ලී කැටයම්, ගල් කැටයම් ලෙස, සිතුවම් ලෙස හා බතික් නිර්මාණ ලෙසිනි. මේ අතරින් වඩාත් සුභලතම වනුයේ ලී කැටයම් ය. මේ සඳහා බහුලව ම භාවිතයට ගෙන ඇත්තේ ඉතා ජනප්‍රිය සිතුවම් කිහිපයක් බව පෙනේ.

2.4 ගීත

සීගිරි සිතුවම් දෘශ්‍ය කලාවන්ට (Visual Arts) පමණක් සීමා වී නොමැති අතර ගීත රැසකට ද ප්‍රස්තූත වී තිබේ. දැනට එවැනි ගීත 10ක් පමණ හඳුනාගත හැකි ය. 1950-60 දශකවලදී නිර්මාණය වජිරා බාලසූරිය ගායනා කරන සීගිරියේ සිතුවම් රමණී……… හා චිත්‍රා සෝමපාල ගායනා කරන “ලලිත කලා ඔප කරනා……..” යන ගී ඒ අතරින් පැරණිත ම නිර්මාණ ලෙස හඳුනාගත හැකි ය.

සීගිරි සිතුවම් පාදක කරගත් ගීත අතරින් බහුතරය 1970 – 80 දශකවලට අයත් ය. ටී. එම් ජයරත්නයන්ගේ “සීගිරි ලඳුනේ ඇයි තනි වී…..” සී. ටී ප්‍රනාන්දුගේ “සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ……” ඉන්ද්‍රානි පෙරේරාගේ “වන දෙව්ලිය තුරුලේ……” හා වික්ටර් රත්නායකගේ “සීගිරි බිතු සිතුවම් අතරේ……” ඒ අතරින් ජනප්‍රිය ගීත කීපයකි.

එසේ ම සීගිරි සිතුවම් මුල්වරට බයිලා ගායනයකට එක්ව ඇත්තේ ඇන්ටන් ජෝන්ස්ගේ “සීගිරි ගිරි ශිඛරේ කසුප් රජුගෙ බලකොටුවේ” ගීතයෙනි. ඒ හැරුණු විට සීගිරි සිතුවම් උපමාවට ගනිමින් රචිත ගීත රාශියක් ද අපගේ ගීත සාහිත්‍යයේ දැකිය හැකි ය. ඒ සියලු ම නිර්මාණයන්ගෙන් සනිටුහන් වනුයේ සීගිරි සිතුවම්හි චමත්කාරජනකත්වය යි.

සීගිරි සිතුවම් ක්‍රි. ව 5 සියවසට අයත් නිර්මාණයන් වුවත් එහි ඇති විශිෂ්ටත්වය හේතුවෙන් අනාදිමත් කාලයක පටන් ම කලා නිර්මාණ රැසකටම පාදක වී ඇති බව පැහැදිලි වේ. අතීතයේ දී ඒ සඳහා විවිධ දෘශ්‍ය කලා සම්ප්‍රදායකට තේමා වී පසුව නූතනයේ දී  ශ්‍රව්‍ය කලා සම්ප්‍රදායන් රැසකට ද ප්‍රස්තූත වී තවදුරටත් නිර්මාණ රැසකටම තේමා වන “කලාව පිළිබඳ කලාව” සඳහා අග්‍රගන්‍ය ශ්‍රී ලාංකේය මූලාශ්‍රයක් ලෙස හඳුන්වාදිය හැකිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇඳිරි නීති බලපත්‍ර ඉල්ලා පොලිසියට එන්න එපා !

Next Post

වගුරු බිම් ගොඩකරමින් සිටි කිරිබත්ගොඩ කෝටිපති ව්‍යාරිකයෙක් අත්අඩංගුවට

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.