බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

දී.මූ මාමා නොවැටුණු චීන වලට බැස රටම නාවන්න හදන මහින්දානන්ද බෑණා

ඇත්තම ඇත්ත අතීත කතාවක්... අපේ දේශපාලකයින් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැත...

by editor
සැප්තැම්බර් 25, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

රසායනික පොහොර තහනම් කළ අපේ රටට දැන් කාබනික පොහොර ප්‍රමාණවත්ව නොපවතින නිසා හදිසියේ චීනයෙන් කාබනික පාහොර තොගයක් ගෙන ඒම වඩාත් විවාදිත වී ඇත්තේ එම පොහොර සාම්පල පරීක්ෂාවේදී ඒවායේ ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වීම නිසාය.

මේ හේතුව නිසා අදාළ විෂයානුගත දැනුමත් සහ අත්දැකීම් සහිත විද්‍යාත්මක ප්‍රජාව මේ කෙරෙහි දක්වන්නේ දැවැන්ත විරෝධයකි. මෙවැනි විරෝධයන් සහ අනතුරු ආවේ අද ඊයේක නොවේ.  කවදත් අපට මෙවැනි අභියෝග පැමිණෙන බවට මීට කලකට පෙර මෙරට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ කටයුතු කර විශ්‍රාමිකව සිටින  කාෂි විද්‍යාර්ථියකු තැබූ සටහනක් අපට ලැබුණි.

එම සටහනට අනුව මේ කතාවට සම්බන්ධ වන්නේ කෘෂිකර්ම ඇමතිකමේ වැඩ ඉතා කැමැත්තෙන් ඉටු කළ ඇමතිවරයකු සම්බන්ධ සිදුවීමකි. මේ ඇමතිවරයා හිටපු අගමැතිවරයකු ද වූ දි.මූ ජයරත්නය. 1994 වසරේ බලයට පැමිණි ආණ්ඩුවේ කෘෂිකර්ම ඇතිවරයා වන්නේ ඔහුය. දෛවෝපගත විදිහට මේ කෘෂිකර්ම ඇමතිවරයා වර්තමාන කෘෂිකර්ම ඇමතිවරයාගේ  මාමණ්ඩියය. එනම් බිරියගේ පියාය.

චීන මිතුරු දී.මූ දුටු දේ

දි.මූ ජයරත්න    චීනය සමග සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය නායකයෙකි. ඔහු නිතර චීනයට ආ ගිය අතර එහිදී ඔහුට දක්නට ලැබුණේ  අපේ සහල් ප්‍රභේද මෙන් දෙගුණයක අස්වැන්න ගෙන දෙන දෙමුහුන් ප්‍රභේදයක් පිළිබඳවය. ඒ හයිබ්‍රිඩ් සහලේ අසිරිය දුටු ඇමති දි.මූ චීන පර්යේෂකයන්ට කීවේ ශ්‍රී ලංකාවේත් මෙම සහල් ප්‍රභේදය හදන්නට උදව් කරන ලෙසය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ කාලයේදී බතලගොඩ සහල් පර්යේෂණ ආයතනයේද දෙමුහුන් ප්‍රභේද සංවර්ධනය සඳහා පර්යේෂණ ව්‍යාපෘතියක් දියක් වෙමින් පවැතුණි. එය පිලිපීනයේ ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සමඟ ඒකාබද්ධව කෙරුණු වැඩසටහනකි.

චීන පර්යේක්ෂකයන්ගේ ආගමනය

ඇමතිවරයාගේ ඉල්ලීම සමග චීන සහල්  පර්යේෂකයන් පස් දෙනෙක් ලංකාවට පැමිණියෝය. ඔවුන්ද බතලගොඩ සහල් පර්යේෂණ ආයතනයේ දෙමුහුන් වී පුභේදයක් සංවර්ධනය කිරීමේ පර්යේෂණවලට අත ගැසුවෝය. වසර පහක් පමණ එහි කටයුතු කළ මෙම විද්‍යාඥයන් ගේ අරමුණ ශ්‍රි ලංකාවට ගැලපෙන දෙමුහුන් ප්‍රභේදයක් සකස් කිරීමය. එය සකස් කොට ඔවුන්ට අවශ්‍ය වූයේ අදාළ ප්‍රභේදයේ බීජ චීනයේ නිෂ්පාදනය කර ශ්‍රි ලංකාවට එවීමය.මෙම දෙමුහුන් බීජ ව්‍යාපාරය ඔවුන් අතට ගැනීමය.

නිරෝධායන අංශ සහ ඇමතිවරයා වැඩ කළ හැටි

මේ කාලය තුළ චීන විද්‍යාඥයන්   පර්යේෂණ කටයුතු සඳහා වරින් වර චීනයෙන් දෙමුහුන් වී ප්‍රභේද මෙරටට රැගෙන  ආහ. එහෙත් ඒ සෑම අවස්ථාවකම පැලෑටි නිරෝධායන ඒකක මඟින් ඒවා දැඩි පරීක්ෂාවට භාජනය විය. මෙම දෙමුහුන් වී ප්‍රභේදවල පළිබෝධ මෙන්ම විවිධ රෝග කාරකද පවතින බව අනාවරණය වීමෙන් පසුව ඔවුන්ට ඒවා රට තුළට ගැනීමට නිරෝධායන අංශ ඉඩ දුන්නේ නැත.

මේ තත්ත්වයට සම්බන්ධයෙන් චීන විද්‍යාඥයන් කුපිත වී ඇත. ඔවුන් තම නොසතුට පළ කළේ ඔවුන්ට ශ්‍රී ලංකාට පැමිණෙන ලෙස ආරාධනය කළ කෘෂිකර්ම අමාත්‍යවරයාටය. ඇමතිවරයා මේ බව කෘෂිකර්ම බලධාරීන්ගෙන් විමසුවේය.  එහිදී නිරෝධායන අංශ ප්‍රධානියා ඇතුළු බලධාරීන්  අදාළ පර්යේෂණ වාර්තා ඇමතිවරයා ළඟටම ගොස් පෙන්වා මේවා බතලගොඩ සහල් පර්යේෂණායතනයටවත් නොගත යුතු බවට තරයේ කියා සිටියහ.

ඒ බව තෙරුම් ගත් අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ බතලගොඩ සහල් පර්යේෂණායතනය රටේ හදවත බඳු තැනක් බැවින් එතැන ලෙඩ නොකොට මෙම රෝග කාරක සහිත චීන සහල්  ප්‍රභේද වහා විනාශ කරන ලෙසය.

සූට් කේස් පුරවා දුන් චීන වී

එහෙත් චීන පර්යේෂකයන් චීනයෙන් වී ප්‍රභේද  ගෙන ඒමේ උත්සාහය නතර කළේ නැත. වරක් ඇමතිවරයා චීනයට ගිය අවස්ථාවක සුට් කේස් දෙකක් පුරවා ඔහුට ත්‍යාගයක් ලෙස චීන වී දුන්නේය.   ඇමතිවරයා නිරෝධායනය මඟහරිමින් මෙම වී ප්‍රභේද ගමන් බෑග දෙක නිවසට ගෙනාවේය.  ඉන් පසු මෙම වී බතලගොඩ පර්යේෂණායතනයේ සිටි චීන පර්යේෂකයන් අතට පත් කිරීමට ඇමතිවරයා   කටයුතු කර තිබිණි.

මෙය සිදුවන්නේ 1997 හෝ 1998 වසරේදී බව අදාල නිලධාරියා වාර්තා කරයි. බතලගොඩ චීන පර්යේෂකයන් අතට නිරෝධායන නොකළ  වී සාම්පල පැමිණි බව නිරෝධායන ඒකක ප්‍රධානියාට දැන ගන්නට ලොකු වෙලාවක්  ගත වන්නේ නැත. හේතුව මෙම ආයතන දෙකම එකම දෙපාර්තමේන්තුවක ඒකක දෙකක් වීමය. මේ බව සෙවූ නිරෝධායන බලධාරීන්ට බතලගොඩට   හොර රහසේ ගෙන්වූ එවැනි සහල් ප්‍රභේද පවතින බව පිළිගන්නට   සිදුවිය.

ඊළඟට කළ යුත්තේ පසු නිරෝධායන පරීක්ෂණවලට මෙම වී සාම්පල ලක් කිරීමය. ඔවුහු බතලගොඩ චීන පර්යේෂකයන් ළඟ තිබූ සියලුම චීන වී ප්‍රභේද ගන්නෝරුවට රැගෙන විත්  ආරක්ෂිත ලෙස හුදකලා කළ ලියද්දක මෙම වී   වගා කළහ.

එහිදී පර්යේෂකයන්ට සහ  පැලෑටි ව්‍යාධිවේද විද්‍යාඥයන්ට  මෙම වගාවේදී  එතෙක්  ශ්‍රි ලංකාව තුළ වාර්තා වී නොතිබූ වී වගාවට දැඩි හානි ගෙන දෙන රෝග කාරකයක්   අන්තර්ගත ව තිබූ බවත් මෙම රෝගකාරකය  වගාව පුරාම එක සේ දැක ගන්නට හැකි වූ බවත් වාර්තා කොට තිබුණි.

කොන්දක් ඇති වෘත්තිකයෝ

මේ පිළිබඳව කෘෂිකර්ම ප්‍රධානීන් අමත්‍යවරයාටද වාර්තා කරන්නට තරම් නිර්භීත වූහ. ඇමතිවරයාටද තමන් කළ දේ බරපතලකම එවිට වැටහිණි. අවසානයේ ගන්නොරුවේ වගා කළ මුළු වගාවම පුලුස්සසා විනාශ කිරීමට පමණක් නොව ඒ ආසන්න සෙසු වගාවන්ද විනාශ කරන්නට කටයුතු කළේ  යම් හෙයකින් හෝ මෙම රෝග කාරක පැතිර තිබුණි නම් විශාල විනාශයක් වේ යයි බියෙනි.

එපමණක් නොව එයින් පසුවද මාස ගණනාවක් යන තුරු එම ක්ෂේත්‍රයේ ඉබේට හෝ යම් වී පැලයක් වැවුණේ නම් එය වහා විනාශ කිරීමට තරම් කාෂි බලධාරීන් ප්‍රව්ශම් සහගත වූහ. මේ දරුණු දිලීර රෝගය අද ආසියාකරයේම වී වගාවට දරුණු වදයක් වි ඇත. එහෙත් වාසනාවකට ශ්‍රි  ලංකාවට එය මෙතෙක් ඇතුළු වී නැත්තේ අදීනව ක්‍රියා කළ කෘෂි බලධාරීන් නිසාය.

එදා බතලගොඩ සිටි චීන පර්යේෂකයෝ ශ්‍රි ලංකාව හැර දා ගියහ.

මාමාට බැරි වුණු දේ බෑණා කරයි ද?

ඇමති දි.මුගේ බෑනා කෘෂිකර්ම ඇමතිකම් කරන අද ඊට වඩා වෙනස්ය. චීන බලපෑම එදා  මෙන් සිය දහස ගුණයකින් වැඩි වි ඇත. අද පැළ සිටුවීම කෙසේ වෙතත් චීනා හිටු කීවොත් ඒ තැනට හිටින තරමට රටක් ලෙස චීන ඉදිරියේ අපි දීනය.

අද බීජ නොපැමිණියත් ඒ බීජ හදන පසට එක්වන පොහොර චීනයෙන් පැමිණෙන්ට සූදානම්ය. මේ පොහොර ගැන මේ වන විට නිකුත්ව ඇති වාර්තා අපට බතලෙගොඩට පැමිණි සහල්වලට වඩා ලොකු අනතුරක ලකුණු පෙන්වයි.

මේ නිසා ඇමති දි.මු මාමාට වඩා ඇමති මහින්දානන්ද බෑනා මොළේ පාවිච්චි කළ යුතුය. පේන හැටියට නම් පාවිච්චි කිරීමට තරම් මොළයක් ඔහුට ඇතැයි අපට හිතෙන්නේ නැත.

එමෙන්ම නිදහස් අධ්‍යාපනයෙන් තමන් ලැබූ වෘත්තීය ඥාන සම්භාරය අවලමේ යවමින් දේශපාලනය ඉදිරයේ පට්ට් පදුරු වන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු බැලයින් බහුතරයක් මිස ඒ වකවානුවේ මේ රටේ සිටි ආකාරයේ කොන්දක් සහිත වෘත්තිකයන් අද දෙපාර්තමේන්තුව තුළ දක්නට නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

SSPලා තිදෙනෙක් DIGලා වෙති

Next Post

කබ්රාල් පාලනය පසුගිය සතියට කෝටි 4784 ක් අච්චු ගහලා

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.