බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මයිකල් ජැක්සන් තවමත් ජීවතුන් අතර ද?. 11 වසරකට පසු ලෝකය සැක කරයි.

by editor
ජූනි 28, 2020
in ජීවිතය
michael jackson

මයිකල් ජැක්සන්

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

  • මරණය නිවේදනය කර පැය කීපයකින් මෙක්සිකෝ දේශසීමාව තරණය කළ අයුරු අමෙරිකානු දේශසීමා පරීක්ෂයෙක් දැකලා
  • මරණය සිදු වූ දිනය සමරණ අවස්ථා වලදී ජැක්සන්ගේ පවුල නිහඬයි
  • මීට වසර කිහිපයකට පෙර   හඳුනාගත නොහැකි වීදියක පදික වේදිකාව මත එම්.ජේ.ගේ රුවට සමාන පුද්ගලයකු ඇවිද යන වීඩියෝවක් නිකුත් වෙලා

බටහිර පොප් සංගීතයේ කිරුළ පළන් රජු ලෙස විරුදාවලිය ලැබූ මයිකල් ජැක්සන් මෙලොව හැර ගොස් වසර 11ක් පිරුණු පසුගියදා මේ සුප්‍රකට ගායකයාගේ මරණය සිදුවූ ආකාරය ගැන යළි යළිත් ජනතාව අතර කතාබහට ලක්විය. 2009 වසරේ ජුනි මාසයේ 25 වැනිදා අවසන් සුසුම් පොද වාතලයට මුසු වෙද්දී පනස් වැනි වියේ පසුවූ මයිකල් ජැක්සන් හෙවත් එම්.ජේ. ඒ වනවිට තරමක අසනීප තත්ත්වයෙන් පසුවූවත් ජීවිතක්ෂයට පත්වීමට තරම් එය බරපතළ එකක් නොවූ බව ද පැවැසේ.

එසේ නම්, එම්.ජේ. මරණය නොවිසඳුණු අභිරහසක් ද..?

අභිරහස් අන්දමින් ජීවිතයෙන් සමුගත් ලෝක ප්‍රකට පුද්ගලයන්ගේ මරණ  ‘කුමන්ත්‍රණ න්‍යාය‘ ලැයිස්තුවට ඇතුළත් වන අතර එම්.ජේ.ගේ මරණයත් ඊට ඇතුළත්ය. කුමන්ත්‍රණ න්‍යාය (conspiracy theories) සම්බන්ධව ලොව පුරා ඇත ඉතිහාසයේ සිට ආන්දෝලනයකට තුඩු දෙන කරුණු ඉතා ශක්තිමත්ය. ඒවා සැහැල්ලු සිතින් යුතුව බැහැර කිරීමට නොහැකි තරම් පදනමක් සහිත වූ එකකි. එම්.ජේ.ගේ මරණය අරභයා වසරින් වසර අලුත්වන කුමන්ත්‍රණ න්‍යාය ඊයේ පෙරේදා නැවතත් කරළියට පැමිණියේ ඔහුගේ 11 වැනි අනුස්මරණයත් සමගිනි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එම්.ජේ.ගේ මරණය ඖෂධ අධිමාත්‍රාවක් භාවිත කිරීම හේතුවෙන් සිදුවූ බව මරණයට හේතු වශයෙන් මුලින්ම සඳහන් වූවත් පසුව ඔහුගේ හිටපු පෞද්ගලික වෛද්‍යවරයා වූ කොන්රඩ් මරේ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ කුමන්ත්‍රණකාරී ලෙස එම්.ජේ.ඝාතනය කළ බවට චෝදනා කරමිනි. අවසානයේ වසර 2ක් බන්ධනාගාර ගතවීමට මරේට සිදුවිය. එහෙත් එය එම්.ජේ.ගේ මරණයට සැබෑ හේතුව දැයි තර්ක විතර්ක ගොඩ නගමින් කුමන්ත්‍රණ න්‍යාය යළි යළිත් ඉස්මතු වෙමින් පවතී.

හදිසි හෘදයාබාධයකින් මරණයට පත්වූවා යැයි මුලින් කී එම්.ජේ.ගේ මරණය පසුව පෞද්ගලික වෛද්‍යවරයා ක්‍රම ක්‍රමයෙන් ඔහුට වස දී මරණයට පත්වන්නට ඉඩ හැරිය බවට ගොඩනැගුණු මතවාදය දැන් කුමන්ත්‍රණ න්‍යායට අනුව මුසාවක් බවටත් පත්වෙමින් තිබේ.

ඒ  අතර වඩාත්ම ඉස්මතුවූ කරුණ වන්නේ මයිකල් ජැක්සන් සැබැවින්ම මිය ගියේ ද යන්නයි. කෙසේ වුවත් ඔහුගේ මරණ පරික්ෂණයෙන් එම  මළ සිරුර එම්.ජේ.ගේ බවට තහවුරු කර තිබුණත් ඒ පිළිබ‍ඳ මතුවූ අලුත්ම තර්කය වන්නේ එම්.ජේ. තවමත් ජීවමානව සිටින බවය. එවැනි තර්කයක් ගොඩනැගීමට ආසන්නතම හේතුව වන්නේ එම්.ජේ. මරණයට පත්වූ බව නිවේදනය වී පැය කිහිපයක් ගතවෙද්දී ඔහු කැලිෆෝනියාවේ සිට මෙක්සිකෝ දේශසීමාව තරණය කළ බව තමා දුටුවේ යැයි එක්තරා අමෙරිකානු දේශසීමා පරික්ෂක නිලධාරියකු විසින් කරනු ලැබූ ප්‍රකාශයයි. නමුත් ගැටලුව වූයේ ඔහු හැර වෙනත් කිසිවකු එවැන්නක් දැක නොතිබීම ය. 

එම්.ජේ.ගේ ලක්ෂ සංඛ්‍යාත රසිකයන්ට අනුව නම් ඔහු තවමත් ජීවතුන් අතරය. ලොව කොතැනක හෝ ඔහු ජීවත්වෙමින් සිටින බවට ද මත පළවී තිබේ. එහෙත් එවැනි මත කුමන්ත්‍රණ න්‍යායට අනුව තවමත් තහවුරු වී නොමැත.

එම්.ජේ. තවමත් ජීවත් වෙමින් සිටින බව ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම එකම දියණිය පැරිස් ජැක්සන් ද එකහෙළාම ප්‍රතික්ෂේප කරයි. ඔහු මරණයට පත්වූ බව පිළිගනු ලැබුවත් ඔවුන්ගේ අදහස වන්නේ එය ස්වභාවික මරණයක් නොවන බවය. මේ පිළිබඳ පළමුවරට ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවේ දියණිය පැරිස් ජැක්සන් විසිනි. ඇය කියා සිටියේ සිය පියාගේ මරණය ඝාතනයක් බවය. ඔහු හදිසි හෘදයාබාධයකින් මිය ගිය බව සඳහන් වූවද එය සැලසුම් සහගතව සිදුවූ එකක් බව ඇය කීවාය. කෙසේ වෙතත් මරණය සම්බන්ධව එම්.ජේ.ගේ පෞද්ගලික වෛද්‍යවරයා අත්අඩංගුවට පත්වූයේ දියණියගේ ප්‍රකාශය අරභයා නොවේ. 

MICHAEL-JACKSON’S-DAUGHTER-PARIS-JACKSON
පැරිස් ජැක්සන්

මත්පැන් පානය කරමින් ද, දුම්වැටි උරමින් ද නිව්යොක් නුවර වීදි පුරා රස්තියාදු වෙමින් සිටි එම්.ජේ.ගේ දියණියගේ ප්‍රකාශයට එතරම් වැදගත් තැනක් ලැබුණේ නැත. ඇරත් එම්.ජේ.ගේ අවසන් කාලයේ දී ඇයට සිය පියා දැකීමටවත් උනන්දුවක් හෝ කැමැත්තක් නොතිබීම නිසා එවැනි ප්‍රකාශ හුදු ප්‍රලාප බවට පත්වූයේ නිතැතින්මය.

එම්.ජේ.ගේ පෞද්ගලික වෛද්‍යවරයාට සිරගත වීමට සිදුවූයේ එය ඝාතන සිද්ධියක් බවට නිගමනය කරමින් නොව සිය සේවාදායකයා සම්බන්ධව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙනි. එම්.ජේ.ගේ දෛනිකව සිරුරට එන්නත් කරගනු ලබන ඖෂධ මාත්‍රාව පිළිබඳ ඔහුගේ අවධානය යොමු නොවීමත්, ඔහු විසින් සිය සේවාදායකයාට නියම කරනු ලැබූ ඖෂධ ප්‍රමාණය අවදානම් සහිත එකක් වීමත් ඊට හේතු විය.

කුමන්ත්‍රණ න්‍යායට අනුව වඩාත්ම වැදගත් තැනක් ලැබී ඇත්තේ මීට වසර කිහිපයකට පෙර එක්තරා හඳුනාගත නොහැකි වීදියක පදික වේදිකාව මත එම්.ජේ.ගේ රුවට සමාන පුද්ගලයකු ඇවිද යන වීඩියෝ පටයයි. අන්තර්ජාලයේ මිලියන 3කට වැඩි වාර ගණනක් නරඹා තිබූ එම වීඩියෝ පටය ඊට මුදා හැර තිබුණේ ද මයිකල් ජැක්සන් නමින් යුතු පුද්ගලයකු විසිනි. 

අවධානයට ලක්වූ අනික් කරුණ වන්නේ වාර්ෂිකව සමරන පියවරුන්ගේ දිනයේ දී තම පියා සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකිරීමට ජැක්සන් දරුවන් කටයුතු කිරීමය. එමෙන්ම පියාගේ අනුස්මරණය දිනයේදී ද එවැනි ප්‍රකාශ නිකුත් කිරිමට තරම් උනන්දුවක් ඔවුන් අතර නොමැතිවීමය. 

රොක් ඇන්ඩ් රෝල් රජු වශයෙන් සැළකෙන එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය ලීසා මාරි ප්‍රෙස්ලි සමග විවාහ වී සිටි එම්.ජේ. වසර දෙකකට පසුව ඇයගෙන් දික්කසාද වූ අතර එම වසරේදීම ඩෙබි රෝ සමග අතිනත ගත්තේය. ඔහුගේ එකම දියණිය උපන්නේ දෙවැනි විවාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි.කෙසේ වුවත් එම්.ජේ.ට තවත් දරුවන් දෙදෙනකු ද වෙති. දෙදෙනාම පුතුන් ය. වැඩිමල් පුත්‍රයා මයිකල් ජෝශප් ජැක්සන් වන අතර බාලයා ප්‍රින්ස් මයිකල් ජැක්සන් ය. 

වැඩිමල් පුත්‍රයාට දැන් අවුරුදු 23කි. බාලයා 18 හැවිරිදි වියේ පසුවෙයි. එකම දියණිය 22 හැවිරිදි පැරිස් සංගීතයට වඩා රස්තියාදුවට ලොල් වූ තරුණියක වන අතර පියාගේ ගුණ වයමින් වරින් වර අන්තර්ජාලයේ සැරි සරමින් සිටී. සිරුර පුරා පච්චා 50ක් පමණ කොටා ගෙන සිටින ඇය ගෙවා දමමින් සිටින්නේ රාත්‍රී සමාජශාලාවල අයාලේ යන ජීවිතයකි. 

පසුගියදා යෙදී තිබූ එම්.ජේ.ගේ 11 වැනි අනුස්මරණ දිනයේදී එවැනි සටහනක් තැබීමට දියණිය පැරිස් ජැක්සන් කටයුතු කර තිබුණ ද, එය ඉතා කෙටි සටහනකට සීමා විය. ඒ අනුව එම්.ජේ.ගේ දරුවන් මේ වනවිට සිය පියාගේ මතකය සිතින් ඉවත් කර ඇතැයි ද තවත් වාර්තාවකින් කියැවෙයි.ලොවක් වසඟ කළ මේ පොප් ගී තරුව අදටත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසිකයන් අතර යළි යළිත් ජීවමාන වෙද්දී ඔහුගේ දරුවන් සහ පවුලේ සාමාජිකයන් එතරම් සැළකිල්ලක් නොදැක්වීම අරභයා ගොඩනැගුණ න්‍යාය වන්නේ එම්.ජේ. තවමත් ජිවතුන් අතර සිටිය හැකි බවට වන තර්කයයි. 

කුමන්ත්‍රණ න්‍යායට අනුව ගොඩ නැගෙන තර්ක විතර්ක දිනෙන් දින අලුත් වෙමින් පවතින අතර ඒ පිළිබඳ විශේෂඥවරුන්ගේ අදහස වී ඇත්තේ එම්.ජේ.ගේ ජීවත්වීම හෝ මිය යාම තීරණය කිරීමට තවත් න්‍යායන් එක් රැස් කරගත යුතුව ඇති බවකි. 

 

Tags: නවතම
Share71Tweet43
Previous Post

නාකොටික් පොලිස් නිලධාරීන්ට එස්.අයිගෙන් ලක්ෂ 138ක ගාස්තුවක්?

Next Post

වව්නියාව පුදුම කළ කකුල් අටේ එළු පැටියා…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.