බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

අතීත සිංහලය සමෘද්ධිමත් කළ මුතු කර්මාන්තයේ වරුණ

by editor
නොවැම්බර් 14, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

විජයාවතරණය සිදුවන්නේ මීට වසර දෙදහස් පන්සියයකට පෙරය. එහෙත් මේ රටේ උපදින මුතු ආයත ද්‍රව්‍යයක්කොට කෙරුණු විදෙස් වෙළෙඳාමට අවුරුදු තුන්දහසකට එපිට අතීතයක් තිබේ. ලංකාව ආශ්‍රිත සමුද්‍ර වෙළෙඳාමේ ඓතිහාසික ප්‍රවේශයම මුතු කර්මාන්තය මත පදනම් වූවකි. (ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළේ මුතු කර්මාන්තය ගැන විපරමක්, මහාචාර්ය ජිනදාසකටුපොත, https://www.researchgate.net/publication). ක්‍රිස්තු පූර්ව 3 සියවසේ දී පමණ ලියන ලදැයි සැලකෙන කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේ සිංහල දිවයිනේ එක් ස්ථානයකින් මුතු ලැබුණු මුතු වර්ග ගැන සඳහන් වේ. ( ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1964 , 217 පිටුව).

pearl
මුතු බෙල්ලන් වර්ග කරන පිරිසක්… 1920 -30

විදේශිකයන් මුතු ගැන කී කතා

ලංකාව ගැන මුලින්ම සඳහන් කළ ග්‍රීක ජාතිකයා මෙගස්තිනීස් ය. ඔහු ක්‍රිස්තු පූර්ව 350 සිට ක්‍රිස්තු පූර්ව 290 තෙක් ජීවත් වූ ඓතිහාසික විද්වත් සමාජයේ සිටි ප්‍රබුද්ධයෙකි. මෙගස්තීනස් ලංකාවේ මුතු ගැන සඳහන් කර තිබිණි. ( පුරාණ ලංකාවේ වෙළෙඳාම, ජී.ඒ. ලෙස්ලි ගාමිණී, 53 පිටුව, ) සොලිනස් පොලිහිස්ටර් නැමැති ග්‍රීක ජාතිකයා ලංකාවේ මුතු බෙල්ලන් ගැන විස්තර කළේය.

ක්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවසේ ජීවත් වූ රෝම දාර්ශනිකයෙක්, ලේඛකයෙක්, මෙන්ම ස්වභාවික විද්‍යාඥයෙක් වූ ප්ලිනි ලංකාව හා රෝමය සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ මුල් වරට ලියා තිබූ ලේඛකයාය. ඔහු ලංකාවෙන් ආනයන කරන සුඛෝපභෝගී ද්‍රව්‍ය අතර ඇති මුතු ගැන විශේෂ සඳහනක් කළේය. ශ්‍රී ලංකාව විදේශ වෙළෙඳපලේ දී ලෝකයේ ප්‍රධාන මුතු නිශ්පාදකයා හැටියට ඉතා ඉහළ කීර්තියක් දිනා ඇති බව කීවේ ප්ලිනිය (පොන්නම්පෙරුම ඩී.ජී. විදේසීන් දුටු පුරාණ ලංකාව 1961, 38 – 42 පිටු). රෝම පාලකයෝ ලංකාවේ වටිනා මුතු සඳහා විශේෂ ඇල්මක් දක්වා තිබුණි. එකළ එම මුතු දකුණු ඉන්දියාව හරහා ලංකාවෙන් රෝමයට අපනයනය විය. ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවස වනවිට ආරාබි හා පර්සියානු ජාතිකයෝ ද මුතු සොයා සිංහලයට පැමිණෙමින් සිටියහ.

ක්‍රිස්තු වර්ෂ 170 – 235 අතර ජීවත් වූ ඊලියන් නම් රෝම ජාතික ලේඛකයා “චරියා හිස්ටොරියා’’ නම් ඔහුගේ ග්‍රන්ථයේ ලංකාවේ මිනිසුන් හා සිරිත් විරිත් ගැන සඳහන් කළේය. ඔහුට අනුව මේ වකවානුවේ රට තුළ විධිමත් ධීවර කර්මාන්තයක් තිබිණි. මුහුදු සතුන් හා මුහුදු මාලු ඇල්ලීම පිණිස මුහුදු තෙර සිටින ජනයා මුලුමනින්ම වෙහෙසෙමින් සිටියහ. ( McCrindle and John, 1901:194 , ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ ඉතිහාසය‍, සමන් හේරත්, 42 පිටුව).

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා මුතු

දෙවන පෑතිස් රජුගේ රාජාභිෂේකය දින මෙරට වෙරළට ගසාගෙන ආ මුතු වර්ග අටක් ගැන මහාවංශය දක්වයි. ( මහාවංශය, 11 පරිච්ඡේදය, 14-15 ගාථා ) . ධර්මාශෝක අධිරාජ්‍යයා උදෙසා අරිට්ඨ කුමරු අත දඹදිවට යැවූ තුටු පඬුරු අතර මේ මුතු වර්ග අට ද විය. ( මහාවංශය, 11 පරිච්ඡේදය, 22-23 ගාථා). සීගිරි කුරුටු ගී හි මුතු හර පිළිබඳ පැනේ. ක්‍රිස්තු වර්ෂ 742 – 762 දී චීනයේ “මං රජ පෙළපත සමයේ ලංකාවෙන් චීනයට යැවූ දූත කණ්ඩායම් හයක් පඬුරු ලෙස මුතු ද ගෙනගොස් තිබිණි. (Journal Of Royal Asiatic Socity / Ceylon Branch, Vol.XXXVI, 1915-1916:74-105, ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර වෙළෙඳ ඉතිහාසය, සමන් හේරත්, 44 පිටුව) . ක්‍රි.ව.614 දි සිලා මේඝවර්ණ රජු දවස දූතයන් දෙදෙනෙකු චීනයට යැව්වේය. ඒ දූතයන් අත යැවූ තුටු පඬුරු සමග මහානර්ඝ මුතු ද වූයේය. ක්‍රිස්තු වර්ෂ750 දී ලංකාවෙන් චීනයට ගිය තානාපතීයන් පඬුරු ලෙස මුතු ගෙන ගොස් තිබිණි. (Journal Of Royal Asiatic Socity / Ceylon Branch,Vo XXIV,1915-16:88, 90, ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර වෙළෙඳ ඉතිහාසය, සමන් හේරත්, 43 පිටුව )

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

1828 මාර්තු මාසයේදී මන්නාරමේ මුතු කිමිදී ආපසු එන බෝට්ටු – ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත්ව ඇති හිපොලයිට් සිල්වාෆ් (Hippolyte Silvaf ) ගේ සිතුවමකි

ෆාහියන් හියුංසියැං වාර්තා

සිංහලයට අයත් දූපත් බොහෝ ගණනකින් නොයෙක් වර්ගවල මුතු හා මැණික් ලැබෙන ආකාරය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ලංකාවේ සංචාරය කළ ෆාහියන් භික්ෂුව වර්තා කළේය. ඒ අවධිය වනවිටත් මුතුපර පූර්ණ ලෙස රජුට අයත්ව තිබිණි. එතුමෝ මෙසේ කියති. “ එකකින් පිරිසිදු වූ ඉතා දීප්තිමත් මුතු මේ දිවයිනෙන් ලැබේ. මේ රටේ රජ දූපත ආරක්ෂා කිරීම මිනිසුන් නවතා මුතු එකතු කරන්නන්ගෙන් දහයට තුනක් රජුට දෙන ලෙස නියෝග කර තිබේ. ( පාහියන්ගේ බෞද්ධ රාජධානි සහ වන්දනා ගමන් විස්තරය, චාල්ස් ද සිල්වා සංස්කරණය, 37 පරිච්ඡේදය, 101 පිටුව) ෆාහියන් හිමි විහාර භාණ්ඩාගාරවල ඇති මිල කළ නොහැකි පිරිසිදු මුතු සියැසින් දකිති. අභයගිරි විහාරයේ විසි රියන් ශෛලමය බුද්ධ ප්‍රතිමාවේ දකුණු ශ්‍රී හස්ථයේ ඇති මිල කළ නොහැකි මුතු කැටයක් දැක් විශ්මයට පැමිණෙති. (පාහියන්ගේ බෞද්ධ රාජධානි සහ වන්දනා ගමන් විස්තරය, චාල්ස් ද සිල්වා සංස්කරණය, 38 පරිච්ඡේදය.103 පිටුව)
හත්වන සියවසේ දි ලංකාව ගැන හියුංසියං භික්ෂුව වාර්තා කරන්නේ පාහියන් හිමි සේ ලංකාව දැකඇති අත්දැකීමකින් නොවේ. වෙළෙදුන්ගෙන් අසා දැනගත් තොරතුරු මතය. හියුංසියං හිමිගේ ලේඛණයේ මේ ද්වීපයෙහි සමුද්‍ර තීරයෙහි වූ මූදු බොක්කකින් බොහෝ වූ මුතු හා මැණික් ලැබෙන බවත් වර්ෂයක් පාසා රජතුමා එහි පැමිණ කරන මහා පූජාවක් පිළිබඳවත් සඳහන් කරයි. මුතු කිමිදීමක් ගැන නොකියා භූතයන් විසින් එකිනෙකාගේ කුසල බලය අනුව මුතු ලබා දෙන බව කියන එතුමෝ මෙසේ ලැබෙන මුතුවලින් රජට බද්දක් ගෙවිය යුතු බව කියති (හියුංසියං භ්‍රමණවෘත්තාන්තය 11 පරිච්චේදය. 388 පිටුව, පොල්වත්තේ බුද්ධදත්ත සංස්කරණය, රත්න ප්‍රකාශක 2000 මුද්‍රණය).

අන්තරංග ධූර – මුතු පර අයත් දෙපාර්තමේන්තුව

මහා පරාක්‍රමබාහු රජතුමා කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය ප්‍රකාරව සිංහලයේ වෙළෙඳාම සංවිධිත කළේය. පුළුල් කළේය. හේ විශේෂයෙන් අන්තරංග ධූර නැමැති බෙත්මක් ඇති කෙරුවේය. විදේශ වෙළෙඳාම දියුණු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය උපදින පෙදෙස් මේ බෙත්මට භාරව තිබුණේය. මුතුපරව වල ඒකාධිකාරිය රජතුමා යටතට ගැනුණි. මුතු හටගන්න වෙරළ පෙදෙස මෙන්ම මැණික් හටගන්නා බිම් ද ඇතුන් ජීවත්වන මහා මලය ප්‍රදේශයද අන්තරංග ධූර දෙපාර්තමේන්තුවට ඇතුළත් විය. (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1971, 522 පිටුව)

මුතුපර අයිතිය වෙනුවෙන් කළ යුද්ධය

යාපව්වේ 1 බුවනෙකබාහු රජතුමා වෙනුවෙන් අල් – හාජ් අබු උඒමන් නැමැති දූතයා ක්‍රි.ව 1283දී ඊජිප්තුවේ රජ වාසලට යවා ලංකාවේ මුතු උක්ර්ෂයට නන්වයි. ඔහු එහිදී ඊජිප්තු සුල්තාන්වරයාට කියන්නේ තමන් ලඟ සෑම වර්ගයම මුතු හා මැණික් සෑහෙන ප්‍රමාණයක් තිබෙන බවය. (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1971 , 668 පිට). මේ අතර රජු යටතේ පැවි මුතු පර සම්බන්ධව යුද්ධයක් පැන නැගුණු ආකරය යාල්පාන වෛපාලමාලෙයි සඳහන් කරයි. ඒ ජයවීර ශිංගෛ ආරියණ් නම් යාපනයේ රජු සමග ඇති වූ එකකි. එහෙත් මේ ලේඛණයේ දොස් හිත බව පෙන්වා දෙන පරණවිතානයන් පාණ්ඩ්‍ය ආක්‍රමණය වනාහී යාපනයේ ආර්යචක්‍රවර්තී රජු සහ 1 බුවනෙකබාහු රජු අතර මුතුපර ගැන ඇතිවූ ආරවුලෙහිදී මාවර්මන් කුලශේඛර රජු ආර්ය්‍ය චක්‍රවර්තී රජුගේ පැත්ත ගැනමේ ප්‍රතිඵලයක් බවය. (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1971 ,660 පිට)

මුතු බද්ද

ඉහත පාහියන් විසින් දක්වන ආකාරයට මුතු බද්ද අය දහයෙන් තුනකි . තාඔ ගේ ඉ ච් ලුඑ ලංකා සටහන් වල වැන් ටා යුවාන් කියන පරිදි රජුගේ කොටස අය දහයෙන් පහකි. යූල් සහ කෝඩියර් විසින් ලියන ලද මාර්කො පෝලෝ – ලංකා කොටසේ දැක්වෙන ආකාරයට මාර්කෝ පෝලෝ ජීවත් වු වකවානුව වනවිට එය දහයෙන් එකක් විය. 14 වන සියවසේ සිටි වෑන් ඩායුවාන් ගේ ලේඛණ වලට අනුව මුතු අය සියයට පනහකි. මුතු අය පැවති රජය අනුව වෙනස් වී තිබිණි.

අවුරුදු 700 පෙර වෑන් ඩායුවාන් මුතු කිමීදීම දුටු හැටි

14 වන සියවසේ සිටි චීන දේශාටකයෙක් මෙන්ම ලේඛකයෙක් වූ වෑන් ඩායුවාන් (1311–1350) සිය සංචාරයේදී ලංකාවේ සමුද්‍රාශිත නගර ගණනාවක සංචාරය කළේය. ඒ වකවානුවේ සිදුවූ මුතු පර කිමිදීම පිළිබඳව මනා විස්තරයක් ඉදිරිපත් ඉදිරිපත් කරන්නේ ඔහුය.

“මුතු බෙල්ලන් කඩන කාලය පැමිණි විට ගෝත්‍රික නායකයා මිනිසකු හා සතුන් දහයක් දොළහක් මරා මුදුහු දෙවියන්ට බිල්ලක් දෙයි. ශුභ වශයෙන් තෝරා ගත් දිනක මුතු පර කැඩීම සඳහා යාමට ඔරු සියල්ල හා ඔරුකාරයෝ රැස් වෙති. බොහෝ විට එක් ඔරුවක යන්නෝ පස් දෙනෙකි. ඉන් දෙදෙනෙක් හබල් ගාති. තව දෙදෙනෙක් මුතු බෙල්ලන් කඩන්නා දියට බාන කඹය අදිති. කට ඇරී සිටින සේ බට ලී වළල්ලක් ඇතිව තනා ඇති මල්ලක් කරේ එල්ලාගෙන ගලක් ඉන බැඳ ගත් අනෙකා කඹයේ එල්ලුණු පසු කඹයේ ආධාරයෙන් ඔහු මුහුදු පත්ලට බස්සවනු ලැබේ.˜

මුතු පිරිසිදු කර වර්ග කිරීමට පෙර ගබඩා කිරීම සඳහා වෙරළ තීරයේ ඉදිකර ඇති තාවකාලික පැල්පත්

“ඉක්බිත් ඔහු දෑතින් මුතුපරයේ බෙල්ලන් කඩා මල්ලට දමයි. මල්ල පුරවාගත් පසු කඹය අල්ලා ඇද සංඥාවක් කළ විගස ඔරුවේ සිටින්නන් විසින් ඔහු උඩට අදිනු ලැබේ. ඔහු බෙල්ලන් මල්ල ඔරුවට හලයි. මෙසේ ඔරුව පිරෙන තුරුම යළි යළිත් බෙල්ලන් කඩයි. ඔරුව පිරුණු පසු රජයේ ගබඩා කරා ගෙන යනු ලැබේ. මේ ගබඩා යුද්ධ හමුදාවක් මගින් ආරක්ෂා කරනු ලැබේ. ටික දිනක් ගිය පසු බෙල්ලන් කුණුවීමට පටන් ගනියි. ඊට පසු බෙලි කටු ඉවත් කර කුණු මස් පෙනෙරයක දමා මස් ගැලවී වැටෙන තුරු තදින් අතුල්ලනු ලැබේ. අන්තිමේ දී මුතු පමණක් පෙනේරයෙහි රැඳේ. ඊට පසු ඊට වඩා සිහින් දැලෙන් කළ පෙනේරයකින් හලා ගත් පසු මුතුවලින් භාගයක් රජයට දී ඔරුකාරයෝ ඉතිරි භාගය සමසේ බෙදා ගනිති “ (පුරාණ ලංකාවේ වෙළෙඳාම, ජී.ඒ ලෙස්ලි ගාමිණී, 125 -126  

රත්නාකාරය බ්ලොග් අඩවියෙන් උපුටා ගැනුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිණිමුතු මෝරෙක් කල්පිටිය වෙරළට

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක තනතුරින් විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉල්ලා අස්වෙයි…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.