බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මානව හිතවාදීයාගේ උපත විප්ලවාදියාගේ විපත හා ඓතිහාසික ඔක්තෝබරය

අද අමුතුම දවසක්.....

by editor
ඔක්තෝබර් 9, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ඔක්තෝබරය යනු විප්ලවාදීන්ගේ මාසයකි. දරිද්‍රතාවයෙන් පෙළෙන ලෝකවාසීන්ගේ විමුක්තිය උදෙසා දැවැන්ත අරගලයක නිරතවූ පුද්ගලයන්ගේ මාසයකි. ඒකාධිපති වියරුවෙන් නිදහසේ මාවත විවර කරගත් වාමවාදී ජනතාවාදී විප්ලව සිදුවූ මාසයකි. ඒ අනුව එය දුක හා සතුට එකට කැටිවූ අපූර්ව මාසයකි. 

ඔක්තෝබරයේ අපූර්වත්වය ඉහළට ඔසවා තැබූවේ ලෝක වාමාංශික දේශපාලන ධාරාවේ සුප්‍රකට අරගලය වූ රුසියානු විප්ලවය යි. 1917 ඔක්තෝබරයේදී සමාජවාදී විප්ලවයකින් ලෙනින් රුසියාවේ බලය අල්ලා ගත්තේ සාර් රජ පෙළපත බිමට සමතලා කර දමමිනි.  එය ලිපියකට දෙකකට ලඝු කළ හැකි ආකාරයේ විප්ලවයක් ද නොවීය. 

එබැවින් අපගේ අරමුණ වන්නේ ලෝක වාමවාදී දේශපාලන ධාරාවේ අතිශය ජනප්‍රිය විප්ලවවාදියකුගේ ඝාතනය සහ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වීමේ නිමිති පහළ කළ  මානව හිතවාදියකුගේ උපත සිදුවූ ඔක්තෝබරයේ 9 වැනිදා වන අද දිනයේ කෙටි සැමරුම් සටහනක් තැබීමය.

Che
චේ ගුවේරා

විප්ලවයක් යනු ඉදී බිමට වැටෙන ඇපල් ගෙඩියක් නොවන බවත්, එය බිමට වට්ටවා ගැනීමට ඔබ දැනගත යුතු බවත් ලොවට කියා දුන් විප්ලව කිරීමටම උපන් චේ ගුවේරා ඝාතනය වන්නේ ඔක්තෝබරයේ 9 වැනිදාය. වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක් ඒකරාශී කරමින් නව දේශපාලන සංස්කෘතියක් ඇරඹීමේ පෙරගමන් කරුවා බවට පත්වූ විජය කුමාරතුංගයන්ගේ උපත සිදුවන්නේ ඔක්තෝබර් 9 වැනිදාය. 

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ඒ අනුව චේ ගේ 53 වැනි ගුණ සමරුවත්, විජයගේ 75 වැනි ජන්ම දින සමරුවත් අදට යෙදී ඇත්තේ දෙවෝපගත සිදුවීමක් ලෙසිනි. එය එක් අතකට ලෝක දේශපාලන ඉතිහාසයේ මානව හිතවාදී පුද්ගලයන් දෙදෙනකු උපත හා විපත එකම දිනයක සිදුවූ එකම අවස්ථාව ලෙසත් සැළකිය හැකිය. අනිත් අතට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හදවත් ආදරයෙන් පුරවාලූ යුග පුරුෂයන් දෙදෙනකු එකම දිනයක එකිනෙකට වෙනස් ආකාරයෙන් සැමරුමට ලක්වන එකම අවස්ථාව ද වේ. 

1945 වසරේ ඔක්තෝබරයේ 9 වැනිදා විජය මෙලොවට බිහිවන විට ආජෙන්ටිනාවේ උපන් චේ ගේ වයස අවුරුදු 17කි. බොලිවියා විප්ලවය වෙනුවෙන් පෙරමුණ ගත් චේ 1967 ඔක්තෝබරයේ 8 වැනිදා එරට හමුදාවට හසුවී ඊට පසු දින එනම් 1967 ඔක්තෝබරයේ 9 වැනිදා ඝාතනයට ලක්වන විට විජයට අවුරුදු 22කි. ඔහු ඒ වනවිට වාමාංශික දේශපාලනයට අත්පොත තබා අවසන්ය. විජය ඇතුළු එවකට තරුණ පරපුර දේශපාලන උත්තේජනය ලබා ගත්තේ 1959 දී ෆිදෙල් කස්ත්‍රෝ සමග එක්ව චේ විසින් සිදුකරනු ලැබූ ලොව වැදගත්ම දේශපාලන විප්ලවයක්වන කියුබානු විප්ලවය හරහාය. හැටේ දශකයේ මෙරට විශ්වවිද්‍යාලවලත්, පාසල්වල උසස්පෙළ පන්තිවලත් සිසුන් කියුබානු විප්ලවය හරහා ලොව පුරා හමා ගිය වමාංශික රැල්ලෙන් නව පණක් ලැබුවෝ වෙති. 1959 විප්ලවයෙන් පසු කොංගෝවේ පීඩිත ජනතාව වෙනුවෙන් ජීවිතය කැපකළ පැට්‍රිස් ලුමුම්බා ද ලොව පුරා තරුණ පරපුර අවදි කළ වාමාංශික ජන නායකයෙකි.

විජය-කුමාරතුංග
විජය කුමාරතුංග

චේ මෙන්ම විජය ද අඩුවැඩි නැතිව ජනතා ආකර්ශයෙන් පිරුණු පෞරුෂවලට හිමිකම් කීහ. තරුණියන්ගේ ආදරය දෙදෙනාටම නොඅඩුව ලැබී තිබිණි. වෙනසකට තිබුණේ චේ වෛද්‍යවරයකු ලෙස දේශපාලනයට පිවිසිම හා විජය නළුවකු ලෙස දේශපාලනයේ පෙරළි කිරීමය. මානව හිතවාදී හා මානුෂික දේශපාලන මුහුණුවරක් උදෙසා ජනතාව පෙළගැස්වීම චේ ගේ මෙන්ම විජයගේ ද එකම සිහිනය විය. දෙදෙනාටම තමා නිරතව සිටි ක්ෂේත්‍ර හැරුණු විට සෙසු ක්ෂේත්‍ර පිළිබඳවත් පුළුල් අවබෝධයක් තිබිණි. ජනතාවගේ දරිද්‍රතාව, පීඩනය හා ඔවුන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ නිරතුරුවම දුකට පත්වුවෝ වෙති. වෙනස නම්  පීඩිත ජනතාව වෙනුවෙන් චේ විප්ලවයේ මාවත තෝරා ගැනීම හා විජය ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත තෝරා ගැනීමය. චේ ගුවේරාගේ උස අඩි පහකුත් අඟල් 7කි. විජයගේ උස අඩි පහකුත්, අඟල් 11කි. නමුත් මනුෂ්‍යත්වය තුළින් මේ දෙදෙනාම ඉහළින්ම කැපී පෙනුණි. දෙදෙනාම වාමාංශික දේශපාලනයට නැඹුරු වුවෝ වෙති. මුල් කාලයේදී දැඩි කොමියුනිස්ට් හිතවාදියකු වූ විජය සිය අවසන් කාලයේදිත් මෙරට වාමාංශික නායකයන් සමග අත්වැල් බැඳ සිටියේය. 

චේ ගේ දේශපාලන ගමන් මග මෙන්ම විජයගේ දේශපාලන ගමන් මග ද බොහෝ කම්කටොලු බාධක මැදින් ගලා ගිය එකකි. විරුද්ධවාදීන්ගේ තාඩන පීඩනවලට මෙන්ම පහරදීමත් දෙදෙනාම ලක්වූ අතර, අවස්ථා කිහිපයකදීම කුමන්ත්‍රණවාදින් විසින් සිදුකළ ඝාතන ප්‍රයත්න කිහිපයකින්ම දිවි ගලවා ගත්හ.

චේ-ගුවේරා
චේ ගුවේරා

අමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජිමි කාටර්, ලෝ ප්‍රකට සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයේ රඟපෑ ජනප්‍රිය හොලිවුඩ් නිලි ජුලී ඇන්ඩෘස්, සුප්‍රකට ලේඛිකා ජැකී කොලින්ස්, මැක්ඩොනල්ඩ්ස් අවන්හල් නිර්මාතෘ රේ ක්‍රොක්, ටයිටැනික් චිත්‍රපටයෙන් ලොවක් වසඟ කළ කේට් වින්ස්ලට්, නොබෙල් සාම ත්‍යාග දිනූ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු, සුප්‍රකට බීට්ල්ස් ගායක ජෝන් ලෙනන්, බ්‍රිතාන්‍යයේ යකඩ ගැහැනිය මාගරට් තැචර්, ජේම්ස් බොන්ඩ් නළු රොජර් මුවර්, ගෝඩ් ෆාදර් නවකතාකරු මාරියෝ පූසෝ, මහා දාර්ශනික ඔස්කා වයිල්ඩ්, ටෙනිස් පිටිය ජයගත් මාටිනා නව්රතිලෝවා, නොබෙල් ත්‍යාගයකට මුල් වූ ඇල්ෆ්‍රඩ් නොබෙල්, පාපන්දු ලොව ශ්‍රේෂ්ඨයා පේලේ, චිත්‍ර කලාව නව දිශාවකට හැරවූ පැබ්ලෝ පිකාසෝ හා ලොව ලොකුම ධනවතා වන බිල් ගේට්ස් ද උපත ලැබුවේ ඔක්තෝබරයේදිය.

එපමණක් නොව ඊජිප්තුව අවදි කළ අන්වර් සදාත්, ලිබියාවේ ජන නායකයා මුවම්මර් ගඩාපි අමු අමුවේ ඝාතනයට ලක්වූයේ ද ඔක්තෝබරයේදිමය. ඔක්තෝබර යනු දුක හා සතුට කැටිවූ මාසයක් බව මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් කරනු ලැබුවේ  එබැවිනි. 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

පිට දිස්ත්‍රික්කවලට විභාගයට යන්නට සිටි ගම්පහ දරුවන්ගේ අලුත් විභාග මධ්‍යස්ථාන මෙන්න

Next Post

නාමල් කුමාරට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පඩි ගෙවලා…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.