බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ඉතිහාසයෙන් තහවුරුකර විසඳා දෙන කුරුඳුමලේ අවනඩුව

by editor
පෙබරවාරි 9, 2021
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් කුරුන්දමලෙයි හෙවත් කුරුදුමලේ  විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශ වල පුරා විද්‍යා කැණීම් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ වලින් ඉතා තදබල වූ විරෝධයක් පැන නැගී තිබේ.

ඔවුන් පවසන්නේ මේ ස්ථානය හින්දු  සිද්ධස්ථානයක් බවයි. ආදී අයියනාර් කෝවිල වශයෙන් හඳුන්වන මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් හඳුන්වන්නේ බලහත්කාර අත්පත්කර ගැනීමකින් පසුව බව දෙමළ දේශපාලන පක්ෂ කියා සිටියි.

කුරුන්දාවශෝක විහාරය

මේ පක්ෂ වලට අයත් පිරිස් වරින් වර එම ස්ථානයට ගොස් ඔවුන්ගේ අයිතිය තහවුරු කිරීමට බොහෝ තර්ක ඉදිරිපත් කොට ඇතත් කුරුන්දමලේ හෙවත් කුරුඳුමලේ යනු අපේ වංශ කතාවල සදහන් කුරුන්දාවශෝක විහාරය බවට අවශ්‍ය තරමට සාධක තිබේ.

පළාතේ හින්දු බැතිමත්තු මේ ස්ථානයට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් කියමින්  විරෝධතා දක්වති. පුරා විද්‍යා නිලධාරීන් පිරිසක් කුරුදුමලේ පුරාවිද්‍යා කාර්යාලය පිහිටුවීමට ගිය අවස්ථාවේදී මුලතිව් තන්නිමුරුප්පුව  හන්දිය අසලදී ඊට මහා විරෝධයක් එල්ල විය. රැගෙන ගිය බුදු පිළිමය මුලතිව් පොලීසියේ රැඳවීමට තරම් ඒ අරගලය උත්සන්න වූවත් කුරුඳුමලේ විහාරය අයත් වන්නේ බෞද්ධ පුරා විද්‍යා ස්ථානයක් හා බෞද්ධ සිද්ධස්ථානයක් හැටියටය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කුරුඳුමලේ විහාරය ලෙස මේ ස්ථානය හඳුන්වා තිබුණද අතීතයේදී කුරුන්දම්මලේ හෙවත් කුරුන්දාවාශෝක විහාර ලෙස හඳුන්වා ඇත්තේ මේ ස්ථානයයි.

ලේඛනගත සාධක

අට්ඨ කතාවල ”කුරුන්දක” නම් වූ ගම්මානයක් ගැන නිතර සඳහන් වෙයි. කුරුඳුගමුරට යනුවෙන් ප්‍රදේශ නාමයක් කඩඉම් පොත්වල    සඳහන් වේ. පදීරට  කුරුඳු රටට ඉතා සමීපව පිහිටි  ගම් ප්‍රදේශයක් බව  පූජාවලියේ හා නිකාය සංග්‍රහයේ දැක්වෙයි. මේ නිසා කුරුඳුගමු රට  කුරුඳු රට හා කුරුන්දක යන  නාමයන්ගෙන් හඳුන්වන්නේ එකම ප්‍රදේශයක් බව ප්‍රාමාණිකයෝ අදහති.

කුරුන්දක රටට සමීපව පිහිටි පදී රට යනුවෙන් සලකන ලද්දේ වර්තමානයේ පදවිය ප්‍රදේශය බවටද සාධක ඇත. කෙසේ වෙතත්  දෙවන පැරකුම්බා  රජු (1236-1270) විසින් කාලිංග මාඝ ගේ බලකොටුවක් විනාශ කළ අවස්ථාවේදී එම බලකොටුව කුරුන්දි නම් වූ ප්‍රදේශයේ වූ බව සඳහන්ය. ඒ කාලයේදීම  ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ චන්ද්‍රභානුගේ කඳවුරක්  කුරුන්දියෙහිම ස්ථාපිත කොට එහි විසූ සිංහල ජනතාව ඔහුගේ යටතට ගත් බවත් පසු කාලීනව එම සිංහල ජනතාව චන්ද්‍රභානු සමග එක්ව කටයුතු කළ බවත් වංශ කථාවල සඳහන් වෙයි.

එකල කුරුදු රට ලෙස සලකන ලද පළාත  වත්මන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෑදෑ කෝරළය විය හැකි බවට එක් මතයක් ඇති අතර අනෙක් මතයේදී කියැවෙන්නේ  වවුනියාවට  අයත් කරිකට්ටුමලෙයි නම් වූ ප්‍රදේශය එම කුරුදු රට විය හැකි බවයි.

කුරුන්දක විහාර කර්මාන්ත

මේ අතරවාරයේ ඛල්ලාටනාග රජු විසින්  ක්‍රි.ව. 100 -103 අතර කාලයේදී කුරුන්දවාශෝක  විහාරය තනා ඇතැයි වංසකතා සඳහන් කරයි. ඛල්ලාටනාග රජු විසින් කරවන ලද විහාරය කුරුන්දවාශෝක විහාරය වශයෙන්ද  කුරුන්දපාසක විහාරය  නමින්ද මහා වංශයේ සඳහන් වෙයි.

ක්‍රි.ව.571 සහ 604 අතර කාලයේදී  පලවෙනි  අග්බෝ රජු විසින්  කුරුන්ද නම් විහාරයක් කළ බව ඉතිහාසයේ සඳහන් වන අතර  පලවන විජයබාහු රජු විසින්  ක්‍රි.ව. 1055 හා 1110 අතර කාලයේදී කුරුන්ද විහාරය  සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තිබේ.

අග්බෝ රජු විසින්  කරවන ලද කුරුන්ද විහාරයට ආසන්නයේම  කුරුන්දවාපී නමින්  මහා වැවක්ද පොල් වගාවකින් යුත් මනරම් උයනක්ද  කරවන ලද බව ලංකා ඉතිහාසයේ දැක්වෙයි.

හෙළ අටුවාවල සඳහන

සිංහලයේ පැවති හෙළ අටුවාවලට අනුව  කුරුන්දට්ඨ කතාව ඉන් එකකි. ඊට එම නාමය ලැබී ඇත්තේ  කුරුන්දකවේලූ විහාරයේදී එය ලියන ලද නිසා බව කියවේ.

සමහර විද්වතුන් පෙන්වා දෙන පරිදි  කුරුන්දාවශෝක කුරුන්දවාපී අශෝක යන වචන අක්‍රමවත් ලෙස  කෙටි වීමක් පෙන්නුම් කරයි. කුරුදුවැව අසල වූ අශෝක විහාරය ඒ නමින් හැදින් වූ බව විද්වත් මතයකි. කෙසේ වෙතත් ඒ සියල්ලෙහිම කුරුන්ද යන කොටස  සුරැකිව ඇති අතර  වර්තමානයේදී කුරුන්දමලෙයි යන්න එම ව්‍යවහරයේම ශේෂ ඉතිරි කරයි.

ඒ අනුව විමසා බලන විට  සීහළට්ඨ කතා රචිත  මිහිදු මාහිමියන්ගේ යුගයේ සිටම  කුරුන්දගම විහාරය පැවති බවත් ඒ විහාරය මේ පුරාවිද්‍යා භූමිය බවත් විද්වත්හු අදහති.

මිහිදු මාහිමියන්ගේ යුගය වන විට මේ ප්‍රදේශය සැලකිය යුතු  බෞද්ධයින් පිරිසක් ජීවත් වූ ප්‍රදේශයක් බවට සාධක හඳුනාගෙන ඇත. ක්‍රිස්තු පූර්ව යුගයේදී ඇති සාධකවලට අනුව  බෞද්ධ භික්ෂූන් වහන්සේ සිය ගණනක් වැඩ වාසය කොට තිබේ. මනෝරථපූරණියේ  සඳහන් ආකාරයට  ඵුස්සමිත්ත නම් වූ තෙරුන් වහන්සේ නමකට  කුරුන්දකවාසී යන නාමයෙන් ආමන්ත්‍රණය කොට තිබේ.

1905 පුරාවිද්‍යා වාර්තාව

1905 වසරේදී නිකුත් වූ පුරා විද්‍යා වාර්තාවට අනුව කුරුන්දාවශෝක විහාරයේ කියවිය හැකි සෙල්ලිපියක් තිබූ බවට තොරතුරු වාර්තාවේ. තුන්වන මිහිඳු රජු විසින්  කරවන ලද එම සෙල්ලිපියේ කුරුන්දක විහාරය පිළිබඳව පූර්ණ විස්තරයක් සඳහන්ව තිබූ බව එම පුරා විද්‍යා වාර්තාව සඳහන් කරයි. එකල මේ පළාත කුරුන්ගම වශයෙන් සඳහන්ව තිබූ බවද පෙන්වා දෙයි.

කුරුන්ගම වැවේ ජලය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් සංසිදුවීම පිණිස තුන්වන මිහිඳු රජු සිය බිසව හා දියණිය සමග කුරුන්ගමට පැමිණි අවස්ථාවේදී එම සෙල්ලිපිය කර වූ බවත් එහි අක්ෂර හා යෙදුම් වල දෝෂ කීපයක්ම සෙල්ලිපිය පිහිටුවන අවස්ථාවේ සිදු වුවත් ඒවා නිවැරදි නොකරණ ලෙස නියෝග කළ බවත් 1905 දී නිකුත් වූ පුරා විද්‍යා පාලන වාර්තාවේ සදහන් වෙයි.

ජනප්‍රවාද හා නටබුන් ශේෂ

කෙසේ වෙතත් ජනප්‍රවාදවලට අනුව  බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය වූ නාගදීපයට වැඩම කළ අවස්ථාවේදි උන්වහන්සේ මේ කුරුදුමලේ විහාරය පිහිටි කඳු සහිත භූමියට  වඩම කොට ඇති බවද පැවසේ. පසුකාලීන දෙමළ ජනයාද  මෙය පිළිගත් කතාවකි.

මෙම පුදබිමේ තවමත් බෞද්ධ නටබුන් විශාල ප්‍රමාණයක් ශේෂ වී ඇත.   කබොක් ගල් වලින් නිර්මාණය කොට ඇති ස්තූපයක්,  ප්‍රාකාර බැමි, ශිලා කුළුණු සහිත ගොඩනැගිලි  සදකඩපහණ  කැටයම් සහිත ශිලාමය උලුවහු  ගණනාවක් විහාරයක් චෛත්‍යයක් යැයි සැක කළ හැකි නටබුන් මේ අතර වේ.  සංඝාවාස හෝ පැරණි ගොඩනැගිලිවල අද ඉතිරිව ඇත්තේ ගඩොල් ගොඩවල් පමණකි.

එම නටබුන් අතරින් හමු වූ දෙකට බිදුණු සෙල්ලිපියේ දෙවන කොටසින් කියවෙන දේ තවමත් කියවා නොමැත.

කුරුදුමලේ විහාරයේ නටබුන්  සම්බන්ධයෙන් යටත්  විජිත යුගයේ සිටි සිවිල් නිලධාරින් වූ  හෙන්රි පාකර් හා ජේ.පී.ලෙවිස් යන  දෙදෙනා විසින් බොහෝ අදහස් දක්වා තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ සමයේදීම  1933 මැයි මස 12 දින  විශේෂ ගැසට් පත්‍රයක් මගින්  අක්කර  78ක භූමි ප්‍රදේශයක් පුරා විද්‍යා  රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.

නමුත් මේ භූමි ප්‍රමාණය ආක්‍රමණය කරමින් විවිධ පිරිස් දේශපාලන උවමනාවන් මත  කුරුදුමලේ විහාරය දක්වා අයිතිවාසිකම් කීමට පටන් ගෙන ඇත්තේ මහා යුද්දයෙන් පසුව එළඹි සාමයත් සමගිනි. එහෙයින් කුරුදුමලේ අයිතිය සාමයෙන්ම තහවුරු කරගැනීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වියයුතුව ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රවීන නිළි ඇන්ජලා සෙනෙවිරත්නට අද වකුගඩු සැත්කමක්

Next Post

තනි ගමනක් ගියොත් විමල්ට සිදුවන දේ ගැන පොහොට්ටු මහලේකම් කියයි

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.