බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

වස විස නොදා ගෙදරදීම සොසේජර්ස් හදමු

by editor
ජූලි 4, 2020
in ලිය වරුණ
Share on FacebookShare on Twitter

සෑ‍හෙන කාලයක් තිස්‍‍සේ සැකසූ මස් වර්ග ‍සෞඛ්‍යයට අහිතකරයි කියලා  දැනුම්වත් කළාට…දවස ගා‍නේ වැඩි‍වෙන පිළිකා ‍රෝගීන්‍‍ගේ සංඛ්‍යාවත් එක්ක   දැන් දැන් තමයි කට්ටියට ඒ ගැන ටික ටික මීටර් ‍වෙලා ති‍යෙන්‍‍නේ.. හැබැයි ඉතින් ‍හොට් ‍ඩෝග් එකක් හරි ‍සො‍සේජ් පැකට් එකක් හරි දැක්ක ගමන් ‍ලොකු බබාලටයි ‍පොඩි බබාලටයි අර කියපු ඔ‍ක්‍‍කොම අමතක ‍වෙලා ‍පෙ‍රේත කම ඔළුවට එනවා. හරි ඉතින් ඔන්න අද ඒකටත් ‍දෙනවා කදිම විසඳුමක්… කඩෙන් ගේන සොසේජස් නොකා ඔයාලටත් පුළුවන් ගෙදරදීම ‍මේ සොසේජස් රෙසිපි ටික ට්‍රයි කරන්න… මං ‍මේ කියලා ති‍යෙන හැම වට්‍ටෝරුවකටම ඕ‍ගො‍ල්‍‍‍ලෝ කැමැති නම් කඩල පිටි චුට්ටකුත් එකතු කරලා බලන්න. එත‍කොට කෙසෙල් කොළ, කැන්ද කොළ ‍හොය ‍හොයා ඉන්‍‍නේ නැතිව අ‍තේ ‍නො‍ලෙන විදිහට හදා‍ගෙන අතින්ම දිගැටියට ‍රෝල් කර ගන්න පුළුවන්. අනික අපිට දැකල පුරුදු ‍සො‍සේජ් හැ‍ඩේම ‍වෙන්න ඕනේ කියලා නියමයක් නැහැ…

චිකන් සොසේජස්

අවශ්‍ය ද්‍රව්‍යය

  • කටු රහිත චිකන් 300g
    අමු පහේ තේ හැඳි 1/2
    ගම්මිරිස් රස අනුව
    ලුණු රස අනුව
    මිරිස් කුඩු තේ හැඳි 1/4
    චොප් කරගත් ළූණු, සුදුළූණු
    කහ ස්වල්පයක්

චිකන් වලට ඉහත සියල්ල කවලම් කර හොඳින් අඹරගන්න ( කැබලි නොසිටින ලෙස).  තවාගෙන හතරැස්ව කපාගත් කෙසෙල් කොළයක කෙලවර දිගට සාදාගත් මිශ්‍රණය තබා තද කරමින් ටොෆියක ආකාරයට දෙපැත්තෙන් ඔතාගන්න.ඊට පස්‍‍සේ කරන්න ති‍යෙන්‍‍‍නේ  විනාඩි 20 විතර ක් ස්ටීම් කර ගන්නයි. නිවුණට පස්සේ අධි ශීතකරණයේ සතියක් විතර තියාගන්න පුළුවන්.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

 සෝයා මීට් සොසේජස්

 

අවශ්‍ය ද්‍රව්‍යය

  • සෝයා මීට් පැකට් එකක්
    ලුණු
    මිරිස් කුඩු
    ගම්මිරිස් කුඩු
    තුනපහ කුඩු තේ හැඳි 1/2
    චොප් කරගත් ළූණු, අමුමිරිස්, සුදුළූණු
    කහ ස්වල්පයක්
    බැදපු තුන පහ

සෝයාමීට් ටික තම්බාගෙන වතුර මිරිකා ගන්න. ඉතිරි කළමණා ටික එකතු කරලා හොඳින් අඹරාගන්න. කලින් කිව්වා ව‍ගේම හොඳින් ඔතාගෙන විනාඩි 15ක් පමණ ස්ටීම් කරගන්න.
නිවුණට පස්‍‍සේ අධි ශීතකරණයේ සතියක් විතර තියා ගන්න පුළුවන්.

පෝර්ක් සොසේජස්

අවශ්‍ය ද්‍රව්‍යය

  • පෝර්ක් 400g
    රස අනුව ලුණු
    රස අනුව ගම්මිරිස්
    රස අනුව මිරිස් කුඩු
    දුඹුරු සීනි තේ හැන්දක් හෝ මී පැණි
    ගාගත් සාදික්කා කුඩු තේ හැඳි 1/8
    තුනපහ කුඩු තේ හැඳි 1/4
    කහ කුඩු

මස් ටික තම්බලා හොඳින් අඹරා ‍ගෙන සියලු කළමණා ටික මස් වලට එක් කර හොඳින් අනාගන්න. පෙර පරිදිම ඔතාගෙන විනාඩි 30 ක් පමණ ස්ටීම් කරගෙන නිවුණු පසු අධි ශීතකරණයේ තබන්න. සතියක් පමණ තියා ගන්න පුළුවන්..

මට්න් ‍සො‍සේජස්

අවශ්‍ය ද්‍රව්‍යය

  • කැබලි වලට කපා ගත් මට්න් 250g
    ලුණු
    ගම්මිරිස්
    මිරිස් කුඩු
    බැදපු තුනපහ
    අමු තුනපහ කුඩු තේ හැඳි 1/4
    කරපිංචා
    අමු මිරිස් කරල් ‍දෙකක්
    ලූණු ‍ගෙඩියක්
    සුදු ලූණු බික් තුනක්
    කහ

මස් ටික තම්බලා හොඳින් අඹරා ‍ගන්න. සියලු කළමණා ටිකත් ‍වෙනම අඹර‍ගෙන ‍ඒ ‍පේස්ට් එක මස් වලට එකතු කරලා හොඳින් අනාගන්න. පෙර පරිදිම ඔතාගෙන විනාඩි 30 ක් විතර ස්ටීම් කර ගන්න ඊට පස්‍සේ කරන්න ඕනි ‍දේ දන්නව‍නේ..‍මේකත් සතියක් පමණ තියා ගන්න පුළුවන්..

බීෆ් ‍සො‍සේජස්

අවශ්‍ය ද්‍රව්‍යය

  • කැබලි වලට කපා ගත් බීෆ් 250g
    ලුණු
    ගම්මිරිස්
    මිරිස් කුඩු
    බැදපු තුනපහ
    අමු තුනපහ
    කරපිංචා
    ‍සේර
    ඉඟුරු
    අමු මිරිස් කරල් ‍දෙකක්
    ලූණු ‍ගෙඩියක්
    සුදු ලූණු බික් තුනක්

‍මේ මස්ටිකටත් කරන්න් ති‍යෙන්‍‍නේ කලින් ව‍ගේම තම්බ‍‍ගෙන අඹර ගන්න. ඉතිරි කළමනා ටිකත් ‍වෙනම අඹර‍ගෙන මස් එක්ක කවලම් කරලා පෙර පරිදිම ඔතාගෙන විනාඩි 30 ක් විතර ස්ටීම් කර ගන්න. ‍මේවත් අර තරම්ම කාලයක් තියා‍ගෙන හි‍තෙන හි‍තෙන ‍වෙලාවට කන්නයි ති‍යෙන්‍‍නේ

මාළු ‍සො‍සේජස්

අවශ්‍ය ද්‍රව්‍යය

  • කටු ඉවත් කර කැබැලි කපා ගත් මාළු ‍250g (ඉස්‍‍‍සෝ සහ දැල්ලන්ද ගත හැකිය )
    කඩල පිටි ටිකක්
    ලුණු
    ගම්මිරිස්
    මිරිස් කුඩු
    බැදපු තුනපහ
    අමු තුනපහ
    කරපිංචා
    අමු මිරිස් කරල් ‍දෙකක්
    ලූණු ‍ගෙඩියක්
    සුදු ලූණු බික් තුනක්
    ‍දෙහි ‍හෝ සියඹලා ඉස්ම ටිකක්
    උළු හාල් ඇට කිහිපයක් (ඉස්‍‍‍සෝ සහ දැල්ලන් වලින් හදනවා නම්)

මාලු ටිකට අවශ්‍ය ප්‍රමා‍‍ණෙට ලුණු සහ සියඹලා ‍‍හෝ ‍‍දෙහි ඉස්ම ටිකක් ගාලා විනාඩි ‍කිහිපයක් තියන්න. ඊට පස්‍‍සේ තම්බ‍ ගන්න. මාළු ටික තැම්‍බෙන කල් ඔයාලට පුළුවන් අර ඉතිරි කලමණා ටික ‍හොඳට ‍අඹරලා පේස්ට් එකක් ව‍ගේ හදා ගන්න (කෑලි ‍නොහිටින්න වග බලා ගන්න ඕනී). මාලු ටික තැම්බුණාට පස්සේ නි‍වෙන්න හැරලා අතින් ‍හොඳින් ‍පොඩි  කර‍ගෙන කඩල පිටි ටිකයි අර අඹර ගත්ත කලමණා ටිකයි එකතු කරන් ‍හොඳින් මිශ්‍ර කර ගන්න. අ‍තේ ‍නොඇ‍ලෙන පදමට හදා ගන්න ඕ‍නේ. ඊට පස්‍‍සේ කරන්න ති‍යෙන්‍‍නේ අපි අර කලින් හදා ගත්තු විදිහටම තමයි. ස්ටීම් කරද්දි විනාඩි 30 විතර තියලා මදි නම් ‍හොඳ සුවඳක් එනකල් තව ටිකක් ස්ටීම් කර ගත්තට වරදක් නැහැ. ‍මේකත් අධි ශිතකර‍‍‍ණෙ තියාගෙන සතියක් විතර රස බලන්න පුළුවන්.

Share69Tweet43
Previous Post

මහේලත් සහ සංගාත් ජීවත්වන රට රැක ගමු

Next Post

ලෝකයට වටින මිනිහෙක් හදන්න නම් පුංචි එකාට සෙල්ලම් කරන්න දෙන්න…

Related Posts

ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

ජූනි 13, 2022
අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.