බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය වින්දන

මරණයේ යථාර්ථයටත් වඩා බලවත් විශ්වාසයේ ශක්තිය

අප්සාරිගේ දිවි සැරිය 01 - අප්සාරී සිංහබාහු තිලකරත්න ලියයි

by editor
නොවැම්බර් 10, 2020 - Updated on නොවැම්බර් 11, 2020
in වින්දන
Apsari Thilakarathna

අප්සාරි තිලකරත්න

Share on FacebookShare on Twitter

පුංච් කාලේ ඉදලා මා හැදී වැඩුණේ අපේ කමට මුල්තැන දෙන බෞද්ධ වටපිටාවකය. සැමදා මා දුටුවේ උදේ පාන්දරින මුහුණ කට සෝදාගෙන පිරිසුදු වී අම්මා කඩා දෙන මල් වට්ටියත්, පැන් බඳුනත් අරන්  බුදුනට පහන පත්තුකරන තාත්තාත්,  සැඳෑ කරුවල ගෙට වැටෙන්නට මත්තෙන් බුදු පහනේ ආලෝකයෙන් නිවස එළිය කරන අම්මාත්ය. දවල් ආහාර වේල ලබාගැනීමට කලියෙන් මහත් භක්තියෙන් බුදුනට දාන වේල පූජා කිරීම අම්මාගේ සිරිත විය. ගමේ පන්සලේ නායක හාමුදුරුවන් විසින් විටින් විට  පිරිත් කර ලබා දෙන පැන් මුට්ටියේ කට සුදු රෙද්දකින් වසා ඒ උඩ පොල් මල් කිනිත්තකුත් ඇතිව මල් ආසනය මත නිරතුරුවම දක්නට ඇත. ගෙයින් පිටත් වීමට මත්තෙන්  බුදුන් වැඳ පිරිත් පැන් බිඳක් පානය කර නළලත  තවරන්නේ බාහිර සමාජයේ මුහුණ දිය හැකි  ඕනෑම අතුරු අන්තරාවකින් අපව ආරක්ෂා කිරීමේ බලය මේ පැන් පොද සතු බවට සිතේ ඇති සැබෑ විශ්වාසයෙනි.

මගේ තාත්තා උඩරට වෙද ගොවි පරපුරකින් පැවත එන නිසාම පැරණි විශ්වාස, ඇදැහිලි, කෙම් ක්‍රම වැනි බොහෝ දේ මා ජීවිතයේ එදා පටන් අත් දැක ඇත. ඒ කිසිවක් බොරු යයි එකහෙලා ප්‍රතික්ෂේප කළ නෙහැකිය.

ඉස්සර මගේ අම්මා පාර තොටේ දී සමහර පුද්ගලයන් මා හෝ නංගී ඉදිරියට පැමිණෙනු දුටු  වහාම ඇය ඉදිරියට පැමිණ රුදුරු ඇස් වලින් අපව සඟවා ගැනීමට උත්සාහ කරන අයුරුත් නිවසේදී නම් වහාම කාමරයට යන ලෙසත් අණ දෙනුත් අද වගේ මතකය. දිනක් එලෙස මා දුටු කෙනෙකුන් “හරි අපූරුයි කෙල්ල තවත් සුදුවෙලා  මුහුණ ලස්සන වෙලා අම්මා වගේමයි ”  කී සැනෙන් මගේ අම්මාගේ මුහුණ සතුටු සිනා වෙනුවට බිලින් ගෙඩියක් කෑවා හා සමවෙනු දුටුවෙමි. පැය කීපයක් යන්නට පෙර මගේ  මුහුණේ  බිබිලි කිහිපයක් හටගත් අතර ඒවා මහත් වේදනාකාරි විය. තාත්තා කළේ වහා මගේ මුහුණට පිරිත් පැන් ඉස පැන් ටිකක් පෙවීමය. කෙසේ වුවද  වරු තුනෙන් වේදනාව දුරු වී ක්‍රමයෙන් මා සුවපත් විය.

මගේ කන් පෙති විද්දේ තරමක් තේරෙන වයසේදීය ඉන් ටික දවසකට පසුව තාත්තා අරන් දුන් ලස්සන කරාබු දෙකත් දමාගෙන අම්මා සමග පොලට ගොස් එන මග අඳුනන කාන්තාවක් මාගේ වම් කන්පෙත්ත අත ගා “කන් විද්දද? ෂා හරිම ලස්සන කරාබු දෙකක්” යැයි කියන ලදි. අම්මා ඇය පිටත් වූ සැනෙන් ” තුහු තුහු ” යැයි තෙවරක් කෙල ගසනු දුටුවෙමි. ඇය එලෙස විගසින් ප්‍රතික්‍රියා කළේ මෙකි කාන්තාව ආශ්‍රයෙහි  තිබු පෙර අත්දැකීම් නිසාමය. නමුත්  පසුදින පාන්දර අවදිවන විට රත් පැහැවුනු වම්  කණෙන් සැරව ගලමින් තිබිණ. වහා කරාබුව ගලවා පිරිත් පැන් පොවා ටික දවසක් යන තුරු සුද්ද කල කරපිංචා නැට්ටක් කන් පෙත්තට දැම්මේ පුදුම අමාරුවකිනි . ඒ විදපු තැන නැවත යා නොවීමටය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අසනීපයක් සෑදුණාම නිතරම පිරිත් පැන් ටිකක් බොන්න දී බුදු පහනින් තෙල් ටිකක් හිසේ ගල්වා ඉක්මන් සුවය පැතූ අතර , අත් බෙහෙත් ලබා දීම හැර පොඩි දෙයටත්  ඩිස්පෙන්සරියට දිව්වේ නැත. අදටත් මා එලෙස පුරුදු පරිදි කටයුතු කරන අතර මගේ දරුවන්ටද අසනීපයකට බෙහෙත් ලබා දෙන්නේ බැරිම අවස්වථාකදී පමනි.

මාගේ පියාණන් ඉතාමත් නීරෝගී  කෙනෙක් විය.  ඉහින් බහින ලෙඩක් සැදුනු අවස්තාවක් මා එතෙක් දැක නොතිබිනි.

මා ගුවන් සේවිකාවක ලෙස සේවය කරන කාලයේ  සුපුරුදු ලෙස මා දින හතක්  වැනි කාලයකට රාජකාරි ගමන් යන්නේ ඉතාලියටය. ඉතාලියේ ගත කළ පස් වෙනි දින රාත්‍රියේ ඉතාමත්ම භයංකාර සිහිනයකින්  කෙනෙකු විත් මට කියා සිටියේ මගේ පියාට දරුණු පිළිකාවක් සැදී ඉක්මනින් ඔහු මියයන බවය. අධික සීතල කාමරයේ මා දහඩිය පෙරාගෙන ඇද මත වාඩිවී කල්පනා කළේ එවැනි දෙයක් කෙලෙස විය හැකිද යනුවෙනි. මා මාගේ යෙහෙලියද අවදි කර සිදුවූ දේ පැවසු  අතර කිතුණු භක්තිකයෙකු වූ ඇය මා හට පවසා සිටියේ බිය නොවි නිදා ගන්නා ලෙසත් පසුදින පාන්දර අප වතිකානුවට යා යුතු බවත් එහෙදී එවැනි දෙයක් නොම වීමට ඇය සමග දෙවියන් අයැදිය යුතු බවත් සහ දේව මෑණියන්ගේ අනුරුව ලෙස සාදා ඇති බෝතලයකට වතිකානුවෙන්”හෝලි වෝටර්” එනම් ශුද්ධ වූ ජලය ලබා ගෙන ලංකාවට ගෙන ගොස් තාත්තාට බීමට දිය යුතු බවත්ය.

උදෑසනම අවදිවී දැඩි විශ්වාසයක් ඇතිව වෙනදා මෙන් හැඩ වැඩ වුනේ මිතුරිය සමග වතිකානුව බලා යාමටය. ඒ ගමන මට පුරුදු එකකි. ඒ රෝමයට පැමිණෙන සෑම විටෙකම අප එහි යන නිසාය. එක් අවස්ථාවක මා හට වටිනා  තැග්ගක් වතිකානුවෙන් ලැබිණ. ඒ රෝසරියකි.

වතිකානුවට ගොස් ඉටිපන්දම් දල්වා ආශිර්වාද ලබාගත් අප කන්‍යා සහෝදරියක් මුණගැසී අප ආ කාරණාව  දන්වා සිටියෙමු.   ඇය මා හට ශුද්ධ වූ ජලය  ලබා දුන්නේ තාත්තාට මෙයින් ටිකක් ලබා දෙන්නැයි කියමිනි.

දවස් කීපයකින් පසුව නිවෙසට එනවිට මා ප්‍රියකරන බොහෝ කෑම සූදානම් කරන්නේ ” අම්මේ බඩගිනීයි” කියාගෙන එන බව හොඳාකාරව දන්නා නිසාමය. එහෙත් එදා උදෑසන ගුවන් තොටුපලට මා රැගෙන යාමට ආ “ඩ්‍රයිවර් අන්කල්” කවදාවත් නොමැතිව කීවේ ” අද උදේ ගෙදරනම් මොනවත් හදලා නැතිව ඇති. කෑම ටිකක් අරගෙන ගියොත් හොදයි ” කියාය.

” ඒ ඇයි? කෝ අම්මී ? කොහෙද ගියේ”  මට ලොකු ප්‍රශ්නයකි.

” නෑ ..නෑ කලබල වෙන්න එපා , හදිසියේ පන්සලේ පූජාවකට ගියා උදේන්ම” මගේ සිත සැනසුණු අතර කෑමත් අරගෙන ගෙට ගොඩ වුනේ ” අම්මේ මං ආවා” කියමිනි. කාමරයේ සිට මාගේ නැගනියත් අම්මාත් මා ඉදිරියට පැමිනි අතර ඔවුනගේ ඇස් කුඩාවී මුහුණු ඉදිමී රතු වී තිබුණු අතර මා දුටු සැනෙන් හඩන්නට විය. “

ඇයි මේ මොකද? අඩන්නේ නැතිව කියන්න” මම කීවෙමි. ඔයා ගියාට පස්සේ තාත්තීට හදිසියේ අසනීප වුනා. දොස්තර  ලඟට ගෙනිච්චා, පරික්ෂණ කීපයක් කරා. තාත්තීව  එලියට යවලා දොස්තර මට ලෙඩේ ගැන කිව්වා. තාත්තීගේ මහ බඩවැලේ ලොකු පිළිකාවක්”

මා දුටු නපුරු සිහිනය වේදනාත්මක ඇත්තක් වී තිබේ.

මගේ තාත්තා හරිම සංවේදී පුද්ගලයෙකි.  එබැවින් මේ රෝග තත්ත්වය ඔහුගෙන් වසන් කළ යුතු විය.  ඔහු මානසිකව ඇද වැටීම රෝගය සුව වීමට බාධාවකි. එබැවින්  ඔහු ඉදිරියේ කිසිවෙකු ශෝක නොවිය යුතු බවත් බඩවැලේ කුඩා ගෙඩියක් හටගෙන ඇති නිසා එය අනවශ්‍ය දෙයක් බැවින් කපා ඉවත්කල යුතු බවට ඔහු දැනුවත් කළ යුතු බවත් මම පවුලේ අයට යෝජනා කළෙමි.  මම හැඬුවේ නැත. දැඩි ආත්ම ශක්තියකින් කටයුතු කළෙමි.

හෙදියක් වන නෑදෑ අක්කා කෙනෙක් මා හමුවේ පවසා සිටියේ ඉතාමත්ම කරුණාවන්ත, ගුණවත් දක්ෂ වෛද්‍යතුමෙක් සිටින බවත් මේ සදහා සුදුසුම පුද්ගලයා ඔහු බවත්ය. මම  ඇය සමග තාත්තාගේ වෛද්‍ය වාර්තා සියල්ලද රැගෙන ගොස් ඔහු හමු වීමි.

” අනේ මගේ තාත්තීව බේරලා දෙන්න ඩොක්ටර්. මට තාත්තීව ඕනේ “

ඇත්තටම ඔහු සමග කතා කළ මගේ සිත ශක්තිමත් විය.  ඔහුගේ නම සිවම් වන අතර ඔහු දමිළ ජාතිකයෙකි. ඔහු  මිහිපිට සිටිනා දෙවිකෙනෙකුන් ලෙස මට දැනිණ.

“දුව පොඩ්ඩක් වත් බය වෙන්න එපා.  ඔයා තාත්තා වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා. මම දුවට තාත්තාව කොහොම හරි හො ස කරලා දෙනවා.“

ඊට අවශ්‍ය කටයුතු කිහිපයක් පිළිබඳව වැඩිදුරටත් උපදෙස් දුන් මේ කාරුණික දමිල වෛද්‍යවරයා මට මෙසේ ද කිව්වා අද වගේ මතකය.

“දුව මට හොඳ දවසක් සහ නැකතක් බලලා ගෙනත් දෙන්න. ඒ වෙලාවට තමයි මම තාත්තාගෙ ඔපරේෂන් එකට අත තියන්නේ. මේක ටිකක් ලොකු වැඩක්. දුවට තියෙනවා තව වැඩක්. මේ ලඟ තියෙන කෝවිලේ පූසාරිතුමාට  කියලා මේ වෙලාවටම දුව නවග්‍රහ පූජාවක් කරන්න. පූසාරිතුමාට  කතාකරලා අවශ්‍ය දේ සූදානම් කරගන්න.

මේ අතරතුරදී අම්මා ද තවත් කෙනකු ද  තැන් දෙකකින් තාත්තාගේ කේන්ද්‍රය බලවා ගත් අතර දෙතැනම අය පවසා ඇත්තේ තාත්තාගේ ආයුෂ මෙතැනින් නිමවන බවය. ඒ නිසා අම්මා සිටියේ අතිශයින්ම බලාපොරොත්තු සුන් වූ තැනකය. එහෙත්  මම මේ කිසිවක් විශ්වාස නොකළෙමි.

නෑ තාත්තාට මම මැරෙන්න දෙන්නේ නෑ.මටම කියා ගතිමි.

ආගමික වතාවත් බොහෝ සිදුකලෙමි. පූජාවන් කලෙමි.  තාත්තාට හෝලි වෝටර්, පිරිත් පැන් ලබා දුන්නෙමි.

ශල්‍යකර්මයෙන් පසු එලියට පැමිණි  දොස්තර මහතෙකුගෙන් තාත්තා ගැන මා විමසා සිටි අතර ඔහු මගේ උරහිස පිරිමැද පවසා සිටියේ තාත්තා වාසනාවන්තනම් මාස හයක් පමණ ජීවත් වනු ඇති බවය. එහෙත් මා හඩා වැටුණේ නැත. බොහෝ දේ ගැන මා තැබු විශ්වාසය බලවත්‍ විය

අවසන් නිගමනය දින කිහිපයකින් සිවම් දොස්තර මහතා මා වෙත ලබාදුන්නේ උතුරා යන සතුටකිනි. මේ පිළිකාව විශාල ලෙස වැඩී තිබුණත් එය පැතිරී නොතිබුණු බවත්, සියල්ල කපා ඉවත් කළ නිසා තවදුරටත් වර්ධනයක් නොමැති බවත් කිසිම අන්දමේ ප්‍රතිකාරයක් හෝ බෑගයක් සම්බන්ධ කිරීම අනවශ්‍ය බවත්ය .අවුරුදු පහකින් නැවතත් පරික්ෂණයක් කිරීම සෑහෙන බවත් මා වෙත දැන්වීය.

කොහොම වුණත්  මාගේ තාත්තා අවුරුදු අනූ දෙකක් ආයු වළඳා මිය ගියේ හදිසියේ ඇතිවූ ශ්වසනාබාධයකිනි. නමුත් ඒ වන විටත් අවුරුදු  තුනක් පමණ කාලයක් ඔහු ජීවත් වුනේ  යළි බඩවැලෙහි  ක්‍රමයෙන් වැඩෙමින් තිබුණු පිලිකාවක් සමගය. නමුත් ඔහු ඉතාමත් නිරෝගීව සිටියේ ය.  ආගමානුකූලව ධාර්මිකව දිවි ගෙවු ඔහු සැමදා විශ්වයේ පවතින ශක්තිය දැඩිව විශ්වාස කළ අතර නිරතුරුවම  බුදු ගුණ සත්‍යක්ම බවට මෙනෙහි කළේය. ඔහු තුළ දැඩි ආත්ම විශ්වාසයක් තිබිණ.

මාගේ පියා ප්‍රථම ශල්‍යකර්මයට මුහුණ දීමෙන් අනතුරුව වසර විසි හයක් නීරෝගිව ජීවත් වූයේ ඔහු සතු බොහෝ පින් නිසා බව මම විශ්වාස කරමි

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසියේ කොවිඩ් නිරෝධායන නිරුවත හෙළි වෙයි…

Next Post

අනිද්දා පාර්ලිමේන්තුවට එන 2020 අයවැය එදිනම විවාද කර සම්මතයට

Related Posts

වින්දන

සුදු අප්පච්චි 20 වැනිදා සිට….

ජූනි 8, 2024
Asveja විලේ හි ගැඹුරේ තිබී සොයා ගත්  මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ  ඇට සැකිල්ල...
වින්දන

සියවස් පහක් තිස්සේ ලිතුවේනියාවේ ගැඹුරුම විල් පත්ලක සාමදානයේ සැතපී සිටි සොල්දාදුවා!

පෙබරවාරි 27, 2024
වින්දන

කෝලි ආයෙත් තාත්තා කෙනෙක්…

පෙබරවාරි 23, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.