අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

by editor
ජූනි 13, 2022
in ලිය වරුණ
Share on FacebookShare on Twitter

සියඹලා විටෙක පලතුරකි, විටෙක ඔසුවකි, ආහාර පිසින විට නම් නැතිව බැරි කුළු බඩුවකි. සියඹලා කරලින් එලෙස පල ප්‍රයෝජන ගත්ත ද සියඹලා මල් සහ දළු ද ඉතා පෝෂණීය ගුණ ඇති ආහාරයක් බව දන්නේ ඉතා සුලුතරයකි. සියඹලා මල් සහ දළු සතුව ඇත්තේ එකම ගුණයකි. සියඹලා මල් සහ දළු දලු අතීසාරය සුව කිරීමට ඔසුවක් ලෙස එකල ගැමි ජනයෝ ව්‍යංජනය සකසා ආහාර වේලට එක් කරගත්හ.

අඹරාගත් සියඹලා කොළ තැලුම් ඉදිමුම් ආදිය සුවකර ගැනීමට භාවිත වන ඖෂධයකි. අමු කහ සමඟ සියඹලා කොළ තම්බා ගත් ජලය දද කුෂ්ඨ සේදීමට භාවිත කෙරේ. සියඹලා බීජ සන්ධිගත ආබාධ සඳහා ප්‍රතිකාරවලදී භාවිත කෙරෙන අතර සියඹලා කරලේ පොතු ද ඖෂධීය ගුණයෙන් යුක්තය.

ඉදුණු සියඹලා වතුර හා සීනි එකතු කර පානය කිරීමෙන් උදරයේ රෝග බොහොමයක් සුවකර ගත හැකිය. එහි විරේක ගුණයෙන් ද සමන්විතය.

මුඛ දුර්ගන්ධය නැති කිරීමට, හදවතේ ක්‍රියාකාරිත්වය දුර්වල නම් වැඩි කිරීමට, පිරිමින්ගේ ශුක්‍ර දෝෂයට, සිරුරේ දැවිලි ගතිය දුරු කර දුගඳ නැති කිරීමට, අතීසාරයට, මුත්‍රා නාල ප්‍රදාහය ට, ආමාශය සහ අන්ත්‍රවල රෝග සුව කිරීමට, වකුගඩු රෝගවලින් ආරක්ෂා වීමට, හුස්ම ගැනීමේ අපහසුතා මඟ හරවා ගැනීමට, රුධිරය පිරිසිදු කිරීමට, දරුවන්ගේ පණු රෝග නැසීමට, කහ උණට මෙන්ම කොලෙස්ටරෝල් පාලනය කිරීමට ද සියඹලා ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිලාභ අතර වේ.

සියඹලා ආනම

  • අවශ්‍ය ද්‍රව්‍ය  –

සියඹලා ග්‍රෑම් 15
පොල්කිරි අඩු කෝප්ප 2
කොත්තමල්ලි
සූදුරු
මාදුරු
ගම්මිරිස් ඇට
කබලේ බැද කුඩුකරගත් තිප්පිලි කුඩු ස්වල්පයක්
කුරුඳු පොතු කෑල්ලක්
උළුහාල්
කරපිංචා
සිහින්ව ලියාගත් සුදු ලූණු ,රතු ලූණු

සාදා ගන්නා ආකාරය

සෝදාගත් ඉදුණු සියඹලාවල ඇට ඉවත් කර පසෙකින් තබා ගන්න. සූදුරු  සහ මහදුරු කොත්තමල්ලි යන සියල්ල හොඳින් අඹරා ගන්න. සියඹලා මදවලට මේ සියල්ල එකතු කර පොල් කිරි දමා මිශ්‍රකර උකු පදමට එනතුරු පිස ගන්න.

සියඹලා දලු  සලාදය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • අවශ්‍ය ද්‍රව්‍ය  –

ළපටි සියඹලා දලු මිටක්
රතු ලූණු ගෙඩි 3ක්
පොතු ඉවත් කර ගත් රටකජු ඇට මේස හැඳි 3 -4ක් (අවශ්‍ය නම්)
සුදු ලූණු බිකක් 2ක්
තල ඇට මේස හැන්දක්
කුඩා තක්කාලි ගෙඩියක්
අමු මිරිස් කරලක්
ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්
ලුණු
ඔලිව් තෙල් තේ හැන්දක්

සාදා ගන්නා ආකාරය

අමු මිරිස් සහ සුදු ලූණු ඉතා සිහින්ව කපා ගත යුතුය. රතු ලූණු සහ තක්කාලි කපා ගත යුත්තේ තරමක කැබලිවලට ය. බඳුනකට ඔලිව් තෙල් දමා කපාගත් අමු මිරිස්, රතු ලූණු, සුදු ලූණු, තක්කාලි, ගම්මිරිස් කුඩු සහ ලුණු ද එක්කර හොඳින් කලවම් කර සෝස් එකක් මෙන් සකසා පසෙකින් තබා ගන්න.

ළපටි සියඹලා දළු හොඳින් සෝදා සිහින්ව ලියා ගෙන සකසා ගත් සෝස් එකට එක්කර හොඳින් කලවම් කරගන්න. එයට තල ඇට එක්කර පිළිගන්වන්න.

අපිරිසිදු වූ බඩවැල් පිරිසිදු වෙන්න කෙසෙල් බඩ උයලා කන්න

වර්තමානයේ එදිනෙදා ආහාර රටාවට බොහෝ විට එකතු වන්නේ රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර පානයි. බොහෝ කාලයක සිටි හුරු වී සිටින මෙවැනි ආහාර රටා නිසාම ශරීරයේ විෂ වැඩිවී බඩවැල් තුවාල වීම, ආමාෂය අපිරිසුදු වීම වැනි ගැටලු මතු වී පසු කාලීනව ආමාෂගත රෝග, මල බද්දය, සේම බඩවැල් ආශ්‍රිත පිළිකා තත්ත්ව වර්ධනය පවා ඇති වෙයි. දිනෙන් දින බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ ප්‍රතිශතය වැඩි වීමට අපේ කෘත්‍රිම ආහාර රටාව සෘජුවම බලපා ඇති බව නොදන්නවා නොවේ.

අපේ පැරැන්නන් බොහෝ විට පෙර සඳහන් කළ රෝගවලින් මීදීමට දිව ඔසුවක් ලෙස ඔවුන් ගේ ආහාර වේලට එක් කර ගත්තේ කෙසෙල් බඩ ව්‍යංජනය යි. කෙසෙල් බඩ ව්‍යංජනය සඳහා යොදා ගත්තේ අලුකෙසෙල් බඩයි.

ආහාරයට මෙන්ම විෂ වෙදකමේ දී ද අළුකෙසෙල් ගස යන්න අත්‍යවශ්‍ය ඖෂදයකි. සර්පයෙක් දෂ්ට කළ විට අලුකෙසෙල් බඩය, අලය, අලුකෙසෙල් ගෙඩි, කොළ යුෂ බෙහෙත් වට්ටෝරුව සඳහා යොදා ගැනේ.

  •  අවශ්‍ය වන්නේ –

කෙසෙල් ගහක් කැපූ පසු කෙසෙල් කැන තිබෙන තැන සිට අඟල් හයක් විතර පහළ සිට අඩි එකහමාරක් විතර කෙසෙල් බඩය කොටසේ පතුරු ගැලවූ පසු ඉතිරි වන නොමේරූ කෙසෙල් බඩය ව්‍යංජනය සකස් කර ගැනීම සඳහා උචිතය.

අලුකෙසෙල් බඩ ග්‍රෑම් 250ක්
හොඳින් පැසුණු ගස්ලබු බෑයක් (ඉඳි නැති)
අමු මිරිස් කරල් 5ක්
තක්කාලි පොඩි ගෙඩියක්
රතු ලූනු ගෙඩි 5ක්
සුදු ලූනු බික් 3-4ක්
තලා ගත් ඉඟුරු කැබැල්ලක්
රම්පේ
කරපිංචා
කුරුඳු කුඩා කැබැල්ලක්
එනසාල් කරල් 2ක්
කරාබු නැට්ටක්
අබ තේ හැඳි 2ක්
උළුහාල් තේ හැන්දක්
ගම්මිරිස් තේ හැඳි භාගයක්
මිරිස් කුඩු මේස හැඳි 1 1/2ක්
තුනපහ තේ හැන්දක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
ගාගත් පොල් පීරිසි කෝප්පයක්
සුදු කැකුළු සහල් මේස හැන්දක්
දියකිරි කෝප්ප 2ක්
මිටිකිරි කෝප්ප 1ක්
ලූණු
දෙහි
උම්බලකඩ ස්වල්පයක් ( අවශ්‍ය නම්)

සාදා ගන්නා ආකාරය

කෙසෙල් බඩය ගෙන හොඳින් සෝදා කුඩා කෑලිවලට කපා ගන්න. ගස්ලබු ගෙඩියත් පොතු ගසා සිහින් වෙන්න කපා පසෙකින් තබා ගන්න.
දැන් හාල් , පොල් , අබ, සුදු ලූණු, රතු ලූනූ, තුනපහ, කහ, ගම්මිරිස්, කරාබු නැටිසහ එනසහල් මිරිස් ගලේ හෝ ග්‍රයින්ඩරේ දමා අඹරා මැටි ඇතිලියකට දමා එයටම කෑලී කපා ගත් කෙසෙල් බඩ, ගස්ලබු ද එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඉන්පසු රම්පේ, කරපිංචා, ඉඟුරු,උම්බලකඩ සහ උළු හාල් ද එක්කර අඩු ගින්දරේ තබා බඳුනට දිය කිරි එක්කර නැවත කලවම් කර ගන්න. මද ගින්නේ හොඳින් පිසෙන්නට හැර මිටිකිරි හා රස අනුව ලුණු එකතු කර මද වේලාවක් තබා ලිපෙන් බාන්න පෙර දෙහි ස්වල්පයක් මිරිකා කලවම් කර ලිපෙන් බා ගන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංවිම සභාපති ෆර්ඩිනැන්ඩො ඉල්ලා අස් වෙයි…

Next Post

සිගරැට් බද්ද අන්තර්කාලීන අයවැයෙන් නිවැරදි වෙයි ද? – සිගරැට්ටුවකින් තීරණය වන ආණ්ඩුවේ අවංකකම!

Related Posts

අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020
ලිය වරුණ

ගෙදර කෑම මේසය රස කරන්න වෙනස් විදිහෙ සලාද වර්ග 08ක්

නොවැම්බර් 13, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.